අපි අපේ බොදු උරැමයන් වන්දනා කරැවන්ගෙන් ශූන්‍ය වී වල්බිහි වන්නට ඉඩ නොදී වන්දනාවේ යෙදෙමු ෴
Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support

"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප‍්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images

බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...

යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල

ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...

අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples

යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්‌ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්‌ෂා විය යුතු....Read more...

ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples

"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...

ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples

ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...


සිංහල ජාතකකතා පොතේ මුල් පිටපත ඇත්කඳ විහාරයේ
කපිලවස්‌තු ධාතු විස්තරය
සම්මා සම්බුද්ධත්වයට පැමිණීමට පෙරුම් පුරා අවසානයේ තුසිත දෙව්ලොව වැඩසිටි බෝසතාණන් මනුලොව ඉපදීමට ප්‍රථම දීපයත් දේශයත් පරපුරත් නිශ්චිතව නුවරින් විමසා දැන සිටියේය. මහාමායා කුසින් මෙලොව බිහි වීමට තුසිතයෙන් චුත වීමට බෝසතාණන් අදිටන් කරගන්නේ සියල්ල තීරණය කිරීමෙන් පසුවයි. බුදුන්වහන්සේ ගේ මව කෝලිය වංශයට අයත්ය. එතුමියගේ ජාත ග්‍රාමය පිහිට තිබුණේ ද රොහිණි නදියට නුදුරින් එහෙත් කපිල වත්ථුවට මදක් ඈතිනි. ගැබ් ගැනීමෙන් පසුව මාස නවය අවසානයේ දරු ප්‍රසූතිය සඳහා සිය මව්පිය දෙපළ වෙත යන්නට මහාමායා දේවියට සිදු විය. නමුත් ගමන අවසාන වන්නට මත්තෙන් ලුම්බිණි සල් උයනේ දී දරු ප්‍රසූතිය සිදු විය. මේ පෙදෙස අද නේපාල රාජ්‍ය සීමාවේ දක්‌නට හැකිවෙයි.
උප්පත්තියෙන් පසුව සිද්ධාර්ථ යනුවෙන් නම් තැබුණු මේ අසිරිමත් කුමරා හට දිව්‍ය සම්පත් අනුභව කරන්නට හැකි මාළිගා තුනක් සකස් කර දීමට සුද්ධෝදන රජු උනන්දු විය. එයට හේතුව ගිහි සැපය ගැන කලකිරී අභිනිෂ්ක්‍රමණයට උනන්දු වේ යයි බියෙනි. එහෙත් රජුගේ බලාපොරොත්තුව ඉටු නොවීය. සතර පෙර නිමිති යනුවෙන් හැඳින්වෙන අසුභ ලක්‌ෂණයන් මුල් වරට දැකීමෙන් සිද්ධාර්ථ කුමරු ගිහි සැප ගැන කලකිරි මහණ දම් පිරීමට අනෝමා ගංතෙරෙන් එතෙර වූයේ සම්බුද්ධත්වයට පත් නොවී ආපසු නොඑන බවට අධිෂ්ඨාන කරමිනි. සියලු කෙලෙස් ප්‍රහීන කොට ගයා ශිර්ෂයේ දී බුද්ධත්වයට පත් සිද්ධාර්ථ ගෞතමයන් රජගහ නුවර වේලුවනාරාමයේ වැඩසිටින බව ආරංචි වූ කල සුද්ධෝදන රජුට සිය පුතු දැක ගැනීමේ ආශාවක් ඇති විය. ඇමති ගණයා අත පණිවුඩ පනත් යෑවුණද පණ්‌වුඩය නොපවසාම සියලු දෙන පැවිදි විය. අවසානයේ කාලුදායි ඇමතිවරයා පමණක් මුලින් පැවිදිව පසුව පිය රජු ගේ වුවමනාව සැළ කර සිටියේය. ඒ අනුව සැට යොදුනක් ගෙවා අවසානයේ බුදුන්වහන්සේ කිඹුල්වත් පුරයට වැඩියේ බුද්ධත්වයට පත් වී දෙවනි වසරේ දීය. නිග්‍රෝධ කුමරුට අයත් උයනක් මෙම කපිල වස්‌තු පුරයේ විය. එහි විහාරයක් තනවා බුදුන් වහන්සේට පූජා කළ රජතුමා එය නීග්‍රාධාරාමයයි නම් කළේය. බුදුන්වහන්සේ පසළොස් වන වස් කාලය ගත කළේ මෙහිදීය. එසේම මහා සමය සූත්‍රය දේශනා කළේද මෙහිදීය. කපිල වස්‌තු නගරය මෙන්ම ශාක්‍යයන් ද විනාශ වීමට ප්‍රධාන හේතුව බවට පත් වන්නේ විඪුඩභ කුමාරයා විසින් ශාක්‍යයන්ගෙන් පළි ගැනීමයි.
ශාක්‍යයන් විසින් විඪූඩභයන්ට කරන ලද මදි පුංචිකම නිසා ඇති වූ වෛරය දුර දිග යාමෙන් මෙය සිදු විය. මේ විනාශය දිවැසින් දුටු බුදුන් වහන්සේ අවසානයේ දී එය වැලැක්‌වීමට ඉදිරිපත් නොවීය. ශාක්‍ය සංහාරයෙන් අනතුරුව ඉතිරිව සිටි කුමාරවරු කීප දෙන සිය පිරිවර සමග ලක්‌දිවට සැපත්ව එහි රාජධානි ඇති කර ගත් බව ඉතිහාසයෙන් පැහැදිලි වේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධර්මාශෝක අධිරාජයාගේ කාලයේ දී මේ ප්‍රදේශවල තිබූ සිද්ධස්‌ථාන දියුණු විය. නමුත් මේ කපිල වස්‌තු නගරය හා එහි සමෘද්ධිය ක්‍රමයෙන් අභාවයට පත් විය. බුද්ධ පරිනිර්වානයෙන් වසර 942 ක් පමණ ගත වූ පසු ඉන්දියාවට පැමිණි ෆාහියන් නම් චීන භික්‌ෂූන් වහන්සේ විසින් මේ ස්‌ථානය සියෑසින් දැක බලා ගන්නා ලදී. එහි සියලුම ගොඩනැගිලි අතහැර දමා ගොස් තිබූ බව උන්වහන්සේ වාර්තා කර ඇත. එහි පදිංචිව සිටියේ භික්‌ෂූන් වහණ්‌සේලා කීප නමක් පමණකි. සාමාන්‍ය පවුල් විස්‌සක් පමණ අවට ගම් වල සිටියහ. මේ ආකාරයට චීන ජාතික හියුංෂාන් භික්‌ෂුව ද තම දේශාටන වාර්තාවේ කපිල වස්‌තුවේ පරිහාණිය විස්‌තර කර දී තිබේ. ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වූවායින් පසුව මේ වන්දනීය ස්‌ථානයන් හා පුරාවස්‌තු කැණීමේ උනන්දුවක් ඇති විය. ශ්‍රීමත් ඇලෙක්‌සැන්ඩර් කනිංහැම් මහතා ගේ අප්‍රතිහත ධෛර්යයෙන් මේ ස්‌ථාන සොයා ගැනීම ඇරඹිණ. බුද්ධගයා ශ්‍රාවස්‌තිය ආදී බුද්ධ චරිතයේ සුවිශේෂි තැන් ගණනාවක් මෙහිදී මතු කර ගත හැකි විය. ක්‍රි. ව. 1896 දී ඒ µqරේ මහතා බුදුන් වහන්සේ ගේ උප්පත්තිය සිදු වූ ස්‌ථානය වන ලුම්බිණිය තහවුරු කරන ලද්දේය. ඒ අශෝක රජතුමා විසින් පිහිට වූ ස්‌ථම්භය සොයා ගැනීමෙනි.
1898 වර්ෂයේ දී ඉංග්‍රීසි ඉඩම් හිමියකු වූ ඩබ්. සී. පෙප්පේ මහතා ලුම්බිණියෙන් කි. මී. දහතුනක් පමණ දුරින් දේශ සීමාවේ ඉන්දියාව පැත්තේ පිහිටි පිපරහවා නමැති ගමෙහි ගරා වැටුණු ස්‌ථූපයක් යයි සැක කළ හැකි ස්‌ථානයක් හාරා ගෙන පතුලට බැසීමේ දී විශාල ගල් පෙට්‌ටියක් හමු විය. එහි භෂ්මාවශේෂ තැන්පත්ව තිබුණි. එසේම මෙම ගල් පෙට්‌ටියේ කරඬු කීපයක් ද විය. කපිල වස්‌තුව ගැන වැඩි උනන්දුවක් ඇති වූයේ මේ සොයා ගැනීමෙනි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා බුද්ධ ගයාවේ හා බරණැස ඉසිපතනාරාමයේ සිට දියත් කරන ලද බෞද්ධ ව්‍යාපාරය මගින් හින්දූන් විසින් ආක්‍රමණය කරන ලද සිද්ධස්‌ථාන රාශියක්‌ම හඳුනා ගන්නා ලදී.
එතුමාගේ අප්‍රතිහත ධෛර්යයෙන් සිංහල භික්‌ෂූන් වහණ්‌සේලා මෙම ස්‌ථාන වලට වැඩමවන ලදහ. ඡේතවනාරාමයේ තිබෙන ලංකාරාමය කපිල වස්‌තුවේ ඇති මහින්දාරාමය සංකස්‌ස නුවර විහාරය බරණැස මූලගන්ධකුටි විහාරය ආදී වශයෙන් වර්තමානයේ විහාරස්‌ථාන රාශියක් ඉඳිව තිබෙන්නේ මේ ව්‍යාපාරය නිසාවෙනි. ධර්මපාල තුමාගේ අභාවයෙන් පසුව පූජ්‍ය මැටිවල සංඝරක්‌ඛිත හිමි ඇතුලු මහා සංඝරත්නය එම ව්‍යාපාරයන්ට මූලිකත්වය දෙමින් දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන් වෙනුවෙන් මහා කැපකිරීමක් කර ඇත. කපිල වස්‌තු නගරය කුමක්‌දැයි හරිහැටි තීරණය කර නොතිබූ අවස්‌ථාවේ දී ඉන්දීය අගමැතිව සිටි ඉන්දිරා ගාන්ධි මැතිණියට කරුණු කියා පෑ මේ ස්‌වාමීන් වහන්සේලා පුරාවිද්‍යා අවධානය නැවතත් ඇති කරවන ලදී. ඒ අනුව 1971 වර්ෂයේ ජනවාරි මාසයේ දී කේ. එච්. වාස්‌තවා මහතාගේ මූලිකත්වයෙන් පිපිරහවා නගරයේ කැණිම් කටයුතු ආරම්භ විය. එහිදී මුල්වරට කපිල වත්ථු භික්‌ඛු සංඝ නම්වූ මැටි මුද්‍රිවකාවක් සොයා ගන්නා ලදී . එය හමු වූයේ කණිෂ්ක රජු කරවූ සංඝාවාස ගොඩනැගිල්ලෙනි. කපිල වස්‌තු නගරය කුමක් දැයි හරිහැටි නිගමනය කරන ලද්දේ මෙම කැණිමෙනි. එසේම ජනවාරි මස විසි නවවන දා කපිල වස්‌තුවේ තිබෙන ස්‌ථූපයේ පතුලටම නැවතත් කැනීම් කරන ලද අවස්‌ථාවේ දී සර්වඥ ධාතු අඩංගු තවත් මංජුසාවක් සොයා ගන්නා ලදී. මෙම මංජුසාවේ මෙසේ සඳහන් විය. සුකිති භතීනං සහගිනිකානං සපුතදලනං – ඉයං සලිල නිධානෙ බුදස භගවතෙ සකියානං
ශාක්‍ය වංශයට අයත් භගවත් වූ බුදු රජාණන් වහන්සේගේ ධාතු නිධානයයි. මෙය අඹු දරුවන් සහිත සුකිති සහෝදරයින් විසින් කරන ලදී යන්න මෙහි අර්ථයයි. මෙම ධාතුන් වහන්සේලා අඩංගු මංජුසාව ජේතවනාරාමය අසල ලංකාරාමයට වැඩම කරවා එහි විහාරධිපති පූජ්‍ය මැටිවල සංඝ රක්‌ඛිත හිමියන් ඉදිරියේ දී විවෘත කරන ලදී. මෙහිදී විශාල ධාතු කොටස් විසිහයක් වෙන් කර සීල් තබන ලදී. අනෙක් කොටස්‌වලින් කීපයක් සංඝරක්‌ඛිත හිමියන් භාරයේ තබා ගන්නා ලදී. හින්දූන් මෙම ධාතු කොටස්‌වලට අයිතිය කියා පෑ අතර මේවා සුකිති නම් ශාක්‍ය කුමාරවරුන් විසින් තැන්පත් කරන ලද බුදුරජානන් වහන්සේ ගේ සර්වඥ ධාතු යයි සැක හැර කීමට ලාංකික භික්‌ෂූන් වහන්සේලාට හැකි විය. ඒ අනුව1974 වර්ෂයේ දී සංඝ රක්‌ඛිත හිමියන් ගේ මූලිකත්වයෙන් හොරණ මන්ත්‍රීවරයාව සිටි ඒ. පි. ජයසූරිය මහතා ගේ ඥාතිවරයෙකු අත කපිල වස්‌තු ධාතූන් වහන්සේලා කීප නමක් මල්වත්තේ අනුනායක හැරමිටිගල ධීරානන්ද දළදාවත්ත නායක හිමියන් වෙත පිටත්කර එවන ලද්දේය. උන්වහන්සේ දළදා වැඩමවූ පරපුරේ බැවින් එය එලෙස ආරක්‌ෂා විය. පසුව ලංකාවේ සිටින රජ පරපුරේ ආරක්‌ෂාව මත අදත් එම කපිල වස්‌තු ධාතූන්වහන්සේලා වැඩ සිටී. 1978 වර්ෂයේ දී පෙර සඳහන් කළ මුද්‍ර තබන ලද සර්වඥ ධාතු කොටස් විසිහය ලංකාවට වැඩම කර ලදී. එම කොටස් සියල්ල දැනට තැන්පත් කර තිබෙන්නේ නව දිල්ලියේ කෞතුකාගාරය තුළයි. කපිල වස්‌තු ස්‌ථූපය අවස්‌ථා කීපයකදී තනවන ලද්දකි. මුල් වරට එය ක්‍රි. පූ. පස්‌වන සියවසේ දී ඉදි කර ඇති බව කැණිම් වලදී තහවුරු විය. ඉන් අනතුරුව ක්‍රි.ව.යෙන් පසු තෙවන සියවස දක්‌වා කරන ලද ඉඳිකිරීම් මෙම ස්‌ථුපය මත තිබේ. එකක් මත එකක් වශයෙන් ස්‌ථූපය ඉදි කර ඇත. අවසාන ස්‌ථූපය තරමක් විශාලය. මෙම ස්‌ථුපය ඇතුලුව කණිෂ්ක රජු විසින් කරන ලද සංඝාවාසයද මෙම ස්‌ථානයට කිලෝ මීටරයක් පමණ ඈතින් තිබෙන සුදොවුන් රාජ මාළිගයද දැනට තහවුරු කොට හොඳ තත්වයේ තිබේ. එහෙත් වන්දනා කරුවන් ගේ ස්‌ථිර වන්දනාවට ලක් වන්නේ මීට නුදුරින් ඇති ජේතවනාරාමයයි. නමුත් කපිල වස්‌තුව හා එහි ඓතිහාසික වැදගත්කම සැදැහැති බෞද්ධයින් ගේ සිත් සතන් තුළින් ඈත් නොවන බව පැහැදිළිය. එයට හේතුව කපිල වස්තු සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබද මතකයයි.
- මතුගම සෙනෙවිරුවන්
September 13, 2012 at 12:04 am | Lanka C News.
බුදුන් වහන්සේගේ චීවර ධාතුව කැලණියේ දාගැබක
දොම්පේ අජිත් මදුරප්පෙරුම
අන්තවාදයෙන් වැනසුන සෙනවිරත් පිරිවෙන
අනුරාධපුර යුග අවසාන භාගයේ ලංකාවට එල්ල වූ විදේශ ආක්‍රමණයන් රාශියකි. නමුත් ඒ සියලු ආක්‍රමණයන් පරදවා රට සෙමෙහි තබන්නට පාලකයින්ට හැකි විය. මේ යුගයේ දී පදවිය වැවට භාවිතා කළ නාමය වූයේ පදොන්නරු යන්නයි. වාහල්කඩ වැවට සුලින්නරු යන නාමය භාවිතා කළ බවට සාධක සපයන තාමර වැව ටැම් ලිපිය ඉතිහාසයේ සමෘධිමත් කාලවකවානුවක පැතිකඩක් විවර කර දෙයි.මෙම ලිපියට අමතරව රඹෑව හා ඊරිපින්නියාව ටැම් ලිපි දෙකම පිහිටා තිබෙන්නේ වාහල් කඩ වැවට ඉස්මත්තේය. එම ලිපි දෙකේම සඳහන් වන පරිදි මේ ප්‍රදේශයට සුලින්නරු ගම යන නාමය භාවිතා කර තිබේ. මෙයින් පළමු තාමර වැව ලිපිය දෙවන සේන යුගයට අයත්ය.( ක්‍රි.ව. 853-887) රඹැව ලිපිය දෙවනි උදය කාලයට (ක්‍රි.ව. 887 – 898 ) අයත්ය. ඊරිපින්නියාව ලිපිය ද දෙවනි උදය කාලයට අයත් යයි රජයේ සෙල්ලිපි සංග්‍රහයේ පස්වන වෙලුමේ සඳහන්ය.
මේ ලිපි තුනේම සඳහන් පරිදි අනුරාධපුරයේ මහා විහාර පාලනයේ නියුතු සෙන් සෙනවිරද් නම් ප්‍රභූවරයෙකු මේ සුළින්නරු ගමේ සෙනවිරද් නම් පිරිවෙනක් සකස් කර එහි භික්ෂූන් වහණ්සේලා ගේ අධ්‍යාපන පහසුව උදෙසා ඒ ප්‍රදේශයේ ගම්බිම් පවරා දුන් බව සඳහන්ය. වත්මන් වාහල් කඩ ඉස්මත්තේ එයට පෝෂක වන ප්‍රදේශයේ තවලම් හල්මිල්ලෑව කපු ගොල්ලෑව තාමර වැව ආදී ග්‍රාමීය වැව් රාශියක් පිහිට ඇත. වාහල් කඩ වැවට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන තවලම්හල් හල්මිල්ලෑව ඔය නියන් කාලයට සිඳි යයි. ඒ නිසා මාස් කන්නයේ වර්ෂා කාලයට ජලය එක් රැස් කර ගැනීමේ පහසුව පිණිස පැරණි රජවරු වාරි මාර්ග රාශියක් මේ පෙදෙසේ කර ඇත. පදවිය වැවට ජලය සපයන මොර ඔය ආරම්භ වන්නේ කුංචුට්ටු කෝරළයෙනි. කුංචුට්ටු යනු පුංචි උල්පත් ප්‍රදේශයයි. මේනිසා මොර ඔය යම් පමණකින් ජලයෙන් පිරී පවතී.
මේ සුළින්රු ගම සෙනවිරද් පිරිවෙනට පවරා දෙන අවස්ථාවේ දී මේ ගම් වල කුඹූරු රිසි සේ අස්වැද්දීමට අවශ්‍ය වාරිමාර්ග පහසු කම් සැපයීමට ද රජවරු උනන්දු වී ඇත. ඊරිපින්නියාව ටැම් ලිපියේ සඳහන් වන්නේ මොර ඔය හරස් කර තැනූ අමුණෙන් ජලය හරවා වාහල් කඩ වැවට ගෙන ගිය ආකාරයයි. එහි සෙල් ලිපි පාඨයේ පෙර සිරත් පෙකුර් වසා හොය කොඩ් බද් බනුවත්තට් පොසොවුනල්ලට් මහමඩ්ලියෙන් වන් දොලොස් කිරියැ නොගන්නා කොට් ඉසා යනුවෙන් සඳහන් වන විට එයින් වෙසෙසි කාරණයක් ඉස්මතු වෙයි. මහසෙන් යුගයේ ආරම්භ වුවද ඉන් පසුව නවවන සියවස වන විට ද පෙර සිරිත පිලිබඳව සැලකිලිමත් වීම මෙම වෙසෙසි කාරණයයි. ඒ මතුද නොව සෙනවිරත් පිරිවෙනට මෙම ගම පූජා කළ හෙයින් දොලොස් කිරියක ධාන්‍ය බදු ද නොගත යුතු යයි සඳහන්ව තිබීම ඒ යුගයේ සම්ප්‍රදාය කුමක්දැයි කිය පෙන්වන්නකි.
මෙම ඇළ මාර්ගය වැටී ඇත්තේ වාහල් කඩ වැවට වම් පසිනි. තාමර වැව පසුකර වැව් දෙකක් පෝෂණය කරමින් අවසානයේ රඹෑවට වැටී ජලකඳ පාත් වන්නේ වාහල් කඩටයි. වාහල් කඩ වාන් දමන කල්හි රඹෑව පැත්තෙන් තිබෙන ආඬියා වැව පත්තෑව යන වැව් දෙකට වැටුණු ජලය පදවිය වැවට එකතු වුණු බව පැරණියන් පවසති.මේ සම්ප්‍රදාය මගින් ජලය උපරිම අන්දමින් ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙනීයයි. එහෙත් වර්තමාන වාරි ඉංජිනේරුවන් මේ පිළිබඳව සැලකිල්ලක් දක්වා නැත. එම ඇලේ නටබුන් තාමර වැව පාසල් වත්ත හරහා වැටී තිබෙන ආකාරය දැනට දක්නට හැකිය. මේ ඇළ මාර්ගය පණ ගැන්වීමට උත්සාහ නොකිරිම නිසා මාවත වැව ආදී බොහෝ වැව් ගණනාවකට අද ජලය අහිමි වී තිබේ.මේ නිසා මේ ප්‍ර දේශ කැලෑවට යට කර වන දෙපාර්තමේනතුවට පවරා දී ඇත. තවලම් හල්මිල්ලෑව ඔයෙන් එගොඩ පිහිටා තිබෙන්නේ පුංචි කුලම නොහොත් කුංචි කුලමයි. වීර සෝලේ වැවද එයට යාබදව පිහිටා ඇත. පුංචි කුලම වැවේ ඉස්මත්තේ වැදගත් පුරාවිද්‍යාස්ථානයක් පිහිටා තිබේ. දැනට හඳුනා ගත හැකි ආකාරයට මේ ස්ථානයේ පැරණි සෙනවිරත් පිරිවෙන් පිහිටා තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
මේ තත්වය එසේ වුවද කුංචි කුලම පිහිටුවා තිබෙන අත්තාණි ලිපියේ සඳහන් වන පරිදි පෙර මහා විහාරයට පවරා දී තිබූ මේ පිරිවෙන උදය රජුගේ සෙහොයුරු කසුප් රජ කාලයේ දී අභයගිරි මහ වෙහෙරට පවරා දුන් බව තහවුරු වෙයි. අනුරාධපුර සිදු වූ ශාසනික වෙනස් කම් මෙයට බලපාන්නට ඇත. කෙසේ වෙතත් මේ සියලු ශිලා ලිපි මෙන්ම එයට අදාල පුරාවිද්‍යා ස්ථානයන්ද ලංකාවේ ඉතිහාසයට අතිශයින් වැදගත් බව නොකිවමනාය. නමුත් විදේශීය ආක්‍රමණ හේතුවෙන් මේ ප්‍රදේශ එක් කලකදි ජනශූන්‍ය විය. පොලොන්නරු යුගයෙන් පසු සිදුවූ ද්‍රවිඩ ආකුමණයන් මීට තදින්ම බලපෑ බව පෙනේ. නමුත් නුවර යුගයේ දී පවා නැවතත් මේ ස්ථාන සංවර්ධනය වී සිංහල ජනතාව පදිංචිව සිටි ආකාරය පෙන්නුම් කළ හැකිය. එම යුගයේ දී මේ පළාත කරවීමට විදානේ වරයෙක් පත් කොට ඇති අතර වන්නි වරුන් අතරින් තෝරා ගත් හුරුල්ලේ ඉලංගසිංහ කුමාරසිංහ මෙහිදී හුරුලු විදානේ ලෙසින් පත්කර තිබුණි. මොහු ගෙන් පසු ඔහුගේ පරපුර ඒ පළාතේ රටේ මහත්තැන් තත්වයට පත් කර තිබේ. ඒ අනුව සියුලු වැව් ගම්මාන ඔහුගේ නින්දගම් ලෙසින් භාවිතා කර ඇති බව පෙනේ.
1915 මුස්ලිම් කෝලාහලයෙන් පසුව මේ ප්‍රදේශය තුල පවතින ජන ශූන්‍ය ගම්මාන කීපයක් තෝරාගත් මේ රටේ මහත්මයා ඒවායේ මුස්ලිම් වරු පදිංචි කර ඇත. හෙරොව්පතානේ කඩ මණ්ඩියේ සිටි මේ පිරිස ආරක්ෂාව පතා තාවකාලිකව එසේ පදිංචි කළ බව පෙනේ. ඒ අනුව වීරසෝලේ කුංචිකුලම ආනඔලන්දාව පත්තෑව වැනි ගම්මාන හතක පමණ මුස්ලිම් වරු පදිංචි වී තිබේ.නමුත් පසු කාලයේ දී මේ පදිංචි වීම් ස්ථීර වී ඇත. පසු ගිය කාලයේ දී කොටි ත්‍රස්තයින් ගේ අඩන්තේට්ටම වලට යටත් වූ මේ ගම්මාන යළිත් සංවර්ධනය වන්නට පටන් ගෙන ඇත්තේ දැන්ය. එහිදී මෙහි පිහිටා තිබූ සෙනෙවිරත් පිරිවෙන හා අත්තානි කණු වලට වූයේ කුමක්දැයි සෙවීම මගේ අරමුණ විය. එහිදී අපට දක්නට හැකිවූයේ ඓතිහාසික සෙනෙවිරත් පිරිවෙන් භූමිය ඩෝසර කර ඇති බවයි. වීරසෝලේ ගමේ මුස්ලිම් වරු 2010 වසරේ දී මේ භූමි භාගය සමතාලා කොට එහි තිබෙන පුරාවස්තු රාශියක් පොකුණකට දමා පස් පුරවා ඇත. අනතුරුව එම ප්‍රදේශයේ බඩ ඉරිඟු සිටවා ඇත.
මේ ප්‍රදේශයේ සංචාරය කරන විටදී මේ සහාසික අපරාධය සියැසින්ම දැක ගන්නට ලැබුණි. ඓතිහාසික කුංචි කුලම ටැම් ලිපිය එහි පදනමෙන්ම ගලවා දමා ගොඩට ඇද තිබේ. එහි ඉහළ කැබැල්ල දක්නට නැත. පිරවෙන භූමියේ එක් පැත්තක් සහමුලින්ම ඩෝසර කර ඇත. පැරණියන් පවසන පරිදි මෙහි ගඩොල් පාදම් සහිත විශාල ගොඩනැගිල්ලක අවශේෂ දක්නට තිබී ඇත.එය පැරණි සෙනවිරද් පිරිවෙනේ පාදම විය හැකියයි අනුමාන කළ හැකිය.මෙම විනාශය සිදු වන අවස්ථාවේ දී එය දැන ගන්නට ලැබුණු කපුගොල්ලෑව විහාරාධිපති ස්වාමීන්වහණ්සේ එම ස්ථානයට පැමිණ ඩෝසර කරන ලද ඇතැම් ගල්කණු කැබලි සිරි පතුල් ගල් මෙන්ම මැටි පුවරු කීපයක්ද රැගෙන වුත් විහාරස්ථානයේ දැනට තැන්පත් කර තිබෙන ආකාරය දැක්ගන්නට හැකිවුණි. පෙර සිරිත නොදත් අන්‍යාගමිකයින් මෙන්ම තමන්ගේ ජාතික උරුමය නොදත් ඇතැම් සිංහල නිළධාරින්ගේ පිහිටෙන් දැන් මේ මුස්ලිම් වරු බලවත් වී තිබේ.එයට හොඳම උදාරහරණය පුරාවස්තු වලින් පිරි වීරසෝලේ කඳුවැටියේ ගල් වලක් දැමීමට මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අවසර පත් ලබා දීමයි.
- මතුගම සෙනෙවිරුවන්
රටට ශාන්තිය ගෙනදෙන කපිල වස්තු ධාතු දැක්ම
දළදා පෙරහරේ හාස්කම්
සටහන : අසුන්තා එදිරිසූරිය
දළදා වැඩි ගමන් මග කුමක්ද
August 5, 2012 at 12:02 am | Lanka C News.
උදේනි රජ පුත් දන්ත කුමරු සහ ගුහසීහ රජ දුවණි ඛේමා (හේමා) කුමරිය යන දෙදෙන ලක්දිව ට පැමිණීමත් ඔවුන්ගේ අනුග්‍රහයෙන් දළදා වහණ්සේ වැඩමවීමත් ලංකා ඉතිහාසයේ අසිරිමත් සිදු වීමක් වෙයි. ඉන්දියාවේ රජවරු මේ මහාර්ඝ වස්තුව අත්පත් කර ගැනීමට යුධ වදින අවස්ථාවකදී එය ලක්දිවට එවන්නට තරම් එකළ දෙරට අතර ගොඩනැගී තිබූ සම්බන්ධය ද වැදගත් කොට සැලකිය හැකිය. ලංකාවේ දී දන්ත හේමමාලා යුවලට සහ දළදා වහණ්සේ ට ආරක්ෂාව නිසැකයෙන්ම හිමිවේ යයි යන විශ්වාශයද තිබීම එලෙසම වැදගත් විය. ‘ලක්දිව තවත් බෙහෝ සර්වඥ ධාතූන් වහණ්සේලා ද බොහෝ භික්ෂූන් ද වෙසෙන රටකි’. යනුවෙන් ගුහසීව රජුගේ මුවින් පිටවූ වදන් මගින් කියැවෙන්නේ එකළ ලක්දිව කෙරෙහි පැවති ආකල්පයයි.
දන්ත හේමා රැගත් යාත්‍රාව ඉන්දීය භූමියෙන් පිටත් වූයේ ත්‍රාමලිප්ත තොටුපළෙනි. එසේ පිටත් වීමට ප්‍රථම නාගයින් විසින් දළදා වහණ්සේ පැහැර ගෙන නාග ලෝකයට රැගෙන යාමත් මහුදු මැදදී සිදු වූ අතුරු අන්තරාවනුත් සලකා බලන කල්හි ලක්දිවට පැමිණිම පිළිබඳව තිබූ අවිනිෂ්චිත ස්වභාවය ද හෙළි වේ.දන්ත හේමමාල යුවළ රැගත් යාත්‍රාව පාවී අවුත් නැංගුරම් ලූයේ ලංකා පට්ටන නම් වරායටයයි සැලකෙයි. දැනට මේ වරාය ලෙසට හඳුනා ගෙන ඇත්තේ ත්‍රිකුණාමලයට පහළින් ඇති ලංකා පටුන කපොල්ලයි. සිට දළදා වහණ්සේ අනුරාධපුරය නගරය දක්වා ගෙන ගිය මාර්ගය කුමක්දැයි පිළිබඳව විද්වතුන් අතර මත භේදයක් ඇත. එයට හේතුව වවුනියා දිශාවේ මඩුකන්ද නම් ස්ථානයේ දළදා විහාරයක් පිහිටා තිබීමයි. මේ ගමනේ අතර මගදී මේ ස්ථානයේ දළදා වහන්සේ වඩා හිඳුවා සත්කාර කළ බවට සැලකෙන පුරා වෘත්තය බැහැර කළ නොහැකිය.කොටි ත්‍රස්තයින් ගේ ආධිපත්‍ය නිසා පසුගිය කාලයේ දී උතුරේ බොහෝ ප්‍රදේශයන්හි පුරාවිද්‍යා ස්ථානයන් ගැන නිවරදි ගවේශණයන් නොවීය. නමුත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ රණ විරුවන් ගේ අධීක්ෂණය යටතේ මේ ඇතැම් තැන් පිළිබඳව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් කළ ගවේශණයන් රැසක් වෙයි. එහිදී හෙළි වී ඇත්තේ වවුනියාවට ඊශාන දිණාවෙන් දළදා වහන්සේ වැඩ සිටි තැන් රාශියක්ම දක්නට ලැබෙන බවයි.
රාජ්‍ය ලේඛණාගාරයේ 5/63/159/53 අංක දරන රඹුක්වැල්ලේ විත්ති පොත තුල මේ වැඩවීම සම්බන්ධව වෙසෙසි විස්තරයක් අඩංගු වෙයි.ඒ මෙසේය. සුගත තථාගත වර ධර්ම චක්‍රවර්තී වූ ජිනේද්‍ර උත්තමයානන් වහණ්සේ ගේ වර්ෂයෙන් සත්සිය තිස්හතට පැමිණි විට දන්ත කුමාරයාත් ඛේමා නම් කුමාරිකාවත් දළදා සාමීන් වැඩමවාගෙන මාවටු පටුනට ගොඩ බැස නාග කෝවිලට ධාතූන් වහණ්සේ වැඩමවා උතුම් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ්ජුරුවන්ට පයිඬ යවා සැලකල තැනේදී අනුරාධපුරයට ධාතු වඩම්මාගෙන පැමිණියේය. දළදා සිරිතේ ද සඳහන් වන්නේ මෙසේමය. නමුත් දාඨාවංශය ඇතුලු අනෙකුත් මූලාශ්‍රයන්හි ලංකා පටුන යනුවෙන් දැක්වේ.
මාවටු පටුන නොහොත් මාතොට වරාය එකළ ජනාකීර්ණ නැවු තොටුපළකි. විදේශිය වෙළෙඳුන් නිති ගැවුසුන ප්‍රසිද්ධ වරායකි. මෙකල මහා විහාරය හා අභය ගිරිය අතර ද ශාසනික මත බේදයක් ද විය. ඒ තත්වය තුල ප්‍රසිද්ධ වරායකින් දළදා වහණ්සේ ලංකාවට වැඩවීම විශ්වාශයට ගත නොහැකි වන බව ඇතැම් විද්වතුන් ගේ මතය වෙයි. මේ නිසා ලංකා පටුන වරාය වශයෙන් වර්තමානයේ හඳුන්වන ස්ථානය පිළිබඳව අවධානය යොමු කිරිමට ද සිදු වේ.නමුත් මේ වරයා පිහිටා තිබෙන්නේ එකළ ව්‍යවහාර වූ ගෝකන්ණ වරායට ද පහළිනි. ඒම ස්ථානයේ සිට නැවත වවුනියා ප්‍රදේශයට ගොඩබිම් මාර්ගයකින් දළදා වහන්සේ වැඩමවා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් ඇතැයි සිතිය නොහැකිය. නැවත උතුරට ගොස් පුහුල් මොටේ ප්‍රදේශයෙන් රට ඇතුලට ගමන් ගැනීම වඩාත් දුෂ්කර කටයුත්තකි. එයට වඩා ලෙහෙසියෙන් සේරුවිල හරහා අනුරාධපුරයට පිවිසිය හැකිය.
කොටි ත්‍රස්තයින් සමග අවසාන සටන සිදුවූ වෙලේ මුල්ල මූලදීප කලාපය ද එකළ ප්‍රසිද්ධ තොටමුණකි. වත්මන් කොකිලායි කලපුව ( කොකලෙ ) ආසන්නය තුල මධ්‍යම තරමේ යාත්‍රා නවත්වා සිටිය හැකිය. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ගොඩ බැස්සේ ද මෙයට වඩා මදක් පහළ වරයායකිනි. මේ නිසා මූලදීප පෙදෙස අපගේ අවධානයට ලක් විය යුතුය. ශ්‍රාස්තපති මුවඇට ගම ආනන්ද හිමියන් ගේ ගවේශණය කෙරෙහිද අවධානය යොමු කළ කල්හි මේ ගමන් මග ගැන ඉඟියක් අපට ලබා ගත හැකිය. එය වැටී තිබෙන්නේ කෝකිලායි කලපුව නෙදුන් කර්නි කොච්චයි සමලන් කුලම් කැලෑ බෝගස් වැව අරිය මඩු රුවන් මඩු පිරපපන් මඩු ඒරුපොතාන තපස් එළිය විමන් ගල මාමඩුව මඩු කන්ද හරහාය. දළදා වහණ්සේ රැගත් දන්ත හේමමාලා යුවළ පිලිගෙන සත්කාර කල පිළන්ද නම් වැද්දෙකු ගැනත් ජන ප්‍රවාදයේ සඳහන් වේ. ලංකා පටුන වරාය අසල මූදුකර වැද්දන්ට අදත් වාසස්ථාන වී ඇත. එසේම මූලදීප කලාපයේ ද වැද්දන් සිටි බවට සාක්ෂි හමු වේ. ඔවුන් ද වාකරේ වැද්දන් මෙන්ම දෙමළ භාෂා ව්‍යවහාරයන් නිසා ද්‍රවිඩී කරණය වී තිබේ.
පසුගිය දා මේ ප්‍ර දේශවල සංචාරය කිරීමට අපට අවස්ථාවක් ලැබුණි. වෙසෙසින්ම නෙදුන්කර්නි හරහා වව්නියා මර්ගයේ පැමිණ කොච්චයි සමලන් කුලම නමැති ස්ථානයට සපැමිණීමට හැකිවීමු. එය වර්තමානයේ හඳුන්වන්නේ සපුමල් ගස්කඩ යනුවෙනි. කඩාඬු සහිත විශාල බිඳි ගිය වැවක් එහි ඇත. දෙමලෙන් කොච්චයි යනු රාජකීය යන්නයි. මෙම ප්‍රදේශය රාජකීයන්ට වාස භවනය වී තිබූ පෙදෙසක් වශයෙන් එයින් හඳුනා ගත හැකිය. දන්ත හේමමාලා යුවල කළක් මෙහි නැවතී සිටි බවට ද මේ අවශේෂයන් සාධක දක්වති. එයට අමතරව මෙහි ඇත්තේ නටබුන් සහිත විශාල විහාර සංකීරණයකි. එය පවුරකින් වට කර තිබේ. නිදන් හොරුන් විසින් හාරන ලද මධ්‍යම තරමේ ස්ථූපයක් බුදු මැදුරක් සහ දෙමහල් ගොඩනැගිල්ක අවශේෂ මෙහි ඇත. මෙම ගොඩනැගිල්ල මෙලෙස තනා ඇත්තේ ඇයිදැයි කල්පනා කර බලන කල්හි එහි යම් කිසි අර්ථාන්විත ක්‍රියාවලියක් සිදුවී ඇතැයි සිතේ . දළදා වහන්සේ වැඩ සිටි බොහෝ තැන් වල ගොඩනැගිලි මෙසේය. දෙමහල්ව තනා ඇත. කෝට්ටේ යුගය වනතෙක් ම මෙම සම්ප්‍රදාය අනුගමනය කර ඇතැයි කල්පනා කළ හැකිය. ෙමම කළිගු දා විහාරය විහාරය පසු කරන කල්හි තවත් වැව් දෙකක් හමු වේ. එය එකම වැව් පද්ධතියේ කොටසකි. ඉන් අනතුරුව හමුවන්නේ කැලෑ බෝගස් වැවයි. එය මෑතක් වනතුරුම සිංහල පවුල් කීපයකට වාස භූමි වූ දැනට හමුදා කඳවුරක් ද පිහිට තිබෙන විශේෂ ස්ථානයකි. මෙහිද දෙමහල් ගොඩනැගිල්ක අවශේෂ දක්නට තිබේ. දළදා වහණ්සේ මෙහි වැඩ සිටින්නට ඇතිවාට නිසැකය.
දළදා වහන්සේ රැගත් දන්ත හේමාවන් දළදා වහන්සේ ගේ පලමු දළදාරක්ෂක තනතුර දැරූහ.දිනපතාම පුද පූජා පවත්වමින් ඇති කර ගත් ශ්‍රද්දාව දුටු ගුහසීව රජු තම දියණිය ද සරණ පාවා දී මේ තනතුර හිමිකර දුන බව සඳහන්ය. මේ දෙදන නගරයෙන් පිටමංව දකුණු දෙසට ගමන් කර මහා ගංගාවක් සමීපයට පැමිණ එහි වැලි දාගැබක් තනවා දළදා වහන්සේ එහි සඟවා තැබූ බව කියැවේ. නා රජු පැමිණ දළදාව පැහැර ලෙන ගියේ මෙම ස්ථානයේ දළදාව තැන්පත් කර තිබෙන විටයි. ලක්දිව සැපත් වූ මේ යුවල රජු විසින් නැවත දළදා රක්ෂක ධූරයට පත්කර බෙලි ගල් කෝරළයේ පදංචි කරවා තිබේ. වැලි ගොඩක් දාගැබක් තනවා දළදා වහණ්සේ එහි තැන්පත් කර වන්දනා මාන කළ බැවින් ඔවුන් ගේ පරපුර කීරවැලි පරපුර විය. පසුව ඔවුන් ස්ථිරව පදිංචි ස්ථානයද කීරවැලි පත්තුව වී ඇත.මෙම කීරවැල්ලේ පරපුරේ අන්තරාගාමීහු ක්‍රි.ව.1620 වන්තෙක්ම අඛණ්ඩවම දළදා භාරකාරත්වය දැරූහ. රජුට අගබිසෝ වරුන් සපයන ලද්දේ මේ සුලු වංශයෙනි. ඒ හෙයින් දළදා වහණ්සේත් රාජ්‍ය නායකත්වයත් අතර අවියෝජනීය සබඳතාවයක් පැවතිණ.1620 න් පසුව ප්‍රධාන රාජකීය පරපුරු සියල්ල ආරක්ෂාව පිණිස වන වැදීම නිසා දළදා භාරකාරත්වය කීරවැල්ලේ මව් පාර්ශවයට හිමිවිය. ඒ විස්තරය මෙසේය.සකල කලා වල්ලභ හා ඔහුගේ කීරවැලි බිසවගේ දුවක් චන්ද්‍ර වංශික ඌවේ රාළ හා විවාහ වූවාය. ඌවේ මහ රාළ නමින් ඒ දෙපළට මුණුපුරෙකු සිටියේය. වීර වික්‍රම සවුලු රජු ගේ මුණුපුරෙකු වූ දුම්බර දනව්වේ කුමාර බණ්ඩාර ට පත්මහාමි නමින් දුවක් සිටියාය. පත්මහාමි ඌවේ මහ රාළ හා විවාහ විය. ඔවුන් ගේ පුත් මහරාළට රඹුක්වැල්ල ගම ලැබුණි. ඔහුට යාපා රාළ නමින් පුතෙක් සිටියේය. යාපා රාළට ඒකනායක අප්පුහාමි නමින් පුතෙක් සිටියේය. දුම්බර රට ඌවේ දිශාව තනතුර දැරූ ඒකනායක අප්පුහාමි 1627 දී කීරවැලි මිත්තණිය ගේ උරුමය මත දියවඩන නිළයට පත් කෙරින. ඒකනායක අප්පුහාමි ගේ පුත් හාන්තු නායක අප්පහාමි (1642 දී සලු වඩන නිලමේ) ගේ පුත්‍රයා 1697 දී දියවඩන නිලමේ තනතුර දැරූ බව සඳහන්ය. හේ දුනුවිල කුමරියක් හා විවාහ විය. ඔහුගේ දරුවන් 1739 නායක්කර පාලනය නිසා මහවාසල උදහසින් තල්ලුවුනා යයි රඹුක් වැල්ලේ විත්ති පොතේ සඳහන්ය. නායක්කර් යුගයෙන් පසුව ඉංර්‍ගීසි යුගයේ දී විවිධ රදළයින්ට මේ තනතුර හිමි විය. බුද්ධාගමේ භාරකාරත්වය අත්හල ඉංග්‍රීසි පාලකයින් 1853 දී දළදා වහණසේ ගේ භාරකාරත්වය දියවඩන නිලමේට හා මහානායක ස්වාමීන් වහණ්සේලාට දෙනමට පවරා දෙන තෙක්ම දළදා භාරකාරත්වයට හිමිකම් කීවේ මහා සම්මත උරුමක්කාරයෙක්පමණකි.
දහනව වන සියවසේ දී මුල් භාගයේ දී මහා නායක පදවිය හෙබවූ අති පූජ්‍ය කොබ්බෑකඩුව සිරිනිවාස නාහිමියෝ තමන් වහණ්සේ ගේ ගුරු පරපුරෙහි ගිහි පරපුර දළදා වහණ්සේ භාරගෙන සුරක්ෂිත කළ සූර්ය වංශික රාජකීයන් බව පෙත්සමක් මාර්ගයෙන් ඉංග්‍රීසි ආණ්ඩුවට දන්වා සිටියහ. කොබ්බෑකඩුව සන්නසේ ඒ පරපුර ගැන මෙසේ සඳහන් වේ. ‘ ශ්‍රී සේනා සම්මත වික්‍රමබාහු රජ දවස …..ශ්‍රීමත් මේණවර රත්න වල්ලිතෙර ස්වාමීන්ට …..වටනා පස දාන කේෂ්ත්‍ර කොට දෙවා වදාල හෙයින් ’සූර්ය වංශික මේණවර පෙලපත මෙරට අගරජ පදවිය හිමි වංශයයි.මේණවර රජුගේ මව හා බිසව දළදාව වැඩමවාගෙන පැමිණි කීරවැලි පරපුරට අයත්ය.ඒ සාධක මත කොබ්බෑකඩුව නාහිමියන් දළදා උරුමය ඉදිරිපත් කළ බව පැහැදිලිය .
- මතුගම සෙනෙවිරුවන් / seneviruwan.blogspot.com