උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

ලොව විශාලම ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව

 රුවන්වැල්ලේදී ඉදිකෙරේ


කාර්මික ශිල්පීන් පිළිමය නෙලීම සඳහා ගල සකස්‌ කරමින් සිටි අයුරු.
ධම්මකිත්ති හිමියෝද ඒ අසල වෙති.

රුවන්වැල්ල - හුඹස්‌වලාන ශ්‍රී ශෛලබිම්බාරාම පුරාණ මහා විහාරස්‌ථානයට සමීප සුවිසල් ගල් පර්වතයක ලොව විශාලම ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව නෙළීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී. එම විහාරස්‌ථානයේ විහාරාධිපති අමරපුර මහා නිකායික සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක නාරංගස්‌තැන්නේ ධම්මකිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිහිටුවා ඇති රන්වැලි ශෛලමය බුද්ධ ප්‍රතිමා කමිටුවේ අධීක්‍ෂණය යටතේ නිමවෙන මෙම බුදු පිළිමයේ දිග අඩි 80 කි. සිරසෙහි උස අඩි 11 කි. සිරිපතුල ප්‍රදේශය අඩි 9 කි. එසේම සිරස තබන කොට්‌ටය අඩි 11 කි. බුදුරදුන් මෙරටට වැඩමකර සිරිපතුල තැබූ සමනොල ගිර මෙම පර්වත මස්‌තකයට මැනවින් දිස්‌වන බැවින් මෙකී පිළිමය උන්වහන්සේ දිවා විහරණය පිණිස දිවා ගුහාවේ සැතපී සිටින අයුරින් සමනොල ගිරට මුහුණ ලා නිර්මාණය කිරීමද මෙහිදී සුවිශේෂී කරුණක්‌ වී ඇත.
මෙම පිළිමය නෙලීමේ කටයුතු ප්‍රදේශයේ මහා සංඝරත්නයේ හා මැති ඇමැතිවරුන්, ප්‍රභූවරුන් පිරිසකගේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය ඔක්‌තෝබර් මස 29 වැනිදා ආරම්භ වූ අතර වසර තුනකින් නිම කිරීමටද කටයුතු යොදා ඇත.
ගම්පොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගල් වඩුවන් කිහිප දෙනකු අතින් පිළිමය නෙලීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර ඊට රුපියල් හත්කෝටි තිස්‌තුන් ලක්‍ෂයක්‌ වැයවන බවටද ගණන් බලා ඇත. මෙහිදී මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ ධම්මකිත්ති නාහිමියෝ මෙසේ පැවැසූහ. අප අතීත සංස්‌කෘතික උරුමයන් ගැන ආඩම්බරයෙන් කතා කරනවා. වර්තමානයේත් එවැනි දේ කළ හැකි බව සනාථ කිරීම මෙහි එක්‌ අරමුණක්‌. අනෙක මේ මගින් සබරගමුවටත් ඓතිහාසික පදනමක්‌ වැටෙනවා. එසේම කිසියම් දිනයක පූජා කරනු ලබන මුදල්වලින් ප්‍රදේශයේ විහාරස්‌ථාන දියුණු කිරීමටද පියවර ගන්නවා. මෙය මට අභියෝගයක්‌ නොවෙයි. ඒ වගේම කැමැති අයෙකුට මෙයට දායකවන්නත් පුළුවනි.


මේ පිළිබඳ විස්‌තර 0363862259 හා 0719990409 යන දුරකථන අංකවලින් ලබාගත හැකි බවද උන්වහන්සේ පැවැසූහ.
රුවන්වැල්ල - විමලරත්න සමරක්‌කොඩි
2013 මාර්තු  22 සිකුරාදා දිවයින