සිදුහත් කුමරුගේ උපත ඉන්දියානු චිත්‍ර ශිල්පියකු සිතුවමට නගා ඇති අයුරු
|
භාරතයේ උත්තර් ප්‍රදේශ සිද්ධාර්ථ නගර් දිස්ත්‍රික්කයේ පිහිටි කකරනාවා නමැති නිසල කුඩා ග්‍රාමය ඉන්දු, නේපාල දේශ සීමාව තුළ භාරතයේ බර්ඩ්ප්රාර් (මෙම නාමය යොදා ඇත්තේ එම ප්‍රදේශය බර්ඩ් නමැති ඉංගී්රසි ජාතිකයකු සොයාගත් බැවිනි.) ග්‍රාමය ඔස්සේ නේපාලයට පිවිසිය හැකි ය. එම මාර්ගයේ දෙපස ඇත්තේ ඉතා කුඩා තේ පැන් කඩචායි සහ පාපැදි අලුත්වැඩියා කරන ස්ථාන පමණකි. එම පටු මාර්ගය ඔස්සේ කිලෝමීටර් 10 ක් ගමන් කළ විට නේපාල රාජ්‍යයට පිවිසිය හැකිය. එවිට අති රමණීය ලුම්බිණි සල් උයන හමුවේ එය පිහිටියේ නේපාලයේ පදරියා දිස්ත්‍රික්කයේ ය.
හිමාලය කඳු වැටි පාමුල හිමාලය, ක්‍රි.පූ. 6 වැනි සිය වස සුද්ධෝදන රජතුමාගේ කපිල වස්තු රාජධානියේ අගනුවර වූ දැනට ලුම්බිණිය සිට උතුරට කිලෝමීටර් 26 ක් පමණ දුරින් පිහිටි දැනට නිලඋරාකොට් යන නාමයෙන් හඳුන්වන කපිල වස්තු ජනරජයේ අගනුවර විය.
ලුම්බිණියේ වර්තමානයේ ගොඩ නඟන ලද ලුම්බිණි ධර්මෝදය බුද්ධ විහාරය මායා දේවී විහාරය නුදුරේ ඇත. මෙහි බුරුම ජාතික එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ලේකම් පරලෝ සැපත් යූ. තාන්ට් තුමා විසින් ඉදිකළ වන්දනා කරුවන් ගේ විශ්‍රාම ශාලාවද ඔහු ලුම්බිණිය වැඳ පුදා ගැනීමට 1967 දී පැමිණ සිට ඇත. ලුම්බිණියට ඈත අතීතයේ ලුම්බිණි මනික ලුම්බිණි උපවන සහ ලුම්බිණි චිත්ත ලමන යන නාමයන්ද ව්‍යවහාර වී ඇත. මතික යන නාමයෙන් පසක් වනුයේ මෙහි මාතෘ රෝහලක් ද තිබුණු බවකි.
ලුම්බිණි උද්‍යානයේ විශේෂයෙන් සල් වෘක්ෂ පමණක් සිටුවා තිබීම ගැන අවධානය යොමු කළ යුතුව ඇත. භාරතීය සල් වෘක්ෂයේ උද්භිද නාමය Shorea robus බව මෙම වෘක්ෂ අඩි 40 ක් පමණ උසට වැවෙන අතර එම වෘක්ෂය භාරතයේ ඇති ඉතාමත් ශක්තිමත් වෘක්ෂයකි. එහි අතු පතරවල ප්‍රණීත සුගන්ධයක් සහිත කුඩා කහ පාට පුෂ්පයන් හට ගනී. වෘක්ෂයේ කඳ මත පුෂ්පයන් හට ගන්නා ශ්‍රී ලංකාවේ සල් වෘක්ෂ භාරතයේ සල් වෘක්ෂ නොවේ. දැනට ඉන්දියාවෙන් සල් වෘක්ෂ බීජ ගෙනවිත් පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සල් වෘක්ෂ තවානක් සකසා ඇති අතර එම සල් වෘක්ෂ විහාරස්ථානවලට බෙදාදීමට ක්‍රියා කිරීමට ව්‍යාපෘතියක් අරඹා ඇත.
ඉන්දීය සල් වෘක්ෂයට “සාලභජ්නිකා” යන දේවතාවියක් සහ පුෂ්පවලට “පුෂ්පභජ්නිකා” දේවතාවියක් අරක් ගෙන සිටින බවත් මාතෘත්වයට පත්වීමට පසුවෙන කාන්තාවන් සහ දරුවන් නොමැති විවාහක කාන්තාවන් දැනුදු සල් වෘක්ෂය වෙත පැමිණ සත් වරක් වෘක්ෂය පැදකුණු කර වන්දනාමාන කර තම වම් පාදයෙන් වෘක්ෂයේ කඳපිරිමැදීමෙන් දරු ප්‍රසූතයට හා දරුවන් ලැබීමට එම දේවතාවියන් තමන්ගේ වම් පාදය ඔස්සේ ශරීරයේ වම්පස පිහිටි හෘද වස්තුවට ආරූඪ වී තමන්ගේ ප්‍රාර්ථනා සාක්ෂාත් කළ හැකි බැව් ඉන්දියාවේ පවත්නා පූජා ක්රමයකි. ඒ අනුව ඉන්දීය සල් වෘක්ෂය දරුඵල ලැබීමේ සංකේතයකි. (Fertility Cult)
මේ අනුව පෙනීයනුයේ තම කුළුදුල් දරුවා ලැබීමට චාරිත්‍ර වාරිත්‍ර අනුව සිය දෙමාපියන් වෙත විදේශ රාජ්‍යය සිය උපස්ථායික, බ්‍රාහ්මණ සහ අමාත්‍යවරු හා සිය බාල සොහොයුරිය සමඟ රාජ්‍ය පෙළහරකින් කපිල වස්තු හංසවතී රාජ මාලිගයේ සිට විදේහයට ගමන් කරන අතර සල්වෘක්ෂ පූජාව පැවැත්වීමට ද සුද්ධෝදන රජුගේ බිසව වූ මහාමායා දේවිය කටයුතු කළ බැව් විශ්වාස කළ හැකි ය. රජතුමා උද්‍යාන පාලකයන්ට ලුම්බිණි සල් උයන ධජ පතාක යොදා සරසන ලෙසත් අවශ්‍ය කටයුතු සලසන ලෙසත් නියෝග කරන්නට ඇත. එබැවින් මහා මායා දේවිය අතරමගදී සල් උයනට පිවිසියේ සල් වෘක්ෂ වතාවත් සම්පූර්ණ කිරීමට මිස අහම්බෙන් සිදු වූ කාර්යයක් නොවන බැව් ඉන්දීය සල් වෘක්ෂ වතාවත් අනුව පිළිගත හැක.
මේ අනුව එම සල්වෘක්ෂ චාරිත්‍රය සිදුකර සල් අත්තක් අල්වාගෙන සිය පුත්‍රයා බිහිකිරීමට පෙර අසල ඇති වට උද්‍යානයේ ශාක්‍ය පුස්කරීන් නැමැති දැනුදු ඇති පොකුණෙන් මහාමායා දේවිය ස්නානය කරන ලද්දී ය. ඉක්බිති රාජ්‍ය පෙළහරින්ම පෙරළා කපිල වස්තුවේ හංසවතී රජවාසලට තම පුත්‍රයාද රැගෙන පැමිණියා ය. භාග්‍යවතුන් වහන්සේ සල් වෘක්ෂයට ගෞරවයක් වශයෙන් කුසිනාරාව සල් වෘක්ෂ දෙකක් අතර පිරිනිවන් පෑ සේක. ලුම්බිණිය නම් ශුද්ධ භූමිය ශතවර්ෂ ගණනාවක් ජනතාවගේ අවධානයෙන් ගිලිහී පැවැති අතර නැවත අති ශුද්ධ පූජා භූමියක් බවට පත්වූයේ ක්‍රි.පූ. 03 වැනි සියවස අශෝක අධිරාජ්‍යයා සිය ගුරුවරයා වූ උපගුප්ත හිමියන් ද මහා මොග්ගලී පුත්ත තිස්ස හිමි, පාඨලි පුත්‍ර නගරයේ එම වකවානුවේදීම අශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් පැවැති තෙවැනි බෞද්ධ සංගායනාවේ සභාපති අශෝක රජුගේ දුව වන චාරුමතී සමග නේපාලයට වන්දනා ගමනක යෙදුණි. එහිදී චාරුමති නේපාල ප්රභූවරයෙකු සමඟ විවාහ වී නේපාලයේම රැඳිණ.
එම වන්දනාවේදී අශෝක රජතුමා ලුම්බිණියේ මතු දැක්වෙන ශිලා ලේඛනය සහිත අශෝක කුළුණක් ඉදිකරන ලදී. දේවානම්පි‍්‍රය පි‍්‍රය දර්ශීන් අභිෂේකයට අනතුරුව විසි වැනි වර්ෂයේදී මෙහි පැමිණ බුද්ධ ශාක්‍යමුනි උපත ලද මෙම ස්ථානය බැවින් වැඳ පුදා ගනු ලැබීය. ඔහු අශ්වරූපයක් මුදුනත සහිත ශෛලමය කුළුණක් මෙහි ඉදිකරන ලදී. භාග්‍යවතුන් වහන්සේ මෙහි උපත ලද බැව් සනිටුහන් කිරීමය. ඔහු ලුම්බිණි නමැති මෙම ග්‍රාමය අය බදු වලින් නිදහස් කළ අතර ඔවුනට ගෙවීම නියම කළේ තම භෝග වලින් අටෙන් එකක් පමණක් ය. (Epigraphia Indica) භාග්‍යවතුන් වහන්සේ නිශ්චය ලෙසම උපත ලද ස්ථානය කැනීම් වලදී පාද සටහනක් සහිත ගල් ලෑල්ලක් වර්තමාන මායාදේවි විහාරයේ මතුපිට පොළොවෙන් අඩි 15 ක් පමණ යට තිබී හමුවූ අතර එය දැනට මායාදේවි විහාරයේ ඇතුළත ප්රදක්ෂිණ පාතයේ සිට එය පහළින් ඇති එම ස්ථානය වැඳ පුදාගත හැකි ය.
තවද මෙම වන්දනා ගමනේ දී අශෝකරජතුමා සිය අංක 01 කුළුණේ ලේඛනයේ මෙසේ සඳහන් කරයි.” කෝනාගමණ බුදුන්ගේ ස්තූපය සිය අභිෂේකයෙන් අවුරුදු දහ හතරකට පසු එම ස්තූපයේ ප්‍රමාණය දෙගුණයකට විශාල කරන ලදී.” (ඡ්නඪඨපචනඩඪච ධ්දඤඪජච)තවද අශෝක රජතුමා නේපාලයේ ස්තූප තුනක් ද ගොඩනගන ලදී.
දැනට ලුම්බිණි අශෝක කුළුණ මත අශ්ව රූපය නොමැති අතර පසු කාලයකදී එහි පැමිණි බටහිර නේපාලයේ රජතුමකු වූ රිපූ මල්ල එම කුළුණේ අශෝක සෙල් ලිපියට පහළින් මෙම වැකිය යොදා ඇත. “ඕම් මනි පද්මේ හූම් ශ්‍රී රිපූ මල්ල චිරම් ජයතු” (රිපුමල්ලට චිරාගත ජය - ශාක්‍යමුනි පාදය වන්දනා කරමි) ලුම්බිණියට වන්දනාවට පැමිණි අන්තිම රජතුමා එතුමා වේ.
මෙම ලේඛකයා ලුම්බිණි සංවර්ධන අධිකාරියේ ප්‍රධාන පුරාවිද්‍යාඥ බසනත් බිදාරි මයා සමග කළ සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කළ සිටියේ 1893 දී භාරතයේ උත්තර් ප්‍රදේශ් ශ්‍රාවස්තිය අසල බල්රාමුපූර් පාලක ජස්කරන් සිං. එක්තරා ඉන්දීය ඉංගී්රසි පුවත්පතක තමා අශෝක සෙල් ලිපියක් සහිත අශෝක කුළුණක් ලුම්බිණියේ දුටු බවකි. මෙම ප්‍රවෘත්තිය ගැන පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට යොමු වූ අතර පල්පේ ප්‍රදේශයේ ආණ්ඩුකාර කඩ්ග සම්සීර් රනා සහ ජර්මන් ජාතික පුරාවිද්‍යාඥ (ඉන්දියාවේ නැගෙනහිර කැනීම් වල යෙදුනු) ආචාර්ය ඇන්ටන් පියරේතුමා ලුම්බිණිය කැනීම් වල යෙදුණි. ඉක්බිතිව ප්‍රධානතම පුරා විද්‍යාඥයන් වූ පී. සී. මූකර්ජී (1899). ජනරාල් කයිසර් සම්සීර් ජේ. බී. ආර් (1933 - 39) සහ දෙබාලා මිත්‍ර මිය (1962) ලුම්බිණි කැනීම්, හඳුනාගැනීම් හා ලේඛනගත කිරීම් වල නිරත වූහ. එම කැනීම් වලදී මායාදේවි විහාරයෙන් පාද සටහන් සහිත ගල් පුවරුව, සිදුහත් කුමරු උපත රැගත් මූර්තිය , රන් කරඬුවක්, මනුෂ්‍ය ඇටකැබලි යනාදී පුරාවිද්‍යා වස්තුන් ලබා ගැනීමට හැකිවිය.
එම මූලික ගවේෂණ වලින් පසුවද කාලයාගේ අඳුරු වලා පටලයෙන් ලුම්බිණිය ආවරණය විය. එනමුත් භාග්‍යයකට මෙන් 1956 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් පරලොව සැපත් නේපාලයේ මහේන්ද්‍ර රජතුමා ලුම්බිණියට සැපත්වූ අතර ලුම්බිණි සංවර්ධන සැලසුම් සැකසීමට ඔහු නියෝග කරන ලදී. ඉක්බිතිව 1967 දී බුරුම ජාතික බෞද්ධයකු වූ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ලේකම් යූ. බෙන්ට් මැතිතුමා ලුම්බිණියට පැමිණි අතර, ලුම්බිණිය බොදු පුද බිමක් බවට පත්කිරීමට ජපන් ජාතික මහාචාර්ය කන්සෝ ටැන්ගෝ මැතිතුමා විසින් සකසන ලද අති විශාල සැලස්මක් අනුව නේපාල රජය 1978 සිට ක්‍රියා කළ අතර 1986 දී ලුම්බිණි සංවර්ධන භාරකාරත්වය 1986 දී පිහිටුවන ලදී. ( Lumbini Development Trust ) දැනට ලුම්බිණිය එම රාජ්‍ය සංවිධානය පාලනය හා සංවර්ධනය සිදුකරන අතර වන්දනා පිරිස් ස්ථානයට පිවිසීමට මුදලක් ගෙවිය යුතු අතර එම අරමුදල් පූර්ණයෙන්ම සංවර්ධන කටයුතුවලට යොමු වෙති.
ලුම්බිණියේ අශෝක කුළුණට අමතරව ඉතාම වැදගත් ස්ථානය දැනට ජපන් ආධාර මත නිම කර ඇති අලංකෘත මායාදේවි විහාරය සහ මහාමායා දේවිය ස්නානය කළ පොකුණයි. මායාදේවි විහාර භූ®මිය කැනීම් වලදී ශතවර්ෂ ගණනාවක් තුළ නිර්මාණය වූ විහාර අත්තිවාරම් ක්‍රි.පූ. 3 වැනි සියවස සිට ක්‍රි.ව. 7 වැනි සියවස දක්වා හෙළිකර ගැනීමටද හැකිවිය. පසුව විහාරය නැවත ගොඩනගා නේපාලයේ රජු ගයනේන්ද්‍ර බීර් වික්‍රම් සභා දේව් විසින් 2003 දී උත්සවස්ශ්රීයෙන් විවෘත කරවන ලදී.
ලුම්බිණිය ගැන සුවිශේෂි විස්තර ලබාගත හැක්කේ චීන ජාතික දේශාටනයේ යෙදුණු භික්ෂූන් වහන්සේලා වන සැං සායි (ක්‍රි.ව. 4 වැනි සියවස) පාහියං (ක්‍රි.ව. 5 වැනි සියවස) සහ හියුං සෑං (ක්‍රි.ව. 7 වැනි සියවස) දැනට පළකර ඇති දේශාටන වාර්තා අනුසාරයෙනි. පාහියං හිමියන් සිය ඒ A Record of Buddhist Kingdoms නමැති සිය කෘතියේ මහාමායා දේවිය දරු උපතට පෙර ස්නානය කළ පොකුණ දුටු බවත් මායාදේවි විහාරයේ භික්ෂූන් වහන්සේලා පානයට එම පොකුණෙන් ජලය ලබාගත් බැව් දුටුබැව් සඳහන් කරයි. හියුං සෑං හිමියන් සිය Si - Yu- Ki Buddhist Records of the Western World (ක්‍රි.ව. 7 වැනි සියවස) තමා ඉතා දීප්තිමත් පිරිසුදු ජලය සහිත පොකුණ දුටු බවත් ස්තූප විශාල සංඛ්‍යාවක් ද අශ්ව රූපයක් මුදුනක් සහිත අශෝක කුළුණ ලුම්බිණියේදී දුටුබවත් වාර්තා කරයි. අභාග්‍යයකට මෙන් ස්තූපයැයි විශ්වාස කළ හැකි පස් ගොඩවල් ලුම්බිණියේ තැනින් තැන ඇති නමුත් ලුම්බිණිය අවට එම පස් ගොඩවල් කැනීම් සිදුකිරීමක් අරඹා නොමැත.
ඡායාරූපය :- ශාමින්ද දිසානායක
රොහාන් එල්. ජයතිලක
නේපාලයේ සිට