උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

සිංහලයාගේ ජාතික උළෙල වෙසක්‌ උත්සවයයි


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ 
මහාචාර්ය දයා අමරසේකර

වෙසක්‌ පුන් පොහෝ දිනය බෞද්ධයාගේ පරම පූජනීය දිනයයි. වෙසක්‌ බෞද්ධයාගේ උත්කෘෂ්ට පෝය දිනය බවට පත්ව ඇත්තේ ද එහි ඇති මෙම පරම පූජනීයත්වය නිසාය. වෙසක්‌ දිනයේ මෙම ආගමික වැදගත්කමට අමතරව සිංහල බෞද්ධයන්ගේ ජාතික ඉතිහාසය තුළ ද වෙසක්‌ උත්සවයට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිවෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකරයන්ගේ මතයයි. වෙසක්‌ උත්සවය සිංහලයාගේ ජාතික උළෙල ලෙස ඔහු හඳුන්වන්නේ අපේ ඉතිහාසයේ ගමන් මග සියුම්ව විශ්ලේෂණය කරමිනි.

ජාතියක්‌ හැටියට ගත්තොත් අපට ආවේණික උත්සව රාශියක්‌ හඳුනාගන්න පුළුවන්. බොහෝ ජාතීන්ට නොමැති සුවිශේෂී අවස්‌ථාවන් රාශියක්‌ මෙසේ උත්සව ලෙස සමරන රටක්‌ අපේ රට. මේ උත්සව රටක්‌, ජාතියක්‌ වගේම පුද්ගලයා තුළත් ඇති කරන බලපෑම සමාජ විද්‍යාත්මකව විග්‍රහ කරන්නේ කොහොමද?

උත්සව සහ සංදර්ශන කියන්නේ සමාජයක සිටින්නන්ගේ ක්‍රියාකාරකම් ටිකක්‌. මේ ක්‍රියාකාරකම් ඒ රටේ සංස්‌කෘතික පරිසරය අනුවයි හැඩගැසී තිබෙන්නේ. ඒ නිසා අප කුඩා කල සිට හැදී වැඩුණු සමාජ සංස්‌කෘතික පරිසරයෙන් අප ලද අධ්‍යාත්මික හා ආචාර විද්‍යාත්මක බලපෑම පෙන්වන විචිත්‍ර අවස්‌ථා විදියටයි මේ උත්සව තේරුම්ගත යුත්තේ. දෙවනුව උත්සව අපට දෙයාකාරව හඳුනා ගන්න පුළුවන්. පළමුවැනි වර්ගය ජීවිත ප්‍රතිසංස්‌කරණ උත්සව. කෙනකුගේ ජීවිතය අලුත් විදියට සකසා ගැනීමයි මෙහිදී සිදු වන්නේ. මේ අලුත්වීම ඊට භාවිතය වන අයටත් ඔවුන්ගේ ඥතීන්ටත්, අසල්වැසි ලෝකයාටත් නිවේදනය කිරීමට මේ උත්සව පවත්වනවා. ඔවුන් අලුතින් ලබපු තත්ත්වයක්‌ ගැන ඒ අයටත්, ඥතීන්ටත් මුළු ලෝකයාටත් දැනුම්දීමක්‌ මේකෙන් සිද්ධ වෙනවා. විවාහය, වැඩිවියට පත්වීම, මරණය වැනි සිදුවීම් පිළිබඳ මෙබඳු උත්සව දැකිය හැකියි. සමාජ ප්‍රතිසංස්‌කරණ උත්සවයකින් කරන්නේ එකම සිදුවීමක්‌ මූලික කරගෙන මුළු රටම නැවත සකස්‌ වීමකට පිබිදීමට පත් කිරීමයි. සිංහල අලුත් අවුරුද්ද වගේම වෙසක්‌ උත්සවයත් මෙම සමාජ ප්‍රතිසංස්‌කරණ උත්සව දෙකක්‌.

මේ උත්සව අතරේ වෙසක්‌ උත්සවයට තියෙන්නේ ආගමික ස්‌වරූපයක්‌. එයින් කියෑවෙන්නේ වෙසක්‌ ජාතික වැදගත්කමක්‌ නැති නිකම් පෝය දවසක්‌ කියන එකද?

නෑ. වෙසක්‌, පෝයක්‌ වෙන්නේ අනිත් හැම පෝයටම වගේ වෙසක්‌ පෝයදාත් සිදුවුණ සුවිශේෂී සිදුවීම් ටිකක්‌ නිසයි. මුළු ලොව පුරාම බෞද්ධයන්ට වෙසක්‌ කියන්නෙ තෙමඟුල සිදුවුණ දවස. ඒත් ඉන් එහාට ගිය වැදගත් කාරණා කීපයක්‌ වෙසක්‌ ගැන සිංහල බෞද්ධයන්ට තියෙනවා. අපේ රට බහුවාර්ගික රටක්‌ වුවත් අපේ අනන්‍යතාව මේ රටේ අනන්‍යතාව ගොඩනැඟෙන්නෙ බෞද්ධකම තුළින්. ශ්‍රී ලාංකීය ජනගහනයෙන් බහුතරය සිංහල බෞද්ධයන්. පෘතුගීසි බලපෑමෙන් සිංහල කොටසක්‌ 1505 පසුව කතෝලික ආගම වැළඳගත්තා. පසුව 1707 තරම් කාලෙක ජුසේ වා ස්‌, ජාකොමේ ගොන්සාල්වේස්‌ වැනි ඔරිතෝරියානු නිකායේ පූජකවරුන්ගේ සමාජ පිරිසක්‌ කතෝලික ආගමත්, ලන්දේසි බලපෑමෙන් තව පිරිසක්‌ කිතුනු රෙපරමාදු ආගමත් වැළඳ ගත්තා. මේ සමග ඉස්‌ලාම් දහම මුස්‌ලිමුන්ගේaත්, හින්දු ආගම ද්‍රවිඩයන්ගේත් උරුමයක්‌ ලෙස පවතිනවා. මෙබඳු තත්ත්වයක තවමත් මේ රටේ ප්‍රධාන ජාතික ආගම ලෙස බහුතරය පිළිගන්නා බුදු දහම මේ රටේ සමාජ ව්‍යqහය තුළ අන් සියලු ආගම්වලට වඩා තදින් මුල් බැස තියෙනවා. ඒ නිසා අපේ ජාතික සම්ප්‍රදාය, ජාතික චින්තනය කියන හැම එකක්‌ම පදනම් වෙන්නෙ බුදු දහමට. අපේ රටේ අනන්‍යතාව බුදුදහමයි. ඒ අනන්‍යතාව ඇතුලෙ අනෙක්‌ ආගමිකයන්ට වැඩෙන්න ඉඩ හසර තියෙනවා. එහෙම නම් වෙසක්‌ අපේ අනන්‍යතාව මූර්තිමත් කරන ජාතික උළෙලයි. ආගමික අර්ථයෙන් පමණක්‌ වෙසක්‌ දිහා බලන එක වැරැදියි. මේක තවත් එක පෝයක්‌ විතරක්‌ නෙමෙයි. 

තුන් හෙළයේ මහා ජාතික මංගල්‍යය ලෙස සිංහල අලුත් අවුරුද්ද සැලකීමටයි අපි පුරුදුව සිටින්නේ. ඒ තැන ඔබ වෙසක්‌ උත්සවයට දෙන්නෙ කුමන පදනමක්‌ මතද?

සිංහල අලුත් අවුරුද්ද අපේ බෞද්ධ සම්ප්‍රදායයේ උත්සවයක්‌ නොවේ. ආකෘතිය අතින් බැලුවහම ඒක හින්දු වෛදික සම්ප්‍රදායන් මුල් කරගත්තු සිංහලයන්ගේ උත්සවයක්‌. අනුරාධපුර ඉඳල නුවර තෙක්‌ අපේ රාජ්‍ය ඉතිහාසයේම බක්‌මහට යෙදෙන අවුරුද්දක්‌ වැනි උත්සවයක්‌ ගැන යාන්තමට අහන්න තියෙන්නෙ නුවර යුගයේ විතරයි. නක්‍ෂත්‍රය මූලික කර ගත්තු මේක බෞද්ධ සදාචාර ධර්මයෙහි අංගුත්තර නිකායේ මංගල වර්ගයේ එන නැකැත් පිළිබඳ විස්‌තර බ්‍රහ්මජාල, නිත්ථායතන සූත්‍රවල එන නැකත පිළිබඳ විස්‌තර බලන විට පේනවා අපේ බෞද්ධ හරයන්ට හුඟාක්‌ දුර බව. අපි නොනගතය කියන කාලය පවා හින්දු වේදයෙහි දැක්‌වෙන්නේ ඉෂ්ට දේවතාවන් සැමරිය යුතු කාලයක්‌ හැටියට. ඉෂ්ට දේවතා සංකල්පය හින්දු සංස්‌කෘතියෙහි එන්නක්‌. මේ කාලය පුණ්‍ය කාලය වුණේ දහනව වැනි සියවසේ බෞද්ධ සම්ප්‍රදායට ගැලපෙන ලෙස ඒක සකස්‌ කළේ ඈපා ලිතේ නිර්මාතෘ ඈපා අප්පුහාමි විසින්. අද අවුරුද්දේ මතුපිටින් පේන ජන ගී, ජන ක්‍රීඩා ඔක්‌කොම ඔය විදියට බලෙන් එකතු වුණ දේවල්. ඉතින් මේක හෙළයන්ට ආවේණික දෙයක්‌ නොවේ. 

වෙසක්‌ උත්සවය අපේ උරුමයක්‌ වුණේ කොහොමද?

අපේ රටේ පැවතුන ප්‍රධාන ජාතික උත්සව කිසිවක්‌ බුදු දහමින් තොරව ඇරැඹුණු ඒවා නොවෙයි. එදා තිබුණ ප්‍රධානතම උත්සවයක්‌ වුණේ අරියවංස සූත්‍ර දේශනා උත්සවය, ගංගාරෝහණ උත්සවය, ගිරිභණ්‌ඩ උත්සවය, වෙසක්‌ උත්සවය, දළදාව වැඩම වීමේ උත්සවයයි. මේ ඔක්‌කොම නිකම්ම ජාතික උත්සව නෙමෙයි. පැහැදිලි ආගමික අරමුණක්‌ මූලික කරගෙත් ඒවා. අපේ මහා වංශයේත්, ඊට පසුව ලියෑවුණ වංසත්තපකාසිනී නම් මහාවංශ ටීකාවේත්, ධර්ම ප්‍රදීපිකාව, අමාවතුර, ථූපවංශය, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය වැනි කිසිම ධර්ම සාහිත්‍ය ග්‍රන්ථයක සිංහල අලුත් අවුරුද්දක්‌ වෙනුවෙන් කරන උත්සවයක්‌ ගැන නැහැ. ඒත් ඒ හැම එකකම වෙසක්‌ ගැන උත්සවශ්‍රීයෙන් කළ දෑ ලියා තියෙනවා. 

වෙසක්‌ එදා සිටි සිංහල රජවරු රාජානුග්‍රහයෙන් සැමරූ ජාතික උළෙලක්‌ වුණාද?

අපේ අසහාය සිංහල නරපතියා ලෙස සලකන දුටුගැමුණු මහ රජතුමා තමාගේ රාජ්‍යෙdaදයත් සමග ගතවූ සෑම වර්ෂයකම වෙසක්‌ උත්සව 23 පැවැත්වූවා කියන මහාවංශ සදහන කාටවත් අයින් කරන්න බෑ. ඉන්පසුව රජකළ භාතිය, වෝහාරතිස්‌ස, ගෝඨාභය, ජෙට්‌ඨතිස්‌ස, මුගලන්, දෙවන සේන යන රජවරු වෙසක්‌ අපේ ප්‍රධාන ජාතික උත්සවය ලෙස සලකා උත්සවාකාරයෙන් සමරා තියෙනවා. 

අනික මේ උත්සවය රාජ්‍යත්වය සමග කෙලින්ම සම්බන්ධ වූ බවට තවත් උදාහරණ තියෙනවා. සංඝ සමාජය සමග ගැටුම් ඇති කරගත් සීතාවක රාජසිංහ වෙසක්‌ උත්සවයට යම් බාධක පැනවූ බව අප කියවා තියෙනවා. ඉංග්‍රීසින් වරක්‌ වෙසක්‌ නිවාඩුව අවලංගු කළ බවක්‌ කියවෙනවා. මින් පේනවා වෙසක්‌ අපේ ජන ජීවිතයට තදින්ම බැඳුණු සාමාජික අවස්‌ථාවක්‌ බව. ඒක නිකම්ම පෝයක්‌ විතරක්‌ නෙමෙයි. සිංහල අලුත් අවුරුද්දට මෙහෙම හරවත් ඉතිහාසයක්‌ නෑ. ක්‍රි.පූ. 01 සියවසේ සිට 10 වන සියවස තෙක්‌ වෙසක්‌ උළෙලේ ඓතිහාසික පසුබිම වල්පොල රාහුල හිමියන් ලක්‌දිව බුදු සමයේ ඉතිහාසයේ ලියා තිබෙනවා. 

වෙසක්‌ උළෙල ජාතික උළෙලකට වඩා වෙසක්‌ සැණකෙළියක්‌ ලෙස සැලකීමයි අද දැකිය හැක්‌කේ. මේ සැණකෙළි ස්‌වරූපයට වෙසක්‌ පෝය පත්වුණේ කොහොමද?

මේක ආගමක්‌ හැටියට බුදුදහම නවීකරණය කිරීමට දරනු ලැබූ උත්සාහයක්‌ විදියට හඳුන්වන්න පුළුවන්. ලංකාව යටත් විජිතයක්‌ව පැවතුණු යුගයේ අවසාන කොටස වන විට මේ රටේ මිෂනාරී බලය පැවතුණා. බෞද්ධයෙකු වීම බොහෝ දේ අහිමිවීමක්‌ ලෙස එදා සමාජයේ පිළිගැනීමක්‌ වුණා. මේ නිසා බෞද්ධයන් තුළ යම් පිබිදීමක්‌ ඇති කිරීමේ අවශ්‍යතාව පැවතුණා. එම පිබිදීම ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය තුළ පැවති විචිත්‍ර වර්ණවත් දේවල් ආශ්‍රයෙන් භෞතිකව සිදු කිරීමටත්, ආධ්‍යාත්මිකව සියල්ලන් එකම හැඟීAමකින් ඒකරාශි කිරීමටත් අවශ්‍ය වුණා. 1880 දී ලංකාවට පැමිණි සෙන්පති ඕල්කොට්‌ මේ තත්ත්වය විග්‍රහාත්මකව තේරුම් ගත්තා. පානදුරාවාදය කියවා බෞද්ධයකු වී ලංකාවට පැමිණි ඔහු නිකම්ම ධර්මය දේශනා කරන තැනට ගියේ නෑ. වෙසක්‌ සුබ පැතුම් සැරසිලි, බැති ගී ආදිය ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට අනුරූපව ඔහු සමාජගත කරා. බෞද්ධයන් ඒකරාශි කිරීමට ෂඩ් වර්ණය සහිත බෞද්ධ කොඩියක්‌ නිර්මාණය කළා. බෞද්ධ පෙරහැර හා දහම් පාසල මෙන්ම රට පුරාම ඉංග්‍රිසියෙන් වැඩ කරන නවීන අධ්‍යාපනය උගන්වන බෞද්ධ කොලීජි ආරම්භ කළා. වෙසක්‌ උළෙල අද තියෙන තත්ත්වයට විචිත්‍ර සැණකෙළියක්‌ වුණේ මෙබඳු පසුබිමක. ඒ සමග වෙසක්‌ නිවාඩුව නැවත ඇති කර ගැනීමටද මේ තත්ත්වය හේතු වුණා. මේක බුදු දහම නවීකරණය වීමක්‌. බුදුදහම අරභයා වෙසක්‌ උළෙල තුළින් ලද නවීකරණයක්‌.

අතීතයේ ඉඳලම පැවතුණු වෙසක්‌ උත්සවයෙන් අපගේ ජීවිතවලට ලැබුණ බලපෑම අපි හඳුනා ගන්නේ කොහොමද?

ඕනෑම උත්සවයකින් ලබන බලපෑම අපිට අංශ තුනක්‌ යටතේ කතා කළ හැකියි. එනම් ආධ්‍යාත්මික, සදාචාරාත්මක හා විනෝදාත්මක වශයෙන්. ආධ්‍යාත්මික වශයෙන් වෙසක්‌ කියන්නේ ප්‍රතිපත්ති හා ආමිස පූජා දෙකම එකට එක්‌තැන් කරන අවස්‌ථාවක්‌. අලුත් අවුරුද්දේ ආධ්‍යාත්මික කාරණා නොනගතය පුණ්‍ය කාලය වෙලාවේ පන්සල් යැම කියන රඟපෑමකට සීමා වනවා. රහමෙර පානය, ගව ඝාතනය සඳහා එක එල්ලේ සමාජ සංස්‌කෘතික බාධක අලුත් අවුරුද්ද තුළ නැහැ. ඒත් වෙසක්‌ පව් බස්‌සන පිනට දිරිදෙන චිත්තවේගී බලයක්‌ ඇති කරන දිනයක්‌. සදාචාරාත්මක පැත්තෙන් බලතොත් මේක මිනිසුන් තුළ ඉබේම සමාජ පාලනය ඇති කෙරෙන දිනයක්‌. අවුරුද්ද මුළුමණින්ම අරක්‌කුවලින් පාලනය කළත් වෙසක්‌දා රහමෙර පානයට පුද්ගලයා අධෛර්යමත් කරන දිනයක්‌. විනෝදාත්මක පැත්තෙන් බලතොත් වෙසක්‌ විචිත්‍ර සැරසිල්ලෙන් පරිසරය බබලවන කාලයක්‌. අවුරුද්ද හදිසි අනතුරු, මිනීමැරුම්, කලකෝලාහල පිරුණු කාලයක්‌ වුණත් වෙසක්‌ ශ්‍රද්ධාව පතුරුවන කාලයක්‌. වෙළෙන්දන්ගේ ආර්ථිකය වඩවාලන අවුරුද්දට වඩා අපේ සිත ගත නිවා පුබුදන ගුණයක්‌ වෙසක්‌ තුළ තියෙනවා. 17 වැනි සියවසේ දී රොබට්‌ නොක්‌ස්‌ අවුරුදු විස්‌සක්‌ මේ රටේ ඉඳපු කෙනෙක්‌. ඔහු පවසන අන්දමට අලුත් අවුරුද්ද සමරන්න පෙර මාර්තු මාසෙ දවසක ශ්‍රී මහ බෝධිය හා ශ්‍රී පාදය මුල් කරගෙන විශාල බෞද්ධාගමික උත්සව දෙකක්‌ පවත්වා තිබෙනවා. ඉන් පේනවා ඒ කාලෙ තිබූ අලුත් අවුරුද්දට පෙර බෞද්ධ ප්‍රබෝධයක්‌ මේ රටේ තිබූ බව. 

දැනට අපේ රටේ පිළිගන්නෙ ක්‍රිස්‌තු වර්ෂ ක්‍රමය. ඒ වගේම ශක වර්ෂවලිනුත් අපේ ඉතිහාසය තුළ කාල නිර්ණය කර තිබෙනවා. වෙසක්‌ අපේ ජාතික උළෙල නම් මේ තත්ත්වයෙහිත් වෙනසක්‌ සිදුවිය යුතුයි නේද?

ඇත්තටම ක්‍රිස්‌තු වර්ෂයක ආරම්භය ජනේරුව විදියට අද අපි පිළිගන්නවා තමයි. මේ ජනේරු උත්සවය ග්‍රීක රෝම සමාජවල පැවතුන සූරිය මංගල්ලයක්‌ ගැන හිතා ගණිතමය චක්‍රයකට අනුව හදාගෙන තිබෙනවා. පසුව සූරිය මංගල්ලය කියන එක ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපත සිහි කරන නත්තල බවට පත්වෙලා. අද අපි පාවිච්චි කරන ක්‍රිස්‌තු වර්ෂ ක්‍රමය දහතුන් වැනි ග්‍රෙගරි පාප්තුමන් 1582 දී ජුලියානු දින දර්ශනය ලෙස පසුව නම් කරා. එහෙම නම් මේක මුළුමනින්ම සිංහලයාට ආගන්තුක වූවක්‌. අනික ශකරාජ වර්ෂය කියන එකත් හරිම අපැහැදිලි ඉතිහාසයක්‌ තියෙන එකක්‌. සිංහල අලුත් අවුරුද්දට ශකරාජ වර්ෂය පදනම් වන වර්ෂය ලෙසයි ලිත්වල තියෙන්නෙ. මේ ශක රාජ වර්ෂය කුෂාන කියන රාජ පෙළපතට අයිති කනිෂ්ක රජුගේ රාජ්‍යෙdaදයත් සමග ඇරැඹුණා කියා කියනවා. ඒත් කුෂාන කියන්නෙ ශක වංශිකයෙක්‌ නෙමේ අපි මේ කිසිවක්‌ නොවිමසා කව්රුත් හදා දුන්න දේවල් පාවිච්චි කරනවා. ඒ වගේම අපි දැනගන්න ඕන ක්‍රි. වර්ෂ ක්‍රමය ලෝකයේ තියෙන එකම කාල නිර්ණය නොවන බව. මුස්‌ලිම්වරුන් හිඡ්රි වර්ෂ ලෙස ආධ්‍යාත්මිකව පිළිගන්නා තවත් වර්ෂ ක්‍රමයක්‌ තියෙනවා. මේක සැකසී තියෙන්නේ මහම්මත්තුමා මක්‌කම සිට මදීනා තෙක්‌ ගිය හිඡ්රා කියන ශුද්ධ චාරිකාව පදනම් කොටගෙනයි ඒක චන්ද්‍ර මාස ක්‍රමය අනුවයි හදාගෙන තියෙන්නෙ. අපි බෞද්ධයන් හැටියට අපේ ඉතිහාසයේ කිසිදු තැනක ශක වර්ෂ ගැන කියා නැහැ. මහාවංශය ඇතුළු ප්‍රධාන ඓතිහාසික මූලාශ්‍රවල කාල නිර්ණය කර තියෙන්නෙ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර ගණන් කරන ක්‍රමයට. එහෙම නම් සම්බුද්ධ පරිනිර්වාණය සිදු වුණේ වෙසක්‌ දවසේ. මහා වංශයට අනුව විජයගේ පැමිණීම සිදු වුණෙත් වෙසක්‌ දවසේ. අපේ ඉතිහාසයේම යුග වකවානු නිර්ණය කරන දවස වෙන්නෙත් වෙසක්‌ දවසයි. 

වෙසක්‌ උළෙල සිංහලයාගේ ජාතික උළෙල බවට පත් කරන්න අපට එයට එකතු කරන්න අලුත් විශේෂාංග තියෙනවද?

පළමුවෙන් අපි වෙසක්‌ ආධ්‍යාත්මික, සදාචාරාත්මක හා විනෝදාත්මක කියන තුන් අංශයෙන් පරිපූර්ණ උළෙලක්‌ කරගන්න ඕන. මා හිතනවා වෙසක්‌ පෝය ලබන මොහොත පවා ඝණ්‌ඨා නාදයෙන් වටිනා අවස්‌ථාවක්‌ කියන පණිවිඩය අපි දෙන්න ඕන. ආමිස ප්‍රතිපත්ති පූජා වගේම පෙරහැර හා දන්සැල් මගින් එකමුතුව සහජීවනය ඇති කරවන්න ඕන. අපේ රටේ ප්‍රාදේශිකව පවතින පෙරහැර තිහක්‌ පමණ තියෙනවා. මේවා වෙසක්‌ මාසය තුළ පණ ගන්වන්න ඕන. දන්සැල තොරණ දැනට වඩා ශික්‌ෂණය හා ක්‍රමික බවකින් යුතුව සකස්‌ කරන්න ඕන. හිතට සැනසිල්ල වගේම ගතට සතුටක්‌ වයස්‌ භේදයකින් තොරව කාටත් ලබාදෙන ගමන් මිනිස්‌සුන්ට මනුස්‌සකම පිළිබඳව හිතන්න වෙසක්‌ දවස හැඩ ගස්‌සන්න ඕන. සිදුහත් කුමාරයා ගහක්‌ යට ඉපදිලා, ගහක්‌ යටදී බුදු වෙලා ගහක්‌ යටදී පිරිනිවන් පෑව, දෙවියකු නොවුණු උතුම් මනුස්‌සයෙක්‌ කියන පණිවිඩය අපට වෙසක්‌ දවසේ දෙන්න පුළුවන්.

* සාකච්ඡා කළේ
පාලිත සේනානායක
2013 මැයි 19 ඉරිදා දිවයින

ලොව විශාලම ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව

 රුවන්වැල්ලේදී ඉදිකෙරේ


කාර්මික ශිල්පීන් පිළිමය නෙලීම සඳහා ගල සකස්‌ කරමින් සිටි අයුරු.
ධම්මකිත්ති හිමියෝද ඒ අසල වෙති.

රුවන්වැල්ල - හුඹස්‌වලාන ශ්‍රී ශෛලබිම්බාරාම පුරාණ මහා විහාරස්‌ථානයට සමීප සුවිසල් ගල් පර්වතයක ලොව විශාලම ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව නෙළීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී. එම විහාරස්‌ථානයේ විහාරාධිපති අමරපුර මහා නිකායික සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක නාරංගස්‌තැන්නේ ධම්මකිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිහිටුවා ඇති රන්වැලි ශෛලමය බුද්ධ ප්‍රතිමා කමිටුවේ අධීක්‍ෂණය යටතේ නිමවෙන මෙම බුදු පිළිමයේ දිග අඩි 80 කි. සිරසෙහි උස අඩි 11 කි. සිරිපතුල ප්‍රදේශය අඩි 9 කි. එසේම සිරස තබන කොට්‌ටය අඩි 11 කි. බුදුරදුන් මෙරටට වැඩමකර සිරිපතුල තැබූ සමනොල ගිර මෙම පර්වත මස්‌තකයට මැනවින් දිස්‌වන බැවින් මෙකී පිළිමය උන්වහන්සේ දිවා විහරණය පිණිස දිවා ගුහාවේ සැතපී සිටින අයුරින් සමනොල ගිරට මුහුණ ලා නිර්මාණය කිරීමද මෙහිදී සුවිශේෂී කරුණක්‌ වී ඇත.
මෙම පිළිමය නෙලීමේ කටයුතු ප්‍රදේශයේ මහා සංඝරත්නයේ හා මැති ඇමැතිවරුන්, ප්‍රභූවරුන් පිරිසකගේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය ඔක්‌තෝබර් මස 29 වැනිදා ආරම්භ වූ අතර වසර තුනකින් නිම කිරීමටද කටයුතු යොදා ඇත.
ගම්පොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගල් වඩුවන් කිහිප දෙනකු අතින් පිළිමය නෙලීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර ඊට රුපියල් හත්කෝටි තිස්‌තුන් ලක්‍ෂයක්‌ වැයවන බවටද ගණන් බලා ඇත. මෙහිදී මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ ධම්මකිත්ති නාහිමියෝ මෙසේ පැවැසූහ. අප අතීත සංස්‌කෘතික උරුමයන් ගැන ආඩම්බරයෙන් කතා කරනවා. වර්තමානයේත් එවැනි දේ කළ හැකි බව සනාථ කිරීම මෙහි එක්‌ අරමුණක්‌. අනෙක මේ මගින් සබරගමුවටත් ඓතිහාසික පදනමක්‌ වැටෙනවා. එසේම කිසියම් දිනයක පූජා කරනු ලබන මුදල්වලින් ප්‍රදේශයේ විහාරස්‌ථාන දියුණු කිරීමටද පියවර ගන්නවා. මෙය මට අභියෝගයක්‌ නොවෙයි. ඒ වගේම කැමැති අයෙකුට මෙයට දායකවන්නත් පුළුවනි.


මේ පිළිබඳ විස්‌තර 0363862259 හා 0719990409 යන දුරකථන අංකවලින් ලබාගත හැකි බවද උන්වහන්සේ පැවැසූහ.
රුවන්වැල්ල - විමලරත්න සමරක්‌කොඩි
2013 මාර්තු  22 සිකුරාදා දිවයින

රුහුණු පොළොන්නරු රජ මාවතේ නිශ්ශංක ගවුවේ සෙල්ලිපිය


රුහුණේ ජනතාවට අවවාද කරනු සඳහා කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු (1187-1196) විසින් 12 වැනි සියවසේදී රුහුණු රාජ්‍යයේ අගනුවර වූ මනාවුළුපුරය (වර්තමාන අම්බලන්තොටට යාබද රම්බා විහාරය)  සිට පොළොන්නරුව දක්වා වැටී තිබූ මාර්ගයෙහි ගව්වෙන් ගව්වට ”ටැම්ලිපි” පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකාවෙන් අනාවරණය වන ශිලා ලේඛන අතර සුවිශේෂී ශිලා ලිපි වර්ගයක් ලෙස නිශ්ශංකමල්ල ගව්ලිපි, ටැම්ලිපි ගණයට අයත් ගාවුත ලිපි ලෙස හැඳින්වීමට හැක.

විශේෂයෙන්ම රුහුණු වැසියන්ගෙන් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුට මුහුණ දීමට සිදුවූ බාධාවන්  මෙන්ම එවක රාජ්‍ය තත්ත්වයන් පිළිබඳවත් රුහුණේ මානාවුළුපුරයේ සිට පොලොන්නරුව  දක්වා වැටී තිබූ මාර්ගය පිළිබඳව නිවැරදිව කරුණු අවබෝධ කර ගැනීමටත් නිශ්ශංකමල්ල ගව්ලිපි මගින් ලැබෙනා සේවය ඉතා වටිනේය.

මෙම ගව්ලිපි ක‍්‍රිස්තු වර්ෂ 12 වැනි සියවසේ අක්ෂර සහිතව ශිලාස්ම්භය අවසානයේ ”නිශ්ශංක ගවුවයි”  යනුවෙන්ම කොටවා තිබීම මෙම ශිලා ලේඛන නිශ්ශංකමල්ල රජුගේම බව පැහැදිලිවම හඳුනාගත හැක.ගව්වක් යනු යොදුනෙන් හතරෙන් පංගුවකි. ගව්වෙන් ගව්ව නිශ්ශංකමල්ලයන් විසින් පිහිටවූ මෙම ලිපි මුළු මහත් රෝහණයෙන්ම. විශාල ලෙස සොයා ගැනීමට පසුකාලීනව හැකියාව ලැබුණි.
මෙම ගව්ලිපි විශේෂය පිළිබඳව ප‍්‍රථමවරට අවධානය යොමුකළ ආචාර්ය එඞ්වඞ් මුලර් නම් අබිලේඛනඥයා (Ancient Ceylon 2005p-125) ප‍්‍රථමයෙන්ම ගව්ලිපි දෙකක් පිළිබඳව ඔහුගේ අවධානය යොමුකළේය. ඒවා නම් දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වැලිගත්ත නම් ස්ථානයෙන් සොයාගත් ගව් ලිපියත්, ඌව පළාතේ බුත්තලට නුදුරු කටුගහගල්ගේ නම් ස්ථානයෙන් සොයාගත් ගව්ලිපිය පිළිබඳව ඔහුගේ Ancient Inscriptions of Ceylon   නම් කෘතියෙන් කරුණු දක්වා ඇත.
තවද නිශ්ශංකමල්ල ගව්ලිපි පිළිබඳව කරුණු සොයා බැලූ දෙවැන්නා වනුයේ පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන ශූරීන්ය. ඔහු කටුගහගල්ගේ සහ යුදගනාව ස්ථානවලින් සොයාගත් ගව්ලිපිවල කරුණු අධ්‍යනය කර කටුගහගල්ගේ ගව්ලිපියේ සංස්කරණයක්, 1933 වර්ෂයේදී ප‍්‍රකාශයට පත්කළ "Epigraphia Zeylanica” අබිලේඛන සංහිතාවේ තෙවැනි වෙළුමේ දක්වා ඇත.

මෙලෙස සුවිශේෂී වූ ගව්ලිපි  මොනරාගල දිස්ත‍්‍රික්කයේ, තිඹිරිගස්ආර, අතලේ, බකිනිගහවෙල වීදිය, තිඹිරිය විහාරය, පොතුබද්දන විහාරය සහ ඉලූක්කාපුදෙන නම් ස්ථාන හයකින් ද මෙම ගව්ලිපි අනාවරණය කරගෙන ඇත.

 නිශ්ශංකමල්ල රාජ්‍ය පාලනය ගැන කියවෙනා ඉතාමත් සුවිශේෂී වූ ගව්ලිපියක් සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා රාජමහා විහාරයෙන් ද හමුවේ. මෙම ගව් ලිපියේ පැති තුනක අක්ෂර කොටවා ඇති අතර අක්ෂර කෙටීමේ පහසුවතකා ඉරිරූල් ගසා  ගල්ටැඹ මටසිලිටු කර නිමවා ඇත.

මෙම ගව් ලිපියේ සාමාන්‍යයෙන් අක්ෂරයක ප‍්‍රමාණය අඟල් දෙකේ සිට දෙකහමාර දක්වා විහිදේ. ගව්ලිපියේ විස්තරය මෙසේය.  

 

සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා රාජමහා විහාරස්ථානයේ ඇති නිශ්ශංකමල්ල ගව් ලිපිය
ගව් ලිපියේ පළමු පැත්ත
1. ශ්‍රීං රුණුරජ
2. යෙහි ඇත්ත
3. වුන් කෙරෙහි
4. කරුණායෙන්
5. කියම්හ ධන
6. ධාන්‍යා දැසිදා
7. සයන් ඇති
8. වැ ජීවත්ව
9. න්නා කැමත්
10. තම්භ මයාර
11. ජයෙහි පිටි
12. රජයෙහි ඇ
13. ත්තවුන් අ
14. තින්නින්ද්‍රපරි
15. භවනොඅසා
16. ලොභිවැඅනු
17. න් ගැත්තට
18. අශා නොකො
19. ටැ බත් කෑ බු
20. ලත් කෑ මත
21. ට උධත නො
22. වැරුණෙනි
23. වවාචොයැ
24. සුවාමි ප
25. ක්‍ෂපාත
26. ගැත්තො යැ
27. යි කියවා
28. මනුෂ්‍ය ආ
29. ත්ම ලැබීම


* ගව් ලිපියේ දෙවැනි පැත්ත
1. දුලීලභයැ දු
2. කින් ලත් ආ
3. මයා අනායෙහි
4. නසන භ ධම්ම
5. නොවෙයි සුව
6. යෙන් ජීවත්
7. වන්නා කැමැත්
8. තම්භයි මෙ
9. අවවාද කි
10. යා පඬි රට දෙ
11. වරැුකැගොස්
12. තුලාභාර නැ
13. ගි පාඬි රජ්ජු
14. රුවන්ගෙන්බි
15. සොවරුන් ඇ
16. තුන් අසුන්
17. ආදි වූ අය
18. ගෙනැ සොලී

විහාරාධිපති දෙනගම ධම්මරතන හිමි 

19. රටින් පඬුරු
20. ගෙනැලක්දි
21. වට අවුත්
22. තුන් රජය
* ගව් ලිපියේ තෙවැනි පැත්ත
1. වට කොටස
2. මනොළ ආදි
3. වූ දුර්ග බලා
4. වදාළ කළිග
5. චක‍්‍රවර්තීන්
6. වහන්සෙ තර
7. ම් කළ නිශ්ශං
8. ක ගවුවයි

* අදහස: යහපතක්ම වේවා. රුහුණු රාජ්‍යයෙහි ජීවත් වන්නා වූ ඇත්තන් කෙරෙහි කරුණාවෙන් කියමි. ධන ධාන්‍ය සහ දැසි දස්සන් සහිතව සියලූ සම්පතින් ආඪ්‍යව ජීවත්වීම ඉතා යහපත් වෙයි. මායා රටෙහි සහ පිහිටි රටෙහි ජීවත් වන්නා වූ අයගෙන් නින්දාවට පරිභවට ලක්වීම උචිත නොවෙයි. ලෝභීව අනුන්ගේ දේවල්වලට ආශා කිරීමද රුහුණු වැසියන්ට නොගැලපෙයි.
බත්කෑ බුලත් කෑ පමණින් උද්දච්ච නොවී රුහැණන් ස්වාමි පක්ෂපාති ගැත්තන් විය යුතුය. මනුෂ්‍ය ආත්මය ලැබීම දුර්ලභ වෙයි. දුකින් ලද ආත්මය අර්ථයක් නොමැතිව ජීවත්වීම යහපත් නොවෙයි යනුවෙන් මේ අවවාද ලබා දී පාණ්ඪ්‍ය රාජ්‍යයට දෙවරක් ගොස් තුලාභාර දී පාණ්ඪ්‍ය රජුගෙන් බිසෝවරුන්, ඇතුන් අසුන් ආදී වූ තමාට අයවිය යුතු ලැබීම් ලබා සොලී රටින් ත්‍යාග ලබාගෙන ලංකාවට පැමිණ තුන් සිංහලයම (රුහුණු, පිහිටි, මායා) පැදකුණුකොට සමනොළකන්ද ආදී වූ දුර්ග  බලා පැමිණි කාලිංග චක‍්‍රවර්තී ස්වාමීන් වහන්සේ පිහිටවූ නිශ්ශංක ගව්වයි.

සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා රාජමහා විහාරස්ථානයේ දැනට ඉතාමත් සුරක්ෂිතව ඇති නිශ්ශංකමල්ල ගව් ලිපිය පිළිබඳ අදහස් ප‍්‍රකාශ කරනා වතුරුවා රාජමහා විහාරාධිපති පූජ්‍යපාද දෙනගම ධම්මරතන ස්වාමීන් වහන්සේ,

12 වැනි සියවසේ රාජ්‍ය පාලනය කළ නිශ්ශංකමල්ල රජුගේ කාල සීමාව තුළදී එතුමන් විසින් ගව්වෙන්  ගව්වට පිහිටවූ ගව් ලිපි අතරින් ඉතා වැදගත් ගව් ලිපියක් අද වනවිට සෑම දෙනාටම දැක ගැනීමට හැකි ලෙස වතුරුවා රාජමහා විහාරස්ථානයේ පිහිටා තිබීම විශේෂත්වයක් වෙනවා. මේවායින් එකල සමාජයීය පැතිකඩක් මැනවින් විග‍්‍රහ කෙරෙන අතර රාජ්‍ය පාලනය පිළිබඳව ද වටිනා අදහස් ලබා ගැනීමට ද උපකාරී වේ. ලංකා ඉතිහාසයේ නිශ්ශංකමල්ල ගව් ලිපි පිළිබඳ ගවේෂණයකදී සෙල්ලකතරගම ගව් ලිපියෙන් ද විශේෂ කරුණු සොයා ගැනීමට හැකියාව ලැබීම අප ලද මාහැඟි දායාදයක් වේ.

 ඡායාරූප සහ සටහන - කතරගම විශේෂ රුක්මන් රත්නායක
2013 මාර්තු මස 10  | ලංකාදීප කර්තෘ මණ්ඩලය

මඟුල් මහා විහාරය


මොනරාගල පොතුවිල් ( ඒ – 4 ) මාර්ගයේ ගමන් කළවිට හමුවන සියඹලාන්ඩුව හන්දියේ සිට කි.මි. 18ක් පමණ දුරකදී මුණගැසෙන පන්සල්ගොඩ හන්දියෙන් දකුණට හැරී තවත් කි. මී. 1/2ක් පමණ ගිය විට මෙම ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි සිද්ධස්ථානයට ළඟාවීමට පුළුවන.

මෙහි ඉතිහාසය පිරික්සීමේදී සියයට සියයක් නිවැරදි පදනමක් උඩ සිට නිශ්චිත නිගමනයකට පැමිණීමට මෙතෙක් පුළුවන්කමක් ලැබී නොමැත.
එහෙත් ඓතිහාසික සන්සිද්ධීන්, ඇතැම් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි සටහන්, මෙන්ම කාලාන්තරයක් තිස්සේ ජනප්‍රවාදයේ පැවත එන කතා අනුසාරයෙන් මෙම විශේෂ ස්ථානය පිළිබඳව වඩාත් විශ්වාසනීය කථිකාවතක් ගොඩ නැඟීමට හැකියාව තිබෙයි.
විවිධ කාල වකවානු යටතේ දැනට මතුවී ඇති පැරැණි නටබුන් මතින් එදවස විශේෂිත විහාර සංකීර්ණයක්ව පැවැති බව සනාත කරගත හැකි මෙය ලංකාවේ පැරැණි බෙදීම් අනුව රුහුණු ප්‍රදේශයට අයත්ව තිබූ ප්‍රමුඛ විහාර සංකීර්ණයක් වශයෙන් පැවත ආ බව නිගමනය කළ හැකිය.
මෙයට මඟුල් මහා විහාරය යන නම පටබැඳී ඇත්තේ එදවස රුහුණේ රජකම් කළ කාවන්තිස්ස රජතුමාගේ සහ විහාර මහා දේවිය ගේ විවාහ මංගලෝත්සවය සිදු කෙරුණේ මෙතැනදී බවත් ඔවුන් පෝරුවේ චාරිත්‍රය සිදුකළ ඒ සදානුස්මරණීය මඟුල් පෝරුව ඇත්තේ මෙතන බවටත් අනාදිමත් කාලයක සිට බහුතර ජනතාව අතර ප්‍රබල මතයක් ගොඩ නැඟී ඇති නිසා ය. එය එසේම සිදුවුණේ නම් ආගමික පරිසරයක සංහිඳියාව මධ්‍යයේ ඒ අසිරිමත් විවාහ චාරිත්‍රාදිය මේ සැනසිලිදායක සොඳුරු බිම අපූරු පීඨයක් මැද සිදු කළා ද විය හැක.
මෙතන ආරාම සංකීර්ණයක ලකුණු පැහැදිලිව දැක ගැනීමට ලැබෙන නිසා පුරාණයේ කාවන්තිස්ස - විහාර මහා දේවී සරණ මංගල්‍යය පූජනීය බිමක ගෞරවනීය සුපේසල භික්‍ෂූන් වහන්සේලාගේ සෙවණ යට සිදුවන්නට බොහෝ සේ ඉඩ තිබූ බව සිතීම අසාධාරණ නොවේ. ප්‍රදේශයේ බොහෝ ස්ථානයන්හි කාවන්තිස්ස රජතුමාගේ නම සම්බන්ධ ඓතිහාසික තොරතුරු හමුවීම නිසාද ඉහත මතයට යම් සාධාරණත්වයක් ලබාදිය හැකි වෙයි.
යුග ගණනාවක් තිස්සේ ජන ජන මුව රැඳෙමින් ආ ඒ ජනප්‍රවාදය මුල් බැස ගැනීමට තරම් ප්‍රබල මතයක් ගොඩ නැගීම ද සැනෙන් බැහැර කළ නොහැකි ය.
එදා රුහුණු මහා විහාරය ව පැවැති ම¼ගුල් මහා විහාරයේ අද අප දකින නටබුන් මත එදා පැවති අසිරිය පිළිබඳ අපූරු සොඳුරු චිත්‍රයක් සිත් සතන්හි ඇඳ ගැනීමට සමත් සාධක අද වන විට ද යම් තරමකට හෝ ඉතිරිව පවති යි.
පුරාවිද්‍යාත්මක සහ ඉතිහාසගත සාක්‍ෂි සටහන් මත කරුණු විමසීමේ දී මෙම විශේෂ ස්ථානයේ ඉතිහාසය ක්‍රි. පූර්ව යුගය දක්වා දිවෙන බවට සාධක පිරික්ෂීමෙන්, විශ්වාසය තැබිය හැකි වෙයි. එහෙත් දැනට ඇති නෂ්ටාවශේෂ බොහෝමයකින් හෙළි වන්නේ රාජ්‍ය වර්ෂයෙන් පසු යුගයට අයත් සාධක ය.
වංශ කතාවන්ට අනුව රුහුණු මහා විහාරය නමින් වැදගත් පූජනීය ස්ථානයක් ධාතුසේන රජතුමා විසින් කරන ලද බව සඳහන් වෙයි. ලාහුගල මඟුල් මල් විහාරයේ තිබී හමුවූ 14 වැනි සියවසට අයත් යැයි සැලකෙන සෙල් පුවරු ලිපි සහ අවශේෂ පුරාවිද්‍යාත්මක නටබුන් මඟින් ද ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙ යි.
මෙම සෙල් ලිපිවල ලියැවී ඇති කරුණු අනුව ධාතුසේන රජතුමා කළ රූණු මහා විහාරය නමින් වූ සිද්ධස්ථානය අද අප හඳුන්වන මඟුල් මහා විහාරයම බව සනාථ වේ යැයි නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය නම් ග්‍රන්ථයේ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි පවස යි. සෙල් ලිපිය පිහිටුවන අවධියේ විහාරස්ථානය වල් බිහිවී තිබූ අතර නැවත එය පිළිසකර කරවන ලද්දේ විහාර මහා දේවිය නම් වූ වෙනත් බිසවක විසිනි. ඇය පැරකුම්බා රජ දරුවන් දෙදෙනෙකුගේ අගමෙහෙසිය වූ බව ලිපියෙහි සඳහන්ව තිබේ.
මහාචාර්ය සෙනරත් පරනවිතානයන්ගේ මතය නම් මෙහි සඳහන්ව ඇති පැරකුම්බා දෙබෑයන් යනු ගම්පොල යුගයේ සිටි පස්වන පරාක්‍රමබාහු සහ හතරවන බුවනෙකබාහු යන රජවරුන් බව ය.
මහාවංශය සහ පූජාවලියට අනුව 1 වන දප්පුල රජු විසින් රුහුණු වෙහෙර නම් ආරාමයක් කළ බව සඳහන් වෙයි.
මෙම නම් ගම්, ලිඛිත සාක්‍ෂි, ජනශ්‍රැති, ඉතිහාසගත කරුණු, පුරාවිද්‍යාත්මක සාක්‍ෂි පරීක්‍ෂණයට බඳුන් කිරීමේදී විවිධ මත ගැටුම් පැණ නැගී තිබේ. ගැටලු ලිහා දිග හැර සැක හැර අවසන් නිශ්චිත තීන්දුව දීමේ විනිශ්චය ඒ ඒ අදාළ ක්‍ෂෙත්‍රයන්හි වියතුන්ගේ වගකීම වෙයි.
දැනට ඇසට හසුවන නටබුන් පරීක්‍ෂා කිරීමේදී මෙය ප්‍රබල විහාරාරාමයක් වශයෙන් පැවැති බව නම් ස්ථිරය.
ඉතා පැරැණි ස්තූපයක නෂ්ටාවශේෂ, විශේෂිත වූ බෝධි ඝරයක්, ධාතු ගෘහයක්, දම් සභා මණ්ඩපයක්, දාන ශාලාවක්, පිළිම ගෙයක්, පෝය සීමා මාලකයක් සහ පොකුණු - සඳකඩපහන්, මුරගල් ආදිය මේ අතර විශේෂ වෙයි.
මෙහිදී හමුවී ඇති සඳකඩපහණ ලංකාවේදී මෙතෙක් හමු වී ඇති එම ස්වරූපයේ එකම සඳකඩපහණ බව කියැවෙයි. පුද බිමේ ඇති බෝධිඝරය මතවාද රාශියකට තුඩුදුන් විශේෂ ස්මාරකයකි මඟුල් පෝරුව වශයෙන් ජනප්‍රවාදයේ හැඳින්වෙන්නේ මෙයයි.
ශ්‍රී ලංකාවේ දැනට ඉතිරිව ඇති ඓතිහාසික බෝධිඝර අවශේෂයන් හා සැසැඳීමේදී මෙය වෙනස් ආකෘතියකින් නිමවා තිබෙන අතර බෝධීන් වහන්සේ රෝපණය කළ බව සැලකෙන මුල්ම මළුව ලෙස හඳුන්වන්නේ මෙයයි. සමස්ත බෝධිඝරයම පද්මාකාර ආකෘතියකින් නිමකර ඇත. මෙහි ඇති ඉතා ආකර්ෂණීය සොඳුරු නිර්මාණය නිසාම මේ මත ගොඩනැගී ඇති මඟුල් පෝරුව හා සබැඳි ජනප්‍රවාදය විශ්වාසය හා සත්‍ය මත තවමත් දෝලනය වෙමින් පවතියි.
මෑතදී සිදුවූ ත්‍රස්තවාදී උවදුරේ භිෂණයෙන් දැඩිව පීඩා විඳි පරිසරයක මරණ බයෙන් තැතිගත් අසරණ ජීවිත හඬා වැටෙනා විටෙක හුදකලාවූ තවත් එක් අනාරක්‍ෂිත පුදබිමක් වූ මඟුල් මහා විහාරය නම් පුරාවිද්‍යාත්මක ස්මාරකය සුරැකුනේ දිවි දෙවනුව ද ජාතික බොදු උරුමයන් පළමුව ද තැකූ භික්‍ෂූන් වහන්සේටත් ඒ ප්‍රයත්නයට ශක්තියක් වූ අපගේ වීරෝදාර රණවිරුවන්ටත් පින් සිදුවන්නට ය. දැයේ පූජෝපහාරය මෙවන් උරුමයන් සුරැකූ සැබෑ මානවයන් වෙත පිදිය යුතුම ය.
බොදු උරුමයක අනන්‍යතාවය යටතේ රාජ වංශ කතාවට චමත්කාරයක් එක්කළ ලාහුගල මඟුල් මහා විහාර සංකීර්ණයේ තවත් ඉතිහාසගත තොරතුරු රාශියක් තවමත් රහස් වශයෙන් මේ විසිරුණු පස්ගොඩැලි යට සඟවා ගෙන සිටිනවා විය හැක. මඟුල් මහා විහාරයේ නියම මංගල්‍යය සිදුවන්නේ කටු කොහොල් හැර එම රහස් ගබඩාවේ සියලු දොරගුළු විවර කළ දාට ය.
ජනක වෙත්තසිංහ

රාජසිංහ රජුගේ ආශිර්වාදයෙන් බිහිවුණු පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවරාරාමය

වසර 250 වඩා පැරණි සංඝාවාසය


හක්මන පල්ලාවෙල සුන්දර ගම්මානයේ පිහිටි කීර්ති ශ්‍රී තේජෝවරාරාම රජමහ විහාරයේ ඉතිහාසය මීට වසර තුන්සීයකට වඩා ඈත අතීතයකට දිව යයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ මෙම ඓතිහාසික විහාරස්ථානය බිහිවූ බව ජනප‍්‍රවාදයේ සඳහන් වෙයි.
ඊට පෙර එහි ටැම්පිට විහාරස්ථානයක් තිබූ බව කියති. රංසෑගොඩ ධම්මදස්සී ගනින් වහන්සේ හෙවත් සිල්වතුන් වහන්සේ එම ස්ථානයේ තිබූ විශාල බෝ ගහ යට භාවනාමාන කර ඇත.

පහත රටින් උපසම්පදාව ලබා ගැනීම සඳහා මහනුවරට ගිය පළමු කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උන්වහන්සේට හිමි විය. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමියන්ගෙන් උපසම්පදාව ලබාගත් ධම්මදස්සි හිමියන් වසර විස්සක කාලයක් තිස්සේ දළදා තේවාවේ නිරත විය.

එහි දී රැස් කරගත් පින කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට අනුමෝදන් කර ඇත. ඒ පිළිබඳ පැහැදීමට පත් රජතුමා රංසෑගොඩ ධම්මදස්සී නාහිමියන්ට කීර්ති ශ්‍රී තේජවර යන ගෞරව නාමය ප‍්‍රදානය කර මහනුවර සිට දෝලාවකින් උන්වහන්සේ පල්ලාවෙල විහාරස්ථානය වෙත වැඩම කළ බව කියවේ.



දර්ශනීය පෙරහරකින් රත්නපුර හරහා එන අතරතුර දී හමුවූ විජේරිය නින්දගම ධම්මදස්සී නාහිමියන්ට පූජා කළ බව ද ජනප‍්‍රවාදයේ සඳහන් වෙයි. උන්වහන්සේ වැඩම කරවීම සඳහා පෙරහරට උපයෝගී කර ගත් දෝලාව, දවුල්, තම්මැට්ටම් පල්ලැන්නිය ආදී පූජා භාණ්ඩ අද ද එම විහාරස්ථානය වෙත ගිය විට දැකගත හැකිය.

රංසෑගොඩ ධම්මදස්සී නාහිමියන්ට ලැබුණු ගෞරව නාමය මුල් කරගෙන පල්ලාවෙල විහාරස්ථානය කීර්ති ශ්‍රී තේජෝවරාරාමය ලෙස නම් කොට තිබේ.

මාතර නගරයේ සිට හක්මන හරහා මුලටියන මාර්ගයේ කිලෝමීටර් 32ක දුරක් ගිය විට මෙම විහාරස්ථානය හමු වෙයි. සුන්දර කුඹුරු යායක් මැද එය පිහිටා ඇත.

විහාර ගෙට පිවිසීමට ඇත්තේ දර්ශනීය මකර තොරණක් මැදිනි. විෂ්ණු හා කතරගම දේවාල දෙකක් දෙපසින් පිහිටා තිබේ.

බුද්ධ මන්දිරය තුළ විශාල හිඳි පිළිම දෙකක් නිර්මාණය කොට තිබේ. ඊට අමතරව සත් සතිය, අසූ මහා ශ‍්‍රාවකයින් හා අටවිසි බුදු පිළිම වහන්සේලා ද දැක ගත හැකිය.ටැම්පිට විහාරස්ථානයේ තිබූ බවට සැක කෙරෙන ලීවලින් තනන ලද නුවර සම්ප‍්‍රදායට අයත් පිළිමයක් ද එහි ප‍්‍රදර්ශනය කොට ඇත.

වෙනත් විහාරවල තිබෙන සතර පෙරනිමිති වෙනුවට මෙම විහාරයේ දැකගත හැකි වන්නේ තුන් පූර්ව නිමිතිය. පැවිදි වීමට හේතුව ලෙස මහල්ලෙක්, ලෙඩෙක් හා මළමිණියක් දක්වා තිබුණ ද පැවිදි රුව නිර්මාණය කර ඇත්තේ වළාකුළුවල පෙනෙන නොපෙනෙන ආකාරයටය. යටත් විජිත සංකල්පය නිරූපනය කරන  ඕලන්ද යුගයට අයත් සියවටුක යක්ෂ රූප ද මෙම විහාරයේ දැකගත හැකිය.
වසර 300කට වඩා පැරණි බෝ ගස විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම මනාව පිළිඹිඹු කරයි. රංසෑගොඩ ධම්මදස්සී සිල්වතුන් වහන්සේ එහි යට බණ භාවනා කළ ස්ථානය තවමත් දැකගත හැකියි.

වසර 250කට වඩා පැරණි සංඝාවාසය ද වසර 110ක් පැරණි පොත් ගුල ද අතීත ශ්‍රී විභූතිය මනාව පෙන්නුම් කරයි. පැරණි පුස්කොළ පොත් සිය ගණනක් එහි තැන්පත් කොට තිබේ.

පැරණි තේක්ක අල්මාරියක්, චීන කැටයම්වලින් යුතු ටීපෝවක් හා යුග පුටුව ආදී අලංකාර ගෘහ භාණ්ඩ රැසක් ද එහි දැකගත හැකිය.

බුද්ධ වර්ෂ 2430 දී ඉදි කළ ධර්ම ශාලාවේ ලීවලින් සාදන ලද පිරිත් මණ්ඩපය දැකුම්කළු නුවර යුගයේ කැටයම් එහි ඇති අතර දැනට ද වාර්ෂික කඨින පිංකම පැවැත්වෙන අවස්ථාවේ පිරිත් කීමට යොදා ගන්නේ එම පිරිත් මණ්ඩපයයි.

රංසෑගොඩ ධම්මදස්සී නාහිමියන්ගෙන් ආරම්භ වූ මෙම විහාරස්ථානය නගා සිටුවීම සඳහා සපුගොඩ සිද්ධාර්ථ කන්දේබැද්දේ ඉන්දසාර, දෙනගම ධර්මකීර්ති ගුණරතන, රංසෑගොඩ සුමන, අපරැක්කේ සරණපාල යන නාහිමිවරු විශාල ශාසනික මෙහෙවරක නිරත වූහ. එම නිසාම උන් වහන්සේලා පිළිඹිඹු කෙරෙන චිත‍්‍ර බුදු මැදුරෙහි මනාව නිරූපනය කර තිබේ.

විහාරාධිපති වැලිහේනේ සාරානන්ද හිමි


අනතුරුව විහාරාධිපති තනතුරට පත්වූ කැටියපේ ශ්‍රී සංඝානන්ද රංසෑගොඩ සරණතිස්ස හා පල්ලාවෙල සිරිනිවාස යන නාහිමිවරුන් ද විහාරස්ථානය දියුණු කිරීමට නොගත් වෙහෙසක් නොමැත.

වර්තමානයේ කීර්ති ශ්‍රී තේජෝවරාරාමයේ දියුණුවට පුරෝගාමී වී කටයුතු කරන්නේ එහි විහාරාධිපති හා මුලටියන සමථ බල මණ්ඩලයේ සභාපති ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති වැලිහේනේ සාරානන්ද නාහිමියන්ය. උන් වහන්සේ මාතර මන්තින්ද පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති හිමියෝ ද වෙති.


විහාරාධිපති වැලිහේනේ සාරානන්ද නාහිමියෝ මෙසේ කීහ.
1974 වසරේ ඉඳලයි මම මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ. 1995 මැයි මස 25 වැනිදායි විහාරාධිපති තනතුරට පත් වුණේ. මේ ඓතිහාසික විහාරස්ථානය මගින් මුළු ප‍්‍රදේශයම ආලෝකමත් වෙලා තිබෙනවා. වසර 300කට වඩා පැරණි විහාරස්ථානය තුළ දැක බලා ගැනීමට වටිනා ගොඩක් දේ තිබෙනවා. ශ්‍රී සංඝානන්ද දහම් පාසල මගින් දරු දැරියන් විශාල පිරිසකට දහම් අධ්‍යාපනය ලබා දෙනවා. ශ්‍රී ගුණාලංකාර පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය ද ජනතාව අතර ජනප‍්‍රිය වී තිබෙනවා. ප‍්‍රදේශයට ආගමික, ශාසනික හා සමාජීය සේවා රැසක් ඉටු කරන මේ ඓතිහාසික විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීම අනාගත පරපුර වෙනුවෙන් කරන උතුම් පුණ්‍යකර්මයක් වෙනවා.

කෙසේ වෙතත් පල්්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවරාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස නම් කිරීමේ මහෝත්සවය මෙම 13 වැනි දින සවස 2.00ට අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ලීවලින් සෑදු  පිරිත් මණ්ඩපය


ඒ සඳහා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දායක සභාවේ අනුශාසක හා ලංකාදීප ප‍්‍රධාන කර්තෘ සිරි රණසිංහ හා මාධ්‍යවේදී අජන්ත කුමාර අගලකඩ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වෙති.


 පැරණි භාජන
 පෞරාණික උපකරණ

මාතර - ක‍්‍රිෂාන් ජීවක ජයරුක්  /  මුලටියන - එස්. බාලසූරිය

2013 පෙබරවාරි මස 10 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

සඟරජ හිමි සොයා ලග්ගලට ගියෙමු


දුම්බර වනපෙත සිසාරා නිරිත දිග මෝසම් වැස්‌ස පතිත වෙමින් පැවතුණි. අහස සිඹින උස්‌ කඳු මුදුන් සියල්ල මීදුමින් හා වැසි වලාකුළෙන් වැසී ගොසිනි. මාතලේ සිට රත්තොට හරහා දිවෙන ලග්ගල මාර්ගයේ දුෂ්කර, පටු, කඳු සහ බෑවුම් අතරින් අප ගමන් කරමින් සිටියේ ශ්‍රී ලාංකීය ශාසන ඉතිහාසයේ ස්‌වර්ණමය සංසිද්ධියක ආගිය තොරතුරු සොයා යැමේ තිර අදිටනි.

කාලගුණික හා දේශගුණික හිරිහැර පරදවා ලග්ගල උඩසියට ළඟාවීමත් ඓතිහාසික ඇටන්වල ගම්මානයට පා තැබීමත් අඩියෙන් අඩිය දුෂ්කර වූයේ එගම වෙත වැටී ඇති මාර්ගය එහෙම පිටින්ම කැඩී බිදී විනාශ වී තිබූ හෙයිනි.

දුම්බර කඳුකරය පූර්ණවශයෙන්ම සුන්දර බිම්කඩකි. ගලාහැලෙන රිදී දිය දහරා දසතින් දිස්‌වෙයි. නේකවර්ණ වනපියස ක්‍ෂතිජය තෙක්‌ පැතිරයයි. ඒ අතර දුරින් දුරින් ඇටන්වල, රත්නිංද, පිටවල, මහලකොටුව යන ගම්මාන දැකගත හැකිය. රත්තොට පසුකොට ලග්ගලට පිවිසෙන දොරටුව ඇත්තේ රිවස්‌ටන් මුදුනේය. එය මුහුදු මට්‌ටමේ සිට අඩි 3000 කටත් වඩා වැඩියෙන් උසය. එහි සිට දිවෙන වංගු ගැසුණු කුඩා 18 වංගුවක්‌ වැනි මාර්ගයේ ගමන් කිරීම අසිරිමත් ජීවන අත්දැකීමකි.

නමුත් එගම් වැසියන්ගේ ජීවිත එතරම් සුන්දර නැත, කටුකය. ජන ජීවිතය විසිතුරු නැත, දුක්‌ සහිතය, ජීවන මාර්ගයන්ද පහසු නැත, දුෂ්කරය.

අපේ ගමනාන්තය වූයේ ඇටන්වල ගම්මානයයි. එය පිහිටියේ රත්නිංද ගමට ඔබ්බෙනි. ඒ සියලු ගම්මාන වෙත යා යුතුව ඇත්තේ දණ බිම ඇණෙන හතිවැටෙන කදු පල්ලම් හෙල් අතරිනි.

මහනුවර රජ සමයේ වැඩ වාසය කරමින් සම්බුද්ධ ශාසනයේත්, භික්‍ෂු ශාසනයේත්

උන්නතිය උදෙසා විශිෂ්ඨ මෙහෙවරක්‌ සිදුකළ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ අතිශය අප්‍රකට දිවි පෙවෙතින් බිඳක්‌ පිළිබඳ ජනශ්‍රැතිමය සාධක සොයා යැම අපගේ අරමුණ විය. එය මෙතෙක්‌ මේතාක්‌ කිසිම මාධ්‍යයකින් සිදු නොකළ ගවේෂණයකි. එබැවින් "ඉරිදා දිවයින" පාඨක ඔබවෙත ඒ ඓතිහාසික සංසිද්ධිය මෙලෙස ගෙන එන්නේ ඉමහත් සතුටකිනි.

කෙසේ වුවද වර්තමාන ශාසනික පුනරුදයේ පුරෝගාමී සංඝ පීතෘවරයාණන් වහන්සේ කෙනෙකු ලෙස වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ට ඉතිහාසය තුළ හිමිවිය යුතු ගෞරවය හා ස්‌ථානය ලැබෙන්නේ ද යන්න අදටත් ගැටලුවකි. උන්වහන්සේගේ ලග්ගල වංහුං සොයායැමට ප්‍රථම වැලිවිටියේ සරණංකර සංඝරාජ හිමි පිළිබඳව යමක්‌ මෙම ලිපියට එක්‌කළ යුතුයෑයි හැගෙයි.

ශතවර්ෂ ගණනාවක්‌ පුරා ගොඩනැගුණු සිංහල බෞද්ධ සංස්‌කෘතික උරුමය මහනුවර රාජ්‍ය සමයේදී කෙමෙන් බිඳ වැටුණි. බුදු දහම යටකොට දේව බලය පැතිරිණි. භික්‍ෂු ශාසනය පිරිහී ගණින්වහන්සේලා විසින් පන්සලේ පවුල් ජීවිත ගතකරන, භික්‍ෂූත්වය කහරෙදි කඩකට සීමාවූ යුගයක්‌ බිහිවිය. එකී තත්ත්වයෙන් ශාසනය මුදවා රාජ්‍යත්වයත්, ජාතිකත්වයත්, ඔප් නංවා ථෙරවාද මහ සංඝ සම්ප්‍රදායත්, මෙරට බෞද්ධ අධ්‍යාපනයත් සුරක්‍ෂිත කිරීමේ මාහැඟි කාර්යභාරය ඉටුකළේ වැලිවිට සංරණංකර සඟරාජ හිමියන් විසිණි.

මහනුවර සුරියගොඩ විහාරය මුල්කොට උන්වහන්සේගේ සේවය රට පුරා ව්‍යාප්තව පැවතුණි. අගනා ශාස්‌ත්‍රීය හා ආගමික ග්‍රන්ථ රැසක්‌ රචනා කළ උන්වහන්සේ මෙරට උපසම්පදා පුණ්‍යකර්මය නැවත ඇති කිරීමේ පුරෝගාමී මෙහෙවරටද උරදුන්හ.

1698 ජුනි 18 දින තුම්පනේ වැලිවිටදී උපත ලද උන්වහන්සේ පැවිදි දිවියට එළඹෙන්නේ ක්‍රි. ව. 1714 දීය. ඒ සුරියගොඩ විහාරවාසී සූරියගොඩ ස්‌වාමි හෙවත් කිත්සිරිමෙවන් රාජසුන්දර මාහිමියන් වහන්සේ ඇසුරේය. උන්වහන්සේගේ විස්‌තර ඇතුලත් පද්‍ය, ගද්‍ය පොත පත රාශියක්‌ පළවී ඇත්තේ සංඝරජ මාහිමියන් ශ්‍රී ලාංකීය ශාසනික වංශකථාවේ අසිරිමත් තෙර නමක වූ බැවිනි.

මේ ලිපියට මුල්වූ ලග්ගල ගමන යෙදෙනුයේ උන්වහන්සේ සහ නරේන්ද්‍රසිංහ රජු අතර ඇතිවන මත ගැටුමකින් පසු සරණංකර හිමි ඇතුළු පිරිසක්‌ ලග්ගලට පිටුවහල් කිරීමේ සිද්ධියක්‌ පිළිබඳව ඇති සඳහකට අනුවය.

වැලිවිට අසරණ සරණ සරණංකර සාමනේර හිමි විසින් සිල්වත් සමාගම පිහිටුවා පිණ්‌ඩපාතයෙන් යෑපෙමින් ශාසනික ප්‍රතිපදාවන් පිළිපඳිමින් යළිත් සැබෑ ශාසනයක්‌ රටතුළ ඇති කිරීමට උත්සාහ ගනිද්දී එවක උභය විහාරවාසී ගණින්නාන්සේලා ඊට විරුද්ධ වූහ. ඔව්හු රජුට කේලාම් කියූහ. එසේම රජු වටා සිටි ගොන්සාල්වෙස්‌ වැනි බටහිර ජාතිකයන්ගේ බලපෑමද ඊට අනුබලයක්‌ වී තිබේ. අවසානයේ රජු විසින් සරණංකර හිමි ඇතුළු පිරිස ලග්ගලට පිටුවහල් කර ඇත. මහනුවර ඔස්‌සේ අතිශ්‍ය දුෂ්කර වනගත ගමනකින් පසු එම පිරිස වර්තමාන ලග්ගල මැතිවරණ කොට්‌ඨාසයේ ලග්ගල උඩසිය ගම් ප්‍රදේශයට වැඩම කොට ඇත.

මාතලේ සිට ලග්ගල මාර්ගයේ කිලෝමීටර් 35 පමණ ගියතැන හමුවෙන ගම්මානය වර්තමානයේ පවා හැඳින්වෙන්නේ "පිටවල" නමිනි. ඒ අසලම ඇති රත්නිංද ගම සංඝරාජ මාහිමිටත්, පිරිසටත් එකල උවටැන් කළ පිරිසටත් නිංදගම් ලෙස ලබා දී තිබේ. අද එය දුම්බර වනපෙතට මායිම්වු සුන්දර ගම්මානයකි.

මහනුවරින් පිටුවහල් කළ සංඝරාජ මාහිමියන් ඇටන්වල ගම්මානයේ කැලෑබද ගල් ලෙනක පළමුව වාසය කොට ඇත. එය දුටු ගැමියෙකු මාහිමි සිය නිවසට කැඳවාගෙන වුත් නවාතැන් සලස්‌වා ඇත. එදා සිට අද දක්‌වාම එය පන්සලේ ගෙදර නම් විය. එකී වාසගම සහිත ඇත්තෝ අදත් ලග්ගලත් ඉන් ඔබ්බෙත් වාසය කරති.

ඇටන්වල ගැමියෝ අදත් එනම් සරණංකර මාහිමි වැඩ සිටීමෙන් වසර 300 පමණ ගතවුවද උන්වහන්සේ ඇසුරු කළ ස්‌ථාන වලට ගෞරව දක්‌වති. "උන්වහන්සේ දියනෑ වල", උන්වහන්සේ "වැඩසිටි ලෙන", "උන්වහන්සේ වැඩ සිටි ගෙදර" ආදී දේ ඔවුනගේ කථාබහ අතර සුලබය. අපේ අරමුණ වූයේ මේ සියලු තොරතුරු සොයා යැමය. ඇටන්වලට පාතැබූ අපට පළමුව මුණගැසුණේ ඇටන්වල පුරාණ විහාරාධිපති කඹරව සමිත හිමියන්ය. පැරැණි පොතපත පවා ගෙනහැර දක්‌වමින් උන්වහන්සේ අපට තොරතුරු රැසක්‌ පෙන්වා දුන්හ.

මේක තමයි සංඝරාජ හිමියන් සැඟව සිටි ගම්මානය. ඒ කතාවට සීහෙන ස්‌ථාන කීපයක්‌ම මෙහෙ තියෙනවා. ඒත් කිසිමදාක වගකිවයුත්aතෙක්‌ හරි, පොත්පත් ලියන ඈයො හරි මේ ගැන හොයලා බලලා නම් නැහැ. මේ ගම්මානය රාවණා කාලේ තමයි ඇරඹිලා තියෙන්නේ. දැං හරි සංඝරාජ මාහිමිගෙ චරිතයට වැදගත් වන තැන් ගැන හොයලා බලලා රටට හෙළි කරනවා නම් ඒක හරි වටිනවා." උන් වහන්සේගෙන් සමුගත් අපි කඳුහෙල් ලදු කැලෑ දිය කඩිති පීරමින් සංඝරාජ හිමියන්ට සම්බන්ධ ස්‌ථාන සොයා වන වැදුණහ.

රත්නිංදේ ගම්වාසියෙකු මෙන්ම හිටපු කෘෂි අධිකාරියේ නිලධාරියෙකු වූ නිශ්ශංක කෝණාර රත්නිsංද මහතා ඒ සඳහා අපට මඟ පෙන්වීය.

උන්වහන්සේ දිය නෑ ස්‌ථානයත්, දිවා විහරණය කළ ගල් කුහරයත් අපට පළමුව දැකගත හැකිවිය. එය පිහිටා ඇත්තේ දුම්බර වනපෙතත් කිරිගල්පොත්ත කඳු මතින් පැන නඟින තෙල්ගමුඔයේ ඉහත්තෑවේය.

"මෙතැන තමයි උන්වහන්සේ දිය නෑ ස්‌ථානය. මේ ළඟම තියෙන්නේ දිවා විහරණය කළ ගල් කුහරය. ඒක හරිම අපුරු තැනක්‌. ගැමියො මෙතනට උන්වහන්සේට දාන මාන හේමත් ගෙනත් දීලා තියෙනවා." කෝණාර මහතා විස්‌තර කළේය. මේ කඳුයාය මැද තමයි තිබුනෙ වල්පොලමුල්ල කියන පැරැණි ගම. ඒක 2011 අවුරුද්දෙ ඇවිරුණා (මිනිසුන් ගම අතැර ගියා) වල්පොලමුල්ලෙ හිටියා මාපාහාමි. එයත් නරේන්ද්‍රසිංහ රඡ්ජුරුවෝ එක්‌ක ඉන්න බැරිවයි ගම් වැදිලා හිටියෙ. ඒ මග ඔස්‌සේ තමයි වැලිවිට සංරණංකර හිමියොත් මේ පළාතට ඇවිත් තියෙන්නේ." හේ වැඩිදුරටත් කියා සිටියේය.

තෙල්ගමුඔය දිගේ පහළට පැමිණි කල වැද්දාපැණි ඇල්ල නම්වු අතිශය සුන්දර දිය ඇල්ලක්‌ හමුවෙයි. ඒ අසලම ඇති ගල්කුළු කීපයකින් යුත් ස්‌ථානය සංඝරාජ හිමියන් නිතර රැඳී සිටි භූමිභාගය බැව් අපට පෙන්වා දුන්නේද කෝණාර මහතාමය.

එතැන් සිට මෑතක වැඩි දියුණු කළ කුඩා මංපෙත ඔස්‌සේ රළු නැග්මකින් අනතුරුව රත්නිංද ගමට ළඟාවිය හැකිය. එහි වූ පටු පාරවල් ද දැන් දැන් සිමෙන්ති කැටවලින් සැකසී තිබේ. ඒ ඔස්‌සේ මද දුරක්‌ ගිය තැන ඉපැරැණි ගම්මැද්ද හමුවෙයි. කෝණාර මහතාගේ කැඳවීමෙන් ඒ අවට ගම්වැසි ඥතීන් කීපදෙනෙකුම මුණගැසීමට අපට හැකිවිය.

"මෙන්න මෙතැන තමයි පංසලේ ගෙදර තිබුණෙ. සරණංකර හාමුදුරුවො ලග්ගලට ඇවිත් මුල්කාලෙ කැලෑවෙ ගල්ලෙන්වලයි වාසය කරල තියෙන්නෙ. මේ පැත්ත වැස්‌ස, සුළඟ, සතා සරුපයා වගේම ඇඟ හීගඩු පිපෙන සීතලෙන් මාස කීපයක්‌ම පවතිනවා. ඉතිං මේ ගෙදර හිටිය මාම කෙනෙක්‌ තමයි කැලේ හිටපු හාමුදුරුවෝ මෙහෙ එක්‌කරගෙන ඇවිල්ලා ආවතේව කරලා තියෙන්නේ. දැනුත් මේක පංසලේ ගෙදර ඒ වාසගම තියෙන අයත් බොහොමයක්‌ ඉන්නවා. මේවා අපේ අප්පච්චිලා ආතලා ඒකාලෙ අපිට කියා දීලා තියෙනවා" ඔව්හු මහත් සතුටින් සිහි පත්කරමින් අපි මුලින් සොයා ගත් කරුණු තහවුරු කළහ. රත්නිංදේ ඩබ්. ඒකනායක, පී. පී. කළුබණ්‌ඩා, ඩබ්. ජී. දිසානායක යන ඔව්හු අපට මහා ලෙංගතු කමකින් කරුණු කියා පෑහ.

අනතුරුව මාහිමි සහ ඒ සමඟ පැමිණි සාමනේර හිමිවරුන් වරින් වර වැඩ සිටි ගල්ලෙන් කීපයක්‌ නැරඹීම අපගේ අපේක්‍ෂාව විය. ඒ ගමනට වල්පොලමුල්ලේ පදිංචිකරුවකු ද වර්තමානයේ ගුරුභවතකුද වන වල්පොළමුල්ලේ දසනායක මහතාද එක්‌විය. එයද දුෂ්කර ගිරිදුර්ග තරණයකි.

පිටවලත්, රත්නිංද ගම්මානයත් හමුවන මායිමේ වූ රුදුරු බෑවුමකට යාබදව තිබූ ගල්ලෙන් සියල්ල දැක ගැනීමට අපට හැකිවිය. "ආදිම කාලෙ මේ පළාතේ ආදී වාසීන් වාසය කරලා තියෙනවා. මේ ගල්ලෙන් සියල්ල ඒ අය මුලින් හොයාගන්න ඇති. වැද්දාපැණි ඇල්ල කියන්නෙත් වැදි තරුණයකු මීපැණි කදක්‌ අරගෙන එනවිට දිය ඇල්ලට වැටිලා මැරුණු නිසාලු. ඇටන්වල කියන්නෙත් වැද්දන් කාපු සතුන්ගේ ඇටකටු තිබුණු නිසාලු. දසනායක මහතා ඒ පළාත ගැන තවත් තොරතුරු අපට කියා දුන්නේය.

සරණංකර හිමිගේ ශාස්‌ත්‍රීය හා ආගමික සේවාවන් වැඩිදියුණු වන්නේත්, උපසම්පදාව මෙරටට ලැබෙන්නේත් සංඝරාජ පදවිය මෙන්ම රාජගුරු පදවිය හිමිවන්නේත් ලග්ගල අවධියෙන් පසුවය. ඊට මග පෑදුණු කථාපුවතද අපුරු එකකි.

ඉන්දියාවෙන් පැමිණි ආඬිගුරෙකු සරල සංස්‌කෘත ශ්ලෝකයක්‌ නරේන්ද්‍රසිංහ රජුට ඉදිරිපත්කොට මෙය තෝරාදීමට සමතෙක්‌ වේනම් ඉදිරිපත් කරන්නැයි අභියෝග කර ඇත. රජු ඒ සඳහා සුදුසු උගතකු සොයා මහත් වෙහෙස වී තිබේ. එහෙත් අවසානයේ එතරම් දෙයක්‌ හෝ දන්නා අයෙකු නොමැති බව දැන කණස්‌සල්ලෙන් සිට ඇත. එම ශ්ලෝකය විස්‌තර කළ හැකි එකම තැනැත්තා සරණංකර හිමියන් බව තොරතුරු රජුට සැලවී තිබේ. රජුගේ ඇරයුමෙන් මගුල් මඩුවට පැමිණි සරණංකර සාමනේර හිමි එය විස¹ දී ඇත. ඉන් අසීමිතව පැහැදුණු රජතුමා සරණංකර හිමිගේ සේවය අගයා ශාස්‌ත්‍රීය හා ශාසනික සේවය සඳහා නොමඳ සහාය දක්‌වා ඇත. අනතුරුව රජ පැමිණි විජය රාජසිංහ රජු මෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ රජුන්aගේද ආශිර්වාදයෙන් මෙරට නැවත භික්‍ෂු ශාසනය නඟා සිටුවාලූ උන්වහන්සේ පොත්පත් රැසක්‌ රචනා කරමින් ද පොත්පත් සියගණනක්‌ රචනා කිරීමට සමකාලීන උගත් භික්‍ෂු සංඝයා වෙත හා ගිහි උගතුන්ට පවරමින්ද විසල් සේවයක්‌ සිදු කරන ලදහ.

ඒ සියල්ල සඳහා ලග්ගල ගත කළ කෙටි කාලය තුළ උන්වහන්සේ අත්පත්කරගත් චිත්ත ධෛර්යය, පාරිසරික විමුක්‌තිය මෙන්ම ලග්ගල ගැමියන් කෙරෙන් ලද අප්‍රමාණ ගෞරව භක්‌තියද ඇප උපස්‌ථානද ඉවහල් වූවාට සැක නැත.

ගහකොළ, ඇළදොළ, කඳුවැටි, ගල්ලෙන් හා නාම මාත්‍රික සිහිවටන හැර අන් කිසිදු සාධකයක්‌ ලග්ගල නැතත් ලග්ගල ඇත්තන්ගේ ජනශ්‍රැති ජනකවි, හා ජනමතක, අතර උන්වහන්සේ පිළිබඳ අප්‍රමාණ මතක සටහන් රැසක්‌ තැන්පත්ව ඇති බව ලග්ගල ගමනින් අපට හොඳටම පසක්‌ විය. සියම් දේශයෙන් පැවිදි උපසම්පදාව මෙරටට ගෙන ඒමේ මහා සද්කාර්ය ඇතුළු ශාසනික සේවාවන් ගැන පැහැදුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජු සන්නස්‌ පත්‍රයකින් ශ්‍රී පාදස්‌ථානය පවා උන්වහන්සේට පූජාකළ බවද පොතපතෙහි සඳහන්ය.

වර්තමාන ලෝකයේ ථෙරවාදී බෞද්ධ රටක්‌ ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ලබා ඇති කීර්තිනාමය පිටුපස වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ දායකත්වය අපරිමිත භක්‌ත්‍යාදරයෙන් සඳහන් වනු නිසැකය. උන්වහන්සේගේ චරිතය හා සැබැඳි බොහෝ තොරතුරු සුරියගොඩ පංසලේ මෙන්ම පොත්පත් රැසකද සනිටුහන් වී තිබේ. ඒ අතර සඳහන් වන ගල්ගල ගත කළ සමය පිළිබඳ තොරතුරු සොයා යැම සියම් රටෙන් උපසම්පදාව මෙරටට ගෙන්වා වසර 260 ක්‌ ගත වන මේ මොහොතේ උන්වහන්සේ වෙනුවෙන් කළ පූජෝපහාරයක්‌ බඳුය.

නිමල් කණහැරආරච්චි
2013 පෙබරවාරි 10 ඉරිදා දිවයින

පුරාවස්තු කොල්ලයේ අතීතකතාව

වර්තමාන ලංකාව තුළ පුරාවස්‌තු විනාශ කොට නිධන් හෑරීමත්, පුරාවස්‌තු සොරකම් කිරීමත් සීග්රත ලෙස පැතිරයමින් පවතී. ජාතියක හදමස ඇස්‌ පනාපිට උදුරාලන්නා සේ සිදුකෙරෙනා මේ ව්යසසනය රටෙහි සංස්‌කෘතික වටිනාකම් හා නෛතික ආධිපත්යකයේ බිඳ වැටීමක්‌ සිදු වූ සෑම කලෙකම තීරණාත්මකව මතුව පැමිණියේය. ඒ පිළිබඳව වන ඓතිහාසික සාක්කි තිබේ.

පුරාවස්‌තු සංහාරයේ ඉතිහාසය

මුලින්ම අප රට ආක්ර මණය කළේ චෝල රජවරුන්ය. ශ්රීක ලංකා ඉතිහාසයට අනුව චෝල ආක්රයමණ කිහිපයක්‌ම සිදු වී ඇති නමුදු, අපගේ එවකට පැවැති රාජධානිත්, ශිෂ්ටාචාරයත් දැඩි ලෙස විනාශයට පත්කොට කොල්ල කෑ ප්රඉධාන චෝල ආක්රරමණ දෙකකි. ඉන් පළමුවැන්න රාජ රාජ චෝලගේ ආක්රාමණයයි. ක්රි .ව. 985 සිට ක්රි .ව. 1014 දක්‌වා තිබුණු රාජරාජ චෝලගේ පාලන සමය තුළදී ඔහු එවකට අනුරාධපුරය රාජධානිය කොටගත් පස්‌ වෙනි මිහිඳු රජ රුහුණට පලවා හැර, අනුරාධපුරය සහමුලින්ම විනාශ කොට වස්‌තුව කොල්ල කා එය තම පාලනයට නතු කර ගත්තේය. ඔහුගෙන් පසු රාෙ-න්ද්රහ චෝල මිහිඳු රජ සිරභාරයට ගෙන රජරට පාලන බලය තහවුරු කර ගත්තේය. රාෙ-න්ද්ර චෝලගේ පාලන සමය ක්රිහ.ව. 1014 සිට ක්රින.ව. 1044 දක්‌වා පැවැති අතර, එය දෙවැනි චෝල ආක්ර මණය වුණි. මෙලෙස චෝල පාලනය ක්රික.ව. 1070 වන තෙක්‌ පැවතුණු අතර, 1 වැනි විජයබාහු චෝලයන් පරාජය කොට පලවා හැර රට එක්‌සේසත් කළේය.
ඉන් පසුව කාලිංගයෙහි මාඝ යන ආක්ර්මණිකයා අති මහත් විනාශයක්‌ කොට වස්‌තුව ද කොල්ල කා රජරට අල්ලා ගත් අතර, ඔහුගේ පාලනය ක්රිර.ව. 1215 සිට ක්රිම.ව. 1236 දක්‌වා පැවතිණි.
ඉන් පසුව අප රටේ බෞද්ධ ශිෂ්ටාචාරය දැඩි ලෙස විනාශ කරමින් වස්‌තු කොල්ලය සිදු කළේ, ක්රික.ව. 1505 දී අහම්බෙන් මෙන් මෙරටට සේන්දු වූ පෘතුගීසීන් විසිනි. ක්රි .ව. 1575 දී පෘතුගීසි කපිතාන් දියෝ ගෝ ද මේලෝ කැලණි විහාරයට පහර දී එය දරුණු ලෙස විනාශ කළේය. කැලණි ස්‌තූපය විනාශ කොට එය පිහිටි ස්‌ථානයෙහි පසු කාලීනව ශාන්ත ආනා (Saint Anne) පල්ලිය ගොඩ නැංවූයේය. කැලණි ස්‌තූපයෙහි තිබුණු වටිනා පුරා වස්‌තු පෘතුගීසිහු කොල්ල කෑහ. කැලණි විහාරයෙහි තිබුණු පෞරාණික බුදු පිළිම, පුරා වස්‌තු සහමුලින්ම විනාශ කොට ගිනිබත් කළහ. පෘතුගීසින්ට විරුද්ධ වූ ගම්වැසියන්ව කැලණි විහාර පුද බිමේදීම වද හිංසනයට ලක්‌ කොට ඝාතනය කළහ.
ඒ වනවිට ශ්රීම ලංකාවෙහි අගනුවර කෝට්‌ටේ වූ අතර දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවා තිබුණේ කෝට්‌ටේ නගරයෙහි තෙමහල් පන්සලකයි. පෘතුගීසිහු මුළු කෝට්‌ටේ නගරයත්, එම තෙමහල් පන්සලත් ගිනි තබා විනාශ කරමින් වස්‌තුව කොල්ල කෑහ. පෘතුගීසින්ගේ විනාශකාරී පිළිවෙත ගැන අවබෝධයෙන් සිටි භික්ෂුරන් වහන්සේ ඊට පෙරාතුව දන්ත ධාතුන් වහන්සේ සියනෑ කෝරලයේ ආරක්ෂිවත ස්‌ථානයකට වැඩම කරවූහ. පැපිලියානෙහි පිරිවෙන, තොටගමුවෙහි පිරිවෙන, රයිගම් කෝරලයෙහි වීදාගම පිරිවෙන, කෝට්‌ටේ සුනේත්රාවදේවි පිරිවෙන ආදී පිරිවෙන් ගිනිතබා විනාශ කළහ. කළුතර, වැලිගම, මාතර, දෙවුන්දර සහ රත්නපුර ආදී නගර වල පිහිටි පන්සල්, දාගැබ්, බුදු පිළිම, පිරිවෙන් ආදී සියල්ල විනාශ කොට ගිනි තැබූ අතර ඒවා කොල්ල කෑහ. රත්නපුර සමන් දේවාලයට දැඩි ලෙස හානි කොට කොල්ල කෑහ. දෙවුන්දර විෂ්ණු දේවාලය විනාශ කොට එහි තිබුණු වටිනා වස්‌තූන් සියල්ල කොල්ල කෑහ. ගවයින් මරා දමමින් දේවාල පුදබිම හිතාමතාම අපවිත්රර කළහ. පෘතුගීසින් එසේ කළේ දෙවුන්දර විෂ්ණු දේවාලයෙහි හාස්‌කම් පිළිබඳව සිංහලයන් තුළ පැවැති දැඩි විශ්වාසය සමච්චලයට ලක්‌කිරීම සඳහාය. එහෙත් ඉහත කී ප්ර්දේශ වලින් කොල්ල කා ගත් අප රටට අයත් වස්‌තු සම්භාරය රැගත් පෘතුගීසි නැව් තුනක්‌, දෙවුන්දර වරායෙන් පිට වූ නමුදු ඒවායින් එකකටවත් පෘතුගාලය වෙත හෝ ස්‌පාඤ්ඤය වෙත ළඟා වීමට නොහැකිව විනාශ වූ බව පෘතුගීසි ලේඛන වල සඳහන් වෙයි.
අපට අයත් තොටගමුවේ ශ්රීත රාහුල හිමියන්ගේ දේහය ගෝවට ගෙන ගොස්‌, එය පෘතුගීසීන්ගේ කතෝලික පූජක වරයෙකුගේ දේහයක්‌ බවට හුවා දක්‌වමින් වර්තමානයේ පවා ප්රලදර්ශනය කරති. එදා පෘතුගීසි පාලන සමයේදී ඔවුනට නතු වූ ප්රජදේශ වල කිසිම බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ ඉදි කිරීම හෝ බෞද්ධ ආගමික වතාවත් පවත්වාගෙන යැම සපුරා තහනම් විණි.
ක්රිධ.ව. 275 දී මහසෙන් රජු විසින් අද ත්රිගකුණාමලය නමින් හැඳින්වෙන ප්රරදේශයෙහි ගෝකණ්‌ණ විහාරය කරවූ බවත්, අග්බෝ රජු ක්රිූ.ව. 718 දී එකී විහාරයට ධර්ම ශාලාවක්‌ ඉදිකොට පූජා කළ බවත් ඉතිහාසය සාක්ෂින දරයි. පෘතුගීසීහු මෙම විහාරය කොල්ල කා බිමට සමතලා කොට එය මත ෆෙඩ්රික්‌ බලකොටුව ඉදි කළහ. මෙය වර්තමානයේදී ද ත්රි්කුණාමලයේ දිස්‌ වෙයි.
පෘතුගීසින්ගෙන් පසු ඔවුනට අයත්ව තිබුණු ප්රදදේශ වල පාලන බලය ලන්දේසීන්ට නතු විණි. ලන්දේසීහු පෘතුගීසින් තරම් අපගේ වෙහෙර, විහාර, පුරාවස්‌තු ආදියට හානි නොකළහ. ඩෙල්ෆට්‌ දූපතෙහි ඇති බෞද්ධ ස්‌තූපයන්ට ලන්දේසින්ගේ යම් හානියක්‌ සිදු වී ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. මෙම ස්‌තූපයන්ට විශාල වශයෙන් හානි කොට කඩා බිඳ දැමුවේ එල්.ටී.ටී.ඊ. ත්ර ස්‌තවාදී සංවිධානය විසිනි. අදටත් ඩෙල්ෆට්‌ දූපතෙහි ඉතිරිව ඇති එම බෞද්ධ ස්‌තූප වල නටබුන් දැකිය හැක. තවද යාපනය ප්රලදේශයෙහි තිබුණු ඉතාමත් මූර්තිමත් විෂ්ණු දෙවියන්ගේ සැතපෙන පිළිමයක්‌ නෙදර්ලන්තයට ගෙන යැමේ උත්සාහයක්‌ද ඔවුන් තුළ තිබුණු බව සඳහන් වෙයි. එහෙත් එකල සිටි හින්දු පූජකවරු එකී පිළිමය සඟවා තබා ගෙන ඉමහත් කැපවීමෙන්, එය ලන්දේසින්ගෙන් රැක ගත්හ. මාදගල් සිට පොන්නාලේ මංසන්ධිය දක්‌වා දිවෙන මාර්ගයෙහි, පොන්නාලේ මංසන්ධියට ආසන්නව විශාල මනරම් කෝවිලක, මෙම සැතපෙන විෂ්ණු දේව රූපය වර්තමානයෙහි වඩා හිඳුවා ඇත. මුළු ලොවෙහිම මෙවැනි සැතපෙන විෂ්ණු දේව රූප ඇත්තේ දෙකක්‌ පමණක්‌ බව තතු දන්නා හින්දු පූජකවරු පවසති. එයින් පළමුවැන්න ඉහත කී කෝවිලෙහිත්, දෙවැන්න දකුණු ඉන්දියාවෙහි පිහිටි කෝවිලකත් වඩා හිඳුවා ඇති බව ඔවුහු පවසති. කෙසේ වුවද ක්රිත.ව. 1658 සිට 1796 දක්‌වා පැවැති ලන්දේසි පාලන සමය තුළදී අපගේ වෙහෙර විහාර, දේවාල, පුරා වස්‌තු ආදියට සිදු වූ හානිය සාපේක්ෂු වශයෙන් සුළු බව කිව යුතුමය.
ලන්දේසින්ගෙන් පසුව වර්ෂ 1796 දී බ්රිශතාන්යවයෝ ශ්රී. ලංකාවට පැමිණියහ. එම වර්ෂයේදීම කොළඹ අත්පත් කරගත් බ්රිීතාන්ය යෝ, වර්ෂ 1815 පෙබරවාරි 14 වැනි දින මහනුවර ගිවිසුමට අත්සන් තබා අපගේ අවසාන රාජධානිය වූ මහනුවර රාජධානිය යුද්ධයකින් තොරවම තම පාලනයට නතු කරගෙන මුළු ශ්රීස ලංකාවම යටත් කර ගත්හ. බ්රි තාන්ය ආණ්‌ඩුකාර රොබට්‌ බ්රතවුන්රිග් සහ උඩරට රදළවරු හත් දෙනකු අතර අත්සන් තැබුණු මෙම මහනුවර ගිවිසුමෙහි වගන්ති ප්රමකාරව බ්රිහතාන්ය යෝ ශ්රීන ලංකාවෙහි බුද්ධාගම ආරක්ෂාො කිරීමට පොරොන්දු වී සිටියහ. එහෙත් එම පොරොන්දුව නොබෝ දිනකින්ම අමතක කළ බ්රි්තාන්යකයෝ අපගේ බෞද්ධ සිද්ධස්‌ථාන සංරක්ෂාණය කරන මුවාවෙන් ඒවා තමන්ට නතු කර ගනිමින් මනා සැලසුම් සහගතව නීතිමය රාමුව තුළ සිටිමින් අපගේ පුරාවස්‌තු, සොරකම් කොට ඒවා බ්රි තාන්ය යට යෑවූහ. අපගේ සමහර වෙහෙර විහාරද ඒවාට අයත් භූමි ප්රපමාණය පිළිබඳව සිංහල රජුන් විසින් ප්ර දානය කරන ලද සෙල්මුවා සන්නස්‌ද සූක්ෂ ම ලෙස විනාශ කෙරිණි.
වර්ෂ 1820 දී බ්රිපතාන්යන යුද හමුදාවේ ලුතිනන් ෆෙගන් (Fagan) විසින් වල් බිහි වී තිබුණු පොළොන්නරු රාජධානිය සොයා ගන්නා ලදී. ඉන් පසුව බ්රි තාන්ය ආණ්‌ඩුකාරවරු පොළොන්නරු රාජධානියෙහි කැලෑව එළිකරන ලෙස පළාත භාර දිසාවේ වරුන්ට කිහිප විට අණ කළ නමුදු එය ඉටු නොවිණි. බ්රි තාන්ය යන්ගේ උත්සාහය පොළොන්නරුවෙහි ඇති පුරා වස්‌තු ලබා ගැනීම උදෙසා බව අවබෝධ කරගත් දිසාවේවරු අණ නොපිළිපැද්දාහ. අවසානයේදී වර්ෂ 1870 දී බ්රිාතාන්යු ආණ්‌ඩුකාර ආතර් ගෝඩ්න් උදහසට පත්ව දැඩි ලෙස අණ කිරීමෙන් පසු, තමන්කඩුව දිසාවේට නොකැමැත්තෙන් වුවද පොළොන්නරුව රාජධානිය අවට කැලෑව එළි පෙහෙළි කරවීමට සිදු විය. ඉන් පසුව පොළොන්නරුවෙහි පුරා විද්යාල කැණීම් කටයුතු එවකට පුරා විද්යාො කොමසාරිස්‌ වූ එස්‌. එම්. බරෝස්‌ (S. M. Burous) ගේ අධීක්ෂුණය යටතේ පටන් ගැනිණි. මොහු පුරා විද්යාිඥයෙක්‌ නොවුණු අතර බ්රිෝතාන්යඑ පරිපාලන නිලධාරියෙකි. මහනුවර ගිවිසුමට අනුව පොරොන්දු වූ පරිදි බෞද්ධ සිද්ධස්‌ථාන සුරැකීම සඳහා පොළොන්නරු කැනීම් කටයුතු කරන බව පෙන්වීමට බ්රිරතාන්යටයෝ උත්සාහ කළ අතර, ඒ හා සමගාමීව හමු වූ වටිනා පුරාවස්‌තු සහ නිධන් වස්‌තු බ්රිනතාන්යටය කරා යෑවීමද සිදු විණි.
වල් බිහි වී තිබුණු අනුරාධපුර රාජධානිය සොයා ගන්නා ලද්දේ වර්ෂ 1820 දී රැල්ෆ බැක්‌ස්‌ (Ralph Backhaus) නම් වූ බ්රිටතාන්යක පරිපාලන නිලධාරියෙකු විසිනි. එසේම ශ්රීා ලංකාවෙහි පුරා වස්‌තු සුරැකීම සඳහා අවංකවම උත්සාහ කළ බ්රිනතාන්යa පුරාවිද්යා‍ කොමසාරිස්‌වරයෙකි, එච්. සී. පී. බෙල් මහතා. අනුරාධපුරයෙහි පුරාවිද්යාී කැණීම් කටයුතු පටන් ගැනීම සඳහා, බෙල් මහතාට නිල වශයෙන් බ්රිlතාන්ය ආණ්‌ඩුවෙන් අවසරය ලැබුණේ වර්ෂ 1890 දීය. එහෙත් බ්රියතාන්යකයෝ වර්ෂ 1885 වන විට අනුරාධපුර ෙ-තවනාරාමයෙහි අවිධිමත් කැණීම් කටයුතු පටන් ගෙන තිබුණු අතර, එහි ප්ර0තිඵලයක්‌ වශයෙන් හතරැස්‌ කොටුව සහ මුළු මුදුනම කඩාගෙන වැටිණි. එයින් ද පසුබට නොවුණු බ්රිමතාන්යුයෝ වර්ෂ 1887 දී අඩි 162 ක්‌ දිග උමගක්‌ ජේතවනාරමයෙහි ධාතු ගර්භය තුළට කණින ලදහ. ධාතු ගර්භයෙහි වූ අති පූජනීය ධාතු වලට සිදු වූ දෙය කිසිවෙකු නොදන්නා නමුත් උමගෙහි කොටසක්‌ කඩා වැටී බ්රි තාන්යා සොල්දාදුවෝ පිරිසක්‌ එයට යටවූහ. ඉහත කී කරුණු සැලකීමේදී, පුරාවිද්යාෝ කොමසාරිස්‌වරයෙකු වූ බෙල් මහතා අතට අනුරාධපුර රාජධානියෙහි පුරා විද්යා කැණීම් කටයුතු සහ සංරක්ෂවණ කටයුතු භාරදෙන විටත්, සෑහෙන පමණ විනාශයක්‌ අනුරාධපුර රාජධානියෙහි පුරා වස්‌තු වලට බ්රිුතාන්යදයෝ කර තිබුණහ.
වර්ෂ 1898 දී ආගමික වතාවත් සඳහා භාවිත නොකරන වෙහෙර විහාර වල පූර්ණ අයිතිය බ්රිදතාන්යස අධිරාජ්යවය සතුය යන නීතිය ගෙන ආ බ්රිාතාන්යු පාලකයෝ බොහෝ බෞද්ධ වෙහෙර විහාර තමන්ට නතුකර ගත්හ. මුලින්ම අනුරාධපුරයෙහි ථූපාරාමයත්, පසුව ගෝනමැරියාව විහාරයත්, මහා පද්ම විහාරයත්, මැද පන්සලත්, ඔවුහු තමන් වෙත පවරා ගත්හ. අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්‌ථාන ලෙස බ්රිවතාන්යය පාලකයන් විසින් පිළිගන්නා ලද්දේ, ශ්රීහ මහා බෝධි උඩ මළුවත්, රුවන්වැලිසෑයත් පමණි. වල් බිහිවී අභාවයට ගොස්‌ තිබුණු වාරිමාර්ග පද්ධතිය නිසා නිසි ජල සැපයුමක්‌ නොමැතිකමින් වී ගොවිතැන කිරීමට නොහැකිව, නිසි වෙළෙ¹මක්‌ කිරීමට නොහැකිව, අධික බදුබරින් පීඩිතව, දරිද්රිතාවයෙන් බැටකමින් සිටි සිංහල බෞද්ධයන්ට එම වෙහෙර විහාර නඩත්තු කිරීමේ හැකියාවක්‌ නොතිබිණි. එම තත්ත්වයෙන් ප්ර්යෝජන ගනිමින් කල්යල් බලා ඉහත කී නීතිය ගෙන ආ බ්රිනතාන්යියෝ බෞද්ධ වෙහෙර විහාර බොහොමයක්‌ තමන්ට නතු කර ගනිමින් ඒවායේ තිබුණු පුරා වස්‌තු සහ නිධන් වස්‌තු බ්රිඉතාන්ය යට යෑවූහ. මැදපන්සල සහ ගෝනමැරියාව විහාරය, ඔවුහු සහමුලින්ම වනසන ලදහ. බෞද්ධයන්ගේ දැඩි විරෝධය නිසා මහ පද්ම විහාරය සහ ථූපාරාමය වැනසීම මඳක්‌ සෙමින් සිදු විණි. මෙම වෙහෙර විහාර වල ගඩොල්, ගල් කණු ආදිය පාරවල් සෑදීම සඳහා බ්රිනතාන්ය යෝ භාවිත කළහ. එච්. සී. පී. බෙල් නම් පුරාවිද්යා කොමසාරිස්‌වරයා මෙම අවස්‌ථාවේදී නම් ඔහු බ්රි තාන්යර පාලකයන්ව නැවැත්වීමට කිසිදු උත්සාහයක්‌ නොකළ බව කිවයුතුමය.
වර්ෂ 1900 දී එවකට අටමස්‌ථානාධිපතිව වැඩ සිටි ස්‌වාමීන් වහන්සේ විසින් ඉපැරණි ආදාහන මළුව අසල විහාරයක්‌ ඉදි කිරීම සඳහා බ්රිිතාන්යි බලධාරින්ගෙන් අවසර ඉල්ලුවද ඒ සඳහා ඔවුහු අනුමැතිය නුදුන්හ. එහෙත් වර්ෂ 1901 දී ඉපැරණි ආදාහන මළුව විනාශ කොට එහි බ්රිමතාන්යඳ වෛද්යා නිලධාරීන් සඳහා බංගලාවක්‌ ඉදි කරවීමට ඔවුහු තීරණය කළහ. බෞද්ධ සිද්ධස්‌ථාන වලට සිදු කරන හානිය පිළිබඳ වසර කීපයක්‌ම බ්රි තාන්යායන් සමඟ වාද විවාද කරමින් සිටි සිංහල බෞද්ධයෝ, ඉවසා නුහුනු තැන වර්ෂ 1903 දී ජුනි මස 09 වන දින බ්රිබතාන්ය් බලධාරීන්ට එරෙහිව අනුරාධපුරයේදී කැරැලි ගැසූහ. කැරැල්ල මැඩ පැවැත් වුවද එකී බෞද්ධ සිද්ධස්‌ථාන යම් ප්රිමාණයකට හෝ බ්රිුතාන්යබයන්ගෙන් ආරක්ෂාා විණි.
බ්රිලතාන්යටයෝ අපගේ නැගෙනහිර බෞද්ධ උරුමයටද හානි කළහ. සොලී ආක්රනමණ සහ වසංගත රෝග නිසා ක්රරමයෙන් ජනශුන්යා වී ඝන වනාන්තරයට නතු වුණු දීඝවාපි චෛත්යැය නැවත ප්රිතිසංස්‌කරණය කරන ලද්දේ ක්රි්.ව. 1746 දී මෙරට රජකම ලැබූ මහනුවර කීර්ති ශ්රීට රාජසිංහ රජු විසිනි. රජු චෛත්යුය ප්රයතිසංස්‌කරණය කොට අතිවිශාල භූමි ප්රළමාණයක්‌ද සමඟ එහි අයිතිය ගල් සන්නසකින් බිබිලේ පොතුබන්ධන රජමහා විහාරාධිපතිව සිටි බන්ඩිගොඩේ නිග්රෝ්ධ නායක තෙරුන් වහන්සේට පැවරූ බව සඳහන් වේ. කරුණු මෙසේ වුවද බ්රි තාන්යබ පාලන සමයේදී ගෙන එන ලද මුඩු බිම් පතන යටතේ දීඝවාපි චෛත්යයද, දීඝවාපී විහාරස්‌ථානය සතු භූමි ප්රේමාණයද, ගොඩනැඟිලි සියල්ලද, බ්රිීතාන්යුයෝ ඔවුනට නතු කර ගත්හ. 1887 වර්ෂයේදී මඩකලපුව දිසාපතිවරයාව සිටි බ්රි තාන්ය ජාතික ඇලන්සන් බේලිගේ නියෝගයට අනුව, ඇලවේලි අමුණු ආදිය ප්ර තිසංස්‌කරණය කිරීම සඳහාත්, පාරවල් සෑදීම සඳහාත්, දීඝවාපි චෛත්යකයට අයත් ගල්කණු, ගඩොල්, සෙල්ලිපි ආදිය යොදා ගැනිණි. කීර්ති ශ්රීස රාජසිංහ රජු විසින් ප්රයදානය කරන ලද ඉහත කී ගල් සන්නස තිබුණහොත් දීඝවාපී චෛත්යයට අයත් අති විශාල භූමි ප්ර්මාණය නැවත ලබා දීමට සිදුවනු ඇති බව සැක කළ ඇලන්සන් බේලි එම ගල් සන්නස ඇනිකට්‌ එකක්‌ සෑදීම සඳහා යොදවා සඟවා තැබුවේය.
වර්ෂ 1916 දී වල් වැදී තිබුණු දීඝවාපි රජමහා විහාරය නැවත සොයා ගෙන එහි තනිව වැඩවාසය කරමින් බ්රිුතාන්යක ජාතිකයින් මෙම චෛත්යරයට කරගෙන ගිය මහා විනාශය නවතා ලීමට තනිව සටනක්‌ ගෙන ගිය ශ්රේ ෂ්ඨ බුද්ධ පුත්රයයාණන් වහන්සේ නමකි කොහුකුඹුරේ රේවත ස්‌වාමීන් වහන්සේ. බ්රිනතාන්යය මහ රැජිණටත්, බ්රිගතාන්යෙ ආණ්‌ඩුවටත් උන්වහන්සේ විසින් කරුණු දැක්‌වීමෙන් පසු අක්‌කර 585 ක්‌ දීඝවාපී රජ මහා විහාරස්‌ථානයට නැවත වෙන් කෙරිණි. අක්‌කර 585 ප්ර මාණවත් නොවන බවත්, සිංහල රජවරුන් පූජා කොට තිබූ භූමි ප්ර‌මාණය නැවත ලබා දෙන ලෙසත්, ඇනිකට්‌ එක සෑදීමට භාවිත කර තිබුණු කීර්ති ශ්රීැ රාජසිංහ රජතුමා විසින් ප්රරදානය කරන ලද ගල් සන්නස නැවත ලබා දෙන ලෙසත්, උන්වහන්සේ දිගින් දිගටම බ්රිමතාන්යු රජයට කරුණු දැක්‌වූ නමුදු එය ඵල රහිත විණි. වර්ෂ 1950 ඔක්‌තෝබර් 13 වැනි දින මුස්‌ලිම් ජාතිකයෙකු තබන ලද වෙඩි පහරකින් මෙම ශ්රේමෂ්ඨ වීර බුද්ධ පුත්රටයාණන් වහන්සේ අපවත් වූහ. කීර්ති ශ්රීද රාජසිංහ රජු විසින් ප්රටදානය කරන ලද ගල් සන්නස ඇණිකට්‌ එකක සදහටම සැඟවූ, දීඝවාපිය විහාරයට විශාල හානියක්‌ සිදු කළ ඇලන්සන් බේලි දිසාපතිවරයා උණකින් සහ දැඩි හිසේ රුදාවකින් නිතරම වේදනා විඳි බවද සඳහන් වේ.
වර්ෂ 1818 දී බ්රියතාන්යු පාලනයට විරුද්ධව ඇරඹුණු ඌව වෙල්ලස්‌ස කැරැල්ලෙහි නායකත්වය දැරුවේ මොණරවිල කැප්පෙටිපොළ නිළමෙතුමාය. කැරැල්ල මැඬ පැවැත්වීමෙන් පසු කැප්පෙටිපොළ නිළමෙව අල්ලා ගත් බ්රි්තාන්ය යෝ ඔහුගේ හිස ගසා දැමීමට අණ කළහ. ගහලයාගේ කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන් නොවුණු අතර, හිස වෙන්වීම සඳහා කඩු පහර ගැසිය යුතු නියම තැන කැප්පෙටිපොළ නිළමේ තුමාම විසින් ගහලයාට පෙන්වන ලදී. එම දෙවන කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන්වූ අතර චාරිත්රාුනුකූලව වෙන්වූ හිස දේහයෙහි පපුව මත තබන ලදී. මරණය සහතික කිරීම සඳහා පැමිණ සිටි වෛද්යඩවරයා වූ හෙන්රි මාර්ෂල්, කැප්පෙටිපොළ නිළමෙතුමාගේ නිර්භීත හැසිරීම් රටාව හො¹කාරව දුටුවේය. ස්‌කොට්‌ලන්ත ජාතිකයෙකු වූ ඔහු, ස්‌කොට්‌ලන්ත වීරයෙකු වූ සර් විලියම් වොලස්‌ (Sir William Wallace) ගේ හිස්‌ කබල සමඟ විද්යා්ත්මක පරීක්ෂකණ මගින් සැසඳීම සඳහා, කැප්පෙටිපොළ නිළමෙ තුමාගේ හිස්‌කබල බ්රිසතාන්යසයට රැගෙන ගියේය. විලියම් වොලස්‌, පළමුවෙනි එඩ්වඩ් නමැති ඉංග්රීකසි රජුගෙන් ස්‌කෝට්‌ලන්ත ජාතිකයන්ට වූ අසාධාරණකම් නිසා, ස්‌කොට්‌ලන්තය වෙනුවෙන් සටන් කළ වීරයෙකි. වර්ෂ 1948 පෙබරවාරි 04 වැනි දින බ්රිීතාන්ය පාලනයෙන් ශ්රීත ලංකාව නිදහස්‌ වූවාට පසු කැප්පෙටිපොළ නිළමෙතුමාගේ හිස්‌ කබල අප රටට නැවත ලබාදුන්නේය. එය දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේ තැන්පත් කෙරිණි.
මේ පෙළ ගැසුනේ මේ රටේ සිදු වූ මහා පුරාවස්‌තු සංහාරය පිළිබඳ ඉතිහාසයේ සංක්ෂි ප්ත කතාවකි. විශේෂත්වය වන්නේ මෙවැනි මහා සංහාර රැළි සේ මතුව නැගී ආවේ රටෙහි යහ පාලනය අඩාල වූ අවස්‌ථා වලය. ඒ ඉතිහාසය අපට සාධනය කර දෙන යථාර්ථය ය.

ලුතිනන් කොමාන්ඩර් පී. කේ. ඉශාන්ත ගුණතිලක

සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේ

මෙරට ඉංගී‍්‍රසි පාලන අවධියේදී ථූපාරාමයට බටහිරින් පිහිටි නටබුන් ස්මාරකය මිහිඳු සොහොන ලෙසත් නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය  සංඝමිත්තා සොහොන ලෙසත් පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි එච්.සී.පී. බෙල් මෙන්ම ජේ.ජී. ස්මිතර් ද දක්වා ඇත. පසුගිය වසරේ නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපයටත් නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය සංරක්‍ෂණය කළ අනුරාධපුර පුරාවිද්‍යා අංශය එයට සංඝමිත්තා සොහොන යනුවෙන් නාම පුවරුවක් සවිකොට තිබුණි. එම ස්තූපය අනුලා මෙහෙණියගේ සොහොන ලෙස ද ජන ව්‍යවහාරයේ පැවති අයුරු වලිසිංහ හරිස්චන්ද්‍ර ද සඳහන් කර ඇත. ඉංගී‍්‍රසි අවධිය වනවිට මතුකරගෙන තිබූ ප‍්‍රථම  ස්තූපය සංඝමිත්තා සොහොන නොවන බව හා එය පදලස චේතියක් බව සනාථ කරමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා  යුනිවර්සිටි ඔෆ් සිලෝන් රිවිච් සඟරාවට අගනා ලිපියක් සපයා තිබුණි.
පදලස චේතිය යනු අති පුරාණයේ සතර බුදුවරයන් වරින්  වර ථූපාරාම භූමියට  වැඩම කොට දම් දෙසා පෙරළා දඹදිව වැඞීම සඳහා සිරි පදලස තබා බර කොට අහසට නැගි ස්ථානය යැයි මෙරට අනුරාධපුර සමයේ බෞද්ධයන්ගේ විශ්වාසයක් පැවතුන බවද දීපවංසය, මහාවංසය, වංසත්ථප්පකාසිනිය ආදී  ග‍්‍රන්ථයන්හි සඳහන්ය. එම ස්ථාන පූජනීය තැන් ලෙස සලකා පසුකාලයක ථූපාරාමයෙන් නැගෙනහිරට පිළිවෙළින් ස්තූප සතරක් ඉදිකොට තිබී ඇත. අනුරාධපුර අවසන් කාලයේ එනම් 4 වැනි උදය රජු සමයේ (946-954) පරන්තක නම් වූ සොළී පාලකයා විසින් අනුරාධපුරය ආක‍්‍රමණය කරන ලද්දේ පාණ්ඩ්‍ය පාලකයා විසින් 3 වැනි දප්පුල රජු වෙත ආරක්ෂාව සඳහා තබාගිය පාණ්ඩ්‍ය රාජ කකුධ භාණ්ඩ ලබාගැනීම පිණිසය. එහෙත් රජතුමා රුහුණට පලා ගියෙන් සිය අරමුණ සපුරාගත නොහැකි වූ සොලී ආක‍්‍රමණිකයන් විසින් ගිනි තබා විනාශ කරන ලද ස්ථාන අතර පදලසෙහි වූ පූජනීය ගොඩනැගිලි ද විය. ඉන් පසු රාජ්‍යයට පත් 4 වැනි මිහිඳු රජු විසින් ඒවා පිළිසකර කරන ලද බව මහාවංසයේ සඳහන්ය.

ක්ධයාපිතඃ චොළ රාජස්ස් බලෙන පදලාංඡනෙ
චතුන්නං චෙතියානං සො රමනීයං ඝරං අකා
සතර බුදුවරයින් සඳහා ඉදිකළ ස්තූප සතර නගරයෙන් දකුණු දෙස වූ බව දීපවංසයේද සඳහන්ය. ථූපාරාම භූමිය පැරණි නගරයට දකුණින් පිහිටා ඇත.

විසාලෙ පාචිනාරාමො-ථුපාරාමො ’නුරාධකෙ
දක්ඛිණෙ චතුරොථූපා  චතුබුද්ධාන සාසනෙ

සත්‍ය වශයෙන්ම ථූපාරාමයට නැගෙනහිරින් ඇති කුඩා ස්තූප සම්බන්ධව පුරාණයේ පැවැති පූජනීය ගොඩනැගිලිවල නටබුන් වශයෙන් ගල්කණු, පියගැටපෙළ, කොරවක්ගල්, මුරගල් හා සඳකඩපහණ අදත් දැකිය හැකිය. අනුරාධපුර යුගයේ අවසානය වනවිට පමණක් නොව පොළොන්නරු යුගයේදීද මෙම පදලස චෛත්‍ය සතර පැවති බව මහා බෝධිවංසය සඳහා පොළොන්නරු යුගයේදී රචිත මහාබෝධිවංශ ග‍්‍රන්ථපදයේ ථූපාරාමයට නැගෙනහිරින් සතර බුදුවරයන් සඳහා ඉදිකළ  පදලස චේතිය සතරක් තිබූ බව සඳහන් වීමෙන් තහවුරු වේ.
අර්හත් මිහිඳු හිමියන් අනුරාධපුරයට වැඩම කොට එහි ඒ ඒ ස්ථානවලට යමින් ඒ ඒ ස්ථානයේ ආගමික වැදගත්කම ගැන කරන ලද විස්තරය සඳහන් කරන බෝධිවංශ ගැටපද කතුවරයා මිහිඳු හිමියන් විසින් පෙන්වන ලද එම ස්ථාන පොළොන්නරු යුගයේදී කුමන නමකින් යුක්ත ස්ථාන දැයි හඳුන්වා දී ඇත. 10 වැනි සියවසේ රචිත පාලි මහාබෝධිවංශයේ මහාවිහාර පරිග්ගහණ කථා යටතේ කකුසඳ, කෝණාගම, කාෂ්‍යප හා ගෞතම යන බුදුවරුන් ථූපාරාමස්ථානයට වැඩම කොට නිමේශයක් සමාධිගතව සිට නැවතත් අහසට නැගි ස්ථාන මිහිඳු හිමියන් විසින් පෙන්වා දෙනු ලබන්නේ අනාගතයේ ථූපාරාමය ඉදිවූ ස්ථානයේ සිටය. ඒ අනුව කකුසඳ බුදුන් අහසට නැගි තැන  ”හේ දැන් සතර බුදුන් පදලස පැදුම් දෙසෙන් මහ සෑ තැන්....” යනුවෙන්ද කෝණාගම බුදුන් වැඩ සිටි තැන ”හේ දැන් පදලස පැදුම් දෙසෙන් දෙවැනි මහ සෑ තැන්” යනුවෙන් ද කාෂ්‍යප බුදුන් වැඩ සිටි තැන ”හේ දැන් පදලස පැදුම් දෙසෙන් තුන්වැනි මහ සෑ තැන් යනුවෙන්ද අවසානයට ගෞතම බුදුන් අහසට නැගි තැන ”සිලාචේතියට්ඨානෙ සල තැන්හිදු, හේ පදලස සතරවැනි කුඩා දාගැබයි” යනුවෙන් සඳහන්ය. කාෂ්‍යප බුදුන් වහන්සේ එසේ අහසට නැංග තැන වූ සෝමනස්සමාකයෙහි පසු කල දෙවැනි පෑ තිස් රජුගේ මලණු උත්තිය රජු විසින් සෑයක් කරන ලද බව වංසත්ථප්පකාසිනියේ සඳහන්ය.  කෝණාගම බුදුන් වහන්සේ එසේ අහසට නැංග ස්ථානය වූ සිරිස මාලකයේ පසු කල ථූලත්ථන රජු සෑයක් කළ බවද ටීකාව සඳහන් කරයි. මහාවංශයේ හා එහි ටීකාවේද ගෞතම බුදුන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනයේදී අනුරාධපුරයට වැඩම කොට ථූපාරාමය පිහිටන ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිට සිලාචේතිය පිහිටන ස්ථානයේ වැඩවෙසෙමින් දෙවියන්ට අනුශාසනා කළ බව මහාවංසයේ හා ටීකාවේ සඳහන්ය.
සද්ධර්ම රත්නාකරයේ බුදුන් වහන්සේ අනුරාධපුරයට වැඩම කළ පුවත සඳහන්ය. කි‍්‍ර.ව. 1474 දී උපසම්පදාව ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේට පැමිණි  බුරුම (පේගු) දුත පිරිස පෙරළා සියරට යාමෙන් පසු එරට පිහිටුවූ කල්‍යාණි ශිලාලිපියේ ඔවුන් සිරිලක රැුඳී සිටි කාලයේදී අනුරාධපුරයට ගොස් පුරාණ සිද්ධස්ථාන වැඳපුදාගත් බවත් ඒවා අතර එකක් වශයෙන් ශිලාථූපයක් සඳහන් කර ඇත. ථෙරා රතනචෙතියඤ්ච මරිච්චවට්ටි චේතියඤ්ච ථූපාරාමචෙතියඤ්ච අභයගිරි චෙතියඤ්ව සිලාචෙතියඤ්ච ජෙතවනචෙතියඤ්්ව වන්දිත්වා දක්ඛිණසාඛං මහාබෝධිරුක්ඛඤ්ඡු වන්දිත්වා ලොහපාසාදඤ්ව පස්සිත්වා සද්්ධාතිස්ස රජගේ වැඩිමල් පුත් ලඤ්ජිතිස්ස (කි‍්‍ර.පු. 119-109) විසින්  ථූපාරාමයට නැගෙනහිරින්  ශිලාථූපය කරවූ බව මහාවංසයේ සඳහන්ය.

ථූපාරාමස්සපුරතො - සීලාථුපකමෙව ච
ලජ්ජිකාසන සාලංච - භික්ඛුසංඝස්ස කාරයී

මේ අනුව ලඤ්ජිතිස්ස රජු විසින් පදලසෙහි අවසාන ස්තූපය වූ සිලාථූපය ඉදිකරන ලද බව වාර්තා වන හෙයින් දුටුගැමුණු  රජුගේ බෞද්ධ ප‍්‍රබෝධය යටතේ ලඤ්ජිතිස්සට පෙර ඉතිරි පදලස චේතිය ඉදිකර තිබෙන්නට ඇතැයි සැලකිය හැකිය.

ථූපාරාමයට නැගෙනහිරින් දැනට නටබුන්ව ඇති ස්තූප  දෙක හැර වෙනත් කිසිදු ස්තූපයක නටබුන් මතු-පිට  පොළවේ දක්නට නැත. මේ සම්බන්ධව අදහස් දක්වන මහාචාර්ය පරණවිතාන නූතන  අටමස්ථානයේ ආදාහන මළුව ඒ ආසන්නයේ පිහිටීම නිසා ඒවා විනාශ වන්නට ඇති බව ඉහත කී ලිපියේ දක්වා තිබේ. වර්තමානයේ  ථූපාරාම දාගැබ් භූමියට උතුරින්  ආදාහන මළුව හා විහාර භූමිය වෙන් වන පරිදි මහාමාර්ගය ඉදිකොට ඇතත් ඉංගී‍්‍රසි පාලන සමයේ මෙම ස්තූප පිහිටි බිම ද ආදාහන මළුව ප‍්‍රදේශයට ඇතුළත් වන පරිදි ස්තූපවලට දකුණු දෙසින් ථූපරාම නැගෙනහිර දොරටුව දෙසට ආසන්නව මහාමාර්ගය පිහිටා තිබී ඇති බව පැරණි සිතියම්වලින් මෙන්ම නටබුන් වූ  පාරේ අවශේෂ අනුව පැහැදිලි වේ. තවද 20 වැනි සියවසේ මුල් කාර්තුවේදී මහාමාර්ග සෑදීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් බෙල් බෞද්ධ ස්මාරකවල ගල් යොදාගැනීමට ඉඩදීමට විරුද්ධව වලිසිංහ හරිස්චන්ද්‍ර පැමිණිලි කර තිබීමද සැලකිල්ලට ගත යුතුය. 20 වැනි සියවසේ මුල සිට පූජා නගරය අවට ජනාවාස ඇතිවීමේදී නිවාස සාදා ගැනීම සඳහා ස්මාරකවල ගල් ගඩොල් ගලවාගෙන ඇති බවට සාක්‍ෂය බොහොමයක් ඇත.  උදාහරණයක් වශයෙන් 1894 වර්තාවල අභයගිරි විහාර භූමියේ උතුරු සීමාවේ පැරණි ස්තූපයක මීටරයක් පමණ උසට අවශේෂ ඉතිරි වී තිබීම වාර්තා වී ඇතත් 1994 දී අප විසින් එය පිරික්සීමේදී දක්නට ලැබුණේ පොළාව යටට ඇති අත්තිවාරම් හා යූප ගල් කොටසක් පමණකි. ඊට ආසන්නවම පදිංචිකරුවන් විසින් නිවාස ඉදිකරනු ලැබ ඇත. පදලස චෛත්‍ය පිහිටි භූමිය තවමත් උත්සව කාලවලදී වාහන නැවැත්වීමද අනවසර වෙළෙඳසල් ඉදිවීමද කෙරෙන හෙයින් එම කරුණුද මෙම විනාශයට හේතු වන්නට ඇත. එහෙත් මෙම භූමියේ කැනීම් කළහොත් මෙම ස්තූපවල අත්තිවාරම් සලකුණුවත් සොයා ගැනීමට හැකිවනු ඇත.
අභයගිරි ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග
2012 දෙසැම්බර් මස 02 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


කුච්චවේලි කඳුගැටයේ අසිරියත් නරඹමු...



ඔබ තනිවම මුහුදු වෙරළක ඇවිද ගොස්‌ තිබේද...? අලුත් දිය රැල්ලකින් තෙත බරියන් වී මනාව සැකසුණු වැලිතලාව මත ඇවිද යන ඔබට ආපසු හැරී බලනවිට පෙනෙන්නේ කුමක්‌ද?...


ඈතට ඈතට විහිදී පුංචි වී නොපෙනී යන ඔබේම පිය සටහන් ඔබට පෙනේවි. තවත් මොහොතකින් ඇදී එන ඊළඟ දළ රැල්ලෙන් ඒ පියසටහන් සේදී මැකී නොපෙනී යාවි...
වැල්ලේ පියසටහන් අන්න එහෙමය. සදාකාලික නැත. සැණෙකින් මැකී නොපෙනී යන සුළුය...

එහෙත් මතකයේ ඇඳුණු පියසටහන් එසේa මැකී නොපෙනී යා හැකිද...?

බොහෝවිට මතකයේ පියසටහන් ඇඳෙන්නේ යළි නොමැකෙන්නටය. නිsතරම අතීතය වෙත අප රැගෙන යන්නේ මතකයේ නොමැකී රැඳී තිබෙන ඒ පියසටහන්ය...

ඒ අයුරින් මම පසුගිය දිනක මතකයේ රැඳි පියසටහන් වැලක්‌ ඔස්‌සේ ත්‍රිකුණාමලයේ සිට නිලාවැලි පසුකර කුච්චවේලි ප්‍රදේශය දක්‌වා ඇවිද ගියෙමි....

මතකය නිවැරදි නම් ඒ ගමන මම මුලින් ගොස්‌ තිබුණේ 2000 කාලවකවානුවේදී හෝ ඊට පෙරය. එවකට ත්‍රිකුණාමලය ප්‍රදේශය භාරව රාජකාරි කළේ කවදත් අපට හිතවත් පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙකි. ඒ වූ කලී එවකට සහකාර පොලිස්‌ අධිකාරිවරුන් ලෙස සේවය කළ ප්‍රේමලාල් රණගල හා සරත් පෙරේරාය.

අද රණගල කොළඹ දකුණ ප්‍රදේශය භාරව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාය.

මේ දෙදෙනා ත්‍රිකුණාමලය උතුර භාරව සිටි, යුද්ධය තරමක්‌ සැර බාල වී තිබූ වටපිටාවක මමත් සංඛ ගාල්ලගේත් තව මිතුරන් කිහිපදෙනකුත් ත්‍රිකුණාමලයට ගියේ ඒ ප්‍රදේශයේ ආරක්‍ෂක තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වය හා යුදමය පරිසරයක්‌ විසින් යටපත් කරවමින් තිබූ සුන්දරත්වය පිළිබඳ සොයා බලා පුවත්පතට ලිපි කිහිපයක්‌ ලිවීමේ අරමුණ ඇතිවය.

මේ ගමනේදී ත්‍රිකුණාමලය නගරයේ තිබූ පොලිස්‌ අධිකාරී නිවස්‌නයේ සිට කුච්චවේලියට අප රැගෙන යාමේ වගකීම භාරව සිටියේ එවකට කුච්චවේලි පොලිසියේ රාජකාරි කරමින් සිටි උප පොලිස්‌ පරීක්‍ෂකවරයකුටය. ඔහු ලෑන්ඩ් රෝවර් වර්ගයේ විවෘත ජීප් රථයකින් අපව එම ගමන රැගෙන ගියේය.

ඒ කාලයේ අඩියෙන් අඩියට සෝදිසි කිරීමේ මාර්ග බාධක තිබිණි. උප්පුවේලි පොලිසියද පසුකොට අපි, මුලතිව් දක්‌වා දිවෙන මුහුදුබඩ මාර්ගයේ උතුරු දෙසට ඉදිරියට ඇදීයද්දී එක තැනක සිටියේ පොලීසියයි. තවත් තැනක සිටියේ හමුදාවයි. ඒ හැරුණවිට බොහෝ තැන්වල සිටියේ නාවික හමුදාවය. පොලිස්‌ ජීප් රියකින් ගියත් නාවික හමුදාව හා යුද හමුදාව අප අත හැරියේ නිසි සෝදිසි කිරීම් හා ප්‍රශ්න කිරීම් වලට අනතුරුවය. 

ඒ ආකාරයේ කදිම අත්දැකීම් විඳිමින් බිය සැකය හා ත්‍රාසය එකට මුසුවූ එම ආගන්තුක අසීරු පාර දිගේ අපි ඉදිරියට ගියෙමු. අප රැගෙන ගිය ජීප් රිය පැදවූ උප පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ වේගවත් ධාවනයට වළ ගොඩැලි පෙනුනේම නැත. දෙපසම විවෘත විල්ලු භූමි හා තැනිතලා බිම් හරහා ඔහු පවනට බඳු වේගයෙන් ජීප් රිය පදවාගෙන ගියේ උදේ ආහාරයට ගත් බත් ඇට නහයෙන් පනින තරමට ගැස්‌සෙද්දීය.

''කොටි ස්‌නයිපර් කාරයෝ ඈත ඉඳන් එම් එක ගන්නවා. එහෙම ගන්න බැරිවෙන විදියට තමයි අපි වාහන ගෙනියන්නේ...'' ඔහුගේ වේගවත් ගමනට හේතුව ලෙස ඔහු ඉදිරිපත් කළ ඒ කාරණාව එදා අපේ බොකු බඩවැල් ගිනියම් කර දැමුවා මතකය...

අපි නිලාවේලි ගම පසුකර තව තවත් ඉදිරියට ගියෙමු. ඒa යන ගමනේදී ඔහු අපට මග දෙපස නටඹුන්ව ගිය ගෙවල් හා වෙළඳ සල් පෙන්වමින් අතීතයේ ඒ ඒ තැන්වල සිදුවූ අවාසනාවන්ත සිදුවීම් විස්‌තර කරන්නට පටන් ගත්තේය. නාවික හමුදාවේ බස්‌ රථ වලට හා යුද හමුදාවේ ට්‍රක්‌ රථවලට ප්‍රහාර එල්ල වූ අයුරු ඔහු විස්‌තර කළේය. ඒ සෑම ප්‍රහාරයක්‌ම පැති බෝම්බ නිසා සිදුවූ බව ඔහු අපට විස්‌තර කළේය...

මේ පහුගිය කාලේ තිබුණ භයානකම තර්ජනය තමයි පැති බෝම්බ තර්ජනය. කාලයක්‌ තිබුණේ බිම් බෝම්බනේ. ඊට පස්‌සේ අපේ හමුදාව හැමදාම උදේ පාන්දර ''රෝඩ් ක්‌ලියර්" ටීම් එක දාල බිම්බෝම්බ සර්ච් කරලා අයින් කරනවා. ඊට පස්‌සේ කවුරුවත් නොහිතපු විදියට තමයි කොටි පැතිබෝම්බ ඇටෙව්වේ. පාර අයිනේ ගහක ගස්‌ දෙබලක හෝ කාණුවක බෝම්බය බැඳලා වාහනයක්‌ ඒ ළඟින් යනකොට රිමෝට්‌ එකකින් බෝම්බය බ්ලාස්‌ට්‌ කරනවා. දැන් අපේ අය සර්ච් කරන්නේ බිම විතරක්‌ නොවෙයි. පාර දෙපැත්තේ ගසුයි - උඩයි - බිමයි හැම තැනම දැන් සර්ච් කරනවා...

මිනිස්‌ පුළුටක්‌ නැති පාළුවට ගිය ලඳු කැලෑවලින් පිරි තැනිතලා බිම් විල්ලු හා දෙමළ ජනතාව එක්‌ රැස්‌ව සිටි ගම්මාන ඔස්‌සේ අපි කුච්චවේලියට ලඟා උනෙමු. කුච්චිවේලිය වූ කලී එදා මුළුමනින්ම දෙමළ ජනතාව වාසය කළ දෙමළ ගම්මානයකි. ඊට කලකට පෙර එහි සිංහල ගැමියෝද බොහෝ සේ වාසය කළ බවට කරුණු ඇත. අයහපත් යුද වාතාවරණය මධ්‍යයේ සිංහලයෝ ගම්බිම් ඉඩකඩම් අතහැර පලාගොස්‌ තිබිණි. එහෙත් මේ මුළු භූමි භාගයම බොහෝ ඈත අතීතයේ ප්‍රෙෘඩ ඉතිහාසයක්‌ හා සිංහල බෞද්ධ සංස්‌කෘතියක්‌ සහිත බිම්කඩක්‌ව තිබූ බවට සාක්‍ෂි එදාත් හැම තැනකම ඇති තරම් ඉතිරිව තිබිණි. ඒ සාක්‍ෂි කොටි ත්‍රස්‌තවාදීන් හා අනෙකුත් බලවේග විසින් අකා මකා දමන්නට කොතරම් වෙර දමා තිබුණත් ඒ කිසිවක්‌ සාර්ථක වී තිබුණේ නැත.

ප්‍රධානම සාක්‍ෂිය වූයේ කුච්චවේලියේ පිහිටා තිබූ කුච්චවේලි මහා විහාරයයි. මෙය ලංකාවේ දකුණේ හා නැගෙනහිර පිහිටා තිබූ මුහුදු මහා විහාර වලින් ඉතා මනරම් විහාරයක්‌ වන කණිකාරවෙල්ලි විහාරය බව හඳුනාගෙන තිබිණි.

කුච්චවේලි පොලිසිය පිහිටා තිබුණේ පාර අද්දරය. එහි සිට මුහුදු වෙරළට මීටර් 75 ක පමණ දුරක්‌ යා යුතුව තිබිණි. පොලිසියේ පිටුපස කම්බි වැට කෙලවර වූයේ කුච්චවේලි නාවික හමුදා කඳවුරෙනි. වෙරළ අද්දරට යාමට නම් නාවික හමුදා කඳවුර හරහා යනවා මිස වෙන ක්‍රමයක්‌ නොවීය.

කුච්චවේලි විහාරය හෙවත් කණිකාරවෙල්ලි විහාරය ඒ මුළු ප්‍රදේශයම වසාගෙන පැතිර තිබූ බවට පැහැදිලිව පෙනෙන සාක්‍ෂි ගණනාවක්‌ම තිබිණි. ඉන් පළමුවැන්න වූයේ පොලිසියට හා නාවික හමුදාවට අතරමැදි භූමියේ පිහිටා තිබූ මහා විහාර ගොඩනැගිල්ලේ නටබුන්ය. විහාරගෙයි පාදම පසුකලෙක කරන ලද කැණීම් වලින් මතුකරගෙන තිබූ අයුරු එදා ද අපි දුටුවෙමු. ඒ කැණීම් වලින් සොයාගන්නා ලද බුදුපිළිම කිහිපයක්‌ හා ඓතිහාසික වස්‌තු කිහිපයක්‌ තැන්පත් කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිකර තිබූ ශාලාවක්‌ එදා ද ඒ බිමේ තිබිණි. එය ඉදිරියේ හතර පැත්තට පැරණි හෙළ බසින් ලියන ලද අත්තානි කණුවක්‌ද තිබිණි. ඒ සියල්ල එදා මා දුටු අයුරින්ම මේ නොබෝදා ගිය ගමනේදී ද දැක බලා ගත්තෙමි. වෙනසකට තිබුණේa එතනට එදා තිබූ පොලිස්‌ ආරක්‍ෂාව හෝ නාවික හමුදා ආරක්‍ෂාව අද එහි නොවීමය. මා මෙවර ගිය වේලේ දුටුවේ එම සංස්‌කෘතික මධ්‍යස්‌ථානය බාරව සිටි එකම එක නිලධාරියෙක්‌ පමණි. ඒ හැරුණවිට බලු පුළුටක්‌ අද ඒ බිමෙහිම නැත. මුළු භූමියම පාළුවට ගොස්‌ සේය.

පොලිසියට යාබදව තිබූ විහාරගෙයි නටබුන් හැරුණ විට කුච්චවේලි විහාරයේ වැදගත්ම කොටස තිබුණේ නාවික හමුදාව භාරයේ තිබූ භූමියේය. එතනට යාමට නම් අපිට නාවික හමුදා කඳවුරේ ප්‍රධානියාගෙන් අවසර ගත යුතුව තිබිණි. නාවික හමුදාවේම එවකට සිටි පත්ම ශ්‍රී තුෂාර නම් මගේ මිතුරකුගේ හැඳුනුම්කමක්‌ කියාගෙන මම නාවික හමුදා ප්‍රධානියා හමුවන්නට ගියෙමි. එහි සිටියේ මගේ මිතුරාගේ නිලයේම වූ ඔහුගේ හිතවතෙකි. නමින් ලුතිනන් දසනායක වූ ඔහුද මාතර ප්‍රදේශයේ පුද්ගලයකු වූ බැවින් අප සමග මිතුරුවන්නට විනාඩි දෙකතුනක්‌ ගතවූයේ නැත.

කුච්චවේලියේ තිබෙන වැදගත්ම කොටස වන වෙරළාසන්නයේ පිහිටි කඳුගැටය එවක පිටස්‌තර අමුත්තන්ට තහනම් ප්‍රදේශයක්‌ විය. එසේ වූයේ එදා එහි සවිකොට තිබූ යුදමය මෙවලම් කිහිපයක්‌ නිසාය. මුළු ත්‍රිකුණාමලය ප්‍රදේශයේම මුහුදේ සංචාරය කරන සතුරු හා මිතුරු යාත්‍රා සියල්ල පැහැදිලිව හඳුනාගත හැකි රේඩාර් යන්ත්‍රය එදා සවිකොට තිබුණේ එතැනය. ඒ සමගම එබඳු සතුරු යාත්‍රාවලට නිවැරදි ඉලක්‌කයට පහරදිය හැකි වටිනා බර අවියක්‌ද ඒ කඳු ගැටයේ තිබිණි. එවකට සිටි නිලධාරියා අපට එය පෙන්වූයේ ඒ සම්බන්ධව වචනයක්‌වත් එදා අපේ වාර්තාවලට ඇතුළත් නොකරන පොරොන්දුව පිටය.

අතීතයේ ඒ කඳු ගැටය මත කණිකාරවෙල්ලි විහාරයේ සුදොaසුදු සෑ රජු ඉදිකර තිබෙන්නට ඇත. අද ඇත්තේ ඒ ස්‌ථූපයේ නටබුන්ව ගිය එක්‌තරා කොටසක්‌ පමණි.

දකුණු පළාතේ සිට නැගෙනහිර ඔස්‌සේ වෙරළ දිගේ උතුරට යන විට මුහුදට දර්ශනය වන සේ අතීතයේ ඉදිකරන ලද මෙබඳු ස්‌ථූප බොහෝමයකි. වළවේ ගං මෝයේ පිහිටි ගෝඨ පබ්බතයෙන් පටන්ගෙන බූන්දල කිරින්ද ඕකන්ද ශ්‍රාස්‌ත්‍රවෙල පොතුවිල් පානම මූදු විහාරය, සංගමන්කන්ද, ලංකා පටුන, කෝකන්න, කණිකාරවෙල්aලි, ආදී විහාරවල ස්‌ථූප එදා ඈත සාගරයේ යන එන නැව් වලට පවා මේ රට බෞද්ධ දීපයක්‌ම බව සාඩම්බරයෙන් කියාපාන්නට ඇත.

මෙම කඳුගැටය පිහිටියේ මේ මිහිපිට දැකගත හැකි සුන්දරම වෙරළ තීරයක යෑයි කිවහොත් නිවැරදිය. එතැන්පටන් ආරම්භ වන සුදොaසුදු වැලිතලාව නිලාවේලි ප්‍රදේශයටම විහිද ඇති අපූරුව කඳුගැටට මතට ලස්‌සනට දර්ශනය වේ.

මේ කඳුගැටය වටා පිහිටි ගල්වල කැටයම් කපා ඇති අයුරුද දැක ගත හැක. ස්‌ථූප ලාංඡනය සහිත කැටයමක්‌ අදටත් එහි පාදමේ ඇති ගල්වල ඉතිරිව ඇත. ගල යට විශාල ගුහාවක්‌ අද වැලි වලින්ම යටවී ඇත. ගල්වලින් ගැවසීගත් කඳුගැටය වටාම ඇත්තේ අන් කිසි තැනක දැකගත නොහැකි සුවිශේෂතාය.

ඒ සුවිශේෂතා එදා අපට දකින්නට ඉඩක්‌ නොතිබුණේ හමුදා වටපිටාව හා ඔවුන්ගේ දැඩි ආරක්‍ෂාව නිසාය. එහෙත් අද ඒවා රකින්නට එහි කිසිවෙක්‌ නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහතකී නිලධාරියා හැරුණවිට තව කිහිප දෙනෙකුගේ ඇල්ම බැල්ම පමණක්‌ මේ බිමෙහි ඉතිරිව ඇතුවාට සැක නැත. එහෙත් ඒ සෑම තැනකම කුමක්‌දොa අඳුරු ගුප්ත හැඟීමක්‌ රජයන බව මට වැටහිනි. 

අතීත පියසටහන් ඔස්‌සේ පිය නැගුමට කුච්චවේලියේ අඳුරු ගුප්ත එහෙත් අති සුන්දර පරිසරයේ පාරිසරික හා පුරා විද්‍යාත්මක සුන්දරත්වය විඳ දරා ගත හැකිවිය. එහෙත් ගවේෂණයට ලක්‌විය යුතු තවත් බොහෝ තැන් ඒ අවට තිබේ. දැන් ඒ අවස්‌ථාව ඔබටද උරුමව ඇති බව කියන්නේ සතුටිනි. මාර්ග පහසුකම්ද අද ඉතා දියුණුය. ත්‍රිකුණාමලයට ගිය විටෙක නිලාවේලි මුහුදු තීරයේ දිය සනහනවාට අමතරව කුච්චවේලියේ ඓතිහාසික සුන්දරත්වය දැකගන්නත් ඔබේ නෙතට ඉඩ හරින්න.

බුලිත ප්‍රදීප් කුමාර
2012 දෙසැම්බර් 02 ඉරිදා දිවයින