උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

අපේ ලෝක උරුම

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය 1972 නොවැම්බර් 16 වැනි දින සම්මත කරගත් ලෝක සංස්කෘතික හා පාරිසරික උරුම රැකගැනීම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යටතේ ශී‍්‍ර ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කැර තිබේ.
එහි හයවැනි සමුළුව 1982 වර්ෂයේ ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැති අවස්ථාවේදී 200 වැනි ලෝක උරුමය ලෙස අනුරාධපුර පැරැණි නගරයත්, 201 වැනි ලෝක උරුමය ලෙස පොළොන්නරුව පැරැණි නගරයත්, 202 වැනි ලෝක උරුමය ලෙස සීගිරියත් ප‍්‍රකාශයට පත් කැරිණි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ලෝක උරුම තුන බවට එම පුරාණ නගර පත්විය.
ඉන් අනතුරුව දස වැනි සමුළුව බ‍්‍රසීලයේ බ‍්‍රසිල් නුවර පැවැති අවස්ථාවේදි සිංහරාජ වැසි වනාන්තරය 405 වැනි ලෝක උරුමය ව්ිය මහනුවර නගරය 450 වැනි ලෝක උරුමය බවට පත්විය. ගාල්ල  ඕලන්ද බලකොටුව හා පැරණි නගරය 451 වැනි ලෝක උරුමය බවට පත් විය.
1991 වර්ෂයේ ටියුනීසියාවේ පැවැති 15 වැනි සමුළුවේදී රංගිරි දඹුල්ල රජමහා විහාරය 561 වැනි ලෝක උරුමය ලෙස ප‍්‍රකාශයට පත්කැරිණි. ඒ අනුව මේ වන විට ශී‍්‍ර ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කර තිබේ.
2008 වර්ෂය වන විට ලොව පුරා ලෝක උරුම 851 ක් නම් කර ඇත. ඉන් 660 ක්ම සංස්කෘතිකමය පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන ස්ථාන වේ. සිංහරාජය ඇතුළු පාරිසරික උරුමයන් සංඛ්‍යාව 166 කි. ඓතිහාසික හා පාරිසරික වශයෙන් වැදගත් කමක් ඇති ස්ථාන සංඛ්‍යාව 25 කි. වැඩිම ලෝක උරුම සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ යුරෝපය හා උතුරු ඇමෙරිකාව මූලික කරගනිමිනි.
රටවල් 185 ක් අතර පවතින එක`ගතාව මත ලෝක උරුම පවත්වාගෙන යන අතර එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය මෙම උරුමයන් ආරක්ෂා කිරීම සඳහා කොන්දේසි ගණනාවක් පනවා තිබේ. ඒ අනුව ලෝක උරුමය රැුකගැනීම ඒවා සතු රාජ්‍යයන්ගේ වගකීමකි.
ලෝක උරුමයන්හි පවතින තත්තවයට හානිදායක කිසිවක් සිදු කිරීමට හැකියාවක් නොමැත. ඒ සියලූ උරුමයන් රැුකගනු ලබන්නේ මුළු මහත් ලෝකයේම දායාදයක් ලෙස සලකමිනි.
2011 මැයි මස 15 | සජිව විජේවීර

මහනුවර දළදා මාලිගාව

 අනුරාධපුරය රුවන්වැලිසෑය
සිංහරාජ වැසි වනාන්තරය
 සීගිරිය
 සිංහරාජ වැසි වනාන්තරය
 ගාල්ල කොටුව
  රංගිර දඹුල්ල
පොලොන්නරුව ගල්විහාරය

කාලතුවක්කු ප‍්‍රහාර විසි දෙකකින් බෑට කෑ චේතියගිරි රජ මහා වෙහෙර

පදවිය - පරාක‍්‍රමපුර - ශ්‍රීපුර රජ කාලයේ පටන්ම ගොවි කමේ මුල් ගම්බිම්ය. ඒ බව සනාථ කරන විශාල වැව් රාශියක් අදත් මේ ගම්මාන වල හැමතැනකම වාගේ දැකගත හැකිය. ඒවා ප‍්‍රතිසංස්කරණය කරවා අක්කර දහස් ගණන් අස්වද්දන කුඹුරු මැදවච්චිය හන්දියෙන් හැරී පදවිය බලා එද්දී මඟ දෙපසම දිස්වේ. ගොවිකමට ශූර පදවි - පරාක‍්‍රමපුර වැසියන්ගේ උත්තම පුණ්‍ය භූමියකට අද අපි රජමහා වෙහෙරක කතාවෙන් ගොඩ වෙමු.

අනුරාධපුර නගරයේ සිට රඹෑව - මැදවච්චිය කැබිතිගොල්ලෑව - පදවිය පසුකරමින් අපේ ගමන වැටී තිබේ. පරාක‍්‍රමපුර ඇළ අසල හන්දියට පෙනෙන දුරින් ඓතිහාසික චේතියගිරි රජමහා විහාරය පිහිටා තිබේ. අනුරාධපුරයේ සිට පරාක‍්‍රමපුරට දුර කිලෝ මීටර් 64කි. මේ ඉපැරණි විහාරය අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවි ජනපදයට අයත්ය.
චේතියගිරි රජමහා විහාරය, පරාක‍්‍රමපුර පිහිටි බුද්ධංගල, තෝනිගල, රාජපොකුණ ආදී අනෙකුත් පැරණි විහාර අතරින් එකකි.
විහාරයේ මුල් යුගය පිළිබඳව තොරතුරු සොයා බලද්දී චේතියගිරි විහාරය අනුරාධපුර යුගයේ මුල් කාල සමයට අයත්ය. ඒ අනුව දේවානම්පියතිස්ස රාජ සමය හෝ ඊට ආසන්න කාලයක මේ විහාරය ගොඩ නැගෙන්නට ඇති බව විශ්වාස කළ හැකිය. පදවි ජනපදයේ පිහිටි ඉපැරණි මට්ටමේ බොහෝ වෙහෙර විහාර අනුරාධපුර මුල් යුගයට නෑකම් කියයි. ඒ බව සනාථ කළ හැකි ශිලා ලේඛන හෝ වංශ කතා විස්තර හමු නොවුණත් පුරාවිද්‍යාත්මක ලක්‍ෂණ පිරික්සා බලද්දී විහාරයේ පැරණි බව තහවුරු කරගත හැකිය. විශේෂයෙන් කැටයම් නොකළ සඳකඩ පහන් කිහිපයක්, කැටයම් නොකළ මුරගල් හා අනුරාධපුර මුල් සමයේදී බුදු පිළිමය වෙනුවට වන්දනා මාන කළ සිරිපතුල් ගල් කිහිපයක් චේතියගිරි රජමහා වෙහෙර තැනින් තැන දැකිය හැකිවේ. විශේෂයෙන් මේ සිරිපතුල් ගල් වල බුදු සිරිපාදය සියුම් කැටයම් සහිතව නෙළා තිබේ. මෙවැනි සිරිපතුල් ගලක් කොළඹ කෞතුකාගාරයේ හෝ දැකිය නොහැකි බව විහාරාධිපති කුඩාහල්මිල්ලෑවේ රතනසාර නාහිමියෝ අපට පැවසූහ.
විහාර බිම තැනින් තැන පිහිටි කුඩා ගල් කුළු අතරේ ඉදිකර ඇති විහාරාරාංග දැකුම්කළුය. එයින් ලම්බාකාර ගල් කුලක ඉදිකර ඇති චෛත්‍යය බැලූ බැල්මට වෙනස් ආරක් ගනී. මේ චෛත්‍යය කුඩා ගල් කුලක් මත ඉදිකර ඇති නිසා චේතියගිරි නමින් මේ ස්ථානය හඳුන්වන බව කියැවේ. දැනට චෛත්‍යය ඉදි කර ඇති ස්ථානයේ ඉපැරණි චෛත්‍යයක නටඹුන් තිබී ඇත. ඉන් පසු එම ගරා වැටුණු චෛත්‍යය මත්තේ නව චෛත්‍යය ගොඩ නංවා තිබේ. ඒ 1961න් පසු කාලයේය. චෛත්‍යයට නැගෙනහිර දෙසින් පැරණි විහාර මැදුරේ නටඹුන් අදත් දක්නට ලැබේ. එහි පැතලි උළු සෙවිලි කර තිබී ඇති අතර චෛත්‍යය ආසන්නයේ එම උළු තවමත් දක්නට ලැබේ.
පැරණි ගල් පඩි පෙළ, ගල් කණු, කොරවක් ගල් රාශියක් විහාර බිම තැනින් තැන පිහිටා තිබේ. මේ හරහා පැහැදිලි වන ප‍්‍රධාන කරුණු කිහිපයක් තිබේ. පෙර රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ නොමද අනුග‍්‍රහයද මේ ස්ථාන ලක්වී ඇති බව ඉන් එකකි. වවුනියාව, මුලතිව්, ත‍්‍රිකුණාමලය ආදී දිස්ත‍්‍රික්කවලට ආසන්නයේ මෙවන් ඓතිහාසික ශ්‍රී විභූතියක් පිහිටි පැරණි විහාර පැවතීම අනුව පෙනී යන්නේ මේ ප‍්‍රදේශවල අතීතයේ පටන්ම බෞද්ධ ප‍්‍රබෝධයක් හා සශ්‍රීක ජනපද බොහෝ පවතින්නට ඇති බවය. විටෙක මේ සා ඉපැරණි නටබුන් අපට දකුණේ සමහර ප‍්‍රදේශවලදීද හමු නොවුණි.
විහාරාධිපති හිමියන් පවසන ආකාරයට මේ චේතියගිරි රාජමහා විහාරයට දේවානම්පියතිස්ස මහසෙන්, සද්ධාතිස්ස, මහා පරාක‍්‍රමබාහු යන රජවරුන්ගේ අනුග‍්‍රහය ලැබී තිබේ.
විහාර මළුව එදා ගල් බැම්මකින් ආවරණය වී තිබී ඇත. නමුත් පසුකාලීනව එම ගල් බැම්ම විසිරී ගොස් තිබේ. එහි ගල් කුට්ටි තවමත් තැනින් තැන දැකිය හැකිය.
ඉතිහාසය පුරා ඉතා දියුණුව, සශ්‍රීකව පැවැති මේ ප‍්‍රදේශ කාලයාගේ ඇවෑමෙන් වනගත විය. මෑත යුගයේ දියුණුව ඇරඹෙන්නේ ඞී.ඇස්. සේනානායක මහතා පදවිය වැව යළි ප‍්‍රතිසංස්කරණය කරවා ගොවි ජනපද ආරම්භ කිරීමට මුල් අඩිතාලම දැමීමෙන් පසුවය. 1959 දී පරාක‍්‍රමපුර චේතියගිරි විහාරයට වැඩම කළ මාමඩුවේ රතනසාර නාහිමියන් මේ විහාරය සොයාගෙන මෙතැන පොල්අතු මඩුවක් තනා එහි කල් ගත කළහ. එකල පදවි ජනපදයෙහි මිනිසුන් පදිංචි කළ අතර අවට ගම්බිම්ද ජනාකීර්ණ වන්නට පටන් ගත්තේය.
1961 අවසාන කාලයේ මේ විහාරයට වැඩම කළ කුඩා හල්මිල්ලෑවේ රතනසාර නාහිමියන් (වැලිඔය හාමුදුරුවෝ) තවමත් මේ විහාරය ඇතුළු පදවිය-වැලිඔය වෙහෙර තැන්න ප‍්‍රදේශ වල පැරණි විහාර රාශියක් ගොඩ නංවා, ගොවිජනපද ඇතිකරවා මේ ප‍්‍රදේශවල වෙසෙන කාගේත් ගෞරවයට, පූජනීයත්වයට පත්වන මහා වැඩ කොටසක් කරගෙන යමින් සිටිති.
උන්වහන්සේ මෙහි වැඩම කිරීමෙන් පසු මේ පළාතකවත් උසස් පෙළ පන්ති නොතිබූ සමයක ගුරුවරුන් යොදවා උසස් පෙළ පන්ති ආරම්භ කළහ. දහම් පාසලක්, පෙර පාසලක්, ඉංග‍්‍රීසි පාසලක්, ජුකී මැෂින් පුහුණුවක් ආරම්භ කළහ. ඒ හරහා ගොවි ජනපද වල වෙසෙන දරුවන්ට අලූත් ලෝකයට ප‍්‍රවිශ්ඨ වීමේ මාර්ග ඇති කළහ. මේ දියුණුව පසුකාලය වෙද්දී පරිගණක තාක්‍ෂණය දක්වා දියුණු කර දරුවන්ට ලබාදීමට නාහිමියන් මුල්වූහ. ඒ සියලූ දේ අතරේ විහාර බිමේ දර්ශනීය බුද්ධ මන්දිරයක්ද ඉදි කළහ. එහි විශාල සමාධි පිළිම වහන්සේ දකින අයගේ පින් සිතිවිලි පහළ කරන අපූර්ව නිර්මාණයකි. විහාර ගෙය පුරා බුද්ධ චරිතයේ සිදුවීම් ලිය වැල්, ජාතක කතා අගනා සිතුවම් දක්නට ලැබේ. එසේම ඝණ්ඨාර කුළුණ, අටවිසි බුද්ධ මන්දිර හා විහාරයේ දැකුම්කළු උද්‍යාන සැලැස්ම තුළ නාහිමියන්ගේත් ශිෂ්‍ය පරපුරේත් දැක්ම, ජාතික ආගමික කැක්කුම, නිර්මාණශිලීභාවය දකින්නවුන්ට පසක් කර දෙයි.
විහාර බිම පසෙක පිහිටියේ පැරණි බෝධීන් වහන්සේ නමකි. පදවිය-පරාක‍්‍රමපුර අවට සියලූම ගම්මාන වලට 1984න් පසු ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රබල ප‍්‍රහාරයන්ට මුහුණ දෙන්නට සිදුවිය. විශේෂයෙන් මේ විහාරයත් නාහිමියනුත් ඉලක්ක කර කාලතුවක්කු ප‍්‍රහාර 22ක් එල්ල විය. එහි සංඥා ලැබෙන විටම පෙරපාසල් දරුවන් වළකට රිංගවා නාහිමියන්ද ආරක්‍ෂා වෙන්නට සෑම විටම වගබලා ගත්හ. එනිසා විහාර බිමට වැටුණු කාලතුවක්කු ප‍්‍රහාර 22න් එකකින් හෝ කිසිවකුටත් කිසිම තුවාලයක් සිදුවූයේ නැත. නමුත් විහාරයේ ගොඩනැගිලි රාශියකට අලාභහානි සිදුවිය. දැන් ඒ කුරිරු යුද්ධයද හමාරය. ප‍්‍රදේශ ශීඝ‍්‍රයෙන් ජනාකීර්ණ වෙමින් පවතී. අවට ගම්මානවල නව ජනපද පිහිටුවමින් යයි. යුද්ධය නිමාවී සැනසුම් සුසුම් විඳින ජනතාව අතරේ ඔවුන්ගේ උතුම් පින් බිමකට අද අපි රජ මහ වෙහෙරක කතාවෙන් ගොඩ වූයෙමු. පදවිය ජනපදයේ බෞද්ධ ප‍්‍රබෝධය විඳගන්නට ඔබටත් අවස්ථාව ලැබේවා.
සටහන හා ඡායාරූප: අසංක ආටිගල
2011 නොවැම්බර් මස 06 | ලංකාදීප කර්තෘ මණ්ඩලය





අනුරාධපුර මුල් යුගයට අයත් පියගැටපෙළ.