උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

දෙමළ බෞද්ධයන්ගෙන් වැඳුම් පිඳුම් ලද වෙල්ගම් වෙහෙර

වනවිට ඉකුත් සියවසෙන් අඩක් ගෙවී ගොසිනි. ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ වෙරළබඩ බොහෝ ගම් දනව්වල පදිංචිව සිටියෝ දෙමළ මිනිස්සුය. හෙළ රජදරුවන්ගේ ඉපැරැණි වැව් පිළිසකර කරගෙන ඒවාට දෙමළ නම් ගම් දමාගෙන සියල්ල ඔවුන්ගේ කරගෙන තිබිණි.

කුච්චවේලියට ඔබ්බෙන් පිහිටි පෙරියකුලම් වැවත් ඒ අසබඩ තිබූ නාථනාර කෝවිලත් එවැන්නකි. එහෙත් පුරාවිද්‍යා අධිකාරි ආචාර්ය සෙනරත් පරණවිතාන මෙම නාථනාර කෝවිල පිහිටි වනගත බිම් පෙදෙසට ගොස් මහ කැලෑවේ රිංගුවේය. ගල් ලෙන් සෙල් ලිපි සොයද්දී ඔහුට කියවන්නට ලැබුණු සෙල් ලිපිවලින් ඇතැම් ඒවා දෙමළ ය. තවත් ඒවා සිංහල ය. මේ හැම සෙල් ලිපියකින් ම වෙල්ගම් වෙහෙර යන වචන දෙක කියවන්නට ඔහුට හැකි වූයෙන් මේ නාථනාර කෝවිල යනු වෙල්ගම් වෙහෙර බව හඳුනාගත හැකි විය.
ඒ වන විට රූස්ස ගස් කොළන්වලින් යට වී තිබූ බිම් කොටස් අතරෙහි ඉපැරැුණි නටබුන් රැසක් සැඟව තිබිණි. පරණවිතානයන් ආපසු කොළඹ ගියේ වෙල්ගම් වෙහෙරේ නටබුන් පොළොව යටම තිබෙද්දීය. එහෙත් ඒවා මතුකර ගැනීමේ අභිලාෂයක් ඔහු තුළ විය.
දෙවැනි මහා සංග‍්‍රාමය ඇරඹීම නිසා සියලූ කටයුතු නතර වී තිබිණි. එහෙත් ත‍්‍රිකුණාමලයේ සිටි සිංහල බෞද්ධයනට වෙල්ගම් වෙහෙර පිළිබඳව අසන්නට ලැබිණි. ඔවුහු එක්ව වෙල්ගම් වෙහෙර සංවර්ධන සමිතියක් පිහිටුවාගත් අතර මාදුවේ රතනවංශ හිමියන්ට වෙල්ගම් වෙහෙරට වැඩමවන්නැයි ඇරියුම් ද ලැබිණි. වෙල්ගම් වෙහෙරේ වන මැද තැනූ කුඩා පැල්පතක් ස්වකීය ආවාසගෙය කරගත් හිමියෝ එහි සිට වෙල්ගම් වෙහෙරේ අතීතය ගොඩගන්නට කැපවී ක‍්‍රියා කළෝය.
පුරාවිද්‍යා කැණීම් ඇරඹිණි. හෙමින් සීරුවේ ගොඩගැනුණු අතීතයට අනුව වෙල්ගම් වෙහෙරෙහි නිර්මාතෘ දෙවනපෑතිස් රජු ය. දෙතිස්ඵලරුහ බෝධි අංකුරයක් රෝපණය කරමින් ආරම්භ කළ වෙල්ගම් වෙහෙර බෞද්ධ ජනතාවගේ මුල්ම පුද බිමක්ම විය. මිහිඳු හිමියන් බුදු දහම රැගෙන ලංකාවට වැඩම කරන්නටත් පෙර පැවති ත‍්‍රිකුණාමලය හෙවත් සිරි ගෝණමල පෙදෙස  බෞද්ධයන්ගේ නිජබිමක්ව තිබී ඇත. මේ අනුව වෙල්ගම් වෙහෙරේ ආරම්භය ක‍්‍රි.ව. පළමු වැනි සියවස බව විශ්වාස කළ හැකිය.
එතැන් පටන් සියවස් දහයක් තිස්සේ යුගයෙන් යුගයට විරාජමාන වූ වෙල්ගම් වෙහෙර චෝල අධිරාජයාගේ ආක‍්‍රමණයකට ගොදුරු විය. මේ වන විට ලංකාවේ රජ වූ පස් වැනි මිහිඳු කිරුළ හැරපියා නගරයෙන් පලාගොස් තිබිණි. චෝල රජු පැමිණ අනුරපුරය අල්ලාගත් අතර දොළොස් වැනි සියවසේ දී පමණ මේ පෙදෙසේ සිටි ජනතාව තම ගම් බිම් හැරදා යන්නට පටන් ගත්හ. ඒ සමගම කැලයට ගිය සිරිගෝණ පුරය ගිරිහඩුසෑය වෙල්ගම් වෙහෙර සේරුවාවිල වැනි පුදබිම් වන අරණේ සඟවාගත්තේය.
එවක් පටන් අවුරුදු අටසීයක් තිස්සේ ගණ වනයට වෙල්ගම් වෙහෙර යටවී ගියේය. පුරාවිද්‍යා කැණීම්වලින් මතු වූ වෙල්ගම් වෙහෙරේ නටබුන් අතරෙහි පිළිම ගෙයක් බුදු පිළිම, දාගැබ්, මුරගල්, විවිධ කැටයම් ආදිය ද විය.
වෙල්ගම් වෙහෙරේ මහා පිළිම ගෙය දෙමළ විහාරයක් බව පෙන්නුම් කරයි. එසේ වීමට හේතුව චෝල අධිරාජයාගේ වෙල්ගම් වෙහෙර කඳවුරේ සේවය කළේ දෙමළ බොද්ධයන් වීමය. ඔවුහු මේ විහාරය ඔවුනගේ ඌරුවට අනුව පිළිසකර කර ගත්තා පමණක් නොව පුද පූජා ද පැවැත්වූහ.
මෙහි චෛත්‍ය තුනක නටබුන් හමුවී තිබේ. ඉන් විශාලතම දාගැබ චතුරස‍්‍රයේත් අනෙක් දෙක කඳු වැටිය මතත් පිහිටා ඇත. මේ කඳු වැටියේ තිබෙන දාගැබ් දෙක ඉතාමත් පැරැුණිය. මහ පිළිම ගෙය දෙපස ඇති කුටි දෙකකම බුදු පිළිම තැන්පත් කර තිබිණි. මින් ඇතැම් ඒවා තනා තිබුණේ හුණු ගලිනි. එබැවින් ඒ පිළිම අයත් වන්නේ පස්වැනි සියවසට බව විශ්වාස කෙරේ.
ශෛලමය තාප්පයකින් වටකර ඇති මේ නටබුන් පෙදෙස පුරා සංචාරය කරනවිට හැෙඟන්නේ අප ජීවත්වන්නේ බොහෝ අතීතයක බවය.
ඒ අතීතයේ සැරිසැරූ අපි ඉනික්බිති බෝධි වෘක්ෂය දෙසට ඇවිද ගියෙමු. අනෙකුත් බෝධි වෘක්‍ෂවලට වඩා කුඩා පත‍්‍ර සහිත මේ බෝධිය අපේ හිත්වල ජනිත කරන්නේ අමුත්තකි.
මේ පන්සලේ තිබුණු මුල් බෝධිය 1964 සුළිසුළඟට ඇද වැටුණා. මේ තියෙන්නේ ඊට පස්සෙ රෝපණය කළ බෝගසක්.
වත්මන් විහාරාධිපති අම්පිටියේ සීලවංශ තිස්ස හිමියෝ කියති. වෙල්ගම් වෙහෙර කාලයක් අපට තහනම් ප‍්‍රදේශයක්ව තිබිණි. ඒ කොටි සංවිධානය විසින් ස්වකීය පාලනයට මේ පෙදෙස නතුකර ගෙන සිටීම නිසාය වත්මන් නායක හිමියනට පවා ජීවිත තර්ජන එල්ල කළ ඔවුහු පන්සලට මෝටාර් ද ගැසූහ. එවැනි විටෙක පන්සල රකින්නට පැමිණි සෙබළ මුලක්ම ඝාතනය කරනු ලැබිණි. ඒ අතීතයේ සටහන් ඡායාරූප හා පුවත්පත් වාර්තා රැසක් අපට දැකබලා ගනු පිණිස බිත්තියක එල්ලා තිබේ. ඒ ඛේදවාචකය සිදුවූයේ 2000 ජුනි 30 වැනිදාය. ඒ සිද්ධිය එදා "ලංකාදීප”ය වාර්තා කළේ මේ අයුරිනි.
-විල්ගම් වෙහෙර ගමට කොටි මෝටාර් ගසති. පන්සල් වත්තට වැටුණු බෝම්බයෙන් විහාරාධිපති හිමිට බරපතල තුවාල ගම්වැසියෝ හතරක් නසිති”
මේ තියෙන්නේ ඒ තුවාල තමා
වෙල්ගම් වෙහෙර නායක හාමුදුරුවෝ එදා සිදුවූ බරපතළ තුවාලවල සුව වූ කැළැල් අපට පෙන්වති. එහෙත් මේ කොටි තර්ජනවලට බියපත්ව වෙල්ගම් වෙහෙර හැරදා යන්නට නායක හිමියන් සිතුවේවත් නැත. හමුදාවේ රණවිරුවන්ගේ ඇල්ම බැල්ම මැද ඒ හිමියෝ වෙල්ගම් වෙහෙරෙම රැඳී සිටිමින් අපේ නැගෙනහිර බෞද්ධ උරුමය රැක බලා ගත්තෝය.
දැන් යළිත් වතාවක් වෙල්ගම් වෙහෙරේ බෞද්ධ පුබුදුවක් සිදු වෙමින් පවතී. දැන් සමාධි බුදුරුවක් ද ඉදිවෙමින් තිබේ. මේ ප‍්‍රබෝධය සිත් පහන් කරලන බව ද කිව යුතුමය.
සටහන - ශාන්ත කුමාර විතාන / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
2012 අපේ‍්‍රල් මස 08 | ලංකාදීප කර්තෘ මණ්ඩලය





සෙල් ලිපි
ලංකාදීප පාඨකයකුගේ අදහස්
Kenath 2012-04-13 22:26:45
දෙමල බෞද්ධයා යන්න ඉතා මෑතකදී ඇතිවෙමින් පවතින මතයකි. එයට තම පුරාවිද්‍යාත්මක පදනමක් නැත.
මෙම මතය නිසා අද උතුරු නැගෙනහිර පවතින ඉපැරණි නටබුන් මේ දෙමල බෞද්ධයා ගොඩනගපු ඒවා බවට දෙවැනි මතයකුත් එයි.
එම මතය සමග එම ප්‍රදේශවල ඇති සිංහල බෞද්ධ නිජබිම් යථාර්තය යටවී දෙමල නිජබිම් බවට පිළිගැනීමක් සිංහලයා විසින්ම ඇතිකර ගැනීමට සිදු වේ.
මෙය ඊලමට බෞද්ධ පදනමක් දෙන අපේ සිංහල බෞද්ධ පදනම පාවාදෙන මතයකි. යථාර්තය නම්, දෙමල බෞද්ධයකු සිටියේ නැත. මේවා අපේ මුතුන් මිත්තන් ගොඩනගපු පුරාණ පුදබිම්ය.
දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා වල් වැදී විනාශ විය, දෙමළ ආක්‍රමණිකයන් ඒවා විනාශ කළේය. ඒවා මත ඔවුන්ගේ කෝවිල් ඉදිකළහ. කලාතුරකින් හමුවෙන දෙමල සෙල් ලිපියක් නිසා නිජබිම් ඔප්පු ලිවිය යුතු නැත.
වැඩ වටින්නේ දෙමල සෙල් ලිපියක් හමුවීම නොවේ. එහි ලියා ඇත්තේ කුමක්ද හා එහි කාල වකවනුයි. බොහෝ දෙමල සෙල් ලිපි සිංහල පාලකයන් විසින් එම ප්‍රෙදේශ වල සිටි දෙමල අයට කියවීමට ලියපු දේවල් මිසක් දෙමල අය බෞද්ධ කමට ලියපු දේවල් නොවේ. දෙමල බෞද්ධයං සිටියානම් අද කෝ දෙමල අයට බෞද්ධ පදනමක්. දෙමල අය සියල්ලෝම හින්දු හෝ කතෝලිකය. සිංහල ප්‍රෙද්ශවල ශතවර්ෂ ගණනක් සිටියද දෙමල අය බෞද්ධයං වී නොමැත. එහෙව් එකේ දෙමල බහුතර පැති වල දෙමල අය විශාල වශයෙන් බෞද්ධ උනායයි කීම විහිළුවක්. දෙමල සංස්කෘතිය හින්දු ඇදහිලි වලට ගහට පොත්ත මෙන් ඇලී ඇත. හින්දු බවින් මෙපිට දමල සංස්කෘතිමය පැවැත්මක් අදත් නැත එදත් නැත. හරියට බෞද්ධ කම ගිලිහුන තැන සිංහල කම නැති වෙනවා වගේ. දෙමල අයට බෞද්ධ ලේබලය ගැහුවම අපේ ප්‍රශ්නේ විසදෙනවායැයි සිතීම විහිළුවක් වෙනවා විතරක් නොව පුරණ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයට පහර ගැසීමකි. 
මහාවංශයෙවත් නැති ඒවා තමයි දැන් මිනිස්සු හොයා ගන්නේ!