උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්‍ය‍ය

ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි පුරාතණයේ පටන් පවත්වාගෙන එනු ලබන ඉපැරණිබුද්ධෝපස්ථාන බුදු පුද තේවා චාරිත්‍ර අතර වාර්ෂික සතර මංගල්‍යය සුවිශේෂීකොට සැලකේ. දුරාතීතයේදී අපේ රජදරුවෝ ස්වකීය රාජ්‍යයෙන්ද , රනින්, මැණිකෙන් හා මුතුයෙන්ද, බතින්, බුලතින් ආදී නන්විධ ආහාර පානයෙන්ද, මලින්, පහනින් හා සුවඳින්ද වශයෙන් අනේකවිධ පූජා පැවැත්වූහ. ඒ රාජකීය පූජා චාරිත්‍රයන් අතර අලුත් සහල් මංගල්‍යය ,අලුත් අවුරුදු මංගල්‍යය ඇසළපෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යන සතර ප්‍රදාන තැනක් ගනී.

අලුත් සහල් මංගල්‍යය

දේවානම්පියතිස්ස රජු දවස මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙසින් අශෝක මහරජුගේ මෙහෙයවීමෙන් සඟමිත් තෙරණිය වැඩම වූ ශී‍්‍ර මහාබෝධි දක්ෂිණ ශාඛාව අනුරපුර මහමෙවුනාවේ රෝපණය කිරීමෙන් අනතුරුව, ලක්දිව අලුත් සහල් මංගල්‍යය පූජාව ඇරඹිණ.අනතුරුව අනුරපුර කිත්සිරිමෙවන් රජු දවස දළදා වහන්සේ වැඩමවීමෙන් පසු ශී‍්‍ර දළදා වහන්සේ විෂයෙහි අලුත් සහල් මංගල්‍යය ඉෂ්ඨ සිද්ධ කිරීම ඇරඹිණ. වර්තමානයේ ශී‍්‍ර දළදා මාළිගාවේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය සිදුකරනුයේ දියවඩන නිලමේතුමන්ගේ උපදෙස් අනුව, නැකැත් මොහොට්ටාල විසින් සකස් කරනු ලබන සුබ නැකැත් වට්ටෝරුවකට අනුවයි.
ඒ අනුව පළමුව සිදුකරනුයේ, දුරුතු පුර පසළොස්වක පෝය දිනයකට දින කීපයකට පෙර සුබ නැකතින් දියවඩන නිලමේතුමා සතර දේවාලයේ බස්නායක නිලමේවරු, කාරිය කරවන කෝරාළ, ලේකම් මොහොට්ටාල ආදි නිලකරුවන් හා දේවාලවල කපුවන්ද කැටුව පල්ලේකැලේ අටුව කරා පෙරහරින් ගමන් කිරීමය.පෙරහර එහි ළඟාවන විට ගුරුදෙණියේ විදානේ හා මනන්නා ඇතුළු රාජකාරිකරුවන් පෙර ගමන් කොට බුලත් හුරුළු දී පිරිස පිළිගෙන අටුව කරා කැඳවාගෙන යනු ලැබේ.
අටුව පිහිටි භූමියට පැමිණීමෙන් පසු එහි බෝධින් වහන්සේ අබියස මල් ආසනයේ වඩා හිඳුවා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පහන් සුවඳ දුම් පූජා කොට පනවා ඇති අසුන්හි දියවඩන නිලමේතුමා, බස්නායන නිලමේවරු හා අවශේෂ නිලධාරිහු ද අසුන් ගනිති. ඉන්පසු වෙස්, පන්තේරු, නැටුම් හා බෙරවාදන, සංදර්ශනයක් පැවැත්වේ.
එම නැටුම් හා වාදන සංදර්ශනය නිමාවීමත් සමඟ දියවඩන නිලමේතුමා ප්‍රමුඛ පිරිසට කැවුම්,කිරිබත් ආදියෙන් ප්‍රණීත තේ පැන් සංග්‍රහයක් පවත්වනු ලැබේ.තේපැන් සංග්‍රහයට පසු දියවඩන නිලමේතුමා සෙසු පිරිස සමඟ වී සහල් ගබඩාකර ඇති අටුව වෙත පැමිණෙයි. එහිදී දියවඩන නිලමේතුමා සතර දේවාලයේ කපුරාළවරු සමඟ අවට කහ දියර ඉස සුවඳ දුම් අල්ලා තැන්පත් කොට ඇති හම්බා බඳුන් දෙක වෙත ළඟා වේ.
මඟුල් බෙර වාදනය කෙරෙද්දි පහන් දැල්වූ ආපසු සතර දේවාලයේ කපුරාළලා විසින් අෂ්ඨක කියා හමාරවත්ම ශ්‍රී දළදා මාළිගාවේ ලේකම් මොහොට්ටාල අලුත් සහල් බෙදා දීමේ ලේකම් වට්ටෝරුව හඬ නගා කියවීම අරඹයි. මෙහිදී දියවඩන නිලමේතුමා චාරිත්‍රානුකූලව ශී‍්‍ර දළදා මාළිගාවට ප්‍රථමයෙන් රිදී නැළියෙන් සහල් හා වී මැන පසෙක අසුන් ගනී.අනතුරුව මනන්නා සහ තවත් කෙනෙකු එළන ලද පැඳුරක් මත වාඩිවී සුදු රෙද්දක් අතුරා ඒ මත සහල් ප්‍රමාණවත් කොටසක් තැන්පත් කොට මනන්නා විසින් ඉතිරි වී සහල් මැනීම සිදු කරනු ලැබේ. ලාබයි. දෙකයි, තුනයි,ආදී වශයෙන් හඬනගා කියවමින් පළමුව ශී‍්‍ර දළදා මාළිගාවට සහල් නැළි 15 ක් හා වී නැළි 15 කින් මැන වෙන් කරයි. ඉන් පසු නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සතර දේවාලවලටද මල්වතු අස්ගිරි උභය මහා විහාරයටද, ගංගාරාම විහාරය, දෙගල්දොරුව විහාරය, කුණ්ඩසාලේ විහාරය ,අලුත් විහාරය, ගෙඩිගේ විහාරය, නිත්තවෙල විහාරය, ගෝණාවත්තේ විහාරය, මාලගම්මන විහාරය, සුදුහුම්පල විහාරය, දියකෙළිනාවෙල විහාරය, දන්තුරේ විහාරය, ලංකාතිලක විහාරය, කොබ්බෑකඩුව විහාරය, හේන්දෙණිය විහාරය, ඇම්බැක්කේ පිළිමගෙය, හිඳගල විහාරය, මොරපේ විහාරය, උඩුවෙල විහාරය, අම්පිටියට විහාරය, කෙළඹුගල විහාරය, සගම විහාරය, උඩුවාවල විහාරය, ගණදෙවි කෝවිල, අලුත් නුවර දේවාලය හඟුරන්කෙත මහා දේවාලය එම පල්ලේ දේවාලය, එම පත්තිනි දේවාලය පස්ගම නාථ දේවාලය,ඇම්බැක්කේ දේවාලය, එම පල්ලේදේවාලය, දොඩම්වල දේවාලය ,ලංකාතිලක දේවාලය, එම පල්ලේදේවාලය, ගඩලාදෙණිය දේවාලය, එම පල්ලේදේවාලය වේගිරියේ දේවාලය අලවතුගොඩ දේවාලය ගනේගම දේවාලය, වල්ලහගොඩ දේවාලය,මොරපේ දේවාලය, ගුරුදෙණියේ දේවාලය, පිලපිටියේ දේවාලය, ඉඹුල්දෙනියේ විහාරය, උඩඅලුදෙනියේ විහාරය, ගනේගොඩ පිටියේ බෝමළුව, ඇහැලතැන්න සිරිපතුල, දෙහිපාගොඩ අග්‍රබෝධි විහාරය, ඉඹුල්දෙණියේ පුණ්‍යවර්ධනාරාමය, පරණගම අළුකේ විහාරය, සහ විෂ්ණු දේවාලය, හඟුරන්කෙත අරත්තන විහාරය, අත්තරගම විහාරය, පල්කුඹුරේ විහාරය, මැණික්හින්නේ විහාරය, කෙවුල්ගම විහාරය, ඉලුක්තැන්නේ විහාරය, මැදවල විහාරය, හන්තානේ විහාරය, වහනගලේ විහාරය, කුළුගම්මන විහාරය, බටගල්ලේ විහාරය, බඹරගල විහාරය, දෙගල්දොරව පිටියේ දේවාලය,ආදි විහාර හා දේවාලයන්ට නියමිත පිරිදි සහල් බෙදාදීම සිදුකෙරේ.
වී සහල් බෙදා දිය යුතු ලැයිස්තු තුනක් ලේකම් මිටියට අඩංගුය. පළමු ලේඛනය ආරම්භ වනුයේ ශ්‍රී දළදා මාළිගාව නමිනි. පළමු ලැයිස්තුවට විහාර දේවාල 91 ක් ද, දෙවන ලැයිස්තුවට 10 ක්ද තෙවන ලැයිස්තුවට මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම, අනුනායක හිමිපාණන් වහන්සේලා තුන්නම හා එම විහාර දෙකද ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ’ ප්‍රමුඛ රාජකාරිකරුවන්ටද දේවාලවලටද වී සහල් බෙදාදීම සිදුවේ. ශී‍්‍ර දළදා මාළිගාව සතර දේවාලය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය හා ගංගාරාමය යන සිද්ධස්ථානවලට අනෙකුත් විහාර දේවාලවලට වඩා වැඩි ප්‍රමාණයක් වී සහල් වෙන්වන අතර, නොපැමිණි විහාර දේවාලවල වී සහල් සියල්ල ද ශී‍්‍ර දළදා මාළිගාවට හිමිවේ.
බෙදාදුන් වී සහල් ඒ ඒ විහාරස්ථාන හා දේවාලයන්ට රැගෙන යන්නේ එකට නොව වෙන වෙනම. තම තමන්ට ලැබුණු වී සහල් හේමකද මත තබාගෙන රැගෙන යාම සාමාන්‍ය සිරිතය.
ශ්‍රී දළදා මාළිගාවේ හා සතර දේවාලයේ වී සහල් රැගෙන අලුත් සහල් පෙරහර ආපසු පැමිණ බූවැලිකඩින් හැරී ගංගාරාම විහාරයට ගොස් එදින රාත්‍රිය එහි නතරව සිට පසු දින පාන්දර අලි ඇතුන්, කොඩි,බෙර, දවුල්, තම්මැට්ටම්, හොරණෑ හා කවිකාර මඩුවෙන් සමන්විත අලුත් සහල් පරහර දළදා මාළිගාවට ගෙවදී. ඉන් පසුව රැගෙන ආ අලුත් සහල් සුබ මොහොතින් ගබඩාවේ තැන්පත් කරත්ම හේවිසි මණ්ඩපය අසල මැද මිදුලෙහි පොල් ගෙඩියක් බිඳ හේවිසි වාදනය හා කවිකාර මඩුවේ දළදා ගුණ ගායනා සිදුවෙනු දැකිය හැකිය.
දුරුතු පුර පසළොස්වක පෝය දිනට පෙර දින කාරියකරවන කෝරාළ විසින් විදානේවරුන් හා ආලත්ති අම්මාවරුන් ලවා අලුත් සහල් පිරිසුදු කොට තබා පෝයදින පෙරවරුවේ ලිප බැඳ එය වටා කහදියර ඉස අලුත් සහල් සේරු 80 කින් බුද්ධ පූජාව සූදානම් කරවනු ලැබේ. එම පූජාව සඳහා අවුල්පත් හා ව්‍යංජන ද සූදානම් කර ගනිති. උඩමාලේ පිරිත් කොටුවෙන් ඇතුළුවන විට ඇති හඳුන් කුඩම තුළ හාල් සේරු අසූවකින් පිසූ ආහාර පිරවිය හැකි විශාල කිරිබඩ පාත්‍රය තැන්පත් කොට තබා අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේද තේවාව භාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අනෙකුත් තේවාභාර ස්වාමින්වහන්සේලාද, දියවඩන නිලමේතුමා ඇතුළු නිලකරුවෝද මහත් ශ්‍රද්ධාවෙන් කිරිබත් පාත්‍රය පිරෙනතෙක් දානය බෙදති. ව්‍යංජන අවුල්පත් හා පලතුරු ආදියපූජාසනය මත වෙනම තැන්පත් කිරීමෙන් අනතුරුව සියලු දාන වස්තු ශී‍්‍ර දළදා වහන්සේ විෂයයෙහි පූජා කරති.
මෙම පූජාව කෙරෙනුයේ දිනපතා අමුතු මුළුතැන් බුද්ධ පූජාවට අමතරවය.
සතර දේවාලය ඇතුළු අනෙකුත් විහාරස්ථාන හා දේවාල වලද මෙකී වේලාවේදීම අලුත් සහලින් පිසු ආහාර බුදුරජාණන් වහන්සේට හා දෙවියන්ට පූජා කිරීම සිදුකරති.
පෙර රජදරුවන් විසින් අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම මංගල සම්මත අලුත්සහල් මංගල්ලය කෘෂිකර්මය ජීවන වෘත්තිය කරගත් පැරණි ජන සමාජයේ සංස්කෘතිය සමඟ බැඳීවිත්, ලක්දිවට බුදුදහම වැඩම වීමත් සමඟ වඩාත් වර්ධනය වී කලට වැසි ලැබී, අස්වැන්න නිසි පරිදි ලැබී රටට, දැයට, දහමට සමෘද්ධිය සෞභාග්‍යය ලබාගනුවස්, චිරාගත සම්පදායික චාරිත්‍රමය පූජා විධි ක්‍රමයක් ලෙස අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන ඒම කාගේත් පහන් සංවේගයට හේතුවෙනවා ඇත.
තම රටේ සෑම ජාතික, සාමාජික, සංස්කෘතික උත්සවයක්ම පාහේ ආගමික උත්සවයක්ද වශයෙන් සලකා කටයුතුකිරීම බෞද්ධයන්ගේ සිරිතය. බුද්ධ කාලීන සමාජයේ පැවති සිරිත් විරිත් විශ්වාස හෙළා නොදුටු බුදුදහම තුළ ජනතාවගේ බොහෝ ජාතික, සාමාජික, සංස්කෘතික හරයන් බෞද්ධ සිරිත් තුළින්ද ඉස්මතු කොට දැක්වූ අයුරු පෙනේ. ඒ අනුව කෘෂිකාර්මික ජීවන ක්‍රමය හා බැඳී අනාදිමත් කාලයක් තිස්සේ වර්ධනය වෙමින්, සුරක්ෂිත වෙමින්, පැවත එන අලුත් අවුරුදු චාරිත්‍ර බොහෝමයක් ශී‍්‍ර දළදා මාළිගාව තුළ දාඨා ධාතුන් වහන්සේ කේන්ද්‍ර කොට චිරාගත සම්ප්‍රදායික චාරිත්‍ර වශයෙන් අඛණ්ඩව රාජ රාජ මහාමාත්‍යාදින් විසින් පවත්වා ගෙනැවිත් ඇත. මෙසේ අලුත් අවුුරුදු දිනය මුල්කොට පැවැත්වෙන අලුත් අවුරුදු මංගල්‍යය ශී‍්‍ර දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්‍යයන්ගෙන් එක් මංගල සම්මත මංගල්‍යයකි.

ශී‍්‍ර සෙංඛණ්ඩ ශෛලාභී ශී‍්‍ර වර්ධනපුර හෙවත් මහනුවර ශී‍්‍ර දන්තධාතු මන්දිරයේ සංවත්සර අවුරුදු මංගලෝත්සවයේ මූලික කාර්යය වන්නේ ශී‍්‍ර දළදා මාළිගාවේ දියඩවන නිලමේතුමාගේ උපදෙස් මත නැකැත් මොහොට්ටාල ලවා ශී‍්‍ර දළදා මාළිගාව ප්‍රධාන කොට සියලු විහාර දේවාලයන්හි ඉෂ්ට සිද්ධ කළ යුතු අලුත් අවුුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ සුබ මුහුර්තීන් සම්පාදනයකොට ප්‍රකාශයට පත්කිරීමය. එකී නැකැත් පත්‍රයට අනුව

අලුත් අවුරුදු උදාව , කණ්ඨස්නානය , කිරි ඉතිරවීම , මුළුතැන් පිළිවෙල කිරීම හා පූජාකිරීම ,නානුමුර මංගල්‍යය යන ප්‍රධාන අවස්ථාවන් සඳහා සුබ නැකැත් සම්පාදනය කරනු ලැබේ. අවුරුදු දිනයට පෙර විදානේවරු ලවා දළදා මාළිගාව පවිත්‍ර කරවා සැරසීම සිදුකෙරේ. දළදා මාළිගාවේ කුඹල්කරුවන් විසින් කිරි ඉතිරවීම හා කිරිආහර පිසීමට අලුත් වළං ගෙනැවිත් දිය යුතුය.
අලුත් අවුරුදු උදාවට පෙර නියමිත දිනයකදී පෙනුම් ගමන් චාරිත්‍රය ඉටු කිරීම ශී‍්‍ර දළදා මාළිගාවේ සියලු නිලකරුවන් විසින් ඉටුකරනු ලබන වැදගත් චාරිත්‍රයකි.මේ අනුව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමා බැහැදැක ගෞරවාචාර දැක්වීමට කාරියකරවන කෝරාළ ඇතුළු අනෙකුත් නිල පංගුකරුවන්ද,අවශේෂ නිලධාරින්ද, බුලත් හුරුළු සමඟ තෑගි බෝග කත් බැඳගෙන යාමේ සිරිත පෙනුම් ගමන් යාම වශයෙන් සැලකේ. ස්වකීය නිල පංගුවට දළදා නිල ඇඳුමින් සැරසී යන නිලකරුවන් අදාළ තෑගි බෝග කද තැන්පත් කොට අනුපිළිවෙළට ගොස් බුලත් හුරුළු දී වඳිති. එවිට දියවඩන නිලමේතුමා අදාළ රාජකාරිකරුවන්ට ඇඳුම කුඩම තෑගි කොට දී සංග්‍රහයක්ද පවත්වයි. මෙහිදී පෙර වැරදි කමාකර ගැනීමත්, එලැඹෙන වසරට ආශිර්වාදය ලබා ගැනීමත් සිදුවේ.
අලුත් අවුරදු දිනයේදි නියමිත නැකැත් පත්‍රයට අනුව හිරු මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමෙහි, සුබ පලාභිවර්ධනය පිණිස නියමිත සුබ නැකතට කණ්ඨස්නානය හා කිරි ඉතිරවීම සිදුකෙරේ කණ්ඨස්නානය බදාදා දිනයන්හි පැවැත්වෙන සප්තානික පූජාව හෙවත් නානුමුර මංගල්ලයේදී අනුගමනය කරනු ලබන චාරිත්‍රයන්ට සමාන ආකාරයෙන් සිදුකරනු ලැබේ’. කණ්ඨස්නානය කිරීමේදි බදාදා නානුමුර මංගල්ලයේදී මෙන් බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ශී‍්‍ර දේහය පවිත්‍ර ජලයෙන් ස්නානය කිරීම සංකේතවත් කරන්නේ නැත. මෙහිදී සිදුවන්නේ ශී‍්‍ර දේහයේ උඩ කොටස පමණක් පවිත්‍ර ජලයෙන් ස්නානය කරවීම සංකේතවත් කිරීමය.
ජනතාවට සෞභාග්‍යය, සමෘද්ධි ප්‍රාර්ථනා කොට වැඩසිටින මාළිගාවේ ප්‍රධාන දොරටුව, පල්ලේමාලේ විහාරගෙයි දොරටුව හා මුල්තැන්ගේ යන තුන් ස්ථානයේදී ලිප් බැඳ අලුත් වළං තුළ කිරි ඉතිරවීම සිදු කෙරේ. මෙම අවස්ථාවට තේවාභාර හිමිවරු ද දියවඩන නිලමේතුමා ඇතුළු රාජකාරිකරුවෝද සහභාගි වෙති. මෙදින නැකතට අනුව මුළුතැන්ගෙය තුළ ආහාර පූජාව සූදානම් කරන අතර නියමිත වේලාවට බුද්ධ පූජා මුළුතැන් මංගල්‍යය සිදුකරති.
එලඹෙන ආසන්නම බදාදා දිනයේද නානුමුර මංගල්ලය පැවැත්වේ. මේ සඳහා සුදුහඳුන්, රත්හඳුන්, කුංකුම,ගෝරෝචන, කුංකුමප්පු, විෂ්ණු ක්‍රාන්ති, ගොඩ මානෙල් අල, නස්නාරං මුල්, බෙලි මුල්, නෙළුම් දඬු, වෙනිවැල් ගැට, ඊතණ , ඉඹුල් මැලියම්, දිවුල් මැලියම්, සුවඳ කොට්ටම්, අමු කහ, වියළි ඉඟුරු ආදිය සම සමවගෙන සාදනු ලබන නානු, කුඩා මුට්ටිවල අසුරා නාථ දේවාල භූමියට කෙටි පෙරහරකින් ගෙන ගොස් වට්ටෝරුවේ සඳහන් වන විහාරස්ථාන හා සතරදේවාල ඇතුළු අනෙකුත් දේවාලවලට බෙදා දීම චිරාගත සම්ප්‍රදායයි. මෙම නානුවලින් නැකතට අනුව ඒ ඒ සිද්ධස්ථාන හා දේවාල වලදී නානුමුර මංගල්ලයන් සිදුවේ.
පුණ්‍ය කාලය තුළද,අලුත්අවුරුදු දිනය තුළද සැදැහැවත් බැතිමතුන්ගෙන් ශ්‍රී දළදා මාළිගාව පිරී ඉතිරී යනු දැකිය හැකිය. නව වසර සෞභාග්‍යමත් නිරෝගිමත් එකක් බවට පත් කරගැනීම සඳහා දළදා වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම එමගින් අපේක්ෂිතය.

ඇසළ පෙරහර මංගල්ලය

වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරනුයේ” පණස” වෘක්ෂයේ ශාඛාවක් ගෙන ( බොහෝ විට ක්ෂීර වර්ගයේ කොස් ගසක) සිවු මහා දේවාලයන්හි ඇසළ කප සිටුවීමෙන් හා දේවාල අභ්‍යන්තර පෙරහර පහක් පැවැත්වීමෙනි. ඉන් අනතුරුව වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහක්ද, රනදෝලි පෙරහර පහක්ද,අවසන් රන්දෝලි මහ පෙරහර අවසානයේ මධ්‍යම රාති‍්‍රයෙහි ගෙඩිගේ විහාරයට පෙරහර කරඬුව වැඩමවන පෙරහරද, පසු දින දවල් පෙරහර ද පැවැත්වීමෙන් ඇසළ පෙරහර මංගල්‍යය අවසන් වේ.අනතුරුව රටේ පාලක ප්‍රධානියා වන අතිගරු ජනාධිපතිතුමා වෙත පෙරහර සංදේශය පිළිගැන්වීමද ශී‍්‍ර විෂ්ණු දේවාලයේ පැවැත්වෙන වළියක් නැටුම ද සුවිශේෂී තැනක් ගනී. ඇසළ පෙරහරේ පළමුව ගමන් කරනුයේ ශ්‍රී දළදා මාළිගාවේ පෙරහරයි. දෙවනුව අනු පිළිවෙළින් නාථ, විෂ්ණු, කතරගම හා ශ්‍රීපත්තිනි දේවාල පෙරහරද ගමන් කරනු ලැබේ’.
දළදා පෙරහර හෙවත් ඇසල, පෙරහර මංගල්‍යය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා අසිරිමත් මංගල සම්මත පෙරහර මංගල්‍යයකි. මෙකී පෙරහර ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව. 301-328) දවස දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟය. මහාවංශයේ සඳහන් වන අයුරු “රජ තෙමේ නව ලක්ෂයක් දන විසඳා දළදා මහ පෙරහර කළේයි. “අවුරුදු පතා අභයගිරි විහාරයට වඩා ගෙන ගොස් දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි. “නියෝග කළේය යන්නෙන් එය සනාථ වෙයි. පාහියංගේ දේශාටන වාර්තාවෙහි රජතෙමේ තුන් වන මස මැදදී (ඇසළ මස) බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙන්වනු ලැබේ’. මෙයට දින දහයකට පෙරාතුව කීමෙහි බිනීමෙහි දක්ෂ මිනිසකු රජ ඇඳුම්, පැළඳුම් , හඳවා පළදවා, මොනවට සැරසූ ඇතක්හු පිට නඟවා, නුවර හැවිද අණ බෙර ගසා මෙසේ කියන්ට සලස්වයි. “බෝසතාණන් වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා, පෙරුම් පිරූ සේක. සිය සැප පහසුනොතකා සිය රජයද, සිය බිසවද, දරුවන් ද දන් දුන් සේක. තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක. අද සිට දස දිනකින් ඒ බුදුරඳුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ’. පින් කැමති සියල්ලෝ මග සම කෙරෙත්වා . කොවේ, මහවේ, සරසත්වා, පුද පිණිස මල් හා සුවඳ පිළියෙළ කෙරෙත්වා යනුවෙන් කෙරෙන විස්තරයෙන් එදවස ඇසළපෙරහර සංවිධානය වූ ආකාරය කියවෙයි.
මෙසේ අනුරපුර කිත්සිරිමෙවන් මහරජුගේ පටන් ලක්දිව සියලු රජවරු, සතුරු ආපදා සම්පන්න අවස්ථාවන්හි හැර,අන් හැම විටම, දළදා පෙරහර මනාසේ බැතියෙන් පැවැත්වූහ. ආපදාපන්න අවස්ථාවන්හි ද පෙරහර වීදි සංචාරය නොකළද සාම්ප්‍රදායික පෙරහර චාරිත්‍ර පවත්වා දළදා පූජෝපහාර දැක්වූහ.
1592 පළමු වන විමලධර්මසූරිය රජු දවස ශී‍්‍ර දළදා වහන්සේ සෙංකඩගල පුර රාජධානියට වැඩම වීමෙන් අනතුරුවද ඇසළ පෙරහර මංගල්‍යය පවත්වාගෙන ආ බව සලකා ගත හැකිය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු ( ක්‍රි.ව. 1747-1781) දවස ක්‍රි.ව. 1753 දී දළදා පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිව් මහාදේවාලය අනුපිළිවෙළට ගමන් ගන්නා ආකාරයට ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම ආරම්භ විය. එතැන් සිට අද දක්වාම මෙම පෙරහර මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව ශ්‍රී දළදා මාළිගාව පෙරටුකොට පැවැත්වේ.
ජෝන් ඩේව් හා වෙල්ලස්සේ දිසාව දුටු පෙරහර විස්තරයේ සඳහන් වන පරිදි නගරය දෙව්පුරයක් සේ සරසා තිබුණි. ඒ ඒ නිලයන් හදුනාගැනීම සඳහා අදාළ කොඩි සහිතවද, ඇතුන් ,අසුන් ගණනාවක්ද, විවිධ කොඩි චාමර දරන්නෝද, රජයේ නිලධාරිහුද, කඩු ගත්තෝද , පලස් දරන්නෝද , හෙල්ල දරන්නෝද, කොඩි කස්තාන දරන්නෝද, විදේශිකයෝ ද, නොයෙක් භාෂාවන්හි නිපුණයෝද, ශිල්පීහුද, ස්ත්‍රීහුද, ගමන් කළහ. අනතුරුව මහා ජනයාද ගමන් ගත්හ. මෙම පෙරහරේ රජතුමාද මහත් තේජසින් ගමන් ගත්තේය.මෙසේ පෙරහර නගරය ප්‍රදක්ෂිණා කළ අතර ධාතු කරඬුව සරසා මල්වැසි වැස්සවීය.
රජු පත්තිරිප්පුවට පැමිණෙන තුරු රඳලවරු හමුදා නිලධාරිහු හා සෙසු නිලධාරිහු තමනට ඇති උසස්ම අඳුමින් සැරසී තමන්ට වෙන්වූ කොඩියද රැගෙන සිටිති.රිදී යෂ්ටිය රැගත් අදිකාරම්වරු දෙදෙනාද, අංකුසය අතින් ගත් ගජනායක නිලමේද පැමිණීමෙන් අනතුරුව,රජු පත්තිරිප්පුවේ පෙනී සිටිත්ම ප්‍රශස්ති ගායනා ආරම්භ විය. රජු මහදිකාරම අමතා ඒ ඒ දිශාවල අය පෙළ ගැසී සිටින්නේ දැයි විමසයි. අදිකාරම්වරයා ඒ වග දැන්වූ පසු රජුගේ නියමයෙන් පෙරහර ආරම්භ වේ.
මෙසේ රජුගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු ඇසළ පෙරහර මංගල්‍යය, වර්තමානය වන විට මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද,අනුශාසනා,ආශිර්වාදය මත ශී‍්‍ර දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේතුමාගේ මෙහෙයවීමෙන් සිදුකෙරේ. මෙම උතුම් පෙරහර මංගල්‍යය දළදා වහන්සේට පූජෝපහාර පිණිස හා සිවුමහාදේවාලයන්හි දෙවියන්ට භක්ති ප්‍රණාමය පිණිසත්, කලට වැසි ලබා රටේ සමෘද්ධිය ,සෞභාග්‍යය ඇති කර ගැනීම පිණිසත් අසම්භින්නව පවත්වාගෙන යෑම දියවඩන නිලමේතුමන්ගේ හා සිවුමහාදේවාලයන්හි බස්නායක නිලමේවරුන්ගේ ප්‍රධාන කාර්යභාරයයි. ඇසළ පෙරහර මංගල්‍යය යනු ශ්‍රී දළදා පූජෝපහාර මංගල්‍යයක් පමණක් නොව උඩරට කලාකරුවන්ගේ කුසලතා ඔප්නංවන මහාසංස්කෘතික මංගල්‍යයක් ද වේ.
මෙහි සිරි අසිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් නරඹන්නන් බොහෝ දෙනා පෙරහර දිනවල සෙංකඩගලපුරයට ඇදී එතී. එය එක් අතකින් ලොව ඇති අසිරිමත්ම පෙරහර මංගල්‍යයයි.

මිහඳු මාහිමියන් දෑසමන් මල් ඉසිමින් සලකුණු කළ අටමස්‌ථානය හා එහි ඉතිහාසය

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු දඹදිව පැළලුප්නුවර අශෝකාරාමයේ පැවති තුන්වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්‌ ලෙස ලංකාව ඇතුළු සමීප රාජ්‍යයන් වෙත ධර්මදූතයන් පිටත් කර ධර්මප්‍රචාරය සිදු කෙරිණි. මිහඳු මාහිමියෝ ප්‍රමුඛ පිරිස ලංකාවට වැඩම කළේ ඒ අනුවය. ඒ පොසොන් පුර පසළොස්‌වක පොහොය දිනක දී ය. ලංකා රාජ්‍යය විචාළේ දෙවනපෑතිස්‌ රජතුමාය. ලංකාවට පැමිණි දෙවන දිනයේ මිහඳු හිමි ප්‍රධාන පිරිසට අනුරාධපුරයේ පිහිටි රජමාළිගයෙන් දන් පිරිනැමිණි. දන් වළදා අවසානයේ මිහඳු හිමියෝ පේතවත්ථු, විමානවත්ථු සහ පච්චසංයුක්‌තයෙන් ධර්ම දේශනා කළසේක. අනතුරුව දෙවනපෑතිස්‌ රජතුමන් විසින් මිහිඳු හිමියන්ට මහමෙවුනා උයන ස`ගසතු කොට පූජාකරන ලදී. රජතුමන් විසින් දෑසමන් මල් වට්‌ටියක්‌ ද පූජා කරන ලදී. මිහිඳු හිමියෝ දෙවනපෑතිස්‌ රජු සම`ග මහමෙවුනා උයනේ ඇවිද යමින් දෑසමන් මල් ඉසිමින් අටමස්‌ථානය පිහිටන තැන් සලකුණු කළ බව වංශකථාවල ස`දහන් ය.

එසේ මිහිඳු හිමියන් සලකුණු කළ ඇතැම් ස්‌ථානයන්හි විහාර ආරාම ගොඩ නැගුනේ මිහඳු හිමි දවස නොව ඊට පසු කාලවකවානුවල දී ය.

බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයෙන් අටවෙනි වර්ෂයේ දී පන්සියයක්‌ මහරහතන්වහන්සේලා සමග වෙසක්‌ පුර පසළොස්‌වක පොහෝ දිනක කැලණියට වැඩම කළ සේක. (මේ බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනයයි.) එම අවස්‌ථාවේ දී රුවන්වැලි මහා සෑය පිහිටි තැන ඇතුළු සමස්‌ත අටමස්‌ථාන භූමියට ද බුදුරජාණන්වහන්සේ වැඩම කළ බව ඉතිහාස කථාවල ස`දහන්ය. 

කෙසේවුවත් අටමස්‌ථානයට අයත් ස්‌ථාන පිළිබ`දව විවිධ අදහස්‌ පවතී. වර්ෂ 1909 දී පමණ ඇති කරගත් සම්මතයක්‌ අනුව අටමස්‌ථානයට අයත් ස්‌ථාන පිළිබ`දව අවසන් තීරණයක්‌ ගෙන ඇත. 

මහාවංශය, දීපවංශය, බෝධිවංශය යන වංශකතාවල ස`දහන් අටමස්‌ථානය මෙසේය. මහා මේඝවන සංඝාරාමය (තිස්‌සාරාමය), සංඝයාගේ කර්ම මාලක සීමාව, ජන්තාඝර පොකුණ, මහා බෝධිය පිහිටි තැන, සංඝයාගේ පොහොය ගෙය, සංඝයාට උපන් ලාබය බෙදන ලහබත් ගෙය, චතුශ්ශාලාව සහ රත්නමාලි චෛත්‍යය එම ස්‌ථානයෝ වෙත්.

පූජාවලියෙහි ස`දහන් ආකාරයට අනුරාධපුර දකුණු මහ සෑය පිහිටි තැන, ලෝවාමහපාය පිහිටි තැන, පිරිත් ලාගෙය පිහිටි තැන, ජන්තාඝර පොකුණ පිහිටි තැන, ථූපාරාමය පිහිටි තැන, රන්මැලිසෑය පිහිටි තැන, මිහින්තලා මහ සෑය පිහිටි තැන සහ මහමෙවුනා උයනේ මැද ශ්‍රී මහා බෝධිය පිහිටි තැන යන ස්‌ථාන අටමස්‌ථානය වෙයි.

මාලක සීමාව, ජන්තාඝර පොකුණ, මහා බෝධි ස්‌ථානය, ලෝවාමහපාය, ලහබත් ගෙය, චතුශ්ශාලාව, මහා භෝජන ශාලාව, රත්නමාලි චෛත්‍යය යන ස්‌ථාන, අටමස්‌ථානය බව සද්ධර්මාලංකාරයට අනුව වෙයි.

මේ විස්‌තර අනුව පූජාවලියෙහි සඳහන් මිහින්තලේ මහ සෑය හා ථූපාරාමය සද්ධර්මාලංකාරයෙහි ඇතුළත් නොවේ. ඒ වෙනුවට චතුශ්ශාලාව හා මහාභෝaජන ශාලාව ඇතුළත්ය. බුදුරජාණන්වහන්සේ තෙවන වරට ලක්‌éවට වැඩි අවස්‌ථාවේදී සමවත් සුවයෙන් වැඩ හුන් ස්‌ථාන අටක්‌ පිළිබඳව සද්ධර්මාරත්නාකරයේ ස`දහන්ය. 

මහනුවර යුගයට අයත් නම් පොතේ ස`දහන් ස්‌ථාන අට මෙසේය. ශ්‍රී මහා බෝධිය, ලෝවාමහපාය, මිරිසවැටිය, අභයගිරි දාගැබ, ෙæතවන දාගැබ, රත්නමාලි දාගැබ, ථූපාරාම දාගැබ සහ මිහින්තලේ ශෛල චෛත්‍යය වෙයි. 

ක්‍රි. ව. 1870 දී පමණ සර්වේයර් ජනරාල්තුමා සකස්‌ කළ සැලැස්‌මට අයත් වූයේ ෙæතවනාරාම දාගැබ, ලංකාරාමය, ථූපාරාමය, අභයගිරිය දාගැබ, ලෝවාමහපාය, ජය ශ්‍රී මහා බෝධිය, මිරිසවැටිය දාගැබ සහ රුවන්මැලි මහ සෑය යන ස්‌ථාන අටයි. 

ක්‍රි. ව. 1909 දී අටමස්‌ථාන කොමිටියේ ලේකම්වරයා වූ සර් එච් ඒ. මැකලම් මහතා සාකච්ඡාවකින් පසු තෝරාගත් අටමස්‌ථානය මෙසේය. බෝ මළුව, ලෝවමහපාය, රුවන්වැලි සෑය, අභයගිරි විහාරය, ථූපාරාමය, ඡේතවනාරාමය, ලංකාරාමය සහ මිරිසවැටිය යන ස්‌ථානයෝය. මෙසේ දැන් ව්‍යවහාර වනුයේ එදා මිහඳු මාහිමියන්දෑසමන් මල් ඉසිමින් සලකුණු කළස්‌ථාන අට, යළි සොයාගෙන හ`දුන්වන්නක්‌ නොවේ. නමුත් මින් ස්‌ථාන කීපයක්‌ හෝ නිවැරදි විය හැකිය. 

බෝ මළුව 

මෙහි ස`දහන් බෝ මළුව යනු ජය ශ්‍රී මහා බෝධියයි. බුදුරජාණන්වහන්සේට බුද්ධත්වය ලබාගැනීමට මහෝපකාරී වූ ජයශ්‍රී මහා බෝධීන්වහන්සේගේ දක්‌ෂිණ ශාඛාව අනුරාධපුරයේ මහමෙවුනා උයනේ රෝපණය කරවා ඇත.බු. ව. 236 (ක්‍රි. පූ. 307) දී දඹදිව සිට ජය ශ්‍රී මහා බොAධීන්වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ලක්‌éවට වැඩමවාගෙන එන ලද්දේ සංඝමිත්තා තෙරණිය විසිනි. එකල ලක්‌දිව රාජ්‍යය විචාළදෙවනපෑතිස්‌ රජතුමා මෙම බෝධි රෝපණය ස`දහා මළුව විශේෂයෙන් සකස්‌ කළ බැව් ඉතිහාසයේ ස`දහන්ය. පොළොව මට්‌ටමින් අඩි 21 ක්‌ ගොඩකර සෑදූ මණ්‌ඩපයක ශ්‍රී මහා බෝධිය රෝපණය කළ බැව් කියෑවේ. 

ලෝවාමහපාය 

තඹ ලෝ උළු සෙවිලි කළ හෙයින් 'ලෝවාමහපාය' නමින් හැ`දින්වෙයි. 'මහා සංඝයාගේ පොහොය ගෙය මෙය වන්නේය' යෑයි මිහඳු හිමි පෙන්වා, අවුරුදු 147 කට පසු එනම් බු. ව. 383 දී පමණ දුටුගැමුණු රජතුමා විසින් ලෝවාමහපාය ඉදිකරන ලදී. මහල් නවයකින් යුක්‌ත වූ මෙය බු. ව. 406 දී පමණ ගිනිගෙන විනාශ වූ බව ඉතිහාසය කියයි. පසුව සද්ධාතිස්‌ස රජතුමා සත්මහල් කොට ලෝවාමහපාය ඉදිකළේය. බු. ව. 819 වෛතුල්‍යවාදය පිළිගත් මහසෙන් රජතුමා ලෝවාමහපාය කඩා බි`ද දැමුවත්, බු. ව. 845 දී සිරිමෙවන් රජතුමා පස්‌මහල් කොට ලෝවාමහපාය ඉදිකළේය. මෙම අලංකාර මන්éරයේ අද ඉතිරිව ඇත්තේ ගල්කණු පමණි.

රුවන්මැලි මහ සෑය 

රුවන්වැලි මහා සෑය පිහිටියේ අනුරාධපුර මහමෙවුනා උයනේය. දුටුගැමුණු මහ රජතුමා විසින් බු. ව. 383 (ක්‍රි. පූ. 161) කරවූ මෙම දාගැෙරී උස අඩි 383 ක්‌ පමණ වේ. වට ප්‍රමාණය අඩි 1000 ක්‌ පමණ වේ. ස්‌වර්ණමාලි නම් දෙව`ගන විසූ රන් තෙලඹු ගස තිබූ තැන කරවූ නිසා 'ස්‌වර්ණමාලි' යන නම ලැබුණු බව කියෑවේ. ෙද්‍රdaණයක්‌ පමණ ධාතු නිදන් කොට ඇති බැවින් එයට පූජෝපහාර වශයෙන් රන් මල් ධාතු ගර්භයේ අසුරා ඇති හෙයින් 'ස්‌වර්ණමාලි' යන නම ලැබූ ඇතමෙක්‌ කියති. රුවන්මළුව නම් බිමක ඉදිකළ බැවින් රුවන්වැලි සෑය ලෙස නම් තැබූ බවට ද මතයකි. මහාවංශය කියන පරිදි මෙම ස්‌ථානයේ සතර බුදුරජාණන්වහන්සේලා (කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම) වැඩ සිටි නිසා සර්වඥ පාරිභෝගික ස්‌ථානයක්‌ වෙයි. මෙම චෛත්‍යයේ වැඩ අවසන් කිරීමට පෙර දුටුගැමුණු මහ රජතුමා අභාවයට පත් වූයෙන් එහි ඉතිරි වැඩ කටයුතු සිදුකළේ සද්ධාතිස්‌ස රජතුමාගේ කාලයේ දී ය. අද අපට දක්‌නට ලැබෙන්නේ ප්‍රතිසංස්‌කරණයට ලක්‌ වූ චෛත්‍යයකි. වර්ෂ 1870 පමණ වන විට ගරාවැටුණු තත්ත්වයෙන් පැවති මෙහි ප්‍රතිසංස්‌කරණ කටයුතු ක්‍රි. ව. 1873 දී පමණ නාරන්විට සුමනසාර ස්‌ථවිරයන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි. පසුව ප්‍රතිසංස්‌කරණ කටයුතු රුවන්වැලි චෛත්‍ය වර්ධන සමාගම යටතට බාර කෙරිණ. ක්‍රි. ව. 1942 දී පමණ කොත් පැළ`දවීම සිදු කරන ලද බව කියෑවේ.

අභයගිරිය දාගැබ 

බුදුරජාණන්වහන්සේගේ තෙවැනි වර ලංකාගමනයේ දී,අභයගිරිය දාගැබ පිහිටි ස්‌ථානයේ ද සමවත් සුවයෙන් වැඩ සිටි බව කියෑවේ. එම නිසා මෙම ස්‌ථානය සර්වඥ පාරිභෝගික ශුද්ධ භූමියක්‌ ලෙස සැලකේ.වළගම්බා (වට්‌ටගාමිණිඅභය) රජතුමා ද්‍රවිඩයන් සමග පැවති යුද්ධයෙන් පැරදී පළායන විට ගිරි නම් නිගණ්‌ඨයා තම ආරාමයේ සිට ''මහ කළු සිංහලයා පැරදී පළා යනවෝa'' යෑයි හ`ඩ නගා කීවේය. මහාතිස්‌ස ස්‌ථවිරයෝ වළගම්බා රජතුමාට ආරක්‍ෂාව සැලසූහ. යළිත් ලංකා රාජ්‍යය ලබාගත් රජතුමා බු.ව. 455 (ක්‍රි.පූ. 89) දී පමණ ගිරි නිගණ්‌ඨයා විසූ තැන විහාරයක්‌ කරවා, ගිරි නිගණ්‌ඨයාගේ නමත්, රජතුමාගේ නමින් කොටසක්‌ ද සම්බන්ධ කොට 'අභයගිරිය' යන නම තබා මහාතිස්‌ස ස්‌ථවිරයන්ට පූජා කළ බැව් ඉතිහාසයේ දැක්‌වේ.

ථූපාරාම දාගැබ 

ලක්‌දිව බුදුසසුන පිහිටුවීමෙන් පසු ගොඩනගන ලද මුල්ම දාගැබ ථූපාරාමය ලෙස සැලකේ. බුදුරජාණන්වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කොට බු.ව. 236 (ක්‍රි.පූ. 307) දී දෙවනපෑතිස්‌ රජතුමා විසින් කරවන ලදී. ථූපාරාම දාගැබේ උස අඩි 63කි. වට ප්‍රමාණය අඩි 194කි. දාගැෙරී ආරක්‍ෂාව පිණිස වටදාගෙයක්‌ (චෛත්‍යය වසා ඉදි කළ ගෘහය) කරවා තිබූ බවට, දාගැබ වටා ඇති ගල් කණු සාක්‍ෂි දරයි. 

14 පිටුවෙන්... මිහි මාහිමියන්... 

ගෞතම බුදුරජාණන්වහන්සේ සමවත් සුවයෙන් වැඩ විසූ ස්‌ථානයක්‌ හෙයින් සර්වඥ පාරිභෝගික ශුද්ධ භූමියක්‌ ලෙස සැලකේ. අෂ්ටඵලරුහ බොAධීන්ගෙන් එකක්‌ ද මෙම ස්‌ථානයේ රෝපිත බව ස`දහන්ය. 

ඡේතවනාරාම දාගැබ (

ජෝතියවන උද්‍යානයේ (නන්දන උයනේ) කරවූ නිසා 'ඡේතවනාරාමය' යන නම ලැබුණු බවට මතයකි. මෙම ස්‌ථානය ද සර්වඥ පාරිභෝගික ශුද්ධ භූමියකි. බුදුරජාණන්වහන්සේගේ පටි ධාතුවෙන් කොටසක්‌ හා සර්වඥ ධාතු නිදන්කොට මෙම දාගැබ කරවූයේ බු.ව. 819 (ක්‍රි.පූ. 334) දී මහසෙන් රජතුමා විසිනි. මෙහි වට ප්‍රමාණය අඩි 1100 ක්‌ පමණ වේ. ඡේතවන නිකායේ මූලස්‌ථානය වූයේ මෙම විහාරයයි. ගරා වැටුණු තත්වයෙන් පැවති මෙම දාගැබෙහි ප්‍රතිසංස්‌කරණ කටයුතු හිටපු ජනාධිපතිවරයෙකු වූ ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් ක්‍රි. ව. 1980 ජනවාරි පළමුවෙනිදා (දුරුතු පොහෝ දින) ආරම්භ කරනලදී.

ලංකාරාමය 

ලංකාරාමය බු.ව. 455 (ක්‍රි.පූ. 89) දී වළගම්බා රජතුමා විසින් කරවන ලදී. වට ප්‍රමාණය අඩි 150ක්‌ වන අතර උස අඩි 50 කි. ලංකාරාමය, 'සිලාසොරීහකන්දක විහාරය' නමින් හැ`දින්වූ බව ද කියෑවේ. මෙම චෛත්‍යයේ ඉදිකිරීම් බොහෝ දුරට ථූපාරාමයට සමීප බවක්‌ පෙන්වයි. ථූපාරාමයට වඩා කුඩා වන ලංකාරාම දාගැබ උසින් අඩි 132ක්‌ පමණ වෙයි. චෛත්‍ය පාද විෂ්කම්භය අඩි 44ක්‌ පමණ වේ. ලංකාරාමයට, වටදාගෙයක්‌ (චෛත්‍යය වසා ඉදි කළ ගෘහය)කරවා තිබූ බවට සාක්‍ෂි ඒ වටා ඇති ගල් කණු කියාපායි.

මිරිසවැටියදාගැබ 

බු. ව. 383 (ක්‍රි. පූ. 161) දී දුටුගැමුණු රජතුමා විසින් මිරිසවැටිය දාගැබ කරවා ඇත. මෙම ස්‌ථානය ද බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී පාදස්‌පර්ශයෙන් පවිත්‍ර වූ ස්‌ථානයක්‌ ලෙස සැලකේ. කිසිවක්‌ සංඝයාවහන්සේලාට නොදී ආහාරයට ගැනීම දුටුගැමුණු රජතුමාගේ සිරිතක්‌ නොවීය. සංඝයාවහන්සේලාට නොදී මිරිස්‌වැටියක්‌ (ව්‍යංජනයක්‌/ ලුණුමිරිසක්‌) අනුභව කළ අවස්‌ථාවක්‌ සිහිපත්වී එයට ද`ඩුවමක්‌ වශයෙන් මෙම දාගැබ කරවන ලද බැව් 

කියෑවේ. එය මරිචචට්‌ටි විහාරය - මිරිසවැටිය ලෙසින් ව්‍යවහාර විය. 

අටමස්‌ථානයට අයත් දාගැරී අද වන විට ප්‍රතිසංස්‌කරණයන්ට ලක්‌ව ඇත. ඒ අනුව ථූපාරාම දාගැබ ඝණ්‌ඨාකාර (සීනුවක) හැඩයකින් යුක්‌තය. අනෙක්‌ දාගැබ් (රුවන්වැලිසෑය, අභයගිරිය, ජේතවනාරාමය, ලංකාරාමය, මිරිසවැටිය) බුරීබුලාකාර (දිය බුබුලක) හැඩය ගෙන ඇත. 

ආර්. ඒ. නයනානන්ද
සටහන 
ලක්‍ෂමී පාර,ගම්පහ

අටසැටලෙනින් ඇරැඹි මෙරට ලෙන් පූජාව

ශ්‍රී ලංකා ද්වීපයෙහි සම්බුද්ධ ශාසන ආරම්භය සිදු වූයේ ක්‍රි. පූ. 236 වැන්නේ දී දඹදිව ධර්මාශෝක රජුගේ පුත් මිහිඳු මාහිමි ප්‍රමුඛ ධර්මදූත පිරිසේ ආගමනය සහ මිහින්තලා පර්වත භූමිය ද මුල්කර ගෙනය. ගල් සහ පස්‌ මිශ්‍ර වීමෙන් සෑදුන උස්‌ බිම යන අර්ථයෙන් මේ ස්‌ථානය මිස්‌සක පබ්බත යන වෙනත් නමකින්ද හැඳින්වේ. අනුරාධපුරයේ සිට සැතපුම් අටකට පමණ දුරින් නැගෙනහිර දිසාවේ කාලයන්හි දී දේව කූට, සුමණ කූට, සුභ කූට, පිලය කූට යන නම් වලින් හැඳින්වුණ බව බෞද්ධ පොතපතේ සඳහන්ය.

බුදු සමය පැමිණි සමයේ මෙරට රජ කළ දේවානම් පියතිස්‌ස රජු හමුවීමට මිහිඳු මාහිමි ප්‍රමුඛ ධර්මදූත පිරිස සෘද්ධි බලයෙන් මෙ ස්‌ථානයට වැඩම කළ බවට මහාවංශයේ 13 වැනි පරිච්ඡේදයේ 18.19.20 යන පාලි ගාථාවන්ගෙන් ප්‍රකාශ වේ. පොසොන් පුන් පොහොය දිනක මිහිඳු මාහිමියෝ ඉට්‌ඨිය, උත්තිය, භද්දසාල, සම්බල යන තෙරුන් වහන්සේලා සිව් නමද සුමණ සාමණේරයන් ද භණ්‌ඩුක උපාසක ද සමඟ සෘද්ධි බලයෙන් පිලයකූටය නම් වූ අබ්බස්‌ තලයෙහි වැඩසිටියේ යෑයි එකී ගාථාවල සඳහන්ය.

මිත්‍ර රජු විසින් තමා හමුවට එවන ලද දූත පිරිස හඳුනාගෙන ගෞරව සහිතව පිළිගත් දෙවන පෑතිස්‌ රජු එම පිරිසට තාවකාලිකව ලැඟුම් ගැනීමට සිය මගුල් ඇත්හල වහා පිළියෙල කර දුන් අතර පිරිසට වස්‌ විසීමට අවශ්‍ය වූ අවස්‌ථාවේ ඒ සඳහා මිහිඳු මාහිමියන්ගේ අනුශාසනය පරිදි මිහින්තලයේ පිහිටි අටසැටලෙන් වස්‌ විසීමට සුදුසු වන සේ සකස්‌ කර පූජා කළ බවටද සඳහන්ය. මේ අන්දමට එදා ලක්‌දිව ආරම්භ වූ ලෙස්‌ පූජාව සතර දිසාවෙහි ම පැතිර ගියෙන් ශ්‍රද්ධා සම්පන්නයෝ භාවනානුයෝගී භික්‍ෂුන් වහන්සේලා උදෙසා ස්‌වභාවික පිහිටි ගල්ලෙන් කටාරම් කොටා පූජා කළහ. ඒ බවට රට පුරා ඒ ඒ ප්‍රදේශයන්ගෙන් හමුවන සාධක අති මහත්ය.

මිහිඳු මාහිමියන් මෙරටට ගෙන ආවේ සම්බුද්ධ ශාසනය පමණක්‌ම නොවේ. ඒ සමඟ එවකට දඹදිව පැවැති බ්‍රාහ්මී අක්‍ෂර මාලාවද මෙරටට ලැබිණි. එම කාලසීමාව තුළම උන්වහන්සේගේ සහෝදරිය වූ සංඝමිත්තා තෙරණිය ශ්‍රීමහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීම ද සිදුවිය. එම ගමනේ දී දහඅට කුලයක කර්මාන්ත කරුවන්ද මෙහි පැමිණි බවට ද සඳහන්ය. ගල්වඩු, හීවඩු, කුඹල්, 

ලොහොකම් ආදියෙහි නිපුණ වූ ඔවුහු මෙහි පැමණීම සමඟම මෙරට විශාල සමාජ පෙරළියකට ලක්‌ වී ඇත. මේ නිසා සංඝයාට ලෙන් පිදීමේ දී ද වැඩි ප්‍රමාණයක ලෙන්හි පූජා කළ අයගේ නම් ගොත් ආදිය සඳහන් වන ලෙස අකුරු කොටා දක්‌වා ඇත.

වැසි දිය ලෙස තුළට කාන්දුවීම වැළැක්‌වීමට ලෙනෙහි උඩ කොටසේ කටාරම් කොටා ලෙන ඉදිරි පසින් වැටි බිතක්‌ (ගල් කැබලි සහිත වැටි යොදා) තනා වාසය සඳහා සැකසූවේ ලෙන් කලාතුරකින් අවස්‌ථාවක දී එක්‌ භික්‍ෂුවක්‌ මුල් කොට පූජා කළ බවක්‌ දක්‌නට ඇතත් බොහෝ අවස්‌ථාවන්හි "අගත අනගත චතුදිස සගස දිනේ" (ආවාවුද නොආවාවූද සතර දිහාවෙහි සංඝයාට පූජා කරන ලදී) යන පාඨය ලෙනෙහි කොටා ඒ අනුව සතර දිසාවෙහිම භික්‍ෂු සංඝයාට පූජාවක්‌ ලෙස පූජා කර ඇත. සොලීS බලය මුලිනුපුටා දමා යළි රාජ්‍යත්වයට පත් වීමට වලගම්බාවනට සහාය වූ මහා තිස්‌ස තෙරුනට අභයගිරි විහාරයද එලෙසම කොහොන්තිස්‌ස නම් තෙරුනට මහසෙන් රජු ඉදිකළ ඡේතවන විහාරයද එක්‌ භික්‍ෂුවක්‌ මුල් කොට පූජා කළ බවට සඳහන් වෙනත් ගල්ලෙන් පූජා කිරීමේදී සඟ පුරපුරටම පූජා කිරීම සම්ප්‍රදායක්‌ බවට පත්ව තිබිණි. එසේ වී මුත් එකී සම්ප්‍රදාය ඉක්‌මවා එක්‌ භික්‍ෂුවක්‌ මුල්ගොට ගල්ලෙන් පූජා කළ අවස්‌ථාද කලාතුරකින් දැකිය හැකිය. එබඳු අවස්‌ථාවක්‌ ලෙස "සමන බරචද සිලික නගරියන" (බරචන්ද නම් ශ්‍රවණයන් වහන්සේට සිලික නගරවාසීන් විසින් පූජා කරන ලදී) යන බ්‍රාහ්මි අක්‍ෂර කෙටූ ගල් ලෙනක්‌ තිස්‌සව කෝරලේ බැද්දේගමට සමීප ස්‌ථානයක පිහිටා ඇත. මෙහි තවත් විශේෂත්වයක්‌ නම් ඒ සමයෙහි මෙහි "සිලික" නම් වූ නගරයක්‌ තිබීම සහ සමූහයක්‌ එක්‌වී ලෙස සකස්‌ කර පූජා කිරීමත් ය.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේම ඉබ්බාගමුව ආසන්නයේ රංකිරිමඩ නම් වූ රජමහා විහාර භූමියෙහි පිහිටි ගල්ලෙනක වෙත... උපතිසහ... හා අබනගරි යන ... සගස... (උපතිස්‌ස භික්‍ෂුවගේ ගුහාව අබනගරි වැසියේ සංඝයාට පූජා කරන ලදී) 

යනුවෙන් සඳහන් ව ඇති පාඨයෙන් ද මෙරට පිහිටි "අබ" නම් වූ නගරයක්‌ ගැන සඳහන් වේ.

මෙරටට බුදු සමය පැමිණි සමයේ දී සඟ සතු කර ගල්ලෙන් පිදීම ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව සිදුකර ඇති බව ද සාධක හමුවේ. "උති අයහ ජිතහ උපශික තිශස ලෙණෙ" (උතිය නම් කුමරුගේ දියණිය තිස්‌සාගේ ලෙන) කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කුඹුක්‌ගලම් සිට පොල්පිතිගමට යන ප්‍රධාන මාර්ගයේ පිහිටි කබලෑලෙන (දාගම) විහාර භූමියේ පිහිටි ලෙනක "ගම්කමිතපලස ජිත රේවතී සමතිය ලෙණේ" (මිත්තපාල නම් ගම් ප්‍රධානියාගේ දුව රේවතී විසින් පූජා කළ ලෙන) ආදී වශයෙන් සඳහන් වීමෙන් ස්‌ත්‍රී පක්‍ෂයද ලෙන් පූජාවේදී මුල්වී කටයුතු කළ බවක්‌ දැකිය හැකිය.

නගරවාසීන් උපාසක උපාසිකාවන්, ගම් ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය නායකාදීන්ද විශේෂයෙන් ම සෙන්පතියන්ද ලෙන් සකස්‌ කර සඟසතු කර පූජා කළ බව දක්‌නට ඇත. එවැනි අවස්‌ථාවක්‌ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ නයින්දන්නාව (පැරණි සංගමු විහාරය යෑයි සිතන) රජමහ විහාර භූමියෙන් හමුවේ. මහාචාර්ය එම්. ඩබ්. විමල් විඡේරත්න මහතා ලියූ මලියදේව මහතන් වහන්සේ වැඩ විසූ මණ්‌ඩලාරාම මහා විහාරය යන පොතෙහි එම ලෙන් ලිපිය ගැන මෙසේ වූ විස්‌තරාත්මක සඳහනකි. "ගෝඨඉම්බර යෝධයාගේ ලෙන්ලිපි ඔහුගේ නිජබිම වූ රෝහණ රාජධානියේ අගනුවරව පැවැති මාගමට නුදුරින් සිතුල්පව්වෙන් හැරුණ විට ඔහුගේ ලෙන්ලිපි යළි හමුවන්නේ පෞරාණික දක්‍ෂිණ දේශයට අයත් කුරුණැගල දිස්‌ත්‍රික්‌කයේ ඔහුගේ බිරිඳගේ උපන්ගම වූ භෝක්‌කන්ත ග්‍රාමය සේ මෙහි හඳුනාගෙනු ලැබූ ගොකරැල්ලේ සිට කි.මී. 14.4 ක්‌ (සැ. 09 ක්‌) පමණ වයඹ දිගින් පිහිටි නයින්දන්නාව විහාරයෙනි. එහි ලෙන් ලිපිය මෙසේය. "පරුමක මහතිස පුත චුඩ අයිමරහ ලෙණෙ අයිමරහ පවතහි" මෙහි සඳහන් චුඩ අයිමර (චූල අතිම්බර) ගෝඨඉම්බර යෝධයා ලෙස හෙන්රි පාකර් මහතා ද මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාද හඳුනා ගනිති".

මහා සංඝයා උදෙසා පූජා කරන ලද ඇතැම් ලෙන්හි එකී ලෙනේ නම හැර අන් කිසිවක්‌ සඳහන් නොකළ අවස්‌ථා ද දක්‌නට ඇත. සුදසන, සිහපණ, නගහෙටි (නාගසොණ්‌ඩ) මුලසුදසන, තිබ, මහසුදසන, වනපසදන එබඳු අවස්‌ථා ලෙස දැක්‌විය හැකිය.

පැරණි භික්‍ෂු සමාජයේ ප්‍රධාන තම කාර්යය වූයේ භාවනා කිරීම සහ දේශනා කීරිමය. භාවනානුයෝගීව සිටීමට නම් ඒ සඳහා යෝග්‍ය පරිසරයක්‌ තිබීම අත්‍යවශ්‍ය කරුණකි. භාවනානුහෝගී භික්‍ෂුන්ට ලෙන් පූජා කළවුන් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වී ඇත. පූජාවට සකස්‌ කරන ලෙන මිනිස්‌ වාසයෙන් වඩාත් දුර හෝ මිනිස්‌ මාසයට වඩාත් සමීප නොවිය යුතුය. අවට පරිසරය ගස්‌ කොළන් මලින් යුක්‌ත සාන්ත පරිසරයක්‌ විය යුතුය. උස්‌ ස්‌ථානයක පිහිටිය යුතුය. මෙබඳු ලක්‍ෂණ සහිත ස්‌ථානයක පිහිටි ලෙන් පරිහරණය කළ භික්‍ෂුහු මාර්ගඵල ලාභීහු බවට පත්ව සසරින් එතෙර වූහ.

අල්පේච්ඡ බව ගල්ලෙන්වල විසූ භාවනානුයෝගීන්ගේ සුවිශේෂී ලක්‍ෂණයකි. දැඩි අධිෂ්ඨානයෙන් නොපසුබට වීර්යයෙන් ක්‍රියා කළ උන්වහන්සේලා බොහෝ විට දැඩි වෘත සමාදන්ව සිටියහ. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා ලියූ එක්‌ ග්‍රන්ථයක ඒකාසන වෘතය (නිදීම හිඳීම ආදී ඉරියව් සඳහා එකම අසුනක්‌ පරිහරණය කිරීම) ගත පච්චාගත වෘතය (භාවනා අරමුණකින් යම් ස්‌ථානයකට වඩින විට අරමුණ වෙනස්‌ වී නම් ආපසු ගොස්‌ නැවත අරමුණෙහි පිහිට යළි ගමන ආරම්භ කිරීම) පිණ්‌ඩපාතික වෘතය (පිඬු සිඟා ගැනීමෙන් පමණක්‌ම යෑපීම) ආදී වූ දැඩි වෘත ගැන සඳහන්ය. මහනුවර යුගයෙන් වැඩවිසූ සරණංකර සංඟරාජ මාහිමියන් වහන්සේ ද මෙම පිණ්‌ඩපාතිකව ජීවත් වීමේ මතය සමාදන් වී සිය ජීවිත කාලය පුරාවටම එය ආරක්‍ෂා කළ බවට පොත්වල සඳහන්ය.

අරන්කෙලිය හෙවත් ආරණ්‍ය ක්‍රීඩාව යනු කලින් සඳහන් කළ ලෙස වන 

සෙනසුනක පිහිටි ගල්ලෙනකට වැඳ තනිව භාවනානුයෝගීව විසීමය. සිංහල සාහිත්‍යයෙහි දහම්ගැට යනුවෙන් හැඳින්වෙන පද්‍ය විශේෂයෙකි. ඒ අතරින් එකකි.

පෙර එක්‌ දෙමස්‌සෙක්‌ 

දන්දීලාම සමණේ

දැන් සතරක්‌ ලද්දු 

වරෝරන් කෙළියට දැරියනේ

මෙහි වචනාර්ථය ඉක්‌ම යන වෙනත් අරුතක්‌ ද ඇත. පෙර මස්‌ඇස්‌ දෙකක්‌ දන් දුන් බෝසතාණෝ පසුව උතුම් වූ ශාස්‌තෲ පදවිය ලැබුනා බුද්ධිමතුනි ආරණ්‍ය ක්‍රීඩාවට හෙවත් ආරණ්‍යගතව භාවනා කිරීමට යොමුවන්න යනු එහි සැබෑ අරුතය. මෙකල ද රුවන්ගිරිකන්ද, නාථගනේ, මාලිගාතැන්න, දිඹුලාගල ආදී ස්‌ථානහන්හි භාවනානුයෝගී භික්‍ෂුහු වැඩවාසය කරති.

ඩී. ඒ. ටී. බී. දේවසිංහ

විශ්‍රාමික විදුහල්පති

බුදු දහමින් පෝෂණය ලද ලාංකික උත්සව හා පූජාවිධි

ශ්‍රී ලංකා රාමඤ්ඤනිකායේ අනුනායක 
මහාචාර්ය 
වරාගොඩ පේමරතන අනු නාහිමි

වංස කතාවලින් පැවසෙන පරිදි, මහින්දාගමනයට ශතවර්ෂ කීපයකට පෙර සිට ම ලාංකිකයෝ බුදුසමය ගැන යම් ප්‍රමාණයක හැඳිනීමක් ඇතිව සිටියහ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් ඒ හැඳිනීම රාජ්‍ය මට්ටමේ සම්බන්ධතාවක් බවට පත්විය. බුදු දහම ලාංකික ජනතාවගේ නිත්‍ය ආගම වශයෙන් මෙන් ම ප්‍රධාන සංස්කෘතික බලවේගය වශයෙන් ද ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේ එතැන් සිට ය. උත්සව සහ පූජාවිධි ලාංකික සංස්කෘතියෙහි විශේෂාංගයක් ලෙස වර්ධනය වන්නට පටන් ගත්තේ ද ඉන් පසුව ය.
ගත වූ ශතවර්ෂ විසිපහක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ සංස්කෘතිය පෝෂණය වූයේ බුදු දහමේ අනුහසින් බව සක්සුදක් සේ පැහැදිලි කරුණකි. ඒ බලපෑම කොතරම් ප්‍රබල වී දැයි කියතොත් ශ්‍රී ලංකා සංස්කෘතිය හා බෞද්ධ සංස්කෘතිය යනු දෙකක් නොව එකක් ම යැයි පිළිගත යුතු තරම් ය. මේ කාරණය ලංකාවේ බෞද්ධ ජනයා විසින් වාර්ෂික හෝ වාරික වශයෙන් පවත්වනු ලබන උත්සව දෙස බැලුවත් පූජාවිධි දෙස බැලුවත් නිරායාසයෙන් ම තහවුරු වන කරුණකි.
උත්සව හා පූජාවිධි කෙරෙහි බුදුසමය කෙතෙක් දුර බලපා ඇද්දැයි ප්‍රකට කරන ලක්ෂණ කවරේදැයි විමසා බැලීම ලිපියේ මාතෘකාව සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් ය. ආචාර විද්‍යාත්මක පක්ෂයෙන් ගත් කල බුදු දහමේ පදනම අවිහිංසාව පෙරටු කොට ගත් ආත්ම සංවරයයි. සමාජ විද්‍යාත්මක වශයෙන් සතර බ්‍රහ්මවිහරණයයි. අධ්‍යාත්ම පක්ෂයෙන් කෙලෙස් නිවාරණය හා ආත්ම පාරිශුද්ධියයි. සාමූහික පිරිසක් හෝ තනි කෙනෙකු විසින් සිදුකෙරෙන යම් ක්‍රියාවක මේ ලක්ෂණ දැකිය හැකි නම් එය බුදු දහමට අනුරූප ව සකස් වූ ක්‍රියාවකැයි විවාදයකින් තොරව නිශ්චය කළ හැකිය. වර්ෂ දෙදහස් පන්සිය පණහක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවාසීන් විසින් පවත්වා ගෙන එනු ලබන උත්සව සහ පූජාවිධි සියල්ලෙහි ම පාහේ ඉහත කී ලක්ෂණ ඉස්මතු වී පෙනෙයි.
ලංකාවේ බෞද්ධයන් විසින් උත්කර්ෂවත් ලිලාවෙන් වාර්ෂික ව පවත්වා ගෙන එන ආගමික උත්සව කීපයක් ඇත. දුරුතු, වෙසක්, පොසොන්, ඇසළ යනු ඒ අතරින් ප්‍රධානත්වය දරන බෞද්ධ උත්සවයෝ වෙති. ඒ සියල්ල ම බෞද්ධ ඉතිහාසයේ යම් වැදගත් සිදුවීමක් මුල් කොට ගෙන ඇරඹුණා මෙන් ම, වෙසක් හැර ඉතිරි උත්සවවල කේන්ද්‍රස්ථානය වන්නේ ලංකාවේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකි. විශේෂයෙන් දුරුතු උත්සවයේ දී මහියංගනය විහාරය සහ කැලණිය විහාරය ප්‍රධාන වෙයි. බුදුන් වහන්සේ ලංකාවේ මහියංගනයට වැඩම කොට එකල මෙරට යක්ෂ නමින් ප්‍රසිද්ධව රට පාලනය කරමින් බලවත්ව සිටියවුන් මේ දිවයිනෙන් එළවා හරින ලද්දේත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතු ප්‍රදානය කළේත් දුරුතු පුරපසළොස්වක පෝය දවසක යැයි වංස කතාවලින් පැවසෙයි. දුරුතු පෝය දිනයේ දී මහියංගනය සහ කැලණිය බෞද්ධ බැතිමතුන්ගේ අවධානයට ලක් වන්නේ කවර හෙයින්දැයි මෙයින් වටහා ගත හැකිය.
බුදු සමය හැඳින ගැනීමෙන් පසු ලංකාවේ සිදුකෙරෙන විශාලතම උත්සවය වෙසක් යන නමින් ප්‍රසිද්ධය. බුදුන් වහන්සේගේ උපත, බුදුවීම සහ පරිනිර්වාණය යන සිදුවීම් තුන ම එකම දිනයක දී හෙවත් වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයේ දී සිදු විණැයි ථෙරවාදී බෞද්ධයෝ අදහති. මෙහි එකම දිනය යන්නෙන් අදහස් වන්නේ ඒ සියලු සිදුවීම් එකම දවසක් තුළ දී සිදුවූ බව නොවේ. ක්‍රිස්තු පූර්ව 544 දී උපත ලැබූ බවත්, ඉන් වර්ෂ 35කට පසු (509 දී) බුද්ධත්වය ලත් බවත්, ඉනුත් වර්ෂ 45කට පසුව (464 දී) පිරිනිවන් පා වදාළ බවත් ය. දිනය එක නමකින් හැඳින්වෙන නමුත් සිද්ධි තුන වර්ෂ තුනකදී සිදු වූ බව සැලකිය යුතුය. කෙසේ වෙතත් ඒ සියල්ල ම බෞද්ධයාගේ සිතෙහි ගැඹුරු ලෙස කාවැදුණු අවස්ථාවෝ ය. වෙසක් පොහෝ දිනය බුදුන් වහන්සේ ගෞරවසම්ප්‍රයුක්ත ව අනුස්මණරය කිරීම සඳහා යොදා ගැනුනේ කවර කාරණා පෙරදැරි කර ගෙනදැයි දැන් පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ අරභයා නොයෙක් පුදපුජා පැවැත්වීමත් උන් වහන්සේ විසින් අනුදැන වදාළ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමත් වෙසක් උත්සවයේ ප්‍රධාන ලක්ෂණය වෙයි.
ලාංකික බෞද්ධ ජනතාවගේ අවධානකයට යොමු වන ඊළඟ වැදගත් පෝය පොසොන් පුර පසළොස්වක දිනයයි. ධර්මාශෝක නමින් ඉන්දියාවේ පහළ වූ බලවත් ම මහාධිරාජයාගේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවේ එවක රාජ්‍යය ඉසුළූ දේවානම් පියතිස්ස රජතුමා වෙත සිය පුත් මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්මදූත පිරිසක් ලෙසින් එවන ලද්දේ එදින ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ සම්ප්‍රාප්තිය ප්‍රධාන වශයෙන් රාජ්‍යතාන්ත්‍රික කාර්යයක් වූවා සේ ම රාජ්‍ය මට්ටමින් බුදු දහම මෙරටට හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව ද විය. ඒ නිසා ඒ සිද්ධිය ආගමික වශයෙන් හා ඓතිහාසික වශයෙන් පමණක් නොව ජාතික වශයෙන් ද විශේෂ වැදගත්කමක් උසුළයි. මිහිඳු මාහිමියන් වහන්සේ ආපසු ඉන්දියාවට නොවැඩ, එවක ලංකාවේ අගනුවර වූ අනුරාධපුරය කේන්ද්‍ර කොට ගෙන සිය ධර්මදූත කාර්යය ක්‍රියාත්මක කරවූහ. එහෙයින් පොසොන් උත්සවයට කේන්ද්‍ර වන්නේ මිහින්තලය සහ අනුරාධපුරයයි.
බෞද්ධ දින දර්ශනයේ මීළඟට සටහන් වන වැදගත් උත්සව දිනය ඇසළ නම් වේ. ගෞතම බුදුපියාණන් වහන්සේ ජන්මලාභය ලැබූ දේශය වූ භාරතයේ ඒ කාලයේ පවා ඇසළ මාසය උත්සව සමයක් ව පැවැති බව බෞද්ධ පොතපතින් ප්‍රකාශ වේ. ඇසළ පොහොය පූජනීය දිනයක් වීමට තවත් හේතුවක් වූයේ බුදුන් වහන්සේගේ පළමු ම දේශනාව වූ ධම්මචක්කප්පවත්නන සූත්‍රය දෙසා වදාළේ එදින වීමයි. වෙනත් ලෙසකින් කියතොත් පස්වග මහණුන් අතරින් කොණ්ඩඤ්ඤ තවුසා රහත්භාවයට පත් කොට ශාසනය ප්‍රතිෂ්ඨාපනය කළ දිනය වීමයි. ඊට අතිරේක වශයෙන් බෞද්ධ ඉතිහාසයේ තවත් සිදුවීම් කීපයක් ඇසළ උත්සවයට සම්බන්ධ වී තිබේ. සිද්ධාර්ථ කුමාරයා මව් කුස පිළිසඳ ගැනීම, අභිනිෂ්ක්‍රමණය කිරීම, මාතෘ දේවියට අභිධර්මය දේශනා කිරීම පිණිස දෙව්ලොවට වැඩමවීම ආදිය ඉන් කීපයකි.
වර්ෂයේ අවසාන මාසයට යෙදෙන උඳුවප් පොහොය දිනය ද ආගමික වශයෙන් මෙන් ම ජාතික වශයෙන් ද වැදගත් වේ. මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේ නායකත්වයෙන් යුත් භික්ෂුණී පිරිසක් විසින් බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ උන්වහන්සේට සෙවණ සැපයූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ලංකාවට ගෙන ආ දිනයයි. ඒ දෙවනපෑතිස් රජුගේ යුගයේ සිට අද දක්වා ම රාජ රාජමහාමාත්‍යාදීන්ගේත් පොදු ජනතාව එකසේ පූජෝපහාරයට හා ගෞරවාදරයට ලක් වූ ශ්‍රී මහාබෝධිය අනුරාධපුර මහමෙව්නා උයනේ වැඩ සිටිති. ඒ තරමට ම වැදගත් වූ අනිත් සිද්ධිය ලංකාවේ භික්ෂුණී ශාසනය ප්‍රතිෂ්ඨාපනය වීමයි. මිහිඳු මහරහතන් වහන්සේගේ සහ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේත් මෙහෙයවීම යටතේ රජ පවුලට සමබන්ධ වූ කාන්තාවන් 50 වැඩි පිරිසක් භික්ෂූත්වයට පත්වීම ලංකා භික්ෂුණී ශාසනයේ ආරම්භය විය.
ඉහත විස්තර කළ සියලු දින වකවානු ලාංකික බෞද්ධයන් උත්සව පවත්වන දින ලෙස ඉතිහාසයට එක් වී ඇත. මෙහි මුල දී සඳහන් කළ පිරිදි ඒ උත්සව දිනවල දී ජන ජීවිතයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ අධ්‍යාත්මික පක්ෂයට නැඹුරුව ප්‍රතිපත්තිකාමි වීමයි. ඒ හැම පෙහොය දිනක ම සැදැහැත්තෝ ඒ අවස්ථාවවට වැදගත් වූ විහාරස්ථානවලට හෝ තම ගම්මානවල විහාරස්ථානවලට රැස්වී අටසිල් හෝ දසසිල් සමාදන් වෙති. බොහෝ පින්වත්හු දානය හා ගිලන්පස සපයමින් සිල් සමාදන්වූවන්ට සංග්‍රහ කරති. තරුණ – ලාබාල බොහෝ දෙනා රංචු ගැසී යම් යම් ප්‍රසිද්ධ විහාරස්ථාන නැරඹීම සඳහා වන්දනාවේ යති. සමහර පින්වත්හු එසේ වන්දනාවේ යන පිරිස් උදෙසා දන්සල් පවත්වති. සමහරු අංගවිකලවූවනට, ළමා නිවාසවලට මහලු නිවාසවල රෝහල්වල රෝගීන්ට නොයෙක් අයුරින් සංග්‍රහ කරති. මෙලෙසින් සාමාන්‍යයෙන් පොහොය දවස පින් රැස් කර ගැනීම සඳහා ම වෙන් වූ දිනය ලෙස සලකා, එදින ගොවිතැන් වෙළෙදාම් ආදී කටයුතු අත්හිටුවා ජනයා විවිධ ආගමික කටයුතුවල යෙදෙන්නට පුරුදු වී සිටිති.
ප්‍රධාන උත්සව අවස්ථාවල දී ධර්මාමිෂ පක්ෂයට නැඹුරුව ජාතක කතා, පූජිත මහෝත්තමයන්ගේ චරිත කතා, බුද්ධදේශනා ආදී උපදේශාත්මක කතා වස්තු මුල් කොට ගෙන විශාල තොරන් ඉදි කොට ඒවා විදුලි බලය ආධාරයෙන් ක්‍රියා කරවා ප්‍රදර්ශනය කරවති. කණ්ඩායම් වශයෙන් එක් රැස් වී අදාළ ප්‍රධාන සිද්ධිය අළලා භක්ති ගීත ගායනා කරවති.
මේ මාර්ගවලින් නරඹන්නන්ගේ හා ශ්‍රාවකයන්ගේ බුද්ධ ධර්මය පිළිබඳ දැනුම ද ශ්‍රද්ධාව ද දියුණු කෙරෙයි.
බෞද්ධ උත්සවවල විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය යුතු තවත් විශේෂ කරුණක් ඇත. එනම් පෙරහර පැවැත්වීමයි. ඒ සිරිත ආරම්භ වූයේ දෙවනපෑතිස් රජතුමාගේ කාලයේ දී ම ය. සංඝමිත්තා මෙහෙණිනන් වහන්සේ ලංකාවවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වූ අවස්ථාව ඊට කදිම නිදසුනකි. ඉන්දියාවේ සිට ලංකාවේ දඹකොළපටුන නම් වූ මුහුදු තොටට වැඩම වූ බෝධින් වහන්සේ එතැන් සිට අනුරාධපුරය දක්වා වැඩමවන ලද්දේ පංචතුර්යනාදය සහ අනේකප්‍රකාර නෘත්‍ය - ගීත – වාදිතයන්ගෙන් සමන්විත වූ විසිතුරු පෙරහරකින් ය. කිත්සිරිමෙවන් රජු දවස දන්තකුමරු සහ හේමමාලා කුමරිය විසින් ආරක්ෂා සහිත ව වැඩමවන ලද දළදා වහන්සේ මුහුදු තොටේ සිට අනුරාධපුරය දක්වා වැඩමවා ගෙන ආවේ ද දර්ශනීය පෙරහරකින් බව වංශ කතා පවසයි. අද වන විට විවිධ ආගමික සිද්ධීන් නිමිති කොට ගෙන රටේ නොයෙක් තැන්වල පෙරහර පැවැත්වෙයි. ඒවා බොහෝ විට රටවාසීන්ගේ කලාකාමීත්වය සහ කලාකරුවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට උපයෝගී වී තිබේ.
බුදු සමයේ බලපෑම ඔස්සේ දියුණු වී ගිය තවත් පූජා විධියකි, පිරිත් දේශනාව. එය එක් අතකින් ශාන්තිකර්ම විධියකි. පුද්ගලික ජීවිතයේ බොහෝ අවස්ථාවල දී පැන නගින අවශ්‍යතා පහසුවෙන් විසඳා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස පිරිත භාවිතා වන බවට සාධක දක්නා ලැබේ. දරු ප්‍රසූතිය, දරුවෙකුට නම් තැබීම, පළමු වරට කෙස් කැපීම, අකුරු කියවීම, විවාහය, රෝගියෙකු වීම, අමනුෂ්‍යයන්ගෙන් බියජනක පරිසරයක් වීම, ආදී අවස්ථාවල දී පමණක් නොව, නිවසකට මුල්ගල් තැබීම, කුඹුරු වැපිරීම ආදී අවස්ථාවල දී ද පිරිත් අනිවාර්ය වී තිබේ. මෙයින් යන්නේ ජන ජීවිතයටත් ඔවුන්ගේ ආර්ථික හා ජීවනෝපායවලටත් පිරිත කොයිතරම් වැදගත් වේ ද යන්නයි.
බෞද්ධයන්ගේ චාරිත්‍ර අතර පිරිතට ලැබී තිබෙන ස්ථානය කොබඳුද යන්න පැහැදිලි කර ගැනීම සඳහා කෙටි විමසීමක් කිරීම වැදගත් ය. පිරිත් දේශනාවට ගන්නා කාලය මත එය වර්ග කර ඇත. සත් දිනක් පුරා නොකඩවා දෙසන පිරිත සතිපිරිත යනුවෙන් ද, තිස් පැය (සිංහල පැය දෙකහමාරක් ඉංග්‍රීසි පැය ලෙස ගණනය කෙරෙයි) තුනක් තිස්සේ පැවැත්වෙන දේශනාව තුන්තිස් පැයේ පිරිත යනුවෙන් ද , පැය කීපයක් තිස්සේ දෙසන පිරිත වරු පිරිත යනුවෙන් ද වරු (වේල්) පිරිත යෙනුවෙන් ද වර්ග කර ඇත. මෙහි නියමය වන්නේ රෝගයේ හෝ සිද්ධියේ බරපතළකම අනුව කාලය නියම වීමයි. අංගුලිමාල පිරිත සහ වැසිපිරිත ආදී වශයෙන් නම් කෙරෙන පිරිත් තනිකර එක සිද්ධියකට පමණක් සීමා වෙයි. මෙයින් පෙනී යන්නේ පිරිත. ජීවිතය හා ඉතා කාට්ටුවෙන් බැඳී පවතින බවයි. හින්දු ආගමේ ශාන්තාකර්වලට සමානත්වයක් දක්වන පිරිත් දේශනාව සත්‍යක්‍රියාවක ස්වරූපය දරන බව මේ අනුව නිගමනය කළ හැකි ය.
අධ්‍යයනය අතින් බැලුවොත් මාතෘකාව සම්බන්ධයෙන් පර්යේෂණ රාශියක් කර තිබෙන නමුත් තව කළ යුතු බොහෝ දේ තිබේ. මේ ලිපියෙන් කර තිබෙන්නේ පර්යේෂණයක් නොව, අසම්පූර්ණ දළ විස්තරයක් ඉදිරිපත් කිරීම පමණි. මත්තෙහි දී වැඩි විස්තර දැන ගත යුතු වනු ඇත.

බුද්ධ ප්‍රතිමා විමර්ශනයක්

ශී‍්‍ර ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ කුලපති
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී මහාචාර්ය 
බෙල්ලන්විල විමලරතන අනු නා හිමි
බෞද්ධ මූර්ති ශිල්පයෙහි මූලිකවූත් අපූර්වතමවූත් නිර්මාණය බුද්ධ ප්‍රතිමාවයි. බෞද්ධ කැටයම් කලාවේ මුල්ම අවධියේ බුදුන්වහන්සේ මනුෂ්‍ය ස්වරූපයෙන් මූර්තියකට නැගීම සිදුවූයේ නැත. බුදුන්වහන්සේ වැනි ලෝකෝත්තර තත්ත්වයට පත්වූ උතුමෙක් ප්‍රතිමාවකින් නිරූපණය කළ හැකිද? නැතහොත් උචිත ද යන ප්‍රශ්න මේ සඳහා හේතුවන්නට ඇතැයි සිතිය හැකිය. එබැවින් ක්‍රි.පූ. 3 වන ශතවර්ෂයේ දී පමණ ආරම්භ වූ බෞද්ධ කැටයම් කලාවෙහි බුදුන් වහන්සේ නිරූපණය කරන ලද්දේ ධර්මචක්‍රය, බෝධිය, ශ්‍රීපාදය, ස්තූපය, ආසනය වැනි සංකේත මගින්ය. සාංචි හා භාරුත් කැටයම් මේ සඳහා පැහැදිලි නිදසුන් ය.
ඉන්දීය බෞද්ධ කලාවේ ආරම්භයේ පටන්ම බුදුන්ගේ අතීත ජීවිත පිළිබඳ කතා හෙවත් ජාතක හා චෛත්‍යස්ථානවල කැටයම් කර තිබේ. එහිදී බෝසත්වරයෙක් වශයෙන් මනුෂ්‍ය මෙන්ම සත්ව ස්වරූපයෙන්ද කිසිදු පැකිලීමක් නැතිව මූර්තිමත්කර ඇත. එසේම සිදුහත් කුමරාගේ මාලිගයේ ජීවිතයද නිරූපණය කර ඇත. මහාමායා දේවිය ඇතෙකු දැකීම හා මවුකුස පිළිසිඳ ගැනීම පිළිබඳ සිද්ධියේ සිට කන්ථක අසුපිට නැගීගිය මහා අභිනිෂ්ක්‍රමණය දක්වා දර්ශන පැරැණි කැටයම්වල නිරූපණය කර ඇත. එහෙත් බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා සිදුවීම් දැක්වෙන සෑම අවස්ථාවකම බුදුන්වහන්සේ වෙනුවෙන් ඊට අදාළ සංකේතයක් යෙදීම සාංචි, භාරුත්, මථුරා ආදී පැරැණි කැටයම් සියල්ලෙහි සාම්ප්‍රදායික ලක්ෂණය වී ඇත.
ක්‍රි.පූ. 1 හා ක්‍රි.ව. 1 ශතවර්ෂ අතර ගන්ධාරයේ හෝ මථුරාවේ ආරම්භ වූ බව සිතිය හැකි වේගයෙන් ප්‍රචලිත වූ මානුෂික ස්වරූපයෙන් බුදුන් නිරූපණය කිරීමේ රූපයෙන් පෙන්වනු ලබන්නේ දෙවුරම සාටකයෙන් වැසුණු, හිස වටා ප්‍රභාමණ්ඩලයක් විහිදී ගිය ශ්‍රමණ රූපයකි. මෙය ගී‍්‍රක ප්‍රතිමා කලාවේ බලපෑම නිසා වූවක් බව සිතිය හැකිය.
බුදුන් වහන්සේගේ ශරීරය හා සම්බන්ධ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතර ඉතාම වැදගත් අංගයක් වන උෂ්ණීෂය දිග රැළි සහිත හිස මුදුනේ ගැටගසන ලද කෙස් වලින්ද ඌර්ණාව නළල මැද කැරකී ගිය කෙස් රොදකින්ද මෙහි නිරූපණය කෙරේ. ගන්ධාර ප්‍රතිමාවන්ට වඩා මථුරාවේ බිහිවූ බුදුපිළිමවල දේශීය ලක්ෂණ ආරෝපණය වී තිබිණ. ගොළුබෙලි කටුවක ස්වරූපය ඇති උෂ්ණීෂය සරල, එහෙත් ප්‍රෞඪ පෙනුම, වම් උරහිස පමණක් වැසීගිය සිනිඳු සිවුර යන විශේෂ ලක්ෂණ එහි දක්නට ලැබෙන අතර එමගින් ගන්ධාර ප්‍රතිමාවල ඇති කුමාර ලීලාවට වඩා කේවල අධ්‍යාත්ම සුන්දරත්වය පිළිබිඹු කරයි. අමරාවතී නාගර්ජුනකොණ්ඩ යන ප්‍රදේශවල බිහි වූ ප්‍රතිමාවන්ද බෞද්ධ ග්‍රන්ථවල එන බුදුන්ගේ ශරීර ස්වභාවය අනුගමනය කිරීමට උත්සාහ දරා ඇත.
භාරතීය බුද්ධ ප්‍රතිමාවේ උච්චතම අවස්ථාව වශයෙන් සැලකිය හැක්කේ ඉන්දීය සංස්කෘතියේ ස්වර්ණමය යුගය වශයෙන් හඳුන්වන ගුප්ත රාජ්‍ය සමයයි. මෙහි වඩාත් පරිනත වකවානුව වූ පස්වන සියවසේ මුල් යුගයත් මධ්‍යම යුගයත් අතර කාලයේ නෙළා ඇති කදිම රැළි සහිත නැවුම් පොටවල්වලින් පිරීගිය දෙඋරයම වඩාත් ඇඟට ඇලීගය සිනිඳු සිවුර සහිත තාත්වික බුදුපිළිමය විශේෂයෙන් සැලකිය යුතු ය.
මෙම ගුරුකුලයෙහි බුදු පිළිම නිසා ඉන්දියානු සම්භාව්‍ය ශෛලිය සම්පූර්ණත්වයට පත්වූ අතර, එහි බලපෑම් ඉන්දියන් උප අර්ධද්වීපයේ නොයෙකුත් ප්‍රදේශවලට මෙන්ම අග්නිදිග ආසියාවේ රටවලට කෙළින්මත් චීනය වැනි රටවලට අනියම්වත් ඇති වූ බව කිව හැකිය. බුදු සමය හා මූර්ති ශිල්පය ඉන්දියාවෙන් අග්නිදිග ආසියානු රටවලට පැතිරී ඉන්දීය සම්ප්‍රදායානුකූල බුදුපිළිම ජනතාව අතර ප්‍රචලිතවූ නමුත් ඒවායේ ඒ ජනවර්ගයාටම ආවේණික විශේෂ ලක්ෂණ ටිකෙන් ටික මතුවිය. හතරවන සියවසෙන් පසු දකුණු ඉන්දියාවේ ආන්ද්‍රාකලා සම්ප්‍රදායානුකූල කැටයම් ශ්‍රී ලංකාවේ අනුරාධපුරය අවට බිහිවිය. මේ ශෛලියේ සුවිශේෂ ලක්ෂණ මෙසේ ය.
ශරීරයේ හැඩය කැපී පෙනෙන සේ වම් උරහිස වැසෙන ශරීරයටම ඇලීගිය සිවුර හා එක්තරා ප්‍රමාණයක ඉඩක් තබමින් සිවුර පුරා විහිදී ගිය නැවුම් පොටවල් ය. 13 වන සියවසින් පසු ලෝකඩ හෝ වෙනත් එවැනි ලෝහ වර්ග ගල් වෙනුවට මූර්ති නිර්මාණය සඳහා භාවිතා විය. මේවායේ සිවුරු නැවුම් පොටවල් වඩාත් සියුම් ලෙස මතුකිරීමත්, බුදු පිළිමයේ ශීර්ෂයට උඩින් ගිනිජාලාවක් වැනි රැස් වළල්ලකුත් නිර්මාණය කිරීම වැනි ශෛලින් බිහිවිය. ශ්‍රී ලංකාවේ ථෙරවාද බුදුදහම වඩා ජනපි‍්‍රය වූයෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ගෞතම බුදුන් වහන්සේගේ පිළිම බොහෝ දුරට සරල සම්ප්‍රදායකින් නිර්මාණය වූ අතර අවලෝකිතේශ්වර වැනි මහායාන බෝධිසත්වවරුන් සහ තාන්ත්‍රික දෙව්වරුන්ගේ පිළිරූද නිර්මිත විය.
අග්නිදිග ආසියාවේ බෞද්ධ ප්‍රතිමාවන් අතර විශේෂයෙන් මධ්‍ය ජාවා සහ ඉන්දුනීසියා යන රටවලින් හමුවූ ඒවා වඩා ප්‍රසිද්ධය. ශෛලින්ද්‍ර රජු පාරම්පරික මහායාන රජවරුන්ගේ විශේෂ අනුග්‍රහය ලැබීම නිසා අටවන හා නමවන සියවස්වල එරට කලා ශිල්පවල විශේෂ දියුණුවක් ඇතිවිය. ඔවුන්ගේ මූර්ති ඉතා සෞන්දර්යාත්මක හා උසස් නිපුණතාවයක් පෙන්වන ඒවා විය. විශේෂයෙන් (වන්දි මෙන්ඩුට්වල) බෞද්ධ ප්‍රතිමාත්‍රය නියම පරිමාණයකින් යුත් උත්තුංග ශරීර ආකෘතියක් පෙන්වන අතර, ඒවා අග්නිදිග ආසියාවේ බුද්ධ ප්‍රතිමාවන් අතර උත්කෘෂ්ට නිර්මාණයන් හැටියට හැඳින්වීම නිවැරැදිය. බෝරෝබුදුර්හි ඇති විශාල ගල් කැටයම්ද විශේෂ අවධානයට ලක්විය යුතුය. විශිෂ්ට ගණයට අයත් ජීවමාන ශරීර ප්‍රමාණයේ ඉඳි පිළිම පන්සිය හතරක් මුල් අවධියේ බිහිවී ඇත. (ඩ්ධපඪභණජ) ආරාමයේ ඇති අශෝක ශෛලිය නියෝජනය කෙරෙන ශාක්‍යමුනි ප්‍රතිමා ත්‍රිත්වය ද මේ ශෛලියෙන් ආභාසය ලබා ඇත.
ජපානයට බුදුදහම හඳුන්වා දෙනු ලැබුවේ ක්‍රි.ව. 550 දී පමණ කොරියාවේ සිටය. බුදුදහම පැමිණීමෙන් පසු එරටට ආවේණික වූ විවිධ ලක්ෂණ ජපන් බුදුදහම තුළ සංවර්ධනය වූ අතර එය කලාශිල්ප කෙරෙහි ද බෙහෙවින් බලපෑ බව සඳහන් කළ යුතු ය. ජපාන බුදුපිළිම සැකසී ඇත්තේ එම වචනයේ අර්ථය පිළිබඳ පෘථුල අවබෝධයක් ඇතිව බෞද්ධයනට වන්දනා කරනු ලැබීමට සුදුසු වන පරිදිය.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එයින් ධ්වනිත වන්නේ බුද්ධ නමින් හැඳින්වෙන බෞද්ධ ධර්මයේ නිර්මාතෘවර සිද්ධාර්ථ ගෞතම බුදුන්ගේ ඕනෑම මූර්තියකි. උන්වහන්සේ ‘ශාක්‍යමුනි’ නමින්ද ‘ෂකුසොන්’ නමින්ද හැඳින්වෙති. ෂකුසොන් යනු උන්වහන්සේට ගෞරවය සඳහා යෙදෙන පදයකි. මහායාන බුද්ධ ධර්මය තුළ විවිධ නිකායන්හි අනේක බුදුවරයන් පිළිබඳ ඉපැරණි සංකල්පයන්ගේ වර්ධනයත් සමඟ බෞද්ධ දේව විශ්වාසයට අමිතාහ ආදී තවත් බුදුවරු හඳුන්වා දෙනු ලැබූහ. බුද්ධ ප්‍රතිරූප ඒ අනුව මේ අලුත් තථාගතවරුන් සඳහා ද උපයුක්ත කරගන්නා ලදී.
බුද්ධ ප්‍රතිමා යන්නෙහි පෘථුල අර්ථයෙන් ගත්විට එයින් මේ තථාගතයන් වහන්සේලා පමණක් නොව බෝසත්වරු, විද්‍යාරාජවරු සහ දෙවිවරුද අනෙකුත් අල්පේශාක්‍ය දෙව්වරුද ධ්වනිත වෙති. බුද්ධ, තථාගත, බෝධිසත්ව, විද්‍යාරාජදේව, අලේප්ශාක්‍යදේව යන මේ සියලු සංකල්පවල විකාශනයන් ජපානයෙන් ආරම්භ වූ බව සිහි තබා ගත යුතු ය. එනිසා එය හැම විටම ඉන්දියානු ටිබැට් සහ ගිනිකොන දිග ආසියානු රටවල බුද්ධ ප්‍රතිමාවලට අදාළ නොවන බව කිව යුතු ය.

සිංහල බුද්ධාගම, හෙළ බුද්ධාගම සහ අප ඇදහිය යුතු බුද්ධාගම

ලක්‌දිව දැනට පවතින බුද්ධාගම සිංහල බුද්ධාගමද නැතිනම් හෙළ බුද්ධාගමද? සිංහල බුද්ධාගම හෝ හෙළ බුද්ධාගම යනුවෙන් හැඳින්විය හැකි බුද්ධාගමක්‌ තිබිය හැකිද? සිංහල බුද්ධාගම විය හැක්‌කේ සිංහලයන් විසින් මුල් බුදු දහම සිංහලයන්ට සුදුසු විදියට සාදා ගත් බුදු දහමකි. එසේ නිර්මාණය කරන ලද බුදු දහමක්‌ මේ රටේ ඇතිද? හෙළ බුද්ධාගම විය හැක්‌කේ හෙළයන් විසින් ඔවුන්ට සුදුසු ලෙස නිපදවාගත් බුදු දහමකි. එවැනි බුදුදහමක්‌ මේ රටේ ඇතිද? නැතිනම් ඇත්තේ මහායානයේ සහ හිංදු ආගමේ අබෞද්ධ වූ ලොකෝත්තර සහ පාරභෞතික සංකල්ප මිශ්‍ර වූ ආගමක්‌ නොවේද? මෙය අපගේ සංස්‌කෘතිය යෑයි කියා දිවිහිමියෙන් රැක ගත යුතුද? 

මේ රටට බුදු දහම මහින්ද තෙරුන් විසින් ගෙන එන විට මේ රටේ බුදු දහම යම්කිසි ප්‍රමාණයකට පැවති බවට සාක්‍ෂි ඇත. පඬුවස්‌ දෙව් රජුට ගෙන ආ දේවිය භද්දකච්චායනා කුමරිය බුදුන්ගේ නෑයෙක්‌ බවද ඒ කුමරීය සමග පැමිණි පිරීවර අතර බෞද්ධයන් සිටින්නට ඇති බවද පැවසේ. තවද අනුරාධපුර නගරයේ ජීවත් වූ එක්‌තරා භික්‍ෂුන් පිරිසක්‌ කුමන ආගමකට අයත්දැයි මහාවංශය සඳහන් නොකරයි. මේ භික්‍ෂුන් බෞද්ධ වන්නට ඇති බවට සැක කළ හැක. ඉතාමත්ම වැදගත් සාක්‍ෂියක්‌ වන්නේ මහියංගන චෛත්‍යය මහින්දාගමනයට පෙර සාදා තිබුණු බව මහාවංශය පවසන වගය. මහින්දාගමනයට පෙර තිබූ බුදු දහම භාරතයේ පැවති මුල් බුදුදහමට කිට්‌ටුදැයි සොයා බැලීම අපහසු කාර්යයක්‌ වන්නේ පිළිගත හැකි සාක්‍ෂි නොමැති කම නිසාය. එකල සිටි මිනිසුන්ගේ ඇදහිලි ආගම් වූයේ ජෛනාගම, ආජීවක වැනි ඉන්දියාවේ පැරණි ආගම් බව මහාවංශය සඳහන් කරයි. මහින්ද තෙරුන් බුදු දහම ලක්‌දිවට ගෙන ඒමට පෙර මෙහි බුදු දහම තිබූ බවට මහාවංශය සදහන් නොකරයි. කෙසේ නමුත් මහින්දාගමනට පෙර බුදු දහමක්‌ තිබුණා නම් එය මුල් බුදුදහමට කිට්‌ටු විය හැකි බවට සැක කළ හැක. කුමක්‌ නිසාද එම බුදු දහම ලක්‌දිවට ගෙන එන්නට ඇත්තේ බුදුරදුන් විසින්ම විය හැකි නිසාය. බුදුරදුන් ලක්‌දිවට වැඩම කළ බවද රටේ ප්‍රභූවරුන් හෝ නායකයන් බුදුන්ට මෙහි වඩින්නට ආරාධනා කළ බවද මහාවංශය සඳහන් කරයි. පසුව ගෙන ආ බුදු දහමට වඩා පෙර පැවති බුදු දහම මුල් බුදු දහමට කිට්‌ටු විය හැකිය. මුල් බුදු දහම වෙනස්‌ වූයේ කාලයත් සමග බැවිනි.

මහින්ද තෙරුන් බුදු දහම ලක්‌දිවට ගෙන ඒමට පෙර ධර්මා අශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් ක්‍රි. පූ. 259 පමණ තුන්වැනි ධර්ම සංගායනාව පවත්වන ලදී. මොග්ගල්ලීපුත්ත තිස්‌ස හිමියන් එම සංගායනාවේ මුලසුන හෙබවීය. එම සංඝායනාවේ මූලික අරමුණ වූයේ බුදු දහම තුළ එකල තිබූ මිථ්‍යා මත සහ පාරභෞතික සංකල්ප ඉවත් කිරීමය. එම සංඝායනාව අවසානයේ මොග්ගල්ලීපුත්ත තිස්‌ස හිමියන් විසින් කතාවත්ථුප්පකරණය නමැති සූත්‍රය දේශනා කරන ලදී. එම සූත්‍රයේ අරමුණ වූයේද මිථ්‍යා මත සහ පාරභෞතික සංකල්ප බුදු දහම තුළින් ඉවත් කිරීම විය. ලෝකෝත්තර සංකල්පයද මේ ලෙසින් ඉවත් කරන ලදී. ලෝකෝත්තර සංකල්පය විසින් බුදුරදුන් අමරණීය තත්ත්වයට පත්කර තිබුණේය. එවැනි සංකල්ප බුදු දහමට ඇතුල් වූයේ මහාසාංඝික ගුරුකුලයේ සහ මහායාන බලපෑම් නිසාය. 

මේ නයින් බලන කල මහින්ද තෙරුන් ලක්‌දිවට ගෙන ආවේ මුල් බුදු දහමට බොහෝ සෙයින් කිට්‌ටු වූ දහමක්‌ බව පිළිගත හැක. එහි තුළ පාරභෞතික හෝ ලෝකෝත්තර සංකල්ප නොතිබුණි. එම බුදු දහම ග්‍රන්ථාරූඪ කළේ අළුවිහාරයේදීය. එපමණ කලක්‌ බුදුදහම රැකගෙන ආවේ භික්‌ෂුන් විසින් සූත්‍ර කටපාඩම් කර තම ගෝලයන් ලවා ද එම සූත්‍ර කට පාඩම් කිරීමෙන් සහ සාකච්ඡා කිරීමෙන් පිරිසිදු කරගනිමින්ය. භික්‌ෂුන් කණ්‌ඩායම් වලට බෙදී එක්‌ එක්‌ සූත්‍ර කට පාඩම් කිරීමේ වගකීම භාරගෙන ධර්මයේ පිරිසිදු භාවයත් අවිච්äන්න භාවයත් රැකගත් සේක. මෙම කාර්යය ඉටුකළ භික්‌ෂුන් භාණක නමින් හැඳින්විය. මේ ක්‍රමය බුදුන්ගේ පිරිනිsවන්පෑමට පසුව භාරතයෙන් පටන් ගෙන ලක්‌දිවටද ගෙන ආවේය. භහානක භික්‌ෂුන් අනුරාධපුරයේද වැඩ විසූ බවට සාක්‌ෂි ඇත. එසේ රැකගත් බුදු දහම ග්‍රන්ථාරූඪ කළේ ක්‍රි.පූ. 1 වැනි ශතවර්ෂයේ වට්‌ටගාමිණීඅභය රජුගේ කාලයේ අළුවිහාරයේදීය. මෙසේ සැකසුන ලිත ත්‍රිපිටකය මුල් බුදු දහමට කිට්‌ටු බව අපට පිළිගත හැක. මුල් බුදු දහම තුළ වන්දනාමාන නොතිබුණේය. බුදුන් වන්දනාමාන පිළිගත්තේ නැත. බුදුන්ට වැඳීම සහ ගෞරව කිරීම එකක්‌ නොව දෙකකි. වැඳීම වර්ධනය වන්නේ අන්ධ විශ්වාසය තුළිනි. අන්ධ විශ්වාසය ඇති වන්නේ සාක්‌ෂි නොමැතිව හටගන්නා විශ්වාසයකිනි. මැවුම්කාර දෙවි කෙනෙකු කෙරෙහි එවන් අන්ධ විශ්වාසයක්‌ තිබිය හැකිය. එවන් අන්ධ විශ්වාසයක්‌ හේතු කොටගෙන වැඳුම් පිදුම් වර්ධනය විය හැක. මෙවැනි වැඳුම් පිදුම් කෙරෙහි කෙනෙකු යොමුවන්නේ පිහිටක්‌ බලාපොරොත්තුවෙනි. බුදුන්ට පිහිට විය හැක්‌කේ උන්වහන්සේගේ ධර්මය පැහැදිලි කොට දී යායුතු මාර්ගය පෙන්වා දී තමන්ගේ උත්සාහයෙන් ඒ මාර්ගයේ යන්නට අවවාද කිරීමෙනි. කෙනෙකු ගලවා ගැනීමක්‌ හෝ නිදහස්‌ කරගැනීමක්‌ හෝ දුකින් මුදවා ගැනීමක්‌ හෝ බුදුන් විසින් තවත් කෙනෙකු සඳහා කරන්නේ නැති බව අපි දනිමු. නිවන තමා විසින් ළඟා කරගත යුතු දෙයක්‌ බව බුදුන් පහදා දී ඇත. මේ නිසාය වැඳුම් පිදුම් බුදුන් විසින් බලාපොරොත්තු නොවූයේ. කෙනෙකුට වැඳුම් පිදුම්වලින් ලබාගත හැකි පල ප්‍රයෝජනයක්‌ නොමැති බව බුදුන් පෙන්වා දුන්සේක. 

බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසුව දුකට පත්වූ කනිෂ්ඨ භික්‌ෂුන් බුදුන්ගේ මතකය පවත්වාගෙන යැම සඳහා පිලිම තනන්නටත් වන්දනා මාන කරන්නටත් උත්සුක විය. ජ්‍යෙෂ්ඨ භික්‌ෂුන් මෙයට විරුද්ධ වූ විට තරුණ භික්‌ෂුන් මහාසාංඝික නමින් ගුරුකුලයක්‌ තනාගෙන වෙන් වූහ. එම භික්‌ෂූන් යුහුසුලු වෙමින් බුදුන් ලෝකෝත්තර තත්ත්වයට නංවාලීය. බුදුන් ලෝකෝත්තර තත්ත්වයට නංවාලීම ඇරඹුණේ මේ ලෙසයි. ක්‍රි.ව. 1 වැනි ශතවර්ෂයේ පමණ මුල් වරට එළි දැක්‌වූ මහායාන යෑයි සැලකිය හැකි ග්‍රන්ථවල ලෝකෝත්තර ලක්‌ෂණ දැකිය හැක. බුදුරදුන් තේරුම් කර ගත හැක්‌කේ තවත් බුදු කෙනෙකුට පමණක්‌ බව, බුදුන් හා රහතන් අතර වෙනසක්‌ ඇති බව, රහතුන් බුද්ධත්වය (නිවන) කරා යමින් සිටින බව, රහතුන් නිවන ළඟා කරගෙන නැති බව, බුදුන් අමරණීය බව, රහතුන් එසේ නොවන බව වැනි ලෝකෝත්තර වූත් පාර භෞතික වූත් දේ එම සූත්‍රවල සඳහන් වී ඇත (බලන්න - සද්ධර්මපුණ්‌ඩරීක සූත්‍රය). මෙම ලක්‌ෂණ මහායානයේ මූලික ධර්මයන් බව වටහා ගත යුතුය. මෙවැනි ලක්‌ෂණ මුලින්ම වර්ධනය වූයේ මුල් බුදු දහමේ නොව මහාසාංඝික ගුරුකුලයෙන් පටන්ගෙන පසුව මහායානය නමින් පහළ වූ ආගමෙහිය.

ක්‍රි.ව. 1 වැනි ශතවර්ෂයේ ආරම්භ වූ මහායානය ටිකෙන් ටික වර්ධනය වූයේ නව සංකල්ප ඇතුලත් කරගනිමිනි. බෝධිසත්ත්ව සංකල්පය ඉන් එකකි. නිවන් මග හැටියට බුදුන් දේශනා කළේ ඤාණ මාර්ගයක්‌වූ ආර්යඅෂ්ඨාංගික මාර්ගය විය. මහායාන භික්‌ෂූන් නිවන ළඟාකර ගැනීමට සුදූසු ලෙස භක්‌ති මාර්ගය ඉදිරිපත් කළෝය. මෙසේ සිදුවුයේ හින්දු ආගමේ පීඩනය නිසා බව කිව හැක. බුද්ධ දේශනාවෙහි භක්‌ති යන වචනය යොදා නැත. යෙදී ඇත්තේ ශ්‍රද්ධාව යන වචනයයි. මේ අලුත් මාර්ගය නිසා බුදු දහමේ නොතිබුනු භක්‌ති සංකල්පය වර්ධනය විය. ඤාණ මාර්ගය වෙනුවට භක්‌ති මාර්ගයද සර්ධාව වෙනුවට භක්‌තියද මහායාන භික්‌ෂුන් විසින් ගොඩනඟන ලදී. මේ භක්‌ති මාර්ගය සහ භක්‌තිය මුල් කරගෙන වන්දනාමාන වැඳුම් පි\qම් වර්ධනය විය. මේ දේවල් සිදු වූයේ මහායානයේ වර්ධනයත් සමග භාරතයේය.

මහායාන දහම ලක්‌දිවට ගෙන ආවේ මහසෙන් රජුගේ කාලයේදීය. මහායානය ලක්‌aදිවට ගෙන ඒම අරමුණු කරගෙන ඒ සඳහාම සූත්‍රයක්‌ ද නිර්මාණය කර තිබුණි. එහි නම වූයේ ලංකාවතර සූත්‍රයය. එම දහම ලක්‌දිවට ගෙන ඒමට කැපවූ මහසෙන් රජුට කුඩා කල ශාස්‌ත්‍ර ඉගැන්වූ සංඝමිත්‍ර නම් භික්‌ෂුවද ලක්‌දිවට පැමිණ මහායානය ව්‍යාප්ත කරන්නට තැත් කළේය.

ඊට පෙර සිදූවූ දේවල්ද වැදගත්ය. වට්‌ටගාමිණීඅභය රජුගේ කාලයේ අභයගිරීය කරවා එය භික්‌ෂුන්ට පූජා කර තිබුණි. මහා විහාරය සහ අභයගිරිය අතර රජුගේ අනුග්‍රහය පිළිබඳව ගැටුම්කාරී තත්ත්වයක්‌ තිබුණි. වෛතුල්‍යවාදීන් නමින් භික්‌ෂූන් පිරීසක්‌ සූත්‍ර පිටකය ඉවත දමා වෛතුල්‍යවාදය නමින් ධර්ම ග්‍රන්ථයක්‌ නිර්මාණය කොට එය නියම බුදු දහම ලෙස ඉදිරීපත් කළේය. රජුන් මේ ගැන සොයා බලා එම භික්‌ෂු කණ්‌ඩායම පිටුවහල් කරන ලදී. රජුගේ දෙවනි පුත් කුමරා මහසෙන් රජකමට පත් වූ පසු ඔහු සමග මිත්‍රව සිටි සංඝමිත්‍ර නම් වූ භික්‌ෂුව යළි ලක්‌දිවට පැමිණ මහායානය පතුරුවන්නට ක්‍රියා කළේය. මේ ලෙසින් අභයගිරි විහාරය මහායානයේ ලක්‌දිව කේන්ද්‍රස්‌ථානය බවට පත්විය. මහා විහාරය ථෙරවාද බුදු දහමේ මූලස්‌ථානය ලෙස පැවතුනි. ක්‍රි.ව. 5 වැනි ශතවර්ෂයේ සිට ක්‍රි.ව. 10 වෙනි ශතවර්ෂය දක්‌වා ලක්‌දිව ප්‍රබල ආගම බවට පත්ව තිබුණේ මහායානය විය. ඉන්දියාවේද ඒ කාල පරිච්ඡේදය තුළ මහායානය දියුණු තත්ත්වයක පැවතුණි. ඉන්දියාවේ මහායානය අභාවයට යන විට ලක්‌දිවද එයම සිදු විය.

ක්‍රි.ව. 5 වැනි ශතවර්ෂයේ බුද්ධඝෝෂ හිමියන් ලක්‌දිවට වැඩ සූත්‍ර පිටකය සඳහා අටුවා ලිවීම සිදු කළේය. උන්වහන්සේ මේ සත්කාරය කළේ මහා විහාරයේ වැඩ සිටිමිනි. නමුත් උන්වහන්සේ විසින් ලියූ අටුවාවල අන්තර්ගතය යම් තරමකට සිදු කළේ අයහපතකි. එම අටුවා වල ලෝකෝත්තර වූද පාර භෞතික වූද කරණු අඩංගු විය. බුද්ධඝෝෂ හිමියන්ට මහායානයේ අභාසය ලැබෙන්නට ඇතැයි සැක කළ හැක.

ලක්‌දිව පැවති මිහිඳු මහ රහතන් වහන්සේ විසින් රැගෙන ආ මුල් බුදු දහමට කිට්‌ටු වූ ථෙරවාද දහමට 

ලෝකෝත්තර ලක්‌ෂණ සහ පාර භෞතික ගුණාංග මේ ලෙස ඇතුළු වූයේ මහායාන ආගම සහ බුද්ධඝෝෂ හිමියන්ගේ මාර්ගයෙන් බව කිව හැක. 

භාරතයේ මහායානය වර්ධනය වන විට බෝධි සත්ත්ව සංකල්පය බෝධිකාය සංකල්පය ඊට ඇතුලත් වූ බව ඉහත සඳහන් විය. මේ සංකල්ප සමහරක්‌ හින්දු ආගමේ ප්‍රබල පීඩනය නිසා මහායානයට ඇතුල් වූ බව නිසැකය. මහායානයේ බෝධිකාය හින්දු ආගමේ එන බ්‍රහ්ම, විෂ්ණු හා ඊශ්වර දෙවිවරුන්ට සමානය. බුදුන්ට ත්‍රිකායක්‌ නිර්මාණය කර ඒවා හින්දු දෙවියන් තිදෙනාට සමාන කර ඇත්තේ මේ අන්දමටය. බෝධිසත්ත්ව සංකල්පය ලක්‌දිවට රැගෙන ආ පසු උන්වහන්සේලා සමහරක්‌ දෙවිවරුන් බවට පත් කරන ලදී. අවලෝකිතේශ්වර නාථ දෙවියන් බවට ද සමන්තබද්ධ සමන් දෙවියන් බවට ද පත්විය. 

මේ නයින් බලන කල හින්දු ආගමේ ලක්‌ෂණ මහායානය මාර්ගයෙන් බුදුදහමට ඇතුළුවී ඇති බව පැහැදිලි වේ. මෙය සිදු වූයේ ප්‍රධාන වශයෙන් ක්‍රි.ව. 5 වැනි ශ.ව. සිට ක්‍රි.ව. 10 වැනි ශ.ව. දක්‌වා කාල පරීච්ඡේදයේය. ඊට පෙර මේ ලක්‍ෂණ ලකදිව බුදු දහම තුළ තිබුණේ නැත. මහායානය ලක්‌දිවට ගෙන ආවේ මෙහි ජීවත්වූ මිනිසුන්ගේ උවමනාවකට නොවේ. එය බලෙන් මෙන් උපක්‍රමශීලීව මෙහි ගෙන එන ලදී. වෛතුල්‍යවාදය ලෙසින් ලක්‌දිවට හඳුන්වා දෙන්නට කිහිප විටක්‌ තැත් කළ නමුදු රජුන්ගේ මැදිහත්වීම නිසා එම වෑයම සාර්ථක වූයේ නැත. භාරතයේ මහායානය වර්ධනය වූ විට ලක්‌දිවටද එය භාරනොගෙන සිටින්නට බැරිවිය. මෙම මිථ්‍යා දෘෂ්ටිකයන්ට සම්පූර්ණයෙන් යටත් වීමට අකමැති වූ ථෙරවාද භික්‌ෂුන් කරදර හිරිහැර මැද වුවද ආගම රැකගෙන මහා විහාරයේ ජීවත් වූයේය. කෙසේ නමුත් ක්‍රි.ව. 10 වැනි ශ.ව. වන විට මහායානය භාරතයේද ලක්‌දිවද අභාවයට පත්විය. ඊට පසු ථෙරවාදය ලෙස හඳුනාගත් බුදු දහමක්‌ මේ රටේ ව්‍යාප්ත විය. මේ බුදු දහම තුළ මහායාන ලක්‌ෂණ කිහිපයක්‌ම තිබේ. ඉන් ප්‍රධාන වන්නේ යම්තාක්‌ දුරකට බුදුන්ගේ ඓතිහාසික පැවැත්ම විකෘති කොට ලෝකෝත්තර ගුණාංග එකතු කොට තිබීමය. විශාල බුදුපිළිම නිර්මාණය වන්නේ මේ නිසාය. තවද යම්කිසි ලාභයක්‌ බලාපොරොත්තුවෙන් බුදුන්ට වැඳුම් පිදුම් කරන්නේද මේ නිසාය. බෝධිසත්ත්ව සංකල්පයද යම්තාක්‌ දුරකට විශ්වාස කරන බෞද්ධයන් මේ රටේ සිටිති. නිවන පිළිබඳව මහායාන සංකල්පයක්‌ වන අප්‍රතිස්‌තිත නිර්වාණය මේ රටේ ජනතාව විශ්වාස නොකෙරුවා වූවාට නිර්වාණය ළඟා කර ගැනීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනුවට මහායානය පෙන්වා දී ඇති භක්‌ති මාර්ගය ගැන යම් තරමක පැහැදීමක්‌ ඇති බව පෙනේ. 

ලෝකෝත්තර සංකල්ප බුදු දහමට ඇතුළු වීමෙන් සිදු වූයේ නිර්මල බුදු දහම කිළිටි වීමය. මුල් බුදු දහමේ ලෝකෝත්තර හා පාර භෞතික ලක්‍ෂණ නොමැති වීම එය විශේෂ වූ දහමක්‌ බවට පත් කරන ලදී. මැවුම්කාර දෙවියකු හෝ ඊට සමාන බලවේගයක්‌ බුදු දහමේ තිබුණේ නැත. බුදුන් එවැනි බලවේගයක්‌ නොවූවා පමණක්‌ නොව එවැනි දේ ගැන ඇති විශ්වාසය ද ඉවත දැමූ සේක. 'තම හිසට තම අතය' යන අදහස පෙරදැරි කරගෙන ස්‌වඋත්සාහයෙන් ජීවිතය සාර්ථක කරගැනීමද දුකෙන් මිදීමද කරගන්නා ආකාරය පිළිබඳව මඟ පෙන්වීම සඳහා දේශනා කළ සේක. මිථ්‍යා මත සහ විශ්වාස තුළින් ජීවිතය සාර්ථක කරගැනීමට හෝ දුකින් මිදීම ළඟා කරගත නොහැකි බව බුදුන් පෙන්වා දුන් සේක. 

මේ කරුණු හේතු කොටගෙන දැන් ලක්‌දිව වසන ජනතාව බුදු දහමින් බලාපොරොත්තු වන්නේ යම්කිසි ජීවිත සහනයකි. බුදුන්ට සහ බුදු දහමට ඇතුල් වී ඇති දෙවියන්ට වැඳුම් පිදුම් යාච්ඤා බෝධි පූජා සෙත් කවි පිරීත් පිංකම් වලින් එවැනි සහනයක්‌ බලාපොරොත්තු වෙති. බුදුන්ගේ මුල් බුදු දහම තුල මෙවැනි දේවලට ඉඩක්‌ නොතිබිණි. ඒ වෙන කිසි හේතුවක්‌ නිසා නොව එවැනි දේවලින් සහනයක්‌ ලබාගන්නට බැරී නිසාය. බුදුන් ඒ බව පැහැදිලි කොට ඇත. එම නිසා එවැනි දේ ගැන ඇති විශ්වාසය නොමඟ යැමක්‌ වන්නේය. එවැනි දේ වලට පක්‍ෂව ඒවා තිබිය යුතු බව පවසන අය මිනිසුන් නොමඟ යවති. මේ මිථ්‍යා මත ඇදහිලි බාරහාර අපගේ සංස්‌කෘතියේ අංගෝපාංග නිසා ඒවා ආරක්‌ෂා කරගත යුතු යෑයි පවසන අය සිදු කරන්නේ සංස්‌කෘතියට හානියකි. සංස්‌කෘතියක්‌ තුළ හානිදායක ලක්‌ෂණ තිබේ නම් ඒවා ඉවත් කිරීමට පියවර ගැනීම දැනුම් තේරුම් ඇති අයගේ යුතුකමය. ජනතාව දැනුවත් කිරීම උගතුන්ගේ යුතුකමය.

සිංහල බුදු දහම තුළ මිථ්‍යා මත ඇත්නම් ඒවා ඉවත් කිරීම වරදක්‌ වන්නේ කෙසේද? ඒවා සංස්‌කෘතියේ අංගෝපාංග නිසා කෙතරම් හානිදායක වුවත් ඉවත් නොකළ යුතු යෑයි පැවසීම මෝඩ කියමනක්‌ නොවන්නේද? කෙතරම් හානිදායක වුවත් සංස්‌කෘතිය රැකගත යුතුද? නක්‍ෂත්‍රකාරයන්ගෙන්, ගුරුකම්කාරයන්ගෙන්, යාච්ඥාවලින් හොර වෙදුන්ගෙන් ජනතාව බේරාගත යුතුය. මේවා අපගේ සංස්‌කෘතියට ඇතුළු වූයේ ප්‍රධාන වශයෙන් මහායාන ආගම මාර්ගයෙනි. අප නිර්මල බුදු දහම ඇදහිය යුතුය. ඒ මගින් ජීවිතය සාර්ථක කරගත යුතුය. මහායාන සංකල්ප ඉවත් නොකොට එය කළ නොහැක.

යුරෝපයේ සහ ඇමරිකාවේ මිථ්‍යා ඇදහිලි ක්‍රම ක්‍රමයෙන් සමාජයෙන් ඉවත් වන බව පැහැදිලිය. මැවුම්කාර දෙවියන් ගැන ඇති විශ්වාසය අඩු වන බව සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් වේ. ලෝකයේ සෑම තැනම මෙය සිදුවෙමින් පවතී. උගත්කම දැනුම විද්‍යාව වර්ධනය වන විට මෙය සිදු වන බව පිsළිගත හැක. ඒ නිසාම බුදු දහමේ අගය වැඩි වේ. ශ්‍රී ලංකාවේද අන්ධ භක්‌තිය, මිථ්‍යා ඇදහිලි කෙමෙන් අඩු වන බව පෙනෙන්නට ඇත. උගතුන් කළ යුත්තේ සිංහල බුදු දහම තුළ ඇති මිථ්‍යා මත ඉවත් කිරීමට සහාය වීමය.
මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග 

ශ්‍රී දළදා මාලිගාවේ සිව් මහා මංගල්‍යය

අස්ගිරි මහාවිහාර පිරිවෙනේ ආචාර්ය මල්වතු මහා විහාරවාසී

ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත 
මහරැඹෑවැවේ පාලිත හිමි

ශ්‍රී ලාංකික ජනසමාජය වෙනස් කළ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය තුනකි. ඉන් පළමු වැන්න සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ පණිවුඩය රැගත් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයයි. එය මහින්දාගමනය ලෙස අපි කවුරුත් හඳුන්වන්නෙමු. එයින් සිංහල ජන සමාජයට නිර්මල දහමක් මෙන්ම නව සංස්කෘතියක් ද එක්විය. දෙවැන්න සඟමිත් තෙරණිය ජය ශ්‍රී මහා බෝධි අංකුරය රැගෙන ආ ලංකා ගමනයයි. එය දුමින්දාගමනය ලෙස හඳුන්වන්නෙමු. එයින් අප සංස්කෘතියට මෙන්ම සමාජයට විවිධ අංශ එකතුවෙමින් ඒ හා බැඳුන නව සංස්කෘතියක් මෙන්ම ක්‍රමිකව හැඩගැසුණු ආගමික පරිසරයක්ද නිර්මාණය විය.තෙවැන්න දන්ත කුමරු හා හේමමාලා කුමරිය සම්බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේ රැගෙන ලංකාවට පැමිණීමයි. එය දළදාගමනය ලෙස අපි හඳුන්වන්නෙමු. එහි බලපෑම කෙතරම් ද යත්, දළදා වහන්සේගේ හිමිකාරිත්වය ශ්‍රී ලාංකීය රාජ්‍යත්වයේ සංකේතය බවට පත්විය.
මෙම ලංකාගමනයන් ත්‍රිත්වයම සිදු වූයේ භාරත දේශයේ සිටය. එබැවින් අපේ සංස්කෘතිය හැඩගැසුනේ භාරත සංස්කෘතිය ගුරු තැන්හි තබාගෙනය. අප සංස්කෘතිය සංවර්ධනයෙහිලා මෙම ආගමන ත්‍රිත්වයෙන් ලැබුණු පිටුබලය ඉමහත්ය. අපේ සංස්කෘතිය අපේ සාහිත්‍ය, අපේ කලාව යන මේ සියල්ලම ආගමත් සමඟ බද්ධ වී ඇත්තේ මේ නිසාය. මහින්දාගමනයෙන් අපි නිර්මල බුදුදහමේ කොටස්කරුවන් වු අතර දුමින්දාගමනයෙන් මෙන්ම දළදාගමනයෙන් ද අපට විශේෂ වූ සංස්කෘතියක් මෙන්ම සාහිත්‍යයක්ද ගොඩනැඟිනි. මෙහිදී අප බලාපොරොත්තු වන්නේ එම සංස්කෘතිය හෝ සාහිත්‍ය ගැන සාකච්ඡා කිරීම නොව වර්තමානය වන විට ශ්‍රී දළදා වහන්සේ හා සබැඳිව දළදා සංස්කෘතියට එක් වූ දළදා මාළිගාවේ පැවැත්වෙන සිව් මහා මංගල්‍යයන් පිළිබඳ විමසා බැලීමක් සිදුකිරීමටයි.
ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා ශ්‍රීමත් දළදා වහන්සේ මුල් කරගමිනින් සිදුකරන විවිධ පුද චාරිත්‍රයන් මෙන්ම මංගල්‍යයන් ද අප සංස්කෘතියට දායාද වී ඇත. ඒ අනුව ශ්‍රීමත් දළදා වහන්සේ මුල් කරගනිමින් වාර්ෂිකව සිදුකෙරෙන ප්‍රධාන මංගල්‍යය හතරක් වෙයි. ඒවා මෙසේය.
01. අලුත් සහල් මංගල්‍යය 
02.අලුත් අවුරුදු මංගල්‍යය 
03. කාර්තික මංගල්‍යය හා 
04. පෙරහර මංගල්‍යය යනුවෙනි.

අලුත් සහල් මංගල්‍යය
නරේන්ද්‍රසිංහ රජතුමා ගුරුදෙණියේ කෙත අස්වද්දවා අස්වැන්න ලබාගෙන පළමුවරට අලුත් සහල් මංගල්‍යය නමින් මෙම උත්සවය ආරම්භ කොට ඇත. දළදා මාලිගාවේ සහ දේවාලවල මූලාදෑනිහු අලුත් සහල් මංගල්‍යයට පෙරදා සවස ගුරුදෙණියේ දේවාලය ළඟට අලි ඇතුන් සහිත පෙරහරකින් නික්ම යති. පෙරහර ළඟාවන විට වී සහල් සූදානම් කොට තැබීම සිරිතය. දළදා මාලිගාවේ සහ දේවාලවලට මුලාදෑනින්ට එහි දී කෑමබීම වලින් සංග්‍රහ කරනු ලැබේ. ඊට පසු ගෝනිවලට වි පුරවා අලි ඇතුන් සහිත පෙරහරින් මහනුවර නාථ දේවාලයට ගෙන එනු ලැබේ. අවට ඇති විහාරවලින් හා දේවාලවලින් නාථ දේවාලයට හේම කත් යැවේ. පසුව එහි දී කියවනු ලබන නම් ලැයිස්තුවකට අනුව වී සහල් බෙදාදීම සිදු කෙරේ.
ප්‍රථමයෙන් දළදා මාලිගාවේ කිරිබඩ පාත්‍රයට සේරු 80 ක් වෙන් කෙරේ. ඉන් පසු තේවකාරක භික්ෂූන්ටත්, උභය විහාරයටත්, සතර දේවාලයටත් පිළිවෙලින් නියමිත කොටස් බෙදා වෙන් කරයි. අස්ගිරි විහාරයට ලැබෙන කොටසින් ආදාහන මළුවටත් අලුත් විහාරයටත් පංගු බෙදාදීම සිරිතකි. ඒ හැර මහනුවර අවට ඇති සුදුහුම්පොළ ,නිත්තවෙල,ඇඹල, ගංගාරාමය,අම්පිටිය යනාදි පුරාණ විහාරවලටද කොටස් බෙදා දෙයි.
දළදා මාලිගාවේ කිරිබඩ පාත්‍රයට වෙන් කෙරෙන හාල්වලින් කිරිබත් උයා කිරිබඩ පාත්‍රය පුරවති. මෙය බුදුරජාණන් වහන්සේගේ, මහාසංඝයාත් අරභයා රජු විසින් කරන ලද පූජාවක් හැටියට සැලකේ. අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබන්නේ රජු විසින් ලංකාවේ සියලු සිද්ධස්ථානවලට කරන ලද පරිත්‍යාග සිහිපත් කිරීමක් වශයෙනි. ඉහත ලැයිස්තුවේ නම් සඳහන් සිද්ධස්ථානයකින් යමෙකු පැමිණ නොසිටියහොත් එම කොටස හිමිවන්නේ දළදා මාලිගාවටය. මෙම අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබන්නේ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේය.
අලුත් අවුරුදු මංගල්‍යය
රජවාසල සේවයේ නියුක්තව සිටි නැකැත් මොහොට්ටාල දළදා මාලිගාවේද රාජකාරි කටයුතු කරයි. එබැවින් වාර්ෂිකව උත්සව සතර පැවැත්වීමට සුදුසු සුබ වේලා සහ ඒ හා සබැඳි වෙනත් සියලු කාර්යයන් කළ යුතු සුබ නැකැත් නියම කිරීම ඔහුගේ කාර්යයයි. මේනිසා ඔහු දළදා මාලිගාවේ නැකැත්කරුවා ලෙස හඳුන්වයි. අලුත් අවුරුදු දවසේ බුද්ධ පූජාව කළ යුතු සුබ වේලාවන් නියම කිරීමද මේ මොහොට්ටාල සතු කාර්යයකි. ඔහු විසින් නියම කරනු ලබන වේලාව අනුව බුද්ධ පූජාව පැවැත්වීම සිංහල අවුරුදු දා දක්නට ලැබෙන විශේෂත්වයකි. ඒ නිසා සාමාන්‍ය දිනයන් හි තේවාකරන වේලාවට වඩා සුළු වෙනසක් සිංහල අවුරුදු දා සිදුවෙයි. ලිප් ගිනි මෙළවීම, කිරිබත් පිසීම, කණ්ඨස්නානය කිරීම වැනි විශේෂ පූජා සමුදායක් මේ යටතේ සිදු කරනු ලබයි. අවුරුදු උත්සවය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව විශේෂයෙන් සැරසීම ද චිරාගත චාරිත්‍රයකි.
කාර්තික මංගල්‍යය
නොවැම්බර් මසට යෙදෙන ඉල් පොහෝ දින කාර්තික මංගල්‍යය පවත්වනු ලැබේ. කාර්තික යනු ඉල්මසට නමකි. මෙනමින් කඳ කුමරුද හඳුන්වන නිසා ඔහුට ගරු කිරීමක් වශයෙන් මෙම මංගල්‍යය සිදු කරනු ඇතැයි සමහරු විශ්වාස කරති. කෙසේ වෙතත් ඉන්දියානු සංස්කෘතියේද මෙම කාර්තික උත්සවය දක්නට ලැබේ. ඒ අනුව බලන විට ඈත සමයක පටන්ම කාර්තික උත්සවය ලාංකිකයන් විසිනුදු අනුගමනය කර ඇතැයි සිතිය හැක.
මේ උත්සවයේදී පුරාණ විහාරවලින් නියෝජිතයෝ නාථ දේවාලයට රැස්වෙති. නාථ දේවාලයේදී පිළියෙළ කරන ලද ලැයිස්තුවක් අනුව එසේ රැස්වූවන්ට එක් එක් විහාරයකට තෙල් නැළිය බැගින් ලැබෙන සේ තෙල් බෙදාදීම සිදු කෙරේ. මේ තෙල් නාථ දේවාලයට සපයන්නේ ශ්‍රී දළදා මාලිගාවෙනි. තෙල් ලබාගත් අය පෙරහර පවත්වා ඒ තෙල් තමතමන්ගේ ස්ථානවලට ගෙන ගොස් රජු වෙනුවෙන් පහන් පූජා කළ යුතුය. උත්සව දිනයේ දී ශ්‍රී දළදා මාලිගයත් අස්ගිරියේ අලුත් විහාරය හා ගෙඩිගේ විහාරයත් කාර්තික පූජෝත්සවයට සහභාගි වන අනෙක් විහාරස්ථානත් සැරසිය යුතුවේ. එදින දළදා මාලිගාවේ කරඬුව වැඩමවන පෙරහරත් දේවාල පෙරහරත් වීථි සංචාරය කරයි. අනෙක් මංගල්‍යයන්ට වඩා මෙහි ඇති විශේෂත්වය නම් පෙරහර පැවැත්වීමයි.
පෙරහර මංගල්‍යය
මේ සිව් මහා මංගල්‍යයන් අතර වඩාත් ජනපි‍්‍රයත්වයට පත් මෙන්ම විශාලම මංගල්‍යය වන්නේ පෙරහර මංගල්‍යය හෙවත් ඇසළ මංගල්‍යයයි. මෙය ශි‍්‍රමත් දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන පූජා චාරිත්‍ර අතර සුවිශේෂි තැනැක් ගනී. කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුවී සිටි ප්‍රාග් බෞද්ධ වැසියෝ නිසිකලට වැසි ඵල ලබා ගැනීමේ අටියෙන් අව්වැසි ආදිය දේවත්වයෙන් සළකා නොයෙක් පූජාවන් පැවැත්වීමට පුරුදු වී සිටියහ. බුදුදහම මෙරටට හඳුන්වා දීමත් සමඟ එකී ප්‍රාථමික විශ්වාස බුදු දහම සමඟ මිශ්‍ර වී විකාශනය වී ගිය බව පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස දළදා වහන්සේ මෙරටට වැඩම වීමත් සමඟ දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂාව තුළින් නිසිකල වැසි ඵල ලබා සිය ගොවිතැන් බත් කටයුතු සාර්ථක කරගත හැකි බව ඔවුහු විශ්වාස කළහ. අතීතයේ සිටි පැරැණ්නෝ ඇසළ මාසය දෙවියන් උදෙසා කැප කළ මාසයක් සේ සැලකූහ. දෙවියන්ගේ ආශිර්වාදය වෙනුවට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබනු වස් ඇසළ මාසය තුළ පෙරහර පැවැත්වීමට ඔවුහු උත්සුක වූහ. මහනුවර රාජධානි සමය වන විට දේවාල පෙරහරට පමණක් සීමාවී තිබූ මෙම ඇසළ පෙරහර ස්‍යාමෝපසම්පදාව පිහිටුවීම සඳහා සියම් රටින් මෙරටට වැඩි ප්‍රවර උපාලි මහ තෙරුන්ගේ සහ උභය මහා විහාරයේ මහානායක හිමිවරුන්ගේ මග පෙන්වීම අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් දළදා පෙරහර ද ඊට එකතු කොට වර්තමාන පෙරහර සමාරම්භ කළ බව පිළිගැනේ. සතර දේවාලවල කප් සිටුවීමේ චාරිත්‍රයෙන් වර්තමාන පෙරහරේ සමාරම්භය සිදුවන අතර දින 05 ක් කුඹල් පෙරහර ද දින 05 ක් රන්දෝලි පෙරහරද පවත්වා දිය කැපීමේ මංගල්‍යයෙන් මෙකි ඇසළ පෙරහර නිමාවට පත්වේ.
මේ අන්දමට දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ අවදියේ පටන්ම දළදා වහන්සේ උදෙසා ආරම්භ වූ මෙකි පුද පූජා විධි අද දක්වාම නොනැසි පැවතීම මෙහිලා දැකිය හැකි විශේෂත්වයයි. දළදා වහන්සේගේ වත්මන් භාරකත්වය දරන උභය මහා විහාරයේ අතිපුජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනමත් දියවඩන නිලමේතුමාත් එමෙන්ම අඛණ්ඩව සේවා කටයුතුවල නියැලෙන (මුර මාරු ක්‍රමයට) උභය මහා විහාරය මහා සංඝ රත්නයත් උත්සුක වන්නේ මෙම පෞරාණික චාරිත්‍ර විධින් ආරක්ෂා කර ගනිමින් එදා රාජකීයයන් විසින් දළදා වහන්සේ උදෙසා ඇති කළ මෙම පුජා විධින් මතුවටත් ආරක්ෂාකර තැබීමටයි.

බුදුන්වහන්සේගේ ජීවන තොරතුරු සොයන පුරාවිද්‍යා කැණීම්

බුද්ධ චරිතය ගැන විමසීමේ දී කපිලවස්තු පුරය ප‍්‍රධාන ස්ථානයක් ගනී. සිදුහත් කුමාරයා ඉපදී ගිහිගෙය හැරපියා අභිනික්මන් කරන තුරුම වාසය කළේ, සිය තුරුණු විය ගෙවා දැමුවේ මේ නගරයේය.

එය ශාක්‍යයන්ගේ අග නගරයයි. කපිලවස්තුපුරය හෙවත් කිඹුල්වත් නගරය හිමාලය කඳු පාමුල පිහිටි රමණීය නගරයක් ලෙස බෞද්ධ සාහිත්‍යයට අයත් දීඝනිකායෙහි සඳහන්ව ඇත. භාගිරතී ගංගා තීරයේ කපිලවස්තු පුරය පිහිටි බව අම්බට්ඨ සූත‍්‍රයේ දැක්වේ. තවද සක නම් ගස්වලින් පිරුණු ප‍්‍රදේශයක් ලෙසින් ද එහි සඳහන් වේ.
ප‍්‍රාග් ඓතිහාසික යුගයේ කෝසල රාජ්‍යයේ ඔක්කාක වංශික රජු විසින් පිටුහවල් කරන ලද කුමාරවරුන් විසින් කපිල මුනිවරයාගේ උපකාරය ඇතිව කපිල වාස්තුපුරය බිහි වූ බව ඉන්දියාවේ ඉතා පැරණි ග‍්‍රන්ථයක් වන සුමංගල විලාසිනියෙහි සඳහන්ව ඇත. මේ පරපුර පසුව ශාක්‍යවංශිකයෝ වූහ. සුද්දෝධන රජතුමා මේ ශාක්‍ය වංශිකයෙකි. ඔහු කෝලිය වංහික මහාමායා දේවිය විවාහ කැර ගත්තේය. මේ විවාහයෙන් උපන් දරුවා සිදුහත් කුමාරයාය.
කපිලවස්තු රාජ්‍යයේ සිද්ධාර්ථ කුමාරයාගේ පිය පාර්ශවයෙන් සහ මව්පාර්ශවයෙන් අසූදහස බැගින් පවුල් සාමාජිකයෝ සිටි බවට ද මතයක් තිබේ. එසේ නම් කපිලවස්තු රාජධානිය යනු විසල් මහ නගරයක් විය යුතුය.
කපිලවස්තු නගරයේ දැන් කැණීම් ආරම්භ වී ඇත. මේ කැණීමේ විශේෂත්වයක් වන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන මහතා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ඒ කැණීම් සඳහා සහභාගී වීමයි.
කැණීම් කරන ස්ථානයේ නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝ මීටර 250ක් ඇතින් පිහිටා ඇත. තිලාරාකෝට් නමින් හැඳින්වෙන මේ ප‍්‍රදේශයේ සිදුහත් කුමරයා විසූ මාළිගාවක නටබුන් ඇතැයි එරට වැසියෝ විශ්වාස කරති. එහි පාදමක් ඇත. සතර දිශාවෙන් දොරටු ඇති එම ගොඩනැගිල්ල සිදුහත් කුමරුගේ මාළිගාවක් යැයි කීව ද එහි ඇති නටඹුන් පිරික්සීමේ දී පෙනී යන්නේ එය කි‍්‍රස්තු වර්ෂ හයවැනි සියවසේ දී පමණ ඉදිකැර ඇති ස්ථානයක් බවයි.
මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන මහතා එම ස්ථානය සම්බන්ධයෙන් මෙසේ පවසයි.
‘‘ ඉන්දියාවත් නේපාලයත් එකිනෙක දේශසීමාවලින් වෙන්කරන්නට පෙර කපිලවස්තුපුරය කියන්නේ ඉතා විශාල ප‍්‍රදේශයක්. දැන් එය දෙකඩ වී තිබෙනවා. ඉන්දියාවට කොටසක් හිමිවෙලා නේපාලයට කොටසක් හිමිවෙලා. ඉන්දියාවේ කපිලවස්තු කියන ප‍්‍රදේශයේ පැරණි රාජධානියක නගරයක් තිබූ බවට සාධක හමුවන්නේ නැහැ. නමුත් නේපාලයට අයත් කොටස පිරික්සූ විට පෙනෙනවා එහි නගරයක් තිබූ බව ඉන්දියාවේ පිප්රාවා කියන ප‍්‍රදේශය තමයි ඇතැම් අය පවසන්නේ කපිලවස්තු නගරයේ සිදුහත් කුමාරයාගේ මාළිගාව පිහිටි ප‍්‍රදේශය කියා. නමුත් නේපාලයේ තිලාරාකෝට් කියන ප‍්‍රදේශයේ සුද්දෝධන රජුගේ මාළිගාව තිබෙන්නට ඇතැයි සිතිය හැකි සාධක දක්නට ලැබෙනවා. මේ ස්ථාන දෙකම පැරණි කපිලවස්තු රාජධානියේ කොටස් බවනම් පැහැදිලියි. ’’
කපිලවස්තුපුරයේ ප‍්‍රධාන මාළිගාව පිහිටන්නට ඇතැයි සිතන ස්ථානය කැණීමට පෙර නවීන තාක්ෂණික උපකරණ ආධාරයෙන් භූමියේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට පුරාවිද්‍යාඥයෝ කටයුතු කළහ. ඒ සඳහා භූමියේ අභ්‍යන්තර පිරික්සීමේ යන්ත‍්‍ර භාවිතාකැර තිබේ. ඒ අනුව එහි දැනට දක්නට ඇති ගොඩනැගිලි වලට යටින් තවත් ඉදිකිරීම් කිහිපයක් තිබෙන බව තහවුරු වී ඇත.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ කපිලවස්තු පුරයේ සුද්දෝධන රාජ මාළිගය පිහිටන්නට ඇතැයි සිතන භූමිය වර්ග කිලෝ මීටර 2.5ක් පමණ වූ දිග පළලකින් යුතු හතරැුස් භූමි ප‍්‍රදේශයක් ලෙස වෙන්කැර හඳුනාගත හැකි බවයි. දැනට එහි ඇති හතරැුස් ගොඩනැගිල්ල කි‍්‍රස්තු වර්ෂ තුන්වැනි සියවසේ ඉදිකරනු ලැබූවකි. එය දැනට ශාලාවක් ලෙස භාවිතා කරයි.
මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන මහතා පවසන්නේ මෙතෙක් කරන ලද කැණීම් වලින් මේ ස්ථානය වටා ඉදිකැර තිබූ ප‍්‍රාකාරයක නටඹුන් හමුවී ඇති බවයි. එය එකිනෙක සමීපව සවිකැර තිබූ දැව කණු යොදා සාදා තිබුණකි.
මහාචාර්ය ගුණවර්ධන මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය.
‘‘ අතීතයේ පටන් නගරයක දක්නට ලැබුණු ලක්ෂණයක් තමා ආරක්ෂිත බැම්මක්. මේ ස්ථානය වටා දැවයෙන් ඉදිවූ ප‍්‍රාකාරයක් තිබෙන බවට පැහැදිලි සාක්ෂි අපට හමුවුණා. දැව කොටස් පොළොවට සවිකළ වළවල් නිශ්චිතව හඳුනාගැනීමට හැකියි. එහි අවශේෂ අනුව සිතිය හැකියි මේ ප‍්‍රාකාරය කි‍්‍රස්තු පූර්ව හයවැනි සියවසට පමණ අයත්වන බව. එය සුද්දෝධන රජුගේ රාජ සමයට නැතිනම් සිදුහත් කුමාරයාගේ කාලයට අයත්වන බව නිගමනය කිරීමේ හැකියාව තිබෙනවා. ’’
අතීතයේ දැවයෙන් ගොඩනැගූ තාප්පයෙන් වටවූ භූමියේ පැරණි මාළිගාව තිබෙන්නට ඇතැයි පර්යේෂකයෝ අනුමාන කරති. නමුත් ඔවුන් පවසන්නේ දැන් වර්තමානයේ සුද්දෝධන මාළිගාවයැයි ඇතැම් පුද්ගලයන් විසින් හඳුන්වනු ලබන කි‍්‍රස්තු වර්ෂ තුන්වැනි සියවසට අයත් ගොඩනැගිල්ලට යටින් එම අවශේෂ පිහිටිය හැකි බවයි.
කෙසේ වෙතත් කිඹුල්වත්පුර නගරයේ ඉදිකිරීම් ව්‍යුහය පිළිබඳ යම් තරමකින් අවබෝධයක් ලබා ගැනීමට ද මේ කැණීම් මහෝපකාරී වී තිබේ. එමගින් නගරයේ මංමාවත් සැකැස්ම පිළිබඳ පැහැදිලි සාක්ෂි හමුවී ඇත.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ නගරයේ එක් එක් දිශාවට යොමු වූ අඩි 12 ක පමණ පළලකින් යුතු මං මාවත් පද්ධතියක් සෙයාගත හැකි වූ බවයි. නිවසක ගොම මැටි ගා පොළොව සකසන ආකාරයට මේ මාර්ග සාදා තිබී ඇතැයි ද ඔවුහු කියති. එම මාවත් සකස් කැර තිබූ තාක්ෂණය අනුව වසර දෙදහසකට වැඩි කාලයක් ගත වුව ද සාමාන්‍ය පොළොවට වඩා එය වෙනස් ව හඳුනා ගැනීමට හැකි වී ඇත.
‘‘මේ භූමියේ භූ විද්‍යාත්මක ලක්ෂණ සොයා බැලීමේ දී එක්තරා ස්ථානයක යම් තරමකින් පොළොවට ගිලී ගිය ස්ථානයක් දක්නට ලැබුණා. ඒ ස්ථානයේ පොළොව ස්කෑන් කරලා පරීක්ෂා කිරීමේදී පෙනී ගියා වැලි හා රොන් මඩ එතැන තැන්පත් වී ඇති බව. අපි එම ස්ථානයේ කැණීමක් සිදුකළා. එය තරමක් විශාල ප‍්‍රමාණයේ පොකුණක් ලෙස දැනට අනුමාන කරනවා. සාමාන්‍යයෙන් පිහිටි පොළොව හමු වී තිබෙන්නේ අඩි 12 ක් විතර ගැඹුරින්. එය පානීය ජලය ලබා ගැනීමට හෝ ස්නානය සඳහා හෝ භාවිත කරන්නට ඇති. ඒ ගැන අපි ඉදිරියේ දි වැඩිදුර පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා. ’’ මහාචාර්ය ගුණවර්ධන මහතා එසේ කීවේය.
දැනට කපිලවස්තු පුරය ලෙස අනුමාන කරමින් සිදුකරන කැණීම් සඳහා භූමි ගවේෂණ කටයුතු සිදුවෙමින් තිබියදී ප‍්‍රාකාරයෙන් පිටත පිහිටි ස්ථානයක් ගැන ද පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබිණි.පොකුණක් ලෙස හඳුන්වන මේ ස්ථානයේ පිහිටි පොළොව හමුවනතුරු කැණීම් සිදුකැර ඇත. එම කැණීමේ දී එක් එක් ස්ථර ලෙස තැන්පත් වූ වැලි, රොන් මඩ, ශාක අවශේෂ දිරාපත් වීමෙන් සෑදුණු පස් දක්නට ලැබුණු බව මහාචාර්ය ගුණවර්ධන මහතා පවසයි. තව ද කැණීම් සිදුකරන අවස්ථාවේ දී වරින් වර ජලය මතුවී තිබේ. ඒ ස්ථර අධ්‍යයනය කිරීමෙන් පොකුණ භාවිතයට ගත් කාල වකවානු පිළිබඳ නිගමනය කළ හැකිය යන්න පුරාවිදයාඥයන්ගේ මතයයි.
ප‍්‍රාකාරයේ එක් දොරටුවක් ආසන්නයේ පිහිටි එම ස්ථානය කැණීම් කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ එතැන විශාල වශයෙන් යකඩ උණුකරන ලද තැනක් බවයි. ඉන් තහවුරු වන්නේ සුද්දෝධන රාජ සමයේ හෝ ඒ ආසන්න කාලයේ දී කපිලවස්තු පුරයේ යකඩ කර්මාන්තය පැවති බවයි.
තැන තැන විසිරීගිය යබොර මේ ස්ථානයේ සුලබව හමුවී ඇත. ආයුධ තැනීම, කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය උපකරණ තැනීම ආදිය සඳහා මේ යකඩ යොදා ගන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ පවසති.
ලන්ඩනයේ ‘ඩර්හම්’ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් කොනින්හැම්ග් මහතාගේ නායකත්වයෙන් යුතුව බුදුන් වහන්සේගේ ජීවන තොරතුරුවලට අදාල ස්ථානයන්හි සිදුකරන කැණීම්හි එක් පියවරක් ලෙස මේ පරීක්ෂණ කටයුතු සිදුව ඇත.
පරීක්ෂණ කණ්ඩායම පවසන්නේ මෙතෙක් සොයාගත් තොරතුරු අනුව නේපාලයේ තිලාරා කෝට් නමැති මෙම ස්ථානය සුද්දෝධන රජුගේ මාළිගාව හෝ සිදුහත් කුමාර මාළිගයක් තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි බවයි.
හුදෙක් එය අනුමානයක් පමණක් බව ද බුදුන්ගේ චරිතය හා සම්බන්ධයැයි කියන ස්ථානවලින් හමුවන මෙවැනි නටබුන් හා සාධක බුදුන්ගේ කාලයට ම අයත් දැයි ස්ථිරව නිගමනය කළ යුතු බව ද මහාචාර්ය කනින්හැම් මහතා පවසයි.
ඒ සඳහා අවශ්‍ය කාලනිර්ණයන් දැනටමත් ආරම්භ කැර තිබේ. තවත් වසර දෙකක කාලයක් මේ කැණීම් සිදුකිරීමට නියමිත බව මහාචාර්ය ගුණවර්ධන මහතා පවසයි. එම කාලයේ දී බුදුන්ගේ චරිතයට අදාල ස්ථාන රැුසක් නිශ්චිතව හඳුනාගැනීමටත් හැකිවනු ඇතැයි යන්න පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
එය නේපාලයට, ඉන්දියාවට පමණක් වැදගත් සොයා ගැනීමක් නොවනු ඇත. එය සමස්ථ බෞද්ධ ජනතාව වෙනුවෙන් ම කරන මහතසිතම සේවාවකි.
    ප‍්‍රිශාන්ත ගුණවර්ධන

  2014 මාර්තු මස 06 | ලංකාදීප කර්තෘ මණ්ඩලය