උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි.

ගැමුණු - තිස්ස කුමාරවරු වෙනුවෙන් දසමහ යෝධයන් ගිවිස ගත්තේ නීලගිරියේද....?

1965 දී නීලගිරිය සොයා ගියෙමි

සමස්ත බෞද්ධ ජනතාවගේ අවධානය පිණිසයි 
එල්ලාවල මේධානන්ද හිමියෝ පුරාවිද්‍යා ගවේෂණයක 65 වන කොටස

නීලගිරිය පිළිබඳ මේ දිනවල වැඩි වශයෙන් කතා බහ කරන නිසා ඒ ගැන යමක් ලිවිය යුතුයැයි සිතුවෙමි. ඒ සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති තුමාගෙන් ලද ආරාධනයද සිහිපත් කරමු.

නීලගිරි නමින් හැඳින්වෙන ස්ථාන කීපයක් ලංකාවේ ඇත. ඉඟිනියාගලට ඉහතින් ඇති නිල්ගල - දොඹගහවෙල නීලව බැද්දේ ඇති ස්ථානයන් ඉන් කිහිපයකි. ප්‍රස්තුත නීලගිරිය මේ සියලු ස්ථානවලට වඩා වැදගත් වූද දැනගත යුතු වූද බෞද්ධ පුජනීය ස්ථානයකි. මෙය පිහිටියේ ලාහුගලට ආසන්න ඝන වනාන්තරය මධ්‍යයේය. ලාහුගල ප්‍රදේශය ඉතා සංවේගදායක තත්ත්වයකට පත්ව තිබේ. මේ අවට ඇති සියලු ගම් දුගීබවේ අන්ත ප්‍රපාතයේ පවතී. ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය මෙවැනි ‍පොදු අයිතීන් පවා ඔවුනට අහිමි වී තිබූ තරම්ය. පසුගිය කාලයේ ඉතා දරුණු බිම්බෝම්බ, මිනීමැරුම් ගණනක් වාර්තා වූයේ මේ ප්‍රදේශයෙනි. සියලු උවදුරු මැද්දේ ත්‍රස්තවාදී උවදුරු තදින් පැතිරී තිබුණ බැවින් මේ ගම්වලට යාමට හෝ අවට වනාන්තරය තුළට පිවිසීමට හෝ පුළුවන්කමක් තිබුණේ නැත. ලාහුගලට සම්බන්ධ වනාන්තරය යාල අභය භූමිය හා සම්බන්ධ වී තිබේ. මේ නිසා මේ ප්‍රදේශයේ සිංහල ජන ජීවිතය ඉතා දුඃඛිත මෙන්ම අනතුරුදායක තත්ත්වයට පත්වී තිබිණ. ලාහුගල - හුලංනුගේ වැනි විදුහල්වල සිසුන් අඩුවී අධ්‍යාපනය ලැබිමට අවශ්‍ය ‍පොත්පත් ආදී ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි බැවින් අසරණ වී තිබිණ. මේ ප්‍රදේශයට එදා යාම ජීවිත ආශාවෙන් තොරව කළ යුතු එකක් විය.  නීලගිරියට යාමද ඊට නොදවෛනි අවදානම් ගමනක් විය.

මොණරාගල - ‍පොතුවිල මාර්ගයේ 10 වන සැතපුම් කණුව පෙදෙස වන සතුන් බහුල වන පෙදෙසකි. නීලගිරියට යාමට මාර්ගයක් එදා නැතත් අද තිබේ. ශතවර්ෂ ගණනක සිට වනයට බිලිව ඇති තෙල පුදතැන ගැන මුල්ම සටහන මා දන්නා පමණින් තබා ඇත්තේ හිටපු පුරා විද්‍යාඥ ඒ.ඇම්.හෝකාට් මහතා විසිනි. ඔහු වරක් මෙහි පැමිණ ඇත. ඒ යුගයේ දැන් තරම්වත් පහසුකමක් තිබි නැත. ඔහු ලියූ වාර්තාව කියවූ අපට නීලගිරිය බැලීමට බලවත් ආශාවක් ඇති විය. මේ අනුව කීපවරක්ම උනන්දු වූ නමුත් 1965 වර්ෂය එනතුරු එහි යාමට නොහැකි විය. 1965 දෙසැම්බර් මස ප්‍රථම වතාවට මෙහි යාහැකි විය. ඉන් පසුව 1981 දක්වා කීපවරක්ම එහි ගිය අතර 1983 වර්ෂයේ එහි යාමට ගොස් හැඩ ඔයෙන් එගොඩ විය නොහැකිව ආපසු පැමිණියෙමි. 1965 දෙසැම්බර් ලාහුගල විද්‍යාලයේ රාත්‍රී නවාතැන කර ගනිමින් ලාහුගල ප්‍රදේශයේ පුරාවස්තු ගවේෂණය කරද්දී නීලගිරි ස්තූපය බැලීමට ගිය ගමන ජීවිතයේ කිසි දිනක අමතක නොවන්නකි. ලාහුගල සිට තෙල පුදතැනට සැතපුම් හයක් පමණ ඇතැයි සිතිය හැකිය. වනාන්තරය මැදින් යාමට ඇති මේ ගමනට පිහිට වන්නේ වනයේ කපන ලද ගස් ඇදගෙන ඒමෙන් සෑදුනු මාර්ග හා වන සතුන් ගමන් ගත් පාරවල් පමණි. මුලින් සඳහන් කරන ලද ප්‍රසිද්ධ මාර්ගයේ සිට වනයට පිවිස හැඩඔය දක්වා සැතපුම් තුනක් පමණ ගොස්  හැඩඔයෙන් එගොඩ විය යුතුය. වර්ෂා කාලයට හැඩඔය මේ කොටසේදී නියම “හැඩ” ඔයකි. වියළිි කාලයට වැලි තලාවක් බවට පත්වී යාන්තමින් ගලා යන දිය පාරක් වෙයි. “හැඩ” යන්නේ ලස්සන හා චණ්ඩ යන තේරුම් ඇත. හැඩ ඔය මේ දෙලකුණින්ම හෙබි ලලනාවක් වෙතැයි මට සිතේ. පෙරවරු හයට පමණ කොටන් ආර දිගේ පිටත් වූ අපට වලැතුන් දැන් දැන් අප ඉදිරියෙන් ගියාසේ දිස්විය. දුම් දමන වලැත් වසුරු, පාවලට අසුවූ තණ පඳුරු උඩට නැගෙමින් තිබෙන අයුරු එය අපට පසක් කළේ විය. දෙසැම්බර් මස ඉඳහිට ලැබෙන වැස්ස නිසා මඩ වගුරු බිම සෑම තැනම විය. ගමන නවතා ආපසු ඒමට තරම් එය හේතු වුවද පුරාවස්තු බැලීමට ඇති නොතිත් ආසාව අප ඉදිරියට තල්ලු කළේය. පෙ.ව.09 පමණ වන විට හැඩ ඔය දක්වා පැමිණියෙමු. හැඩ ඔයෙන් මූණ දොවා එහිදීම පාතරාසය ගෙන මදක් ගලා තිබූ ඔයෙන් එගොඩ වූයේ සවස වැසි වැස්සොත් ආපසු ඒමට නොහැකි වනසේ නිසැක ලෙස ඔය ගලන බවද එනිසා වනාන්තරයේ අතරමං විය හැකි බවද පසක් කරගනිමිනි. හැඩ ඔයේ සිට තවත් සැතපුම් තුනක් වනාන්තරයේ ගමන් කළ පසු විශාල කන්දක් සේ දිස්වන නීලගිරි ස්තූප පෙදෙසට පැමිණිය හැකිවිය. තෙල ස්තූපය වූකලී මේ ප්‍රදේශයේ ඇති සියලු ස්තූපයන් අභිබවා සිටින සුවිශාල ස්තූපයකි.

ගරා වැටී මුළුමනින්ම රූස්ස ගසින් හා ලඳු කැලයෙන් වැසී කඳු ගැටයක් සේ පෙනුන මෙහි ප්‍රමාණය නිර්ණය කිරීම අපහසුය. ඉතා අපහසුවෙන් යටි වැවිල්ල මඩිමින් එය මුදුනට ගොස් නැවත වටා ගොස් පරීක්ෂා කර බැලුවෙමි. මට පෙනුන හැටියට සෑ ගොඩැල්ල අඩි එකසිය තිහක් පමණ උස් වෙයි. එහි ගර්භයෙන් ඉහළ කොටස පහතට ගරා වැටී ගර්භයටද හානි සිදුව  තිබිණි. ගර්භය නිදන් හොරුන් හාරා සම්පූර්ණයෙන් “පරීක්ෂා” කර තිබිණ. මේ නිසා ස්තූපයේ ගර්භයට මහත් හානි සිදුවී තිබිණි. එහි ගල් පලු ඒ මේ අත දමා තිබේ. ගර්භය වසන සෙල් පුවරුව සුන්ඹුන් අතුරින් මදක් ඉදිරියට නෙරා ස්තූපයේ මත මතුවී තිබෙනු දක්නට ලැබිණි. කටු පඳුරු කැලය වැවී මේවා වසා ගත් බැවින් නියම පරීක්ෂණයක් කළ නොහැකි විය. පැරණි යුප කණුවේ කොටසක්ද ඒ මත පෙරළී තිබිණ. ඡත්‍රග‍ලේ ඇතැම් කැබලි සෑය මතත් විශාල කොටසක් මඳක් පහතටත් පෙරළී රැඳී තිබෙනුත් දක්නට ලැබිණි. ස්තූපයේ ගඩොල් බැම්ම තැන තැන මුල් ස්වරූපයෙන්ම ශේෂවී තිබේ. මේ ගඩොලක් දළ වශයෙන් අඩියක් පමණ දිගුය. ලාහුගල ප්‍රදේශයේ ඉතා පැරණි ස්තූපවල දක්නට ලැබෙන ගඩොල් මේ හා සමාන වේ. මෙය දැනට පවතින ස්වරූපයට වට ප්‍රමාණය අඩි දහසක් පමණ වෙයි. ගරා වැටුණු ගඩොලින් හා පසින් පාදම වැසී ඒ මත ගස්වැල් වැවී තිබේ. ස්තූපය මත වැඩී තිබූ විශාල ගස් නිසා ගරා වැටීම නැවතුණා විය යුතුය. ශාස්ත්‍රවෙලද විශාල ස්තූප දෙකක් රූස්ස ගස් වැවී ඇති නිසා සුරැකී තිබේ. නීලගිරිය රැකගෙන ඇත්තේ වනයම විසිනැයි සිතුනි. සමස්තයක් ලෙස ගෙන සලකන විට මේ ස්තූපය කොටස් දෙකකින් නිමවූවක් බව පෙනී යයි. ස්තූපය වටා ප්‍රාකාරයක්ද තිබූ බවට එහි බිම විසිරී ඇති ශේෂවලින් පැහැදිලි විය. ඒ වටා ස්ථාන කීපයක නටබුන් ගොඩනැගිලි වශයෙන් තිබේ. මේවායේ සමහරක පැරණිම යුගයට වැටෙන චාම් නිමාවෙන් යුත් ගල් කණු තිබේ. ඇතැම් විට මේවා කිසියම් ගොඩනැගිලිවලට අයත් වූ ඒවා විය හැකිය. මෙවන් විශාල පුරාවස්තුවක් වුවද මේ ගැන හෝකාට් මහතාගේ ගවේෂණය හැර කිසිදු පරීක්ෂණයක් කර තිබුණේ නැත. සරසවියේදී රුහුණු ඉතිහාසය හදාරද්දී පූජ්‍ය හාන්දුපැල්‍පොළ පුඤ්ඤරතන නා හිමියෝ නිලගිරිය වංශ කතාවල එන මහා නුගගල ච්ෙතිය විය හැකි යැයි අප ඉදිරියේ ප්‍රකාශ කළහ. එය එසේම යැයි තහවුරු කරන ශිලා ‍ලේඛන වැනි සාධක දැනට මතුවී නැත. පරීක්ෂණ කළහොත් මෙහි වටිනා ඉතිහාසය එළිදරව් වන බවට නම් සැක නැත. නාහිමියන්ගේ අදහස ඉවත දැමීමට හේතුවන සාධකද නැත.

එය මහා නුගගල චේතිය වන්නේ නම් ඓතිහාසික අතින් ඉතා වැදගත් වන්නකි. කාවන්තිස් රජු මහානුගගල ච්ෙතිය කරවා එහි උත්සව සඳහා මහා සංඝයා රැස් කරවා දන්දී අවසානයේ දස මහ යෝධයන් කැඳවා ගැමුණු-තිස්ස කුමාරවරුන් අතර සටනක් සිදුවුව හොත් එක් පැත්තක්වත් නොගත යුතු බවට ගිවිසවා ගත් බවට මහාවංෂසයේ සඳහන් වෙයි. නාහිමියන්ගේ හැඳිනගැනීම තහවුරු වන්නේ නම් සිංහල ජාතිය පිළිබඳව අතිශය වැදගත් වන්නාවූ තෙල ගිවිසුම නීලගිරි ස්තූපය අසලදී සිදුවූ බව පැහැදිලි කරගැනීමට හැකි වේ. හෝකාට් මහතාගේ සටහනේ ප්‍රදේශයේ ජනයාගේ ප්‍රවාදයක් සඳහන් කරයි. ඒ අනුව තෙල ස්තූපය කරවන ලද්දේ අනුරාධපුරයේ පාලකයෙකු වූ සුරතිස්ස රජු විසිනි. එසේ නම් එහි ඉතිහාසය දේවානම්පියතිස්ස යුගයට තරම් අතීතයට දිවෙයි. සුරතිස්ස රජු හා රෝහණය අතර තිබූ සම්බන්ධයක් ගැන වංශ කතාවල සඳහන් නොවෙතත් ‘අයශුරතිශ’ කෙනෙකු ගැන නම් රෝහණයේ උතුරු කොටසේ බ්‍රාහ්මී සෙල්ලිපියකින් කරුණු අනාවරණය වෙයි. මාගම පාලකයන්ගේ ශාසනික කටයුතු මුළු රෝහණය පුරාම විසිරී පැවැති බව අභි‍ලේඛනවලින් තහවුරුවී ඇත. 

කාවන්තිස්ස රජුගේ නාමය බෙහෙවින්ම ප්‍රදේශය ලාහුගල සමග බැඳී ඇති අතර කරඳහෙල වැනි තැන්වල ඇති පැරණි සෙල්ලිපිවලින් එය තහවුරුවී තිබේ. මාගම රාජධානියද ලාහුගල අසල පිහිටා තිබූ බවට කරුණු තිබේ. මේ කරුණු තුලනය කර බලන කල නීලගිරියද මාගම පාලකයෙකුගේම කෘතියක් වීමට බොහෝදුරට ඉඩ ඇත. අතීතයේ ඉතා වැදගත් පූජනීය ස්ථානයක් වශයෙන් පැවති බවට මනාව පැහැදිලිව පෙනෙන මෙහි මෑතක් වනතුරු වගකිවයුත්තකුගේ අවධානයට යොමුවී තිබුණේ නැත. 

වනයේ සැරිසරන්නන් මෙහි පාමුල ගඩොලින් වට කළ පුදසුනක් මත කොළ අත්තක් කඩාතබා වන දෙවියන් වැඳ යාම නම් අමතක නොකරන බව පෙනේ.
2012 මැයි 09 වෙනි බදාදා, ලක්බිම 


නීල ගිරියේ සුලමුල සොයද්දී හමු වූ චූල සීවලී දේවී

සිංහල රාජ්‍ය ඉතිහාසයේ මුල්ම රැජන ලෙස සටහන් වන්නේ අනුලා බිසවයි. අනුරාධපුර රාජධානිය කොට විසූ අනුලා බිසව මරා මහා චූල මහා තිස්ස රජුගේ පුත් කූට කණ්ණ අභය (ක්‍රි.පූර්ව 44 - 22) රජවිය. කූටකණ්ණ තිස්ස අනුරාධපුරයෙහි රජ කරන සමයෙහි ඔහුගේ පුත් භාතිකාභය තිස්ස අතීත රුහුණේ උපරාජයා ලෙස ප්‍රදේශය පාලනය කළේ ය.
වර්තමාන නීලගිරි සෑය ලෙස හඳුන්වන චෛත්‍ය ගවේෂණයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිස විසින් මෙතෙක් නොකියැවූ සෙල් ලිපි දෙකක් සොයාගෙන ඇත. අපර බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියැවී ඇති මේ සෙල්ලිපියකට අනුව ඉතිහාසයේ මෙතෙක් සැඟව සිටි මහාරාජිනි ‘චූල සීවලී දේවි’ නම් රැජනක් ගැන ද වර්තමානෙහි නීල ගිරිය ලෙස හඳුන්වන චෛත්‍ය එදා උත්තර සීවලී පබ්බත ලෙස හැඳින්වූ බවට ද අනාවරණය කොට ගෙන ඇත.
ත්‍රී සිංහලය සංකල්පය බිහිවීමට පෙර මහවැලි ගඟින් උතුර රජ රට ලෙස ද දකුණ රුහුණු (රෝහණය) ලෙස ද කඳුකරය මලය රට ලෙස ද හැඳින්වීය. පැරණි රුහුණු 
රටේ මධ්‍යගත ප්‍රදේශය වන වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල පිහිටා ඇති නීලගිරි හෙල හා නීලගිරි චෛත්‍ය මේ වනවිට විද්වතුන් අතර කතාබහට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නැෙඟනහිර ප්‍රදේශයේ පිහිටි විශාල ම චෛත්‍ය ලෙස ය.

මහනුග්ගල චෛත්‍ය ලෙස ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් විශ්වාස කළ මේ චෛත්‍යය ප්‍රදේශයේ ජනතාව ආකාශ චේතිය ලෙස හඳුන්වන බව ද, වංශ කතාවල කියැවෙන රුහුණේ ආකාශ චෛත්‍ය මෙය විය හැකි බවට ද අදහසක් එල්ලාවල මේධානන්ද හිමියන් රචිත ප්‍රාචීන පස්සර - උත්තර පස්සර, සිංහල බෞද්ධ උරුමය නම් ග්‍රන්ථයේ සඳහන් වේ.
නීලගිරිය පිළිබඳ මුල් ම සටහන තබා ඇත්තේ හිටපු පුරාවිද්‍යාඥයකු වන ඒ.ඇම්. හෝකාට් විසිනි. ලාහුගලට ආසන්නයේ ගන වනාන්තරයේ ඇති මේ චෛත්‍ය හා බැඳුණු අතීත බෞද්ධ ආරාමයක් වූ බවට බලවත් සාධක ඇතැයි ද නීල ගිරි හෙල ආසන්නයේ ඇති කටාරම් කෙටූ ලෙන් අතරින් තැනක ලෙන් පූජාව පිළිබඳ ලිපි දක්නට ලැබෙන්නේ යැයි ද පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් තම කෘතියෙහි දක්වා ඇත.
වර්තමානයේ නීලගිරි චෛත්‍ය ලෙස ප්‍රකට ස්තූපයේ විශ්කම්භය අඩි 180 කට ආසන්න බව ද, ගඩොලින් කළ ස්තූපය වටා විශාල ප්‍රාකාරයක් පැවැති බවට සාක්ෂි ඇති බව ද ස්තූපයේ ගවේෂණ කටයුතු සිදු කළ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. නිදන් හොරුන් විසින් හාරා ඇති ස්තූපයේ ඉපැරණි යූපස්තම්භය ස්තූපය මුදුනෙහි පවතින බද මේ ස්තූපය වටා විශාල ආරාම සංකීර්ණයක නටබුන් දක්නට ලැබෙන බව ද මහාචාර්ය සෝම දේවයන් ප්‍රකාශ කරයි.
සංස්කෘතයෙහි ‘ආරාම’ යන්නට දී ඇති අර්ථය ‘උද්‍යාන’ යන්නයි. අභයගිරිය මහමෙව්නාව වැනි බෞද්ධ සිද්ධස්ථානයක් නගරයෙන් වෙන්ව භාවනානුයෝගී සංඝයාගේ පරිහරණය සඳහා පවතින්නට ඇත. ස්වභාව සෞන්දර්ය ආගමික වටපිටාව හා බැඳි එකල පැවැති දේශීය සංස්කෘතියේ අගය වඩවන්නට ඇත.
නීලගිරි චෛත්‍ය
සියවස් ගණනක් පැරැණි ගල්කොරිය
නීලගිරියෙන් හමු වූ පළමු සෙල්ලිපිය


නීලගිරිය ලෙස හඳුන්වන මේ ස්තූපයේ පරිධියේ සිට උතුරට මීටර් 355 ක් ද, දකුණට මීටර් 268 ක් ද, නැඟෙනහිරට මීටර් 348 ක් ද, බටහිරට මීටර් 198 ක් ද ලෙස හෙක්ටයාර් 36 (අක්කර 89) පුරා ඇති බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් ගවේෂණයේදී සොයා ගෙන ඇත.
මේ විහාර සංකීර්ණය උපෝසතාගාරයක් භික්ෂු ආවාස, පිළිම ගෙවල් ආදියෙන් සමන්විත අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් බව ද මහාචාර්ය සෝමදේව පවසයි. මේ විහාර සංකීර්ණයට උතුරින් ස්වභාවික ජල පහරක් ද, දකුණින් ස්වභාවික ගල් තලයක් ද පවතී. මේ ගල් තලාවේ ගල් විහාරයේ ඉදිකිරීම් සඳහා ඉතා සරල තාක්ෂණය භාවිතා කොට ගෙන වෙන් කරගෙන ඇති අයුරු දැකගත හැකි ය.
ස්තූපය පිහිටි බිමෙන් හමුවූ විශාල ප්‍රමණය ක් වූ සිරිපතුල් ගල් පිළිබඳ අදහස් දක්වන රාජ් සෝමදේව ඒවා අතීත සැදැහැතියන් ආරාමයට පූජා කළ ඒවා වන්නට ඇතැයි අදහස් දක්වයි.
ලාහුගල ඈත රුහුණේ මාගම් රාජ්‍යයේ අගනුවරට ආසන්නයේ පිහිටි ඉපැරණි නගරයක් වුවත් එය අද වනගත ය. සතා සීපාවා හා ස්වභාව ධර්මය විසින් සුරැකි මේ ඓතිහාසික පුද බිම හා නගරය අනාගතයෙත් ස්වභාව ධර්මයේ රැකවරණය මැද සුරක්ෂිත කරගත යුතු බව පවසන මහාචාර්ය රාජ් සෝමදේව එසේ නොවුණ හොත් රුවන්වැලි සෑය ථූපාරාමය අභය ගිරිය වන් නවීන ආරාමයක් බවට මේ නොයිඳුල් උරුමය පත්වන බව ප්‍රකාශ කරයි.
වත්මනෙහි නීල ගිරි සෑය ලෙස හඳුන්වන චෛත්‍ය ඉදිකර ඇත්තේ ශූර තිස්ස නම් රජකු බවට ජනප්‍රවාදයෙහි පවතී. එසේ වුව ද, ක්‍රි.වර්ෂයෙන් 7 - 19 කාල පරිච්ඡේදයේ රජකළ මහා දාඨික මහා නාග රජු ‘ලාහුගලින් දකුණේ නීල ගිරියේ රුහුණු මහා වෙහෙර නැත්නම් රුහුණු විහාරය එසේත් නැත්නම් පාසාන දීපක විහාරය තම අතින් ම කරවිය...” (මහා වංශය විස්තරාත්මක ප්‍රස්ථාවනාව සිංහල පරිවර්තනය - ආනන්ද ඩබ්ලිව්.පී. ගුරුගේ, සිංහල පරිවර්තනය - තිස්ස කාරියවසම් - 2007) යනුවෙන් සඳහනක් මහාවංශයේ වෙයි. මේ රජු මිහින්තලාවෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ද දායක වී ඇති බවට වංශකතා සාක්ෂි දරයි.
එසේ වුව ද හමුවී ඇති පළමු සෙල් ලිපියට අනුව නීල ගිරි චෛත්‍යයේ නිර්මාතෘ භාතිකාභය තිස්ස රජු ලෙස විශ්වාස කළ හැකි බවත් ඒ රජු තම දියණිය චූල සීවලී දේවි කුමරියගේ නමින් විහාර සංකීර්ණය උත්තර සීවල පබ්බත ලෙස නම්කරන්නට ඇති බවත් මහාචාර්ය රාජ් සෝම දේවයෝ අදහස් දක්වති. “යහපතක් වේවා දේවානම් පියතිස්ස රජු ගේ මුණපුරු වූ ද කුට කණ්ණා ගාමිණී අභය ගේ පුත්‍රයා වූද උපරාජ තිස්ස ගේ දියණිය වූ මහාරාජිනී චූල සිවලී දේවි විසින් උත්තර සීවලී පබ්බත විහාරයේ වැඩ වාසය කරන සතර දිසාවෙන් වැඩි භික්ෂු සංඝයා උදෙසා කුඹුරගම වැවේ ඉඩම් බද්ද ද චිත්‍රා වැවේ ඉඩම් බද්ධ ද නගරයේ වැවේ බද්ද ද පිරිනමන ලදී.”
යනුවෙන් රාජ් සෝමදේවයන් හමු වූ සෙල් ලිපි දෙකින් පළමු වැන්න කියවා ඇත. මේ කියවීම අනුව වත්මන් නීල ගිරි චෛත්‍ය ක්‍රි.පූර්ව 22 - කි‍්‍ර.වර්ෂ 7 කාලයේ අනුරාධපුරයේ රජ පැමිණි භාතිකාභය තිස්ස රජු කළ නිර්මාණයක් නම් භාතිකාභය තිස්ස රුහුණේ උපරාජයා ලෙස කටයුතු කරද්දී මේ චෛත්‍ය උත්තර සීවලී පබ්බත ලෙස හඳුන්වන්නට ඇති බව ප්‍රකටවේ. එහෙත් ඉතිහාසයෙන්, ජනප්‍රවාද යෙන් සැඟව සිටි මහාරාජිනී චූල සීවලී දේවී පිළිබඳ ව තොරතුරු සොයා යාම වැදගත් ය.
මේ සෙල් ලිපිය පිහිටුවා ඇත්තේ මහාරාජිනී චූල සීවලී දේවියයි. නගරයේ වැවේ බද්ද සංඝයාට පූජා කිරීමට ඇයට රාජ්‍ය බලය හිමි ව තිබිය යුතු ය. අනෙක් අතින් මහා රාජිනී යන්න තම නම වන චූල සීවලී දේවි යන්නට මුලින් යොදා සෙල් ලිපියක් ප්‍රසිද්ධ කිරීමට ඇය අභිෂේක ලත් රැජනක් විය යුතු ම ය.
මහා වංශයට අනුව ක්‍රි.ව. 36 - 43 කාලයේ චූලාභය රජුගෙන් පසු රාජ්‍යයට නීත්‍යානුකූල හිමිකරුවකු නොවූ තැන සීවලී හෙවත් රේවතී නම් රැජනක් වර්ෂයක් ලංකාවේ රජ කර ඇතැයි හෙළිවේ. මේ සීවලී හෙවත් රේවතී රැජන භාතිකාභය (ක්‍රි.පූර්ව 22 - ක්‍රි.ව. 7) රජුගේ බාල සහෝදරයා වූ මහා දාඨක මහා නාග (ක්‍රි.ව. 7 - 19) රජුගේ පුත් අමණ්ඩ ගාමණී අභය (ක්‍රි.ව. 19 - 29) රජුගේ දියණියයි. ඇයට තම සහෝදරයා වූ චූලාභය (ක්‍රි.ව. 29 - 36) රජුගෙන් පසු රාජ්‍ය හිමි විය. ඇගෙන් රාජ්‍ය උදුරා ගනු ලැබූයේ ආමණ්ඩ ගාමිණී අභය රජුගේ නැඟණිය ගේ පුත් වන ඉළනාග කුමරු විසිනි. මේ කියැවෙන සිවලි හෙවත් රේවතී රැජන ද භාතිකාභය රජුට මුනුපුරු වේ.
කෙසේ වුව ද මහාරාජිනී චූල සීවලී දේවි රැජනගේ රාජ්‍ය වර්ෂය හෝ රාජ්‍ය කාලය පිළිබඳ සටහනක් නැත. සීවලී හෙවත් රේවතී යනු ‘මහාරාජිනී චූල සීවලී දේවි’ මද නැත්නම් ලංකා රාජ්‍ය කළ අභිෂේකලත් වෙනත් රැජනක් ද යන්න තහවුරු කරගත යුතුව ඇත.
මහාචාර්ය රාජ් සෝමදේවයන් ගේ මතය වන්නේ මහාරාජිනී චූල සීවලී දේවි’ රැජන භාතිකාභය තිස්ස රජුගේ දියණිය බවත්, ඇය අතීත ලංකාවේ රාජ්‍ය කළ දෙවන රැජන බවත් ය. එහෙත් ඉතිහාසයේ කොතැනක හෝ ‘චූල සීවලී දේවි’ මහා රාජිනිය ගැන සඳහන් නොවීම පිළිබඳ ව හේතු විමසා බැලිය යුතු ය. පැරණි ලංකාවේ රාජ්‍යත්වය කුමරියකට හිමිවී ඇත්තේ නිත්‍යානුකූල අයිතිය සඳහා පිරිමි හිමිකරුවකු නොමැති වීම හේතුවෙනි. භාතිකාභය තිස්ස රජුට පසු රජ පැමිණියේ ඔහුගේ බාල සහෝදරයා වන මහාදාඨක මහා නාග රජු ය.
මහාචාර්ය රාජ්සෝමදේවයන් ගේ මතයට අනුව ඉපැරණි නගරයේ පිහිටි වැව් අතරින් නගරයේ වැව ලෙස සඳහන් ප්‍රධාන වැව වන්නට ඇත්තේ වත්මනෙහි නටබුන් ව ඇති ලාහුගල වැවයි. මේ ප්‍රදේශයේ මතුපිට ගවේෂණයේ දී හමු වූ වළං කටු නිරීක්ෂණයෙන් ඒ ප්‍රදේශයේ නාගරික ජනාවාසයක් පවතින්නට ඇතැයි මහාචාර්යවරයා ප්‍රකාශ කර සිටී.
ලාහුගල ඇතුළු එම ප්‍රදේශයේ නටබුන් වී ඇති ලොකු කුඩා වැව් නිරීක්ෂණය කිරීමෙන් අතීත රුහුණේ පැවැති සංකීර්ණ වාරි පද්ධතියක තොරතුරු අනාවරණය කරගත හැකිවනු ඇත.
වංශ කතාවල දැක්වෙන කාලායන කණ්ණිකා නම් ප්‍රදේශය ලෙස මෙය හඳුනාගත හැකි බව පවසන මහාචාර්ය සෝමදේවයෝ එවකට මේ ප්‍රදේශය සුවිශේෂ බල ප්‍රදේශයක් ලෙස පවතින්න ඇති බවට ද අදහස් දක්වයි.
“... කාලායන කර්ණිකා නම් තැන මිණි නා පව් නම් විහාරය ද කුඹුක් බන්ධන නම් වෙහෙර ද මහුදු මහා විහාරය ද...” “.... රුහුණු ගම හුවටික කර්ණක නම් තැන චූල නාග නම් විහාරය ද ....” (මහාවංශය 34 පරිච්ඡේදය 89 - 90 පෙළ) සටහනින් මහාචාර්ය සෝමදේවගේ මතය තහවුරු වේ.
මේ හමුවී ඇති ඉපැරණි ක්‍රි.පූර්ව යුගයට අයත් යැයි සිතිය හැකි අපර බ්‍රාහ්මිය අක්ෂරයෙන් ලියැවුණු සෙල්ලිපියෙහි සඳහන් නගරය එම ප්‍රදේශයෙහි ඇති ඉපැරණි වරායත් සමඟ සබඳතා පවත්වන්නට ඇත. වත්මනෙහි නීලගිරි සෑය ලෙස හඳුන්වනු ලබන මේ ප්‍රදේශයේ කැණීම් සිදු කිරීමෙන් අතීත ලංකාව අග්නිදිග ආසියාව හා පැවැති සබඳකම් පිළිබඳව ද, එකල ගෘහ නිර්මාණ ශිල්පය, තාක්ෂණය චෛත්‍ය හා විහාර කර්මාන්තය, වාරි කර්මාන්තය පිළිබඳ ව මෙන් ම ඒ නගර වැසියන් පිළිබඳව ද, මහ වනයෙන් වැසී ගත් අතීත නගරයක අසිරිය ද, ඉතිහාසයෙන් සැඟවී සිටී. ශ්‍රී ලංකාවේ අභිමානවත් ‘මහාරාජිනී චූල සීවලී දේවි’ රැජිනිය පිළිබඳ ව ද තොරතුරු අනාවරණය කරගත හැකිවනු ඇත.
මහාචාර්ය සෝමදේවයන් ඇතුළු පිරිසට නීලගිරි චෛත්‍ය ගවේෂණයේදී හමුවූ දෙවන සෙල්ලිපිය පළමුවන ජෙට්ඨ තිස්ස (ක්‍රි.ව. 263 - 273) රජු මේ ස්ථානයට දීමනා පිරිනැමූ බව සාක්ෂියකි. ඒ සෙල්ලිපිය මහාචාර්ය සෝමදේවයන් මෙතෙක් කියවා නැති අතර පළමුවන ජෙට්ඨ තිස්ස රජ දවස වන විටත් මේ විහාර සංකීර්ණය හා නගරය ක්‍රියාකාරීව පැවැති බවට එම සෙල්ලිපිය සාක්ෂි දරයි.

අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි

අනුරපුර රාජධානිය ආරම්භ වීමට පෙර හෙළබිමේ පැවති විභූතිය


අනුරාධපුර රාජධානි යුගයේ විවිධ අවස්ථාවලදීත්, ඊට පෙර ප්‍රාග් විජය යුගයේදී දේව හෙළයේ පැවති ඉතාම දියුණු රාජ්‍යය යුගයන් වලදීත්, රුහුණේ සහ නැගෙනහිර ප්‍රදේශවල පැවති දියුණු රාජධානි වලදීත්, හෙළ බසින් හා මාගධී බසින් ලියා එතෙක් රැකගෙන තිබු බොහෝ වටිනා පොත් පත් හා ලිපි ලේඛන මේ රටේ අතීතයේ විසූ උගතුන් හා වියතුන් අතරේ පරිශීලනය විය. එවැනි පොත් පත් එදා හෙළදිව පොත්ගුල් වලද ගබඩා කර තිබිණි. මේ පොත් පත් සියල්ලම වාගේ රටට එල්ලවූ විවිධ දේශපාලනික හා සංස්කෘතික ආක්‍රමණ වලදී කිහිප අවස්ථාවකදීම ගිනිබත් කර විනාශකර දැමූ බවද අපේ ඉතිහාසයම පෙන්වා දෙයි. මුල්ම සුර - අසුර යුද්ධයේදීත්, රාම රාවණ යුද්ධයේදීත්, විජයගේ ආක්‍රමණ වලදීත්, මෙවැනි විශාල විනාශයන් සිදු විය. මාඝ හා පණ්ඩව සොලී ආක්‍රමණ වලදීත් ඉන් පසුව දකුණු ඉන්දියාවෙන් එල්ල වූ විවිධ ආක්‍රමණ වලදීත් අපේ රටේ ලියා පළ කරන ලද වටිනා පොත් පත් විනාශ වී ගියේය. මහායානික හීනයානික මතභේද නිසාත් වටිනා පොත් පත් බොහොමයක් විනාශ විය. ලංකාපුරයට - අනුරාධපුරයට - එදා හෙළදිව අග නගරය ගෙන යන්නට පෙර මෙම හෙළබිමේ ඉතාමත්ම දියුණු නගර හා ගම් පිහිටා තිබුණේ නැගෙනහිර වෙරළ තීරයේ, රුහුණේ සහ රට මැද ප්‍රදේශ වලය. රජගහ නුවර අගනුවර කොටගත් මගධ රාජ්‍යයද (අද අම්පාරේ රජගල) විශාලා මහනුවර අගනුවර කොටගත් ලිච්චවි රාජ්‍යයද (අද යාල අභය භූමියට යට වූ ප්‍රදේශය) කෑගල්ල, රත්නපුර මෙන්ම මහනුවර ප්‍රදේශයන් අයත් වූ රාවණා රජ පරපුරට අයත් රාජධානියද, කසී රට වරනාසී නුවර පිහිටි රාජධානියද (අද වව්නියාව මුලතිවු ප්‍රදේශය) සැවැත් නුවර අග නගරය කොටගත් කෝසල රාජධානියද (අද රිටිගල ප්‍රදේශය) එදා හෙළදිව බලවත්ම රාජ්‍යයන් විය. කිඹුල්වත් නුවර අග නගරය කොටගත් ශාක්‍ය රාජධානිය පිහිටියේද අද මහවැලි ගඟට දකුණේ පිහිටි දිඹුලාගල ප්‍රදේශයේය. මෙවන් වූ දියුණු ඉතිහාසයක් සහමුලින්ම වැසී යටපත් වන්නට හේතු භූත වූ මූලික කරුණුද අප සොයා බැලිය යුතුය. ලංකා ඉතිහාසය යැයි අද අප සම්මතයෙන් ඉගෙන ගන්නා, පිළිගත් ඉතිහාසය ලෙසින් පොත්වල ලියා තැබූ, අප දන්නා වූ ලංකා ඉතිහාසය නිර්මාණය කර, අපට උරුම කර ලියා දෙන ලද්දේ ඉංග්‍රීසි සුදු පාලක මහත්වරුන් විසින්ය. ඉන්දියාවේ මෙන්ම ලංකාවේද එදා පාලනය භාරව සිටි සමහර සුදු සිවිල් නිළධාරී මහත්වරු ලංකා ඉතිහාසය ලිවීමේ කාර්යයෙහිද යෙදුණාහ. කෑගල්ලේ සහකාර දිසාපති ධූරය දැරූ ජෝර්ජ් ටර්නර් සහ ජේමිස් ප්‍රින්සස්, ස්ට්‍රෝන්ග්, රීස් ඩෙවිස්, මෙන්ම විශේෂයෙන්ම කොඩ්රිංග්ටන් හා එච්.සී.පී. ඛෙල් වැනි සුදු සිවිල් නිළධාරී මහත්වරු ඔවුන්ට තේරුම් ගන්නට හැකි වූ පරිදි, පොතපතින් කියවා ඔවුන් ලැබූ අල්ප දැනුම අනුව ලංකා ඉතිහාසයක් ලියා අටවා, අමුණා නිර්මාණය කර අපට බාර දුන්හ. පසුව පැමි‚ සිංහල උගතුන්ද මහාචාර්යවරුන්ද බටහිර මතයන්ටම ගරු කළ නිසා ඉංගි්‍රසීන් විසින් නිර්මාණය කර දුන් ඉතිහාසය දෙස විමර්ශනාත්මකව බැලූවේ නැත. යමෙකු එසේ මැදිහත්ව විමර්ශනාත්මකව බලා යම් පර්යේෂණාත්මක ස්වාධීන මතයක් ඉදිරිපත් කළේ නම්, එවන් මතවලට විරුද්ධ වීමට නම් ඔවුන් වගබලා ගත්හ. සුදු මහත්වරුන් පෙන්වා දුන් මතය රැක ගැනීමත් ඊට විරුද්ධ මත වලට, විරුද්ධ වීමත් අපේ ඉතිහාසඥයින්ගේ හා පුරා විද්‍යාඥයින්ගේ රාජකාරිය විය. අදටත් එය එසේම සිදුවෙයි. විජය රජුට පෙරත් මේ හෙළබිමේ ඉතාමත්ම දියුණු රාජ සමයන් පැවතියේය˜ යන්න මේ උගතුන්ට පිළිගන්නට නොව සිතාගන්නට වත් බැරි තරම් අභව්‍ය මතයන් සේ බැහැර කිරීම ඔවුන් පුරුද්දක් කොට ගත් බව නම් ඉතාම පැහැදිලිය. අරිසෙන් අහුබුදු මහතා, සූරිය ගුණසේකර මහතා මෙන්ම මහාචාර්ය පරණවිතාන මහතාද තවත් බොහෝ අයද වරින් වර මෙවැනි විමර්ශනාත්මක මත පළ කළත් අපේම උගත්තු ඒවාට විරුද්ධව රාජ්‍ය බලය හා ආගමේ බලයද යොදාගෙන ඒ මැදහත් මත යටපත් කර දමන්නට තරම් සැහැසි වූහ. සත්‍යය සොයන්නට නම් කිසිවෙකුවත්ම අවංකම උත්සාහයක් නම් ගත්තේම නැත. ඒ සමාජ සම්මත බලවේග වලට, ලාභ ප්‍රයෝජන වලට යටත් වීම නිසාය. සත්‍යය එළිදක්වන්නට යමෙකු උත්සාහ දරන හැම අවස්ථාවකම එවැනි නව මත දරන්නන්ව නිර්දය ලෙසින් විවේචනය කර සත්‍යය යටපත් කරන්නට නම් බොහෝ අය ඉදිරිපත් වූහ. අදත් රටේ එවැනි අය නම් බහුලය. නිවැරදි ලෙසම දින වකවානු ඉදිරිපත් කරන්නට බැරි වුණත්, අනුරපුර රාජධානියේ මුල්ම යුගයේදී, දුටුගැමුණු මහ රජතුමාගේ රජ්‍ය කාලයට පසුව මහාවංශය˜ නම් හෙළ බසින් ලියූ අපේම හෙළ ඉතිහාස පොතක් සිංහල ගත් කතුවරයෙකු විසින් හෙළ බසින් ලියා පළ කරනු ලැබ තිබුණි. මෙය ඉතිහාස තොරතුරු ද අඩංගු ප්‍රශස්ති රචනාවකි. එදා රජකම් කළ සිංහල රජවරුන්ගේ කි්‍රයාකාරකම් හා හැකියාවන් ප්‍රශස්ති ලෙසින් වර්ණනා කිරීම මේ හෙළ මහා වංශයෙන් එදා සිදු වී තිබේ. නමුත් මෙය පසු කලෙක වටිනා ඉතිහාස පොතක් බවටද පත්විය. මේ හෙළ බසින් ලියු මහාවංශය ලිවීමෙන් වසර 300 කට පමණ පසුව කාලයකදී අද අපට මහාවංශය නමින් කියවන්නට ඇති පාලි බසින් ලියු පාලි මහාවංශය˜ ලියා එළි දැක්වීය. මුලින් හෙළ බසින් ලියා තිබු මහාවංශය ආශ්‍රයෙන්ම පාලි බසින් ලියු පොතක් වන මේ පාලි මහාවංශය රචනා කළ මහානාම හිමියන්ගේ පෞද්ගලික මතයන්ද පාලි මහවංශයට ඇතුළත් කර ඇත. මහානාම හිමියන්ගේ සිත්ගත් රජවරුන් පිළිබඳව දීර්ඝ ලෙසින් වර්ණනා කර ඇති අතර සමහර රජවරුන් පිළිබඳව ගාථා කිහිපයකින් යාන්තමට පමණක් සඳහන් කර ඇත. දීප වංශය නමින්ද හෙළ ඉතිහාස පොතක් පාලි බසින්ම ලියා තිබුණු අතර අදටත් අපට මේ දීපවංශයද (පාලි) පරිශීලනය කරන්නටත් ඉතිරි වී ඇත. මේ දීප වංශයද ලියා ඇත්තේ මුල්ම සිංහල (හෙළ) මහාවංශය ලියුවාට පසු යුගයේදීය. නමුත් පාලි මහාවංශය ලියන්නට නම් පෙර යුගයකදීය. දීප වංශය ලියූ කතුවරයාද මුල්ම සිංහල (හෙළ) මහාවංශය කියවා එහි අදහස් ද ලබා ගෙන පාලි දීප වංශය ලියා ඇති බවද පෙනේ. අනුරාධපුර යුගයට පසුව පොළොන්නරු යුගයේ අග භාගයේ හෝ ඊටත් පසු කාලයකදී හෝ ලියැවුණු ධාතු වංශය, ථුප වංශය හා බෝධි වංශය යැයි තවත් වංශ කථා තුනක්ද අද අපට කියවා ගන්නට ඉතිරි වී ඇත. නමුත් මේ පොත් ලියැවී ඇත්තේ දඹදෙ‚ යුගයේදී බව බොහෝ අය විශ්වාස කරති. සිංහල මහාවංශය ලියූ ආදී යුගයේම ලියූ තවත් හෙළ වංශ කථාවක් පිළිබඳව තොරතුරු අසා දැන ගන්නට ඇතත් අද මේ වැදගත් ඉතිහාස පොත අස්ථාන ගත වී ඇත. උත්තර වංශය˜ නමැති මේ ඉතිහාස පොත මගින් අනුරාධපුර ඉතිහාසයත් ඊට පෙර යුගන්හි පැවති හෙළ රාජධානී ගැනත් යම් යම් තොරතුරු සඳහන් කර තිබීම නිසා මේ ඉතිහාස පොත හිතාමතාම අස්ථාන, ගත කළේද, විනාශ කර දැමුවේද, යන්න අපට තවමත් හිතාගත නොහැකිය. උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය උත්තර වංශය˜ යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි. රාජාවලිය ලියුවේ මහනුවර යුගයේදීය. සුදු මහතුන් ලියු ඉතිහාසයට වඩා වෙනස් තොරතුරු සඳහන් වූ නිසා මේ උත්තර වංශය˜ නමැති පොත හිතා මතාම අස්ථාන ගත කරන්නට ඇත යන මතයක් ද අද පවතී. කෙසේ වෙතත් අද අපට කියවන්නට ඇති අපේ අතීත හෙළ ඉතිහාසය අසම්පූර්ණ වූත්, පැලැස්තර දමා අමුණා ගෙන නිර්මාණය කරගත්තා වුත් හෙළ ඉතිහාස කථාවකි. විශේෂයෙන්ම දුටුගැමුණු මහා රජතුමාට පෙර ලංකා ඉතිහාසය මේ අයුරින් කෘත්‍රිමව නිර්මාණය කරගත් අනුමාන තොරතුරු වලින් ගහණ වී ඇත. අපේ අතීත හෙළ ඉතිහාසයේ පැවති ස්වර්ණමය යුගයන් කාලයේ වැලිතලාවෙන් වැසී යටපත් වී ගොස් තිබුණත් ඒවායේ නටඹුන් මේ හෙළබිම තුළ දී අදටත් අපට සොයාගන්නට ඉතිරිව ඇති නිසා හෙළබිම ඉතිහාසය සහමුලින්ම වසා දමා නිහ~ විය නොහැකි ය. අද මේ පොත ලියා පළකරන්නට මාස 15කට පෙර එනම් 2009 පොසොන් මාසයේදී මා විසින්ම ලියා එළි දැක් වූ මෙහි පළමුවැනි පොතේ (අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි) පෙන්වා දුන් පරම සත්‍යයන් සහතික කර පෙන්වන්නට උපකාර වූ සොයාගැනීම් රාශියක් පසුගිය මාස 15ක සුළු කාලය තුළදී මේ හෙළබිමේම විවිධ ප්‍රදේශ වලින් විවිධ පුද්ගලයින් විසින් මතුකර සොයා එළි දක්වා පෙන්වා දෙන ලදී. මෙසේ සොයා මතුකරගත් නටඹුන් හැම එකකින්ම වාගේ සහතික කරන්නේ, පෙන්වා දෙන්නේ, බුදුන් බුද්ධත්වයට පත් වූ එදා පැවති හෙළබිම පිළිබඳව සත්‍යය තොරතුරුය. පසුගිය මාස 15ක පමණ සුළු කාලයක් තුළදී පමණක් අපේම පර්යේෂකයින් විසින් පුරාවිද්‍යාඥයින් විසින් හෝ වෙනත් පුද්ගලයින් විසින් අහම්ඛෙන් හෝ සොයා මතුකර ප්‍රසිද්ධ කරන ලද ඓතිහාසික තොරතුරු ප්‍රමාණය  අතිවිශාලය. මෙසේ සොයා ගත් සියලූම දේවල් විජය රාජ සමයටත් පෙර, එනම් අනුරාධපුර රාජධානිය පටන් ගන්නටත් පෙර අතීත රාජ්‍ය යුගයන්ට අයත් වීම මෙහිදී විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණකි. මේ සියලූම පුරාවිද්‍යා තොරතුරු ගෞතම බුදුපියාණන් උපන්, බුද්ධත්වයට පත් වූ බුද්ධ යුගයට අයත් ඒවා හෝ ඊට පෙර යුගයන්ට අයත් ඒවාය. මේ සියල්ලම ධර්මතාවයෙන්ම නිසි කලට මතු වී හෙළබිමේ ඉතිහාසය පිළිබඳව සත්‍යය හෙළි කරන්නට උපකාරක වන පරිදි මතු වූ බවද පෙන්වා දිය යුතුය. මේ සියල්ල මතු වුයේ ජන්බුද්වීපයෙන්මය. 1. 2009 නොවැම්බර් මාසයේදී පමණ ලංකාවේම පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් අනුරාධපුර නගරයට ආසන්නයේදී කරන ලද කැනීම් වලින් මතුකරගන්නා ලද පැර‚ විශාල නගරයක නටඹුන් : මෙහිදී මතු කරගත් පුරා වස්තු කි්‍ර.පූ 600 පමණ කාලයට අයත් බව, එනම් බුදුන් උපන් යුගයට අයත් බව සහතික කර ඇත. ගෞතම බුදු පියාණන් වහන්සේ කි්‍ර.පූ. 589 දී පමණ බුද්ධත්වයට පත් වී පළමු ධර්ම දේශනාව පවත්වන ලද්දේ මේ නටඹුන් සොයාගත් පැර‚ නගරයට තරමක් ආසන්නයේ පිහිටි ඉසිපතනාරාමයේදීය. අද මැදවච්චිය අසල පිහිටි ඉසින්බැස්සගල රජ මහා විහාර භූමිය එදා ඉසිපතනාරාමය විය. මෙසේ සොයාගත් නටඹුන් හා තොරතුරු දේවානම්පියතිස්ස රජුගේ පාලන යුගයටත් පෙර, විජය රජු ලංකාවට පැමිණෙන්නටත් පෙර යුගයක පැවති දියුණු නගරයකට අයත් වන නටඹුන්ය. ලංකාපුරය නමින් එදා ප්‍රචලිත වූ අනුරාධපුර නගරය දේවානම්පියතිස්ස රජ විසින් ගොඩනැඟ බව මහාවංශයේ සඳහන් වෙතත් මේ පැරැ‚ නගරයන් ගැන මහාවංශයේ සඳහන් නොවන්නේ ඇයි? මහාවංශය ලියන යුගය වන විට මේ නගර වලට සිදු වුයේ කුමක්ද? 2. මුලතිවු හා වව්නියාව දිස්ති්‍රක්ක වලට අයත් මහඝණ වනාන්තර ප්‍රදේශ වලින් › ලංකා යුද හමුදාව විසින් මෑතකදී සොයාගත් අති පැර‚ පූජා භූමි ගණනාවකම නටඹුන් එදා පැර‚ කසීරටට අයත් ප්‍රදේශ වලින් හමු වු අතර ඒවා බුද්ධ කාලයට අයත් බෞද්ධ සිද්ධස්ථාන බවද දැනට හඳුනාගෙන ඇත. මේවා විජය රජු ලංකාවට පැමිණෙන්නටත් පෙර යුගයකට අයත් ඒවා නිසා හෙළබිම පිළිබඳව ඉතිහාසය අලූතින් යළි ලියන්නටම මතු වූ සාධකයන්ය. 3. ඇඹිලිපිටිය ආසන්නයේ රංචාමඩම˜ නම් ස්ථානයෙන් මෑතකදී හමු වූ අතිපැර‚ පුරාවස්තු හා විශාල පැර‚ නගරයක නටඹුන්: මෙහිදී හමු වූ පුරාවස්තු අනුරාධපුර රාජධානියට වඩා වසර දහසක් තරම් පැර‚ බව දැන් හඳුනා ගෙන ඇත. මේ අනුව අනුරපුර රාජධානිය පටන් ගන්නටත් පෙර රුහුණේ හා දකුණේ දියුණු නගර හා ගම් පැවති බවට මෙයද හොඳම සාක්ෂියකි. ගෞතම බුදුපියාණන් එදා කි්‍ර.පූ. 543 දී පිරිනිවන් පා වදාළේ මේ රංචමඩම ප්‍රදේශයට තරමක් කිට්ටුවෙන් පිහිටා ඇති බුදුගල කුසිනාරාවේදීය. 4. සේරුවිල හා සෝමාවතී පුදබිම් සම්බන්ධ කරමින් අලූතින් පාරක් කපන්නට ගිය › ලංකා යුද්ධ හමුදාවට 2009 අග භාගයේදී හමු වූ බුදු සිරිපතුල් හා වෙනත් පුරා වස්තු : මේ ප්‍රදේශය එදා ශාක්‍ය රාජවංශය විසින් පාලනය කරන ලද කිඹුල්වත් පුර රාජධානියට අයත් බිම් ප්‍රදේශයන්ය. මේ බුදු සිරිපතුල් හා වෙනත් නෂ්ටාවශේෂ පැර‚ ශාක්‍ය රාජ යුගයට අයත් ඒවාය. 5. වාකරෙයි හා වෙරුගල් අතර නැගෙනහිර ප්‍රදේශයෙන් 2010 ජුනි මාසයේදී පමණ හමු වූ අක්කරයක පමණ විශාල රජමාලිගාවක නටඹුන් : අද ඉච්චිලන්පත්තුව නමින්ද එදා කොට්ටියාරම් නුවර නමින්ද ප්‍රසිද්ධ වූ මේ ප්‍රදේශය අතීතයේ අමිතෝදන රජු විසින් පාලනය කරන ලද ශාක්‍ය වංශික රාජධානියකි. මෙහිදී හමු වී ඇති මාලිගාව එදා අමිතෝදන රජුගේ මාලිගාව විය හැකිය. අමිතෝදන රජු සුද්ධෝදන රජුගේ සොහොයුරෙකි. මේ ප්‍රදේශ වල එදා දේව හෙළයට අයත් දියුණු රාජධානි පැවති බවට හොඳම සාක්ෂි මෙයින් මතු වෙයි. 


කොට්ටියාරම යනු කෝටියක් ආරාම තිබු ප්‍රදේශයයි. බුදුපියාණන් ගේ උපන් ගම වූ කපිලවස්තු පුරයට එදා අයත් වූ කොට්ටියාරම් නුවර ඒ කාලයේ බෞද්ධ ආරාම කෝටියක් පමණ තිබු බවට මෙයද සාක්ෂියකි. කෝටිය යන මාගධී පදයේ තේරුම කෙළවරක් නැති යන අර්ථයයි. 6. 2010 ජූලි මාසයේ දිනක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා හෙළබිම පිහිටි විශාලතම පුරාවිද්‍යා නටබුන් සහිත බිම පිළිබඳව කරන ලද විග්‍රහයක් : අක්කර 1600 කටත් වැඩි භූමි ප්‍රදේශයක් පුරා විසිරී පැතිර පවතින මේ නටබුන් එදා ගෞතම බුදු පියාණන් විසින් තම මුල් කාලයේ වැඩවාසය කරන ලද රජගහ නුවර නටබුන්ය. අද මේ ස්ථානය රජගල˜ නමින් හැඳින්වුවත් එදා එය රජගහ නුවර නමින් ත්‍රිපිටකයේ හා මහාවංශයේද සඳහන් කරන ලද පැරණි බෞද්ධ නගරයයි. ගෞතම බුදුපියානන්ට බිම්බිසාර රජතුමා විසින් අතපැන් වත්කොට පුජා කරන ලද වේලූවනාරාමයත් එA ආශ්‍රිත බෞද්ධ නටබුන් සහිත ස්ථාන 28කුත් රජගලින් දැන් මතුවී ඇත. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි අක්කර දහයක පමණ සුළු ප්‍රදේශයක කැනීම් කර සොයාගත් පුරාවස්තු ප්‍රමාණය ගැන සලකා බලන විට අක්කර 1600 ක් වැනි විශාල ප්‍රදේශයක මොන තරම් තවමත් සොයා නොගත් පුරාවස්තු ඇද්දැයි තවම කාටවත්ම සිතාගත නොහැකිය. 7. රජගහ නුවරට - රජගලට - දකුණෙන් පිහිටි නෑල්ල˜ (අම්පාර) පුරා විද්‍යා නටබුන් : මෙයද රජගහ නුවර පුජා භූමියේම කොටසක් බව පෙන්වා දිය යුතුය. අද බුද්ධංගල පුරාවස්තු ඇත්තේද නෑල්ල˜ යන ස්ථානයටම සමීපයේය. ඉතා ඈත අතීත යුගයකදී නෑල්ල යන ස්ථානයට දීඝවාපිය˜ යන නම ව්‍යවහාර කරන ලද බවත් එය මුල්ම දීඝවාපිය බවත් සමහරුන්ගේ මතයයි. මුළු දිගාම`ඩුල්ල ප්‍රදේශයම එදා බුදුන් වැඩසිටි යුගයේ ඉතාම දියුණු තත්වයක පැවතුණු මගධ රාජධානියයි. මගධ රාජධානියට අයත් බෞද්ධ පුරාවස්තු අම්පාර ප්‍රදේශයෙන් දැන් දැන් විශාල වශයෙන්ම මතුවෙමින් පවතී. මගධ රටේ රජගහ නුවර යනු බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුපියාණන් වහන්සේ මුල් වසර 25 ක් පමණම කාලයක් වාසය කළ එදා ලෝක බෞද්ධ මධ්‍යස්ථානයයි. බුදුපියාණන් අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි - දෙවන කොටස ජීවත් වූ සමයේත්, අනුරාධපුරයේ රාජධානියක් පැවති සමයේත් වසර 800 ක් පමණම දීර්ඝ කාලයක් පුරාවටමත් බෞද්ධ ලෝකයාගේ මුල්ම බෞද්ධ විද්‍යා ස්ථානය වුයේ මේ රජගල වේළුවනාරාමයයි. එදා ලෝකයා බුද්ධ ධර්මය ඉගෙන ගත්තේ රජගහ නුවර නම්වූ මේ ස්ථානයේදීය. 8. ගෞතම බුදුන් පිරිනිවන් පා වදාල බුදුගල කුසිනාරා නුවර ආසන්නයේ කොස්ලන්ද හා හල්දුම්මුල්ල කඳු බෑවුම් පාමුල 2010 අගෝස්තුවේදී හමු වූ ඉපැරණි සොහොන් කොත් සමූහය හා ඒ ආශ්‍රිත නටබුන් : මේවාද මල්ලව රටේ රජදරුවන්ට අයත් සොහොන් කොත් හෝ ඒ ආශ්‍රිත දේවල් බව පෙන්වා දිය හැකිය. එදා දේව හෙළය නමින් ප්‍රසිද්ධ වූ බුදුන් උපන් දීපය ජන්බුද්වීපය තුළින් දැන් දැන් මේ ආකාරයෙන් මතුවන පුරාවිද්‍යා නටබුන් පිළිබඳව අපේ විද්වතුන් මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කර මේවා පිළිබඳව නිවැරදිව හා මධ්‍යස්ථ මත ඉදිරිපත් කරන්නේ නම් වඩාත් යහපත්ය. ඉංග්‍රිසීන් විසින් අපට උරුම කර දුන් වැරදි ඉතිහාස නිගමන වලින් බැහැර වී නිදහසේ සිතන්නටත් දැන් කාලය පැමිණ ඇත. 1970 - 2006 දක්වා කාලය තුළ විවිධ බටහිර රටවල විවිධ පුරා විද්‍යා ගවේෂකයින් විසින්, පර්යේෂකයින් විසින්, ලංකාවේදී හා ලෝකයේ වෙනත් පැරණි ෙඓතිහාසික තොරතුරු ඇති රටවලදීත් කරන ලද විවිධ පර්යේෂණ වලින් සොයාගත් තොරතුරු පිළිබඳවද අප විමසිලිමත් විය යුතුය. මේ හෙළබිම හා සම්බන්ධ වූ අප මවිතයට පත් කරවන බොහෝ සත්‍ය තොරතුරු මෙම ඇමෙරිකන් හා ජර්මන් පර්යේෂකයින් විසින් සොයා මතුකර ගනු ලැබූවද ඔවුන් ඒවා ප්‍රසිද්ධියට පත් කළේ නැත. නමුත් මේ පර්යේෂකයින් විසින්ම මේ සම්බන්ධ වූ යම් යම් තොරතුරු විවිධ අවස්ථාවලදී හෙළිදරව් කළ අවස්ථාවන්ද ඇත. මෙසේ සොයාගත් බොහෝ තොරතුරු අනුරාධ පුර යුගයට පෙර හෙළබිමේ අතීත රාජ්‍ය යුගයකට අයත්වීම එසේත් නැතිනම් අතීත හෙළබිමට (ක්‍රි.පූ. 600-3000) කාලයට සම්බන්ධ වීමද අප විසින් සලකා බැලිය යුතු කරුණකි. අපේ අතීත හෙළබිම පිළිබඳව බොහෝ වැදගත් තොරතුරු අපට වඩා ඔවුන් දන්නා බව නම් සත්‍යයකි. 


මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි
by Prabath Withanage 



















නීලගිරි සෑය ‘මහානාග’ ගේද? ‘භාතිකාභය තිස්ස’ ගේද?

  • සත්‍ය අසා දැන ගන්නට මෙහි සිටි ‘උත්තුංග වනස්පතිවරු’ අද කොහිද
එළඹෙන සෑම හිමිදිරියක්ම, පුරාවිද්‍යා වාඩියට බෙහෙවින් කලබලය. පිරිසක් කුස්සියට වැද ආහාර පිසිති. තවත් පිරිසක් කැණීම් භූමියට ගෙන යන ආයුධ-උපකරණ සූදානම් කරති. දවසේ වැඩ ‍ලේඛනය පෙරළා ගෙන නම් ලකුණු කිරීමත් මේ අතර සිදුවෙයි. උදේ හය හමාර පමණ වන විට, මුළු වාඩියම නොසන්සුන්කමින් පීරී යන්නේ ය. කැණීම් වැඩට ලාහුගල ගමෙන් බඳවා ගත් පිරිස හැඩ ඔය තරණය කරමින් වාඩියට එක්රැස් වීම, ඊට හේතුවයි. ඔවුන් එහි එන්නේ බත් ගෙඩි දෙකක් ද බැඳ ගෙන ය. ඉන් එකක් වාඩියේ දීම අනුභව කරති. අනෙක, දවාලට ය.
හැඩ ඔය සැර පරුෂ වන්නට පෙර මෙගොඩට (වාඩියට) කොටුවුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ටාටා කැබ් රථය, දැන් කාට කාටත් මහාර්ඝ සම්පතකි. කවදාක හෝ ගඟ බසින තුරු එය මිනිස් වාසයකට ගෙන යන්නට පුළුවන්කමක් නැත. එබැවින් වාඩියේ සිට නීලගිරි සෑ මළුවට කැණීම් කණ්ඩායම ප්‍රවාහනය කිරීම එයට පැවරී තිබේ. එහි රියදුරු වන ඩබ්ලිව්. ඊ. එම්. උපාලි මහතාට, දැන් මහ වනය මැදින්, අලි මංකඩවල් පසු කරමින් රිය පැද වීම හොඳට හුරු පුරුදු ය. කැණීම් භූමිය පිහිටියේ, වාඩියේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරිනි. උදේ කාලයට ඒ අතරතුර නිතරම පාහේ වන අලි ගැවසෙති. 
‘දවසක් අපි දවල්ට කන්න ඇවිත් ඔන්න ආපහු සෑයට යනවා. පාරේ එක වංගුවක් අයිනේ අලියෙක්. වංගුව හින්දා ඔහොම-මෙහෙම ළඟට එනකල් ඌව දැක්කේ නෑ. දැන් වාහනේ නවත්වන්නත් බෑ. ආපු වේගෙන්ම අනිත් පැත්තට කපලා අපි ගියා. තව ඩිංගෙන් ඌ අපට ගහනවා’, උපාලි සිය කැලෑ අත්දැකීම් මුවට නංවන්නේ, අසන අය තුළ යම් භීතියක් ද ඇති කරවමිනි.
සාමාන්‍යයෙන්, උදේ හත හමාර වන විට කැණීමට යන සියල්ලන්ම නීලගිරි සෑය පාමුල ය. ඉක්බිතිව ඔවුහු වැඩ පටන් ගනිති. කැණීම් භූමියෙහි ෙදෙනිකව 40 කට අධික පිරිසක් සේවයෙහි යෙදෙති. ‘උදේ පාන්දරම, මම වාඩියේ ඉඳලා ට්‍රිප් දෙකක් විතර ගහනවා’, උපාලි කියන්නේ ය.
පුුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නීලගිරි සෑයේ කැණීම් කරන්නට පැමිණියේ 2011 වසරේ ජූලි මාසයේ ය. ඒ, ඊට පෙර පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා නීලගිරියට පැමිණ කළ ගවේෂණයෙන් පසුව ය. නීලගිරි සෑය පර්යේෂණ කැණීම් ව්‍යාපෘතියෙහි ස්ථාන භාර නිලධාරියා වශයෙන් පත් කෙරුණු සම්පත් ගුරුසිංහ මහතා, මුලින්ම එහි පැමිණියේ තනිවම ය. 
‘මං මුලින්ම තනිවම ලාහුගලට ආවා. ඊට පස්සේ ලාහුගලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩට සම්බන්ධ වෙලා ඉන්න පද්ම ශාන්ත (ප්‍රාදේශීය සභා මන්ත්‍රී) මහතාත් සමග, ගඟෙන් එතෙර වෙලා පයින්ම නීලගිරියට ආවා. කැණීම් වැඩ පටන් ගන්නේ කොහොම ද?, වාඩිය ගහන්නේ කොහේ ද?, වගේ තොරතුරු මුලින්ම සොයලා බැලුවා. නීලගිරි සෑය ළඟ බොන්නවත් වතුර ටිකක් නෑ. ඉතින් එතැන වාඩියක් ගහන්න බෑ.  පස්සේ අපි මෙතැන ගඟ ඉවුරේ උස තැනක් තෝරා ගෙන වාඩිය ගහන්න තීරණය කළා. මම මුලින්ම එන කොට සෑය වටේටම කැලෑව. අපි ඒවා එළි-පෙහෙළි කරලයි වැඩ පටන් ගත්තේ’, සම්පත් කියයි.
ඉන් පසුව, දකුණු පළාත් පුරාවිද්‍යා ගබඩාවෙන් ලබා ගත් යකඩ බට, ආදිය යොදා, හැඩ ඔය ඉවුරේ වනය මැද වාඩිය ඉදි කෙරුණි. එය ටකරන් වාඩියකි. එහි ඇතුළත ඇත්තේ, බූරු ඇඳන් ය. ලාහුගල ගමට නම් විදුලිය තිබේ. නීලගිරි සෑය ඉසව්වට ඒ පහසුකම් නැත. එබැවින් පුරාවිද්‍යා වාඩියේ රාත්‍රී ආලෝකය පැටේ‍රා්මැක්ස් ලාම්පු සහ ලන්තෑරුම් ය. ඉකුත් පෙබරවාරි මාසයේ පමණ වාඩියේ අයට හරි ඇබැද්දියක් සිදු විය. ඒ, එක් වැහිබර රාත්‍රියක උන් හිටි ගමන් හැඩ ඔය පිටාර ගලා, පුරාවිද්‍යා වාඩිය සහ අවට භූමිය ජලයෙන් යට වීමයි. එදා වාඩිය ඇතුළේ ද අඩි දෙකක් පමණ උසට පිටාර වතුර ය. වාඩියේ ඇත්තෝ, එහි තිබුණු යකඩ බට දමා මැස්සක් සාදා ගෙන, සීතලෙන් හැහෙමින්, මදුරුවන් තලමින් රැය පහන් කළහ. ඉක්බිති ජලය බැස යන තුරු දින කීපයක්ම කැණීම් නතර කිරීමට සිදු විය.
එළඹුණු හිමිදිරිය වන සියොතුන්ගේ කූජනයෙන් ඇළලී ගොසිනි. අපේ මාතලී බණ්ඩාර උදේ පාන්දරින්ම කඹයේ එල්ලී හැඩ ඔයෙන් එතෙරව, එගොඩ ඉවුරේ ගාල්කර තිබුණු වෑන් රථය බලා ආවේ ය. රාත්‍රියේ වන අලි සැරිසැරූ බවට අඩි සලකුණු ඔය ඉවුරේ දක්නට ලැබිණි. ‘මෙතැනත් අලි මංකඩක්. රෑට වල් අලි මෙතැනින් ගඟට බහිනවා. ඒත් අපි ආවාට පස්සේ උන් මීට එහායින් ගඟට බහින්නෙ’, වාඩියේ අයෙක් අප හා පැවසී ය.
හැඩ ඔය දෙපස සරුවට වැවී ඇති ළපටි තණ පත් හා ළදළු, වන අලින්ට නම් රසැති ආහාර ය. එහෙත් මිනිස් වාසයක් නැති, මහ වන මැද තැනූ වාඩියක වෙසෙන මිනිසුන්ට රස මසවුළු කොයින් ද? ඒ කාරණය කෙසේ වුවත්, වාඩියේ හැදෙන ආහාර දිව බොජුන් බඳු ය. එදා උදේ අපි ඒ අත්දැකීම ලැබුවෙමු. ් වන මැද දී නම්, ආහාර පිළිබඳ කාරණාව තරමක් බැරෑරුම් ය.
‘ක්‍රිෂ්ණ, අපි උදෙන්ම ගිහිල්ලා ආපහු එනකොට දවල් දෙක වත් පනී. වාඩියට ඇවිල්ලා දවල්ට කමු. එතකල් ගමන් බඩගින්නට පාන් අරන් යමු’, සම්පත්  යෝජනා කළේ ය.
පෙරදා දහවල් කවුදෝ ගෙනා පාන් ගෙඩි කිහිපයක් ගමනට සූදානම් කෙරිණි. අපි ඔවුන් සමග උදේ ආහාරය ගතිමු. කැකුළු හා‍ලේ බතට, හාල්මැස්සන් මුසු අල කිරි හොද්දකින් ද, කට්ට සම්බලයකින් ද, පුරාවිද්‍යා වාඩියේ ප්‍රණීත උදේ ආහාරය සමන්විතව තිබිණි. ප්‍රථමයෙන්ම නීලගිරි සෑය කැණීම් භූමියටත්, ඉන් පසුව වන මැදින් ගොස් නීලගිරි කන්දේ ගල් ලෙන් නිරීක්ෂණයත් අපේ ගමනේ ඉලක්කය විය.
නීලගිරි සෑයට යාම පිණිස අපට ලැබි තිබුණේ පුරාවිදයා කැබ් රථයේ තෙවැනි ගමන් වාරයයි. පුුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා, බිතු සිතුවම් සංරක්ෂණ ශිල්පීන් වන ආර්. ඒ. ආරියවංශ, සහ රංජන් පුෂ්පකුමාර යන මහත්වරුද අප සමග වූහ. රියදුරු අසුනට අමතරව, රථයේ ඇති එකම අසුනට නිමල් පෙරේරා මහතා නැංවූ අපි, කැබ් රථයේ පසුපසට ගොඩ වීමු. ‘මග දී අලි ඉඳීවි. පරිස්සමෙන්’, පර්යේෂණ සහකාර, පාලිත අත්තනායක මහතා රියදුරු උපාලිට කීවේ ය.
කැබ් රථය දැන්, ඩෝසර්කර හැදූ බොරළු පාර දිගේ වන මැදට ඇදෙයි. වනය මහ අරුම පුදුම ය. එහි රූස්ස ගස් නැත. මිටි පඳුරු සහ කුඩා ගස් කොළන් උදා සුළඟින් නැහැවෙමින් අප දෙස බලා සිටිනු පෙනුණි. වනයේ විසූ රූස්ස වනස්පතිවරු, යුද්ධය පැවති සමයේ අතුරුදන් වූ බව, කැණීම් භූමියට යමින් සිටි ලාහුගල වැසියෙක් රහසින් මෙන් තෙප‍ලේ ය. වනය අතරින් බලන බලන තැන ඇත්තේ, අතීතයෙන් ශේෂ වූ ගල් කණු හෝ වෙනත් ෙශෙලමය නටබුන් ය. ‘මේ පැත්තේ ගල් කොරි කීපයකම නටබුන් තියෙනවා. නීලගිරි සෑය බෞද්ධ ආරාම සංකීර්ණයේ සවි කරන්න, ගල් කණු, සඳකඩ පහන්, මුරගල්, ෙශෙලමය පේසා ආදිය හදලා තියෙන්නේ ඒ ස්ථානවල වෙන්න ඇති’, අවට පරිසරයේ විසිතුරු පෙන්වමින් පාලිත අත්තනායක මහතා කියයි.
කැබ් රථය කමෛන් වනයට ඇදුණ ද, තවම නීලගිරි සෑය නො පෙනෙයි. එහෙත් අතීතයේ පටන්ම, බොහෝ ඈතින් ප්‍රතාපවත්ව නැගී සිටින ‘නීලගිරි කන්ද’ දැන් ඉතා හොඳින් දිස් වෙයි. කන්ද මුදුනේ, හරස් අතට ඉදි කෙරුණු මහා ප්‍රාකාරයක රූපකාය, ඇස ගැටෙන්නේ අඳුරු පැහැ රේඛාවක් පරිද්දෙනි. එය කොතෙක් විශාල ද යත්, කිලෝ මීටර් පහ-හයක් ඈත ලාහුගලට ද දිස්වෙයි. ප්‍රාකාරය කුමක් පිණිස ඉදි කළා ද යන්න තවම කිසිවෙක් නො දනිති.
‘මෙතැන තමයි කොට්ට පැදුරු ගල’, රථය, කොඳු නාරටියක් බඳු ගල් ඇන්දක් නැග, අසීරුවෙන් යන ගමන් කෙනෙක් අපට හඳුන්වා දෙයි. 
‘එතකොට මේක පුරාවිද්‍යා කට්ටිය නිදා ගන්න තැනක් ද?’, අපේ ඡායාරූප ශිල්පී ප්‍රෑන්ක් අසයි. 
‘කොට්ට පැදුරු අරන් මෙහේ ආවොත් ඉතින් වල් අලියි, වලස්සුයි එක්ක තමයි නිදියන්ඩ වෙන්නේ’, තවෙකෙක් හිනැහෙමින් පිළිතුරු දෙයි. නීලගිරි සෑය සම්බන්ධයෙන් ගත් කල, ‘කොට්ට පැදුරු ගල’ නමින් හඳුන් වන ගල් තලාව සුවිශේෂ ය. නීලගිරි සෑයේ ඉතිහාසය ගැන සඳහන් වන, දැනට හමුවී ඇති එකම සෙල් ලිපිය එහි පිහිටා තිබිම, ඊට හේතුවයි.
පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට, නීලගිරි සෑය දාගැබ කවදා ඉදි කෙරුණු එකක් ද?, එය කරවූ රජතුමා කවුරුන් ද? ආදී තොරතුරු තවම හෙළිකර ගෙන නැත. එසේ වුවත්, සෑයට මීටර් 200 ක් පමණ ඈතින් කොට්ට පැදුරු ග‍ලේ පිහිටි, බ්‍රාහ්මී අක්ෂරවලින් කෙටූ සෙල් ලිපියක් ඒ සඳහා ප්‍රබල සාක්ෂියක් ගෙන එයි. භාතිකාභය තිස්ස (ක්‍රි. පූ. 22 - ක්‍රි. ව. 07) රජුගේ බිසව වූ ‘චූල ශිව දේවිය’, එකල ‘උත්තර සීවලී පබ්බත විහාරයට’ කළ පූජාවක් ගැන ද, අවට ඇති වැව්වලින් එන බදු ආදායම විහාරයට පිදූ බව ද, එහි සඳහන් වේ. ‘මේකෙ තේරුම, භාතිකාභය තිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ දිත් නීලගිරි සෑය පැවතුණාය කියන එකයි’, ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය. පුරාවිද්‍යා නිලධාරීන් පවසන අන්දමට, එකල නීලගිරි සෑයෙහි නාමය, ‘උත්තර සීවලී පබ්බත විහාරය’ යි. ඉතිහාසයේ කියැවෙන හැටියට, භාතිකාභය තිස්ස යනු බොහෝ විදේශ සම්බන්ධකම් තිබුණු රජ කෙනෙකි. ඒ බව සිහිපත් කරන්නට මෙන් ‘කානේලියන් පබළු’ ආදී විදේශීය ආභරණ කොටස් ද නීලගිරි සෑය පුරාවිද්‍යා කැණීමෙන් හමුවී තිබේ.  නීලගිරි සෑය, ඇත්තටම මහානාග රජුගේ නිමැවු ද?, නැතිනම්, භාතිකාභය තිස්ස රජුගේ නිමැවුමක් ද? යන්න මහත් කුතුහලය දනවන කාරණයකි.
කැබ් රථය නීලගිරි සෑ මළුවට සේන්දු විය. වල්බිහිව ගිය වන උයනක් බඳු පරිසරයක් මැද, තැනින් තැන ගරා වැටුණු දැවැන්ත දාගැබක පෞරාණික රූපකායක් අප ඉදිරියෙහි නැගී සිටිනු පෙනුණි. එහි පාමුලට එක් වූ පුරාවිද්‍යා සේවකයෝ යුහුසුළුව කැණීම් කරමින් සිටියහ. සෑයෙහි ඉහළ කොටසේ රූස්ස ගස් වැවී තිබුණේ ය. ඈත සිට බලන විට, නීලගිරිය කොතරම්  විශාල දාගැබක් ද යන්න පැහැදිලිව පෙනුණි. කැණීම් කරන පිරිස දිස් වූයේ කුඩා දරුවන් පරිද්දෙනි. නීලගිරි සෑයෙහි දර්ශනය ඕනෑම කෙනෙකුට එක්වරම සිහිපත් කරන්නේ අනුරාධපුරය යි. එහි ඇති ජේතවනය, රුවන්වැලි සෑය, අභයගිරිය, මිරිසවැටිය වැනි මහා දාගැබ්වල නිරාමිස, එහෙත් දැවැන්ත රූපකාය යි.


2012 මැයි 07 වෙනි සදුදා, ලක්බිම 
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර

නෙතට රසඳුනක් වූ දිගාමඩුලු පරිවාර චෛත්‍යය

වැවයි දාගැබයි ගමයි පන්සලයි සිහිගන්වන දීඝවාපී පරිවාර චෛත්‍ය දැන් බොහෝ වන්දනාකරුවන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වී ඇත. පරිවාර චෛත්‍ය පිහිටි කඳුමුදුනට නැඟ අවට සිසාරා බලන විට දක්නට ලැබෙන්නේ නෙතට රසඳුනක් බඳු දසුනකි. වැව්, අමුණු, කෙත්වතු, ඝන වනාන්තරය සහ නැගෙනහිර වෙරළ තීරයේ දැක්වෙන අහස - පොළොව යා කළ ක්ෂිජය, බලන්නට වටිනා දැකුමෙකි.

ඓතිහසික දීඝවාපී පුදබිම වටා ඉදි කරන්නට ඇතැයි සැළකෙන පරිවාර චෛත්‍යයන්ගෙන් එක් චෛත්‍යයක් මේ සුවිසල් කඳු මුදුන මත පිහිටා ඇතැයි සැළකෙන අතර එකී චෛත්‍ය කාලයාගේ බලපෑමට යටත්ව අද වල් බිහිව නිධන් හොරුන්ගේ ග‍්‍රහණයට ලක්ව තිබේ.
ඓතිහාසික දිගාමඩුල්ලේ අඩ්ඩාලච්චේන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බුදුන්ගේ පාදස්පර්ශය ලද දීඝවාපී මහපන්සල පිහිටා ඇත්තේද මෙකී පරිවාර චෛත්‍යයට සැතපුම් දෙක තුනක් ඈතිනි. දීඝවාපී මහ පන්සල අවට ප‍්‍රදේශයේ පිහිටි පරිවාර චෛත්‍යයක් සහ පුරා වස්තු රැසක් පසුගිය කාලයේ ඩෝසර්වලට අසුවී විනාශවී ගිය අතර එම ප‍්‍රදේශයේ ඉඩකඩම් අබෞද්ධ අසිංහල බලවේග මගින් කොල්ල කා නිවාස පවා තනාගෙන ඇත. මෑත භාගයේ එම ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරක් ස්ථාපිත වීම නිසා සමහර ක‍්‍රියාකාරකම් අඩපණ විය.
මේ පිළිබඳ අවධානය යොමු කළ උහන සුහදගම සඳනදපුර, 19 තිස්සපුර සුදර්ශනාරාමය යන විහාරයන්හි උභය විහාරාධිපති, උහන ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති විශ්ව කීර්ති ශ්‍රී සමාජ සේවා ශිරෝමනී සාසන සෝබන ශ්‍රී රතනපාල පෝද්දිවෙල චන්දානන්ද මහනාහිමි මෙම පරිවාර චෛත්‍යය ඇතුළත් ඓතිහාසික පින්බිමේ වටිනාකම තේරුම් ගෙන එම භූමිය ඉතා දුෂ්කරව  එළිපෙහෙළි කරගෙන බෞද්ධයන්ගේ චන්දනාමානයට අවශ්‍ය පරිදි ගොඩනගමින් එහි විහාරාධිපතිත්වයද දරමින් කටයුතු කිරීම සැබවින්ම ප‍්‍රශංසනීය කටයුත්තකි. සුවිසල් ගල් කන්දක් මත බෞද්ධ නිර්මිත රැසක් මේ වන විටත් එහි ඉදිකර අවසන්ය. ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන දේශ ශක්ති දයා ගමගේ මහතා ලංකාව පුරාම චෛත්‍ය සියයක් ඉදිකිරීමේ වැඩසටහනක් අරඹා ඇති අතර එහි පළමුවැන්න මේ දීඝවාපී පරිවාර චෛත්‍ය පිහිටි කඳු මුදුනේ ආරම්භ කර තිබේ. මේ වන විටත් එහි ඉදිකිරීම් සිදුවෙමින් පවතින අතර මෙහි බොහෝ කටයුතු වලට දයා ගමගේ මහතාගේ අනුග‍්‍රහය ලැබී ඇත.
දීඝවාපී මහපන්සලට යන බොහෝ බැතුමත්හු දීඝාවාපී පරිවාර චෛත්‍ය සහිත පින්බිම දැක වැඳ පුදා ගැනීමට අමතක නොකරති. මේ පූජනීය ස්ථානයේ විශේෂත්වයක් වන්නේ ලංකාවේ සතර දිග්භාගයෙන් පැමිණෙන වන්දනා නඩ සඳහා නොමිලේ නවාතැන් දීම සහ නොමිලේ ආහාර පානාදිය ලබාදීමයි. මෙවැනි ස්ථාන ලංකාවේ දුර්ලභය. කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව මෙවැනි සමාජ සත්කාර්යක් කිරීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදු දහම ප‍්‍රායෝගිකව අර්ථ ගැන්වීමකි. ”දෙන්න - දෙන්න ලැබෙනවා” තමන් කළ ආනිසංස මෙලොවදීම ඵල දෙනවා”  යන්න ලාංකීය බෞද්ධ සමාජයේ මුල්බැසගත් බෞද්ධ මතයකි. එය සනාථ කරමින් මෙම පරිවාර චෛත්‍යයේ විහාරාධිපති පෝද්දිවෙල චන්දාන්ද හිමියන්ට අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට හැකි විය. දිගාමඩුල්ල ප‍්‍රදේශයේ වන්දනාවට පැමිණෙන බොහෝ බෞද්ධ වන්දනා නඩවලට නිරන්තරව මුහුණ දෙන්නට සිදුවන ගැටලූවක් වනුයේ නවාතැන් පහසුකම් සලසා ගැනීමයි. මේ නිසා ඔවුහු අසරණව අතරමංව සිටින කල දීඝවාපී පරිවාර චෛත්‍ය සොයා ඇදෙති. ඒ යන සෑම වන්දනා නඩයකටම තමන්ට හැකි උපරිම අයුරින් නොමිලේ නවාතැන් පහසුකම් පමණක් නොව නොමිලේ ආහාර පානද ලබාදීමට වන්දානන්ද හිමියෝ පියවර ගත්හ.
ඉන් බොහෝ ලෙස සතුටට පත් සමහර වන්දනා නඩ තමන්ට හැකි උපරිම ආකාරයෙන් පන්සලට ආධාර කළෝය. වන්දානන්ද හිමියන් මේ කිසිවක් අපේක්‍ෂා නොකළද, මේ කටයුත්ත දිගින් දිගටම කරගෙන යාමට දිරි දෙනුවස් එලෙස උදව් කළ බව අපට හමු වූ වන්දනා කරුවෝ කීප දෙනෙක්ම පැවසූහ.
පසුගිය සුනාමියෙන් පීඩාවට පත් පාන්ඩිරිප්පුවේ දෙමළ පවුල් සිය ගණනකට සුහදගම පන්සලේ සහ සුදර්ශනාරාමයේ මාස ගණනක් නවාතැන් දුන් චන්දානන්ද හිමියෝ එම කාලය තුළ ඔවුනට අවශ්‍ය ආහාර පාන, බේත් හේත්, ඇඳුම් පැළඳුම් ආදියද නොමසුරුව පරිත්‍යාග කළහ. මේ පිළිබඳ පැහැදුණු බොහෝ දෙනා චන්දනාන්ද හිමියන්ට අනුග‍්‍රහය දැක්වූහ.
මේ ස්වාමින් වහන්සේගේ මෙකී මානුෂික සද්කාරය දෑසින් දුටු සාමය දයාව උදෙසා වූ ජාත්‍යන්තර සංවිධානයේ ප‍්‍රධානී ජර්මන් ජාතික උර්සුලා බයර් මහත්මිය එම කටයුතු සඳහා බොහෝ සෙයින් උදව් උපකාර කළාය. ඉන්පසුව මෙම පරිවාර චෛත්‍ය භූමියේ සංස්කෘතික ශාලාවක් ඉදිකිරීමට රුපියල් ලක්‍ෂ 61ක මුදලක් පරිත්‍යාග කිරීමට ඇය පියවර ගත් අතර මේ මුදලින් ඉදිකළ සංස්කෘතික ශාලාව් දයා සරණ දහම් පාසලද පැවැත්වේ.
මෙහි පැමිණෙන බැතිමතුන්ට ප‍්‍රයෝජනවත් වන පරිදි මෙන්ම අවට වනයේ වනසතුන්ගේ ප‍්‍රයෝජනය සඳහාද පරිවාර චෛත්‍යයට පිවිසෙන තැන වම් පැත්තේ කුඩා ජලාශයක් ඉදිකර ඇත. විදලමු ශ්‍රී ලංකා වැඩපිළිවෙල යටතේ මේ පින්බිමට විදුලිය ලැබී ඇති අතර වැව සැදීමට දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර මහතා රුපියල් ලක්‍ෂ 05ක මුදලක් ලබාදී ඇත. ඊට අමතරව අම්පාර හිටපු දිසාපති, වත්මන් රත්නපුර දිසාපති සුනිල් කන්නන්ගර මහතා මෙම චෛත්‍යයේ වැඩ කටයුතු සඳහා දිරිය ශක්තිය මෙන්ම විශාල අනුග‍්‍රහයක් දක්වා ඇත. ඒ හැරුණු විට මෙම පින්බිම භෞතික වශයෙන් සංවර්ධනය කිරීමේදී වන්දානන්ද හිමියන් බරපතළ ගැටලූවලට මුහුණ දුන් අවස්ථා ද ඇත. ඒ එක් අවස්ථාවකදී අමාත්‍ය පී. දයාරත්න මහතා කළ උදව් චන්දානන්ද හිමියෝ මෙන්ම දායකයින්ද කෘතඥතා පූර්වකව සිහිපත් කරති.
නැගෙනහිර පළාතේ තිබිය යුතු මෙවැනි පූජනීය ස්ථාන රැුකගැනීම ඊට දිරිදීම ජාතික යුතුකමක් සේ සළකා පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සහයෝගය දැක්වීමද සැබවින්ම අගය කළ යුතුය. ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් අම්පාර හිටපු දිසාපති සුනිල් කන්නන්ගර මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති රංජිත් වීරසූරිය මහතා වෙත ලබාදීමෙන් පසුව මෙහි කඳු මුදුනේ රෝපණය කර ඇති අතර නැගෙනහිරට මුහුණලා ඇති ශාන්තවත් වූ බුදු පිළිමය බුදු දහමේ අනුහස් ලොවට කියාපානු වැනිය.
මෙවැනි ඉපැරණි පුදබිමක් තෝරාගෙන කටු කොහොල් මැදින් ගොස් එය එළි පෙහෙළි කරගෙන දරන ලද උත්හායට සිවිල් ආරක්ෂක බළකායෙන්ද චන්දානන්ද හිමියන්ට ලැබුණේ අගනා සහයකි. සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යාත්මික ව්‍යාපෘතිය යටතේ එහි අම්පාර සහ මොනරාගල අණදෙන නිලධාරී කර්නල් තිලකරත්න මහතා මෙවැනි බෞද්ධ වැඩකටයුතු වලදී නිරතුරු සහය පළ කරයි. ඒ අනුව සිය බළඇණියේ දායකත්වය මේ සඳහා ලබාදී තිබීමද පැසසිය යුතුය.
මේ පින් බිමේ ඇරඹුම හා වත්මන් කටයුතු පිළිබඳ අප හා අදහස් පළකළ පෝද්දිවෙල චන්දානන්ද හිමියන්,
මීට වර්ෂ දහයකට දොළහක පෙර මමත් තව භික්ෂූන් වහන්සේලා පිරිසකුත් දීඝවාපි මහ පන්සලට පිටුපසින් තිබූ පල්ලකාඩු කැලෑබද ප‍්‍රදේශයට ගියා. අප ගියේ එහි පුරා වස්තු හා පරිවාර චෛත්‍යය නටබුන් ඩෝසර් කරලා විනාස කරලා තියෙනවා කියලා ලැබුණු ආරංචියට. ඒ ආරංචිය සත්‍යයක් බවට පත් වෙලා තියෙන බව අපි අපේ දෑස් වලින්ම දැක්කා. අපි මේවා ගැන කොච්චරවත් ඉහළට දැනුම් දුන්නත් ඵලක් වුණේ නෑ. එදා සිට තවත් දසවසරකින් පසුව මම එතෙන්ට ගියාම ජල, විදුලි, පහසුකම් සහිත නව නිවාස මාර්ග කුඩා වෙළඳසැල් ආදිය ඉදිවුණු අන්‍යාගමික අර්ධ නගරයක් දැක්කා. මම බොහෝම කම්පාවට පත්වුණා.
ඉතින් මේ පූජනීය ස්ථානයටත් එලෙස සිදුවීමට ඉඩ නොදිය යුතුයි කියලා හිතලයි මෙතැන සංවර්ධනය කිරීම ආරම්භ කළේ. මේ ස්ථානය මට මුලින්ම පෙන්නුවේ දීඝවාපියේ බන්දුල මහතා. මම එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. එතුමා මම මේ සෑම තැනකටම එක්කරගෙන ගියා. මේ ගල උඩ නැග්ගම මෙහි ඇති ඓතිහාසික, සමාජීය, සංස්කෘතික මෙන්ම පාරිසරික වටිනාකම පිළිබඳ මට අවබෝධ වුණා. ඒ එක්කම බන්දුල මහත්තයා මට කිව්වා හාමුදුරුවනේ අපි මෙතන පන්සලක් හදමු කියලා. ඉතින් ඒ අනුව තමයි මම මෙතන වැඩ ආරම්භ කළේ. නිලධාරීන්, ව්‍යාපාරිකයින් මෙන්ම පක්ෂ විපක්ෂ සියලූම දේශපාලනඥයන් ගම්වැසියන් මේ සඳහා උදව් කළා.
බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් බඳු දීඝවාපි මහ පන්සලටද, අවට ගම් දනව් වලටද රැකවරණයක් ලැබෙන දීඝවාපි පරිවාර චෛත්‍යය ප‍්‍රමුඛ පින්බිම රැකගැනීම සහ ඊට කර උර දීම ඔබ අප සැමගේ යුතුකමකැයි සිතමි. ඊට අනුබල දීමට උදව් උපකාර කිරීමට කැමති අයෙක් වෙතොත් අංක 0773522134 දරන දුරකථන අංකයට කථා කර පෝද්දිවෙල චන්දානන්ද හිමියන්ට හෝ 0632222206 අංකයට කතා කර අම්පාර වත්මන් දිසාපති නීල් ද අල්විස් මහතාට කතාකර විස්තර විමසිය හැක. නවාතැන් පහසුකම් ගන්නට එන අය දින කීපයකට පෙර චන්දානන්ද හිමියන් ඇමතිය යුතුය.
සටහන සහ සේයාරූ  - දිගාමඬුල්ලේ සමන් දිසානායක
2012 අපේ‍්‍රල් මස 02  | ලංකාදීප කර්තෘ මණ්ඩලය





දෙමළ බෞද්ධයන්ගෙන් වැඳුම් පිඳුම් ලද වෙල්ගම් වෙහෙර

වනවිට ඉකුත් සියවසෙන් අඩක් ගෙවී ගොසිනි. ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ වෙරළබඩ බොහෝ ගම් දනව්වල පදිංචිව සිටියෝ දෙමළ මිනිස්සුය. හෙළ රජදරුවන්ගේ ඉපැරැණි වැව් පිළිසකර කරගෙන ඒවාට දෙමළ නම් ගම් දමාගෙන සියල්ල ඔවුන්ගේ කරගෙන තිබිණි.

කුච්චවේලියට ඔබ්බෙන් පිහිටි පෙරියකුලම් වැවත් ඒ අසබඩ තිබූ නාථනාර කෝවිලත් එවැන්නකි. එහෙත් පුරාවිද්‍යා අධිකාරි ආචාර්ය සෙනරත් පරණවිතාන මෙම නාථනාර කෝවිල පිහිටි වනගත බිම් පෙදෙසට ගොස් මහ කැලෑවේ රිංගුවේය. ගල් ලෙන් සෙල් ලිපි සොයද්දී ඔහුට කියවන්නට ලැබුණු සෙල් ලිපිවලින් ඇතැම් ඒවා දෙමළ ය. තවත් ඒවා සිංහල ය. මේ හැම සෙල් ලිපියකින් ම වෙල්ගම් වෙහෙර යන වචන දෙක කියවන්නට ඔහුට හැකි වූයෙන් මේ නාථනාර කෝවිල යනු වෙල්ගම් වෙහෙර බව හඳුනාගත හැකි විය.
ඒ වන විට රූස්ස ගස් කොළන්වලින් යට වී තිබූ බිම් කොටස් අතරෙහි ඉපැරැුණි නටබුන් රැසක් සැඟව තිබිණි. පරණවිතානයන් ආපසු කොළඹ ගියේ වෙල්ගම් වෙහෙරේ නටබුන් පොළොව යටම තිබෙද්දීය. එහෙත් ඒවා මතුකර ගැනීමේ අභිලාෂයක් ඔහු තුළ විය.
දෙවැනි මහා සංග‍්‍රාමය ඇරඹීම නිසා සියලූ කටයුතු නතර වී තිබිණි. එහෙත් ත‍්‍රිකුණාමලයේ සිටි සිංහල බෞද්ධයනට වෙල්ගම් වෙහෙර පිළිබඳව අසන්නට ලැබිණි. ඔවුහු එක්ව වෙල්ගම් වෙහෙර සංවර්ධන සමිතියක් පිහිටුවාගත් අතර මාදුවේ රතනවංශ හිමියන්ට වෙල්ගම් වෙහෙරට වැඩමවන්නැයි ඇරියුම් ද ලැබිණි. වෙල්ගම් වෙහෙරේ වන මැද තැනූ කුඩා පැල්පතක් ස්වකීය ආවාසගෙය කරගත් හිමියෝ එහි සිට වෙල්ගම් වෙහෙරේ අතීතය ගොඩගන්නට කැපවී ක‍්‍රියා කළෝය.
පුරාවිද්‍යා කැණීම් ඇරඹිණි. හෙමින් සීරුවේ ගොඩගැනුණු අතීතයට අනුව වෙල්ගම් වෙහෙරෙහි නිර්මාතෘ දෙවනපෑතිස් රජු ය. දෙතිස්ඵලරුහ බෝධි අංකුරයක් රෝපණය කරමින් ආරම්භ කළ වෙල්ගම් වෙහෙර බෞද්ධ ජනතාවගේ මුල්ම පුද බිමක්ම විය. මිහිඳු හිමියන් බුදු දහම රැගෙන ලංකාවට වැඩම කරන්නටත් පෙර පැවති ත‍්‍රිකුණාමලය හෙවත් සිරි ගෝණමල පෙදෙස  බෞද්ධයන්ගේ නිජබිමක්ව තිබී ඇත. මේ අනුව වෙල්ගම් වෙහෙරේ ආරම්භය ක‍්‍රි.ව. පළමු වැනි සියවස බව විශ්වාස කළ හැකිය.
එතැන් පටන් සියවස් දහයක් තිස්සේ යුගයෙන් යුගයට විරාජමාන වූ වෙල්ගම් වෙහෙර චෝල අධිරාජයාගේ ආක‍්‍රමණයකට ගොදුරු විය. මේ වන විට ලංකාවේ රජ වූ පස් වැනි මිහිඳු කිරුළ හැරපියා නගරයෙන් පලාගොස් තිබිණි. චෝල රජු පැමිණ අනුරපුරය අල්ලාගත් අතර දොළොස් වැනි සියවසේ දී පමණ මේ පෙදෙසේ සිටි ජනතාව තම ගම් බිම් හැරදා යන්නට පටන් ගත්හ. ඒ සමගම කැලයට ගිය සිරිගෝණ පුරය ගිරිහඩුසෑය වෙල්ගම් වෙහෙර සේරුවාවිල වැනි පුදබිම් වන අරණේ සඟවාගත්තේය.
එවක් පටන් අවුරුදු අටසීයක් තිස්සේ ගණ වනයට වෙල්ගම් වෙහෙර යටවී ගියේය. පුරාවිද්‍යා කැණීම්වලින් මතු වූ වෙල්ගම් වෙහෙරේ නටබුන් අතරෙහි පිළිම ගෙයක් බුදු පිළිම, දාගැබ්, මුරගල්, විවිධ කැටයම් ආදිය ද විය.
වෙල්ගම් වෙහෙරේ මහා පිළිම ගෙය දෙමළ විහාරයක් බව පෙන්නුම් කරයි. එසේ වීමට හේතුව චෝල අධිරාජයාගේ වෙල්ගම් වෙහෙර කඳවුරේ සේවය කළේ දෙමළ බොද්ධයන් වීමය. ඔවුහු මේ විහාරය ඔවුනගේ ඌරුවට අනුව පිළිසකර කර ගත්තා පමණක් නොව පුද පූජා ද පැවැත්වූහ.
මෙහි චෛත්‍ය තුනක නටබුන් හමුවී තිබේ. ඉන් විශාලතම දාගැබ චතුරස‍්‍රයේත් අනෙක් දෙක කඳු වැටිය මතත් පිහිටා ඇත. මේ කඳු වැටියේ තිබෙන දාගැබ් දෙක ඉතාමත් පැරැුණිය. මහ පිළිම ගෙය දෙපස ඇති කුටි දෙකකම බුදු පිළිම තැන්පත් කර තිබිණි. මින් ඇතැම් ඒවා තනා තිබුණේ හුණු ගලිනි. එබැවින් ඒ පිළිම අයත් වන්නේ පස්වැනි සියවසට බව විශ්වාස කෙරේ.
ශෛලමය තාප්පයකින් වටකර ඇති මේ නටබුන් පෙදෙස පුරා සංචාරය කරනවිට හැෙඟන්නේ අප ජීවත්වන්නේ බොහෝ අතීතයක බවය.
ඒ අතීතයේ සැරිසැරූ අපි ඉනික්බිති බෝධි වෘක්ෂය දෙසට ඇවිද ගියෙමු. අනෙකුත් බෝධි වෘක්‍ෂවලට වඩා කුඩා පත‍්‍ර සහිත මේ බෝධිය අපේ හිත්වල ජනිත කරන්නේ අමුත්තකි.
මේ පන්සලේ තිබුණු මුල් බෝධිය 1964 සුළිසුළඟට ඇද වැටුණා. මේ තියෙන්නේ ඊට පස්සෙ රෝපණය කළ බෝගසක්.
වත්මන් විහාරාධිපති අම්පිටියේ සීලවංශ තිස්ස හිමියෝ කියති. වෙල්ගම් වෙහෙර කාලයක් අපට තහනම් ප‍්‍රදේශයක්ව තිබිණි. ඒ කොටි සංවිධානය විසින් ස්වකීය පාලනයට මේ පෙදෙස නතුකර ගෙන සිටීම නිසාය වත්මන් නායක හිමියනට පවා ජීවිත තර්ජන එල්ල කළ ඔවුහු පන්සලට මෝටාර් ද ගැසූහ. එවැනි විටෙක පන්සල රකින්නට පැමිණි සෙබළ මුලක්ම ඝාතනය කරනු ලැබිණි. ඒ අතීතයේ සටහන් ඡායාරූප හා පුවත්පත් වාර්තා රැසක් අපට දැකබලා ගනු පිණිස බිත්තියක එල්ලා තිබේ. ඒ ඛේදවාචකය සිදුවූයේ 2000 ජුනි 30 වැනිදාය. ඒ සිද්ධිය එදා "ලංකාදීප”ය වාර්තා කළේ මේ අයුරිනි.
-විල්ගම් වෙහෙර ගමට කොටි මෝටාර් ගසති. පන්සල් වත්තට වැටුණු බෝම්බයෙන් විහාරාධිපති හිමිට බරපතල තුවාල ගම්වැසියෝ හතරක් නසිති”
මේ තියෙන්නේ ඒ තුවාල තමා
වෙල්ගම් වෙහෙර නායක හාමුදුරුවෝ එදා සිදුවූ බරපතළ තුවාලවල සුව වූ කැළැල් අපට පෙන්වති. එහෙත් මේ කොටි තර්ජනවලට බියපත්ව වෙල්ගම් වෙහෙර හැරදා යන්නට නායක හිමියන් සිතුවේවත් නැත. හමුදාවේ රණවිරුවන්ගේ ඇල්ම බැල්ම මැද ඒ හිමියෝ වෙල්ගම් වෙහෙරෙම රැඳී සිටිමින් අපේ නැගෙනහිර බෞද්ධ උරුමය රැක බලා ගත්තෝය.
දැන් යළිත් වතාවක් වෙල්ගම් වෙහෙරේ බෞද්ධ පුබුදුවක් සිදු වෙමින් පවතී. දැන් සමාධි බුදුරුවක් ද ඉදිවෙමින් තිබේ. මේ ප‍්‍රබෝධය සිත් පහන් කරලන බව ද කිව යුතුමය.
සටහන - ශාන්ත කුමාර විතාන / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
2012 අපේ‍්‍රල් මස 08 | ලංකාදීප කර්තෘ මණ්ඩලය





සෙල් ලිපි
ලංකාදීප පාඨකයකුගේ අදහස්
Kenath 2012-04-13 22:26:45
දෙමල බෞද්ධයා යන්න ඉතා මෑතකදී ඇතිවෙමින් පවතින මතයකි. එයට තම පුරාවිද්‍යාත්මක පදනමක් නැත.
මෙම මතය නිසා අද උතුරු නැගෙනහිර පවතින ඉපැරණි නටබුන් මේ දෙමල බෞද්ධයා ගොඩනගපු ඒවා බවට දෙවැනි මතයකුත් එයි.
එම මතය සමග එම ප්‍රදේශවල ඇති සිංහල බෞද්ධ නිජබිම් යථාර්තය යටවී දෙමල නිජබිම් බවට පිළිගැනීමක් සිංහලයා විසින්ම ඇතිකර ගැනීමට සිදු වේ.
මෙය ඊලමට බෞද්ධ පදනමක් දෙන අපේ සිංහල බෞද්ධ පදනම පාවාදෙන මතයකි. යථාර්තය නම්, දෙමල බෞද්ධයකු සිටියේ නැත. මේවා අපේ මුතුන් මිත්තන් ගොඩනගපු පුරාණ පුදබිම්ය.
දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා වල් වැදී විනාශ විය, දෙමළ ආක්‍රමණිකයන් ඒවා විනාශ කළේය. ඒවා මත ඔවුන්ගේ කෝවිල් ඉදිකළහ. කලාතුරකින් හමුවෙන දෙමල සෙල් ලිපියක් නිසා නිජබිම් ඔප්පු ලිවිය යුතු නැත.
වැඩ වටින්නේ දෙමල සෙල් ලිපියක් හමුවීම නොවේ. එහි ලියා ඇත්තේ කුමක්ද හා එහි කාල වකවනුයි. බොහෝ දෙමල සෙල් ලිපි සිංහල පාලකයන් විසින් එම ප්‍රෙදේශ වල සිටි දෙමල අයට කියවීමට ලියපු දේවල් මිසක් දෙමල අය බෞද්ධ කමට ලියපු දේවල් නොවේ. දෙමල බෞද්ධයං සිටියානම් අද කෝ දෙමල අයට බෞද්ධ පදනමක්. දෙමල අය සියල්ලෝම හින්දු හෝ කතෝලිකය. සිංහල ප්‍රෙද්ශවල ශතවර්ෂ ගණනක් සිටියද දෙමල අය බෞද්ධයං වී නොමැත. එහෙව් එකේ දෙමල බහුතර පැති වල දෙමල අය විශාල වශයෙන් බෞද්ධ උනායයි කීම විහිළුවක්. දෙමල සංස්කෘතිය හින්දු ඇදහිලි වලට ගහට පොත්ත මෙන් ඇලී ඇත. හින්දු බවින් මෙපිට දමල සංස්කෘතිමය පැවැත්මක් අදත් නැත එදත් නැත. හරියට බෞද්ධ කම ගිලිහුන තැන සිංහල කම නැති වෙනවා වගේ. දෙමල අයට බෞද්ධ ලේබලය ගැහුවම අපේ ප්‍රශ්නේ විසදෙනවායැයි සිතීම විහිළුවක් වෙනවා විතරක් නොව පුරණ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයට පහර ගැසීමකි. 
මහාවංශයෙවත් නැති ඒවා තමයි දැන් මිනිස්සු හොයා ගන්නේ!